වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පඬුවස්නුවර බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉහළ ගොමුගොමුව ග්රාමනිලධාරි වසමෙහි අක්කරයක පමණ මුඩු බිමක 2013-08-12 වන දින දහසක් අභියෝග බාධක මැද දායක පිරිස 12 දෙනෙකුගේ දායකත්වයෙන් මෙම ශ්‍රී සුධම්ම දහම් නිකේතනය ආරම්භ කරන ලදී. ඉහළ ගොමුගොමුව ග්‍රාමයේ පදිංචි ජේ. ජෝතිපාල නම් සත්ගුණවත් මැතිතුමන් විසින් මෙම විහාරස්ථානය ඉදිකිරීම සදහා භූමිභාගය පරිත්‍යාග කරන ලදී. බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විහාරස්ථානයක් වන ශ්‍රී සුධම්ම දහම් නිකේතනය තුළ දායක පිරිස වර්තමානය වන විට 102ක් පමණ දායකත්වය ලබමින් කටයුතු සිදුකරන අතර එම දායක සභාව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි දායක සභාවක් වන අතර එම දායක සභාව උභය ලෝකාර්ථ දායක සභාව නමින් නම් කර ඇත. විහාරස්ථානයේ සියළුම විහාරාංග අලුතින්ම ඉදිකරමින් පවතින අතර දෙස් විදෙස් පරිත්‍යාගශීලින් එම ඉදිකිරීම් කටයුතු සදහා පරිත්‍යාග සිදුකරමින් පවතී. සියලු විහාරාංග වලින් සමන්විත විහාරස්ථානයක් සසුනට දායාද කිරීම මගේ එකම අරමුණ වන අතර පිංවත් ඔබ සියලුදෙනාගේම ආධාර පරිත්‍යාග ඒ සඳහා පුන්‍යානුමෝදනාත්මකව අපේක්ෂා කරමි.
ශ්‍රී පුණ්‍යවර්ධනාරාමය
විහාරස්ථානයේ නම - ශ්‍රී පුණ්‍යවර්ධනාරාමය ලිපිනය - කදුරුගස්කොටුව,අලහේනේගම ග්රාමනිලධාරි වසම - තෙලහැර දුරකතන අංකය -...





0 Comments