ආධාර අවශ්‍ය කාරණා

“මෙම පුණ්‍ය භූමිය සඳහා අවශ්‍ය දෑ පහත පරිදි දැක්විය හැකිය.”

අප විහාරස්ථානය මුඩුබිමක අලුතින්ම ඉදිවෙමින් පවතින බැවින් සියලුම විහාරාංග ඉදිකිරීම සිදුව ඇති අතර වර්තමානය වන විට චෛත්‍යය, විහාරය , මලසුන්ගෙය, ලැගුම් ගෙය ඉදිකොට බෝධීන් වහන්සේ රෝපණය කර ඇත. නමුත් ඉදිකිරීමට අවශ්‍ය ගොඩනැගිලි රැසකි. ඒවා මෙසේ පෙලගස්වමි.

1. ධර්මශාලාව (මේ දිනවල ඉදිවෙමින් පවතී)
2. ගිහි වැසිකිළි පද්ධතිය
3. දෙමහල් ලැගුම් ගෙය (සංඝවාසය)
4. අටවිසි බුද්ධ මංධිර
5. බෝධි ප්‍රාකාරය
6. වාහල්කඩ
7. වළාකුළු බැම්ම
8. විශ්ණු දේවාලය
9. දානශාලාව

ඉහත විහාරාංග සදහා ඔබට දායකත්වය ලබාදිය හැකිබව පුන්‍යානුමෝදනාත්මකව සිහිපත් කර සිටිමි .