Pradeshiya Sasanarakshaka Mandalaya – Kobeigane

ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලය – කොබෙයිගනේ

ශ්‍රී ලංකාවේ වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටි නිකවැරටිය මැතිවරණ කොට්ඨාසයට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 4 න් එකකි කොබෙයිගනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය . මෙම කෝරළය බලදොර කෝරළය නමින් හැදින්වෙන එක් කෝරළයකින් සමන්විත වේ. වර්ග සැතපුම් 48.07 ක් පමණ වූ භූමි ප්‍රමාණයකින් සමන්විත මෙම කොට්ඨාසය උතුරින් මාතලේ කදුවැටියෙන් පටන්ගෙන හලාවතින් මුහුදට ගලාබස්නා දැදුරු ඔයෙන්ද , දකුණින් දැදුරු ඔයෙහිම අතු ගංගාවක් වන කොලමුණු ඔයෙන්ද සීමා වූ සශ්‍රීක බිම් කඩක් තුළ පිහිටා ඇත.