loader image
Select Page

අටමහා කුසල් යන නමින් විශේෂ පින්කම් අටක් පිළිබඳව බුදු දහමේ ඉගැන්වේ.
එම අටමහා කුසල් දැක්වෙන ගාථාව මෙසේය.
“කඨිනං ච පරික්ඛාරං – වාස දානංච උත්තමං
බුද්ධප්පමුඛසංඝස්ස – දානං ධම්මස්ස ලේඛනං
ඛෙත්ත දානංච සංඝස්ස – පටිමා කරණං පි ච
කරණං වච්ච කුටියා – අට්ඨ පුඤ්ඤානි වුච්චරේ”

මෙහි දැක්වෙන අටමහා කුසල් මෙසේය.

1.කඨින සිවුරක් පූජා කිරීම
2.අටපිරිකර පූජාකිරීම
3.ආවාස ගෙයක් තනවා සඟසතුකර පූජා කිරීම
4.බුදුපාමොක් මහ සඟනට සඟ සතු කර දන්දීම.
5.බුද්ධ ධර්මය ලිවීම හා ලියවීම දහම් පොත්පත් මුද්‍රණය කරදීම බෙදා හැරීම.
6.සඟ සතු කර හෝ බුද්ධ පූජා වශයෙන් කෙත් වතු පිදීම
7.බුදු පිළිම සෑදවීම, චෛත්‍ය විහාරගෙවල් මුලසුන් ආදිය සෑදවීම
8.වැසිකිළි තනවා සඟසතු කර පිදීම.
යන මේ පිංකම් අට අටමහා කුසල් නම්වේ.

මේ පිංකම් අට අනෙක් පිංකම් වලට වඩා සුවිශේෂී වන්නේ විශේෂ හේතුවක් ඇති බැවිනි. අකුසල් සිත් යටපත් කර කුසල් සිත් උපදවා ගෙන මෙම අටමහා කුසල් කරන අය හට සසර තමා විසින් මව මැරීම ආදී පංචානන්තරීය අකුසල් සිදුකර නොමැති අයට වෙනත් යම් යම් අකුසල් දැන හෝ නොදැන කර තිබුණහොත් ඒවා තාවකාලිකව යටපත් කොට අකුසලයේ විපාකය විඳීන්නට නොදී අටමහා කුසලයක් ඉදිරිපත්වී එයින් සැප විපාක ලබාදීමට සමත් වන බව දහමෙහි දැක්වේ.

අටමහා කුසල් අතර අටවන මහා කුසලය වශයෙන් සඳහන් වෙන්නේ වැසිකිළි සාදවා මහ සඟනට සඟසතු කොට පූජා කිරීම හෝ පොදු ජනතාවගේ ප්‍රයෝජනයට අවස්ථාව උදාකිරීම මෙම පිංකමට දායක විය හැකිය.
ශිෂ්ට සම්පන්න ජන සමාජයක් තුළ වැසිකිළි භාවිතා කිරීම අවශ්‍යම කාරණයකි. එවිට බාහිර පරිසරය දූෂණය නොවේ. ලෙඩරෝග බෝවීම වැළකේ. නීරෝගී ජන සමාජයක් බිහි කිරීමට මෙම කරුණුද විශේෂ හේතුවකි.

මේ අනුරාධපුර, පේමඩුව, උලුක්කුලම ප්‍රදේශයේ අති දුෂ්කර පන්සලක්. මේ ප්‍රදේශයට වසර 4කින් පමණ වර්ෂාවවත් නැහැ. ස්වාමීන්වහන්සේලාට පරිහරණයට හරිහමන් වැසිකිළියක්වත් නැහැ. ඉතිං අපි තීරණය කලා මේ පන්සලට වැසිකිළියක් සාදවා පූජා කරන්න. අපි ඒ සඳහා මුල්ගල තැබීම සිදුකලා. සති කිහිපයක් තුළ අප වැඩ අවසන් කර මෙම වැසිකිළිය සඟ සතුකර පූජා කිරීමට බලාපොරොත්තු වෙනවා.

මේ පිංකමට දායකත්වය දැක්වූයේ Ruchiranga Premathilake අයියා, ඔහුගේ ආදරණීය බිරිඳ වන Jayani Madhi Prasadika අක්කගේ අද දිනට එනම් අගෝස්තු 21 වන දිනට යෙදිලා තියෙන උපන්දිනය වෙනුවෙනුයි.

පන්සලේ විහාරාධිපති ස්වාමීන්වහන්සේ බෙහෙවින්ම පිං දුන්නා. පැමිණ සිටි පිරිසට ඔබ දෙපළ පිළිබඳව සහ ඔබේ උපන්දිනය වෙනුවෙන් මෙම පිංකම සිදුකරන බවත් එය මහත්පල මහානිසංස ගෙනදෙන පිංකමක් බවත් දේශනා කර සිටියා.

අක්කේ මේ මහාර්ඝ වූ පිංකමට ඔබේ ආදරණීය ස්වාමිපුරුෂයා සම්පූර්ණ දායකත්වයක් දැක්වූවා. ඔබ සැබැවින්ම වාසනාවන්තයි මෙවන් පින්වන්ත කුසලයට ලැදි ස්වාමියෙක් ලබන්නට. ඔහු මේ ලබා දුන් උපන්දින ත්‍යාගයට ඔබත් කැමති ඇති කියලා අපි හිතනවා අක්කා. ඡායාරූප අප්ලෝඩ් කිරීමට ප්‍රමාදවීම පිළිබඳව සමාව අයදිනවා. සමහර විට ඔබ අයියා සමග අමනාපයෙන් ඉන්නත් ඇති උපන්දිනයට ත්‍යාගයක් නොදීම සම්බන්ධව. නමුත් මමත් අයියාත් සතියක පමණ සිටයි මේ පිංකමට සූදානම් වුයේ. ඔහුට අවශ්‍ය වුනේ ඔබට මෙළොවටත්, පරළොවටත් වටිනා වූ ආනිසංස ගෙන දෙන ත්‍යාගයක් ලබාදීමටයි. ඔබව පුදුමයට පත් කිරීමටයි.

මේ සිදු කළා වූ කුසලය ඔබ දෙපළටම ආශිර්වාදයක් වේවා… මේ රැස් කරගත්තා වූ කුසලයේ ආනිසංසයෙන් නිදුක් නීරෝගී ලාභය ලැබේවා… පුංචි කැදැල්ලේ සතුට සෙනෙහස නිබඳව රැඳේවා…. ඔබේ සියලු සිතුම් පැතුම් ඉටු වී කරන කියන කටයුතු සියල්ලක්ම සාර්ථක වෙන වාසනාවන්ත දිවියකට මෙය ආශිර්වාදයක්ම වේවා… දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ද ජීවිතය ද සාර්ථක වේවා… ගුණ දහමින් හෙබි වාසනාවන්ත දරුවන් දැයට දායාද කිරීමට ඔබ දෙපළටම හැකි වේවා… පවුලේ සෑම සියලු දෙනාටම නීරෝගි සුවය සතුට සැනසුම වාසනාව නිරන්තරයෙන්ම උදා වේවා….

අයියේ, මේ භවයේ මෙන්ම නිවන් දක්නා තුරා ඈ ඔබේම සෙනෙහෙබර බිරිඳ ලෙසත් ඔබ ඇගේම දයාබර ස්වාමිපුරුෂයා ලෙසත් හමු වී මෙසේ එකට එක්ව කුසල් රැස් කොට පාරමී පුරා අවසානයේ උතුම් වූ නිර්වාණ සම්පත්තිය උදා කර ගැනීම පිණිස මේ කුසලට ඔබ දෙපළටම හේතු වේවා….

සුභ උපන්දිනයක් අක්කා…

මේ පිංකමට සමාජසත්කාර කණ්ඩායමේ Chathura Prasanga මල්ලිත්, Shakuna Perera අයියාත් ශ්‍රම දායකත්වය දැක්වූවා. ඔබ දෙපළටද බොහොමත්ම පිං..

Birthday for a Cause | Celebrating birthday with Samajasathkara.lk

An idea by Danesh Maduranga Edirisooriya, Danesh Maduranga Edirisooriya II & Danesh Maduranga Edirisooriya III
Project of SamajaSathkara.lk