loader image
Select Page

ලොව උතුම්ම දානයට සම්බන්ධ වුණ ෆේස්බුක් මිතුරු මිතුරියෝ…

අද දින අපි ෆේස්බුක් මිතුරන්ගේ දායකත්වයෙන් අරලගංවිල, කුඩා සීගිරිය, ශ්‍රී සම්බුද්ධාලෝක විහාරයට ත‍්‍රිපිටකය සහ ‍ත්‍රිපිටකය තැන්පත් කිරීමට පොත් කබඩ් එකක් සඟ සතු කර පූජා කරනු ලැබුවා.
මේ පිංකමට ප‍්‍රධාන මූල්‍යමය දායකත්වය දැක්වූයේ Kumosha Abeyweera සහ ඇගේ සොහොයුරිය Gayashi මිතුරියයි. ඇගේ ආදරණීය පුතනුවන් දෙදෙනා වන Senusha Abeyweera සහ Sadev Abeyweera ගේ ජූලි මාසයේ පැවති උපන්දින වෙනුවෙන් ඔවුන්ට ආශිර්වාද පතා තමයි මේ පිංකම සිදුකලේ.

ත්‍රිපිටකය තැන්පත් කිරීමට කබඩ් එක පරිත්‍යාග කිරීමට ෆේස්බුක් මිතුරු මිතුරියන් රාශියක් එකතු වුණා.

වැඩම්මවීම සඳහා මුතුකුඩය මාගේ ආදරණීය බිරිඳ* Nimasha Sewwandi විසින් ඇය විසින්ම නිර්මාණය කර පූජා කරනු ලැබුවා.

ඇත්තෙන්ම ඊයේ දිනයේ වර්ෂාව නිසා පිංකම අපි අදට කල් දැම්මා. නමුත් අද ඊයේට වඩා වර්ෂාව. එම නිසා පූජා කිරීමේ උත්සවශ්‍රීයෙන් සිදු කිරීමට බලාපොරොත්තු වූ වැඩසටහන ඉදිරි දිනකට කල් දැමූ අතර අද දින සංකේතාත්මකව පූජා කිරීම සිදු කරනු ලැබුවා.

මේ පිලිබඳ වැඩිදුර විස්තර, දායක වූ අය පිළිබඳ විස්තර සහ තවත් ඡායාරූප ඔබ වෙතට අපි ඉදිරියේදී ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා…

පන්සලේ ස්වාමීන්වහන්සේ Seewali Podi Hamuduruwo මේ පිංකමේ වටිනාකම ගැන අපට පහදා දුන්නා. සම්බන්ධ වූ සැමට පුණ්‍යානුමෝදනාවක්ද සිදුකලා.

මේ පිංකමේ කුසලානුභාවය සකල ලෝවැසි සියළු සත්වයින් හට අනුමෝදන් වී අවසානයේ අමාමහ නිවන් සාක්‍ෂාත් කරගැනීමට හේතුවාසනා වේවායැයි සතුටු සිතින් යුතුව ප‍්‍රාර්ථනා කරන්නෙමු.

සමාජසත්කාර “ත්‍රිපිටක පූජා 2017”

An idea by Danesh Maduranga Edirisooriya & Danesh Maduranga Edirisooriya II
Project of SamajaSathkara.lk