ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලය – කොබෙයිගනේ
ශ්‍රී ලංකාවේ වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටි නිකවැරටිය මැතිවරණ කොට්ඨාසයට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 4 න් එකකි කොබෙයිගනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය . මෙම කෝරළය බලදොර කෝරළය නමින් හැදින්වෙන එක් කෝරළයකින් සමන්විත වේ.
වර්ග සැතපුම් 48.07 ක් පමණ වූ භූමි ප්‍රමාණයකින් සමන්විත මෙම කොට්ඨාසය උතුරින් මාතලේ කදුවැටියෙන් පටන්ගෙන හලාවතින් මුහුදට ගලාබස්නා දැදුරු ඔයෙන්ද , දකුණින් දැදුරු ඔයෙහිම අතු ගංගාවක් වන කොලමුණු ඔයෙන්ද සීමා වූ සශ්‍රීක බිම් කඩක් තුළ පිහිටා ඇත.
කෝරළය පුරාම වැව් සමූහයක් දැකිය හැකි අතර අතීතයේදී කෘෂිකර්මය මුල් කරගත් ආර්ථික රටාවක් තිබුණ බව පැහැදිලිය. මතුපිටින් බලනවුන්ගේ දෑස් නොගැටෙන , වසර ගණනාවක උරුමයක් හිමි ප්‍රදේශයක් ලෙස කොබෙයිගනේ කොට්ඨාසය හැදින්විය හැකිය . බලදොර කෝරළයේ ඉතිහාසය විජයාගමනය දක්වාම ඈතට දිව යන බව දැකිය හැකිය. මෙහි ඉතිහාසය සෙවීමේදී ලිඛිත සාක්ෂි නොලැබෙන නමුත් තවමත් ගම්වල ජීවත්ව සිටින දැන්මුත්තන්ගේ මතවලට අනුව මෙහි පැරණි ඉතිහාසය ගැන තොරතුරු ලැබෙනුයේ ජනප්‍රවාද සහ ජනයා අතර පවතින මුඛ පරම්පරාවලින් ගත් තොරතුරු වලිනි.
මෙම තොරතුරු පවා කාලයාගේ වැලි තලාවෙන් මැකීයන යුගයක ඓතිහාසික තොරතුරු ඇතුළත් ග්රන්ථයක් සකස් කිරීමට වයඹ පළාත් සංස්කෘතික හා කළා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් තුමිය හා පළාත් සංස්කෘතික අධ්‍යක්ෂක තුමියගේ යෝජනාවක් ලෙස මෙවන් ව්‍යාපෘතියක් ක්‍රියාවට නැංවීම ඉතාමත් කාලෝචිතය . මෙවැනි ග්‍රන්ථයක වැදගත්කම පෙන්වාදෙමින් අවශ්‍ය උපදෙස් හා මග පෙන්වීම ලබා දුන් කොබෙයිගනේ ප්‍රාදේශීය ලේකම් තුමා සහ සහකාර ප්‍රාදේශීය ලේකම් තුමිය කෘතවේදීව සිහිපත් කරමි. එමෙන්ම ගමවලට ගොස් තොරතුරු ලබාගැනීමේදී වැඩිහිටියන් සහ වසම් භාර ආර්ථික සංවර්ධන නිලධාරීන් ලබාදුන් සහයෝගය විශේෂයෙන්ම සදහන් කරමි.
මෙම ග්‍රන්ථයේ සදහන් ජනප්‍රවාද බොහොමයක් මෙයට වසර 2 කට පමණ පෙර අප අතරින් සමුගත් ප්‍රවීණ කළා ශිල්පි සර්ධාපති මහතා සිය මතකයේ තබාගෙන අපවෙත ප්‍රකාශ කළ ජනකතාය . අසනීප තත්වයෙන් එක්තැන්වී සිටි එතුමාගේ දුක සැප බැලීමට ගොස් පිළිසදර කතා බස් කිරීමේදී පැරණි තොරතුරු රසවත් ලෙස ඉදිරිපත් කිරීමට එතුමා කැමැත්තක් දැක්විය. මෙම ග්‍රන්ථය නිර්මාණය කිරීම සදහා එම තොරතුරු මහෝපකාරී විය.
ගම්මාන වලට ගොස් තොරතුරු සෙවීමේදී බොහොමයක් වැඩිහිටියන් තොරතුරු නොදැන සිටීම ගැටලුවක් වූ අතර කීපදෙනෙකුගෙන් හෝ අත්‍යවශ්‍ය තොරතුරු ලබා ගැනීමට හැකි විය . එමෙන්ම මෙම ග්‍රන්ථය සකස් කිරීමේදී විවිධ පොත්පත් පරිශීලනය කරමින් තොරතුරු ලබාගන්නා ලදී. කෙසේ වෙතත් අතීත තොරතුරු වැළලී යන යුගයක මෙවැනි වූ තොරතුරු පද්ධතියක් සකස් කිරීම කාලෝචිතයයි සිතමී.
ඒ.පී.ඩී .ආර්.පද්මකාන්ති.
සංස්කෘතික නිලධාරි.
පුවත් ~ News
මෙම විහාරස්ථානයේ සිදුකරන ආගමික වැඩසටහන්, ආධාර අවශ්‍යතා සහ දහම් කරුණු පිළිබදව තොරතුරු පහතින් දක්වා ඇත. සම්පුර්ණ පුවත කියවන්න “වැඩිදුර කියවන්න” බොත්තම ඔබන්න.
ශිෂ්‍ය නායකත්ව පුහුණුව
.තෝරාගත් ශීෂ්‍ය නායකයින්ට, ශිෂ්‍ය නායකයකු සතු කාර්යභාරය ශ්‍රව්‍ය/දෘෂ්‍ය මාධ්‍යයෙන් හා ක්‍රියාකාරී වැඩසටන් මාර්ගයෙන් පැහැදිලි කර දීම සඳහා පුහුණු...
පුණ්යග්රාම වැඩසටහන
කහටගස්වැව, ශ්‍රී නාමල් දහම්පාසල මධ්‍යස්ථානය කරගෙන පුණ්යග්රාම වැඩසටහන 2019 වසරේ සිට මේ දක්වා ක්‍රියාත්මක වෙයි. එහි දී කරන ලද වැඩසටහන් රාශියකි. ඒ...
ආර්ථික දුෂ්කරතා සහිත සිසුන්ට පාසල් උපකරණ ලබාදීම
2022 සැප්තැම්බර් මාසයේ දී කුරුණෑගල ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරි සුමංගල හිමියන්ගේ අනුග්‍රහයෙන් ආර්ථික දුෂ්කරතා සහිත දහම්පාසල්...
ගුරු කළමනාකරණ හා තාක්ෂණ පුහුණුව
2022.10.29 දින දහම්පාසලකින් 3 දෙනා බැගින් ගුරුභවතුන් තෝරාගෙන කළමනාකරණ පුහුණුවක් පවත්වන ලදී. සහභාගිත්වය දහම්පාසල් 36/38. පැමිණීම 110/114 කි. ...
6-10 ශ්‍රේණි විභාග පැවැත්වීම හා සහතික දීම
2022.04.03 ඉරිදා දින 6,7,8,9 හා 10 යන ශ්‍රේණි සඳහා සියලු දහම්පාසල් වල රජයේ විභාගය පවත්වන ලදී. සිසුන් 1345 ක් ඉදිරිපත් විය. ඇගයීම් කොබෙයිගනේ ශ්‍රී...
1-5 ශ්‍රේණි විභාග පැවැත්වීම හා සහතික දීම
2022.03.27 ඉරිදා දින 1,2,3,4 හා 5 යන ශ්‍රේණි සඳහා සියලු දහම්පාසල් වල පොදු විභාගයක් පවත්වන ලදී. සිසුන් 1300 ක් ඉදිරිපත් විය. ඇගයීම් දහම්පාසල්වල දී...
විහාරාධිපති ස්වාමීන් වහන්සේ
කුලියාපිටිය කරගහගෙදර ශ්‍රී සුධර්මෝදය පිරිවෙන් විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය තාරණ විමලරතන හිමියන්ගේ ශිෂ්‍යවරයෙක් හැටියට 1993 වර්ෂයේ පැවිදි බිමට ඇතුලත් වූ මා මූලික අධ්‍යාපනය කරගහගෙදර කුලියාපිටිය ශ්‍රී සුධර්මෝදය පිරිවෙන් ආයතනයේ සිදුකළ අතර උසස් අධ්‍යාපන කටයුතු කුලියාපිටිය කනදුල්ල ශ්‍රී ධර්මරාජ මහා පිරිවෙන් ආයතනයේ සිදු කරන ලදී. ඉන් අනතුරුව කැළණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී උපාධි පාඨමාලාව හදාරා නිමවීමෙන් පසු 2008-01-01 වන දින උඩුබද්දාව විද්‍යා ප්‍රසාද පිරිවෙන් ආයතනයේ ආචාර්යවරයකු ලෙස සේවයට බැඳෙන අතර එම පිරිවෙන් ආයතනයේ සාමාන්‍ය ගුරුවරයෙක් ලෙස නියෝජ්‍ය පරිවේනාධිපති හිමි ලෙස සහ පරිවේණාධිපති හිමි ලෙස තනතුරු දරමින් ගුරුසේවයේ යෙදී කටයුතු සිදුකරමින් වැඩසිටින බව සිහිපත් කරමි.
2013 වර්ෂයේ මුඩුබිමක ශ්‍රී සුධම්ම දහම් නිකේතනය නම් විහාරස්ථානයක් අලුතින්ම ආරම්භ කොට ඉහළ ගොමුගොමුව නම් ග්‍රාමයට විහාරස්ථානයක් දායාද කොට දැනට පවත්වාගෙන යනු ලබන බවද ඉතා නිහතමානීව සිහිපත් කරමි. මෙම සියලු කටයුතු සදහා ශ්‍රමය, ධනය, කාලය කැපකල සියලුදෙනාම පුන්‍යානුමෝදනාත්මකව සිහිපත් කරමි.
කුලියාපිටිය ඉහළ ගොමුගොමුව ශ්‍රී සුධම්ම දහම් නිකේතනයේ නිර්මාතෘ, විහාරාධිපති, පරිවේණාධිපති, ප්‍රධානාචාර්ය, ධර්මාදීශ්වර ශාසන කීර්ති ශ්‍රී විනයාලංකාර පූජ්‍ය ශාස්ත්‍රවේදී අකරවත්තේ සුධම්ම හිමි.
ශ්‍රී සුධම්ම දහම් පාසල
ඉහළ ගොමුගොමුව ශ්‍රී සුධම්ම දහම් නිකේතනයේ දහම් පාසල 2016-05-05 දින ආරම්භකොට 2016-08-19 වන දින බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි දහම් පාසලක් ලෙස සෑම ඉරුදිනකම පවත්වාගෙන යනු ලබයි. ආරම්භයේදී සිසුන් 20ක් පමණ සිටි අතර ඔවුන් වෙනුවෙන් දහම් අධ්‍යාපනය ලබාදීම සදහා ගුරුවරුද 02 ක් සිටියහ. වර්තමානය වනවිට සිසුන් 100ට අධික පිරිසක් දහම්පාසලේ දහම් අධ්‍යාපනය ලබන අතර ගුරුමණ්ඩලය, ප්‍රධානාචාර්ය හිමි ඇතුළු 11 දෙනෙක් සිටිති.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ පඬුවස්නුවර බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉතා සාර්ථකව පවත්වාගෙන යනු ලබන දහම් පාසලක් බවට ශ්‍රී සුධම්ම දහම් පාසල පත්වී හමාරය. ප්‍රධානාචාර්ය හිමි සහ ආචාර්ය මණ්ඩලයේ කැපවීම ඉහත ප්‍රතිඵල නෙලාගැනීමට මහඟු රුකුලක් වූ බවද හිතාදරයෙන් සිහිපත් කර සිටිමි.
“මෙම පුණ්‍ය භූමිය සඳහා අවශ්‍ය දෑ පහත පරිදි දැක්විය හැකිය.”
මෙම විහාරස්ථානයේ අවශ්‍යතා සොයාබලා ඔබට හැකි අයුරින් ආධාර කරන්න. විහාරස්ථානයේ වර්තමාන තත්වය දැනගැනීමට සැමවිටම විහාරාධිපති ස්වාමින් වහන්සේ දුරකථනය ඔස්සේ හෝ චැට් පණිවිඩයක් ඔස්සේ සම්බන්ධ කරගන්න. මෙම තොරතුරු යාවත්කාලින කරන ලද්දේ 2023 මැයි 20 වෙනි දිනදීය.
ආධාර අවශ්‍ය කාරණා
අප විහාරස්ථානය මුඩුබිමක අලුතින්ම ඉදිවෙමින් පවතින බැවින් සියලුම විහාරාංග ඉදිකිරීම සිදුව ඇති අතර වර්තමානය වන විට චෛත්‍යය, විහාරය, මලසුන්ගෙය, ලැගුම් ගෙය ඉදිකොට බෝධීන් වහන්සේ රෝපණය කර ඇත. නමුත් ඉදිකිරීමට අවශ්‍ය ගොඩනැගිලි රැසකි. ඒවා මෙසේ පෙලගස්වමි.
1. ධර්මශාලාව (මේ දිනවල ඉදිවෙමින් පවතී)
2. ගිහි වැසිකිළි පද්ධතිය
3. දෙමහල් ලැගුම් ගෙය (සංඝවාසය)
4. අටවිසි බුද්ධ මංධිර
5. බෝධි ප්‍රාකාරය
6. වාහල්කඩ
7. වළාකුළු බැම්ම
8. විශ්ණු දේවාලය
9. දානශාලාව
ඉහත විහාරාංග සදහා ඔබට දායකත්වය ලබාදිය හැකිබව පුන්‍යානුමෝදනාත්මකව සිහිපත් කර සිටිමි .
ආධාර කරන්න
පින්වත් ඔබගේ ආධාර පහත ගිණුමට බැරකළ හැකිය
ගිණුමේ නම – පූජ්‍ය අකරවත්තේ සුධම්ම හිමි
ගිණුම් අංකය – 1510007543
බැංකු ශාඛාව – කුලියාපිටිය ශාඛාව
ඔබ බැංකුවට මුදල් බැර කරන්නේ නම්, බැංකුවෙන් ලැබෙන රිසිට් පතෙහි පිටපතක් අප වෙත යොමුකරන්න.
අපව සම්බන්ධ කරගන්න
පහත දුරකතන අංක ඔස්සේ විහාරස්ථානය සම්බන්ධ කරගත හැකි අතර, බොහොමයක් විහාරස්ථාන පිහිටා ඇත්තේ ඉතා දුෂ්කර ප්‍රදේශවල බැවින් ඊමේල් ඔස්සේ සම්බන්ධ කරගැනීමට අපහසු විය හැකි බව කරුණාවෙන් සළකන්න.
ඊමේල් ලිපිනය
sudammalk@gmail.com
දුරකතන අංකය
0785970000
ලිපිනය
ශ්‍රී සුධම්ම දහම් නිකේතනය, ඉහළ ගොමුගොමුව
විහාරස්ථානයේ පිහිටීම
මෙම වෙබ් අඩවියේ ඩොමේන් ලිපිනය පහත දිනයේදී කල් ඉකුත්වේ. වාර්ෂික ගාස්තුව
ගෙවීම සඳහා ඔබගේ බැතිබර දායකත්වය ලබාදෙන්න.