by ධනේෂ් එදිරිසුරිය (අධ්යක්ෂ - පුණ්‍ය භූමි ව්‍යාපෘතිය) | Jun 11, 2023 | ප්‍රගති වාර්තාව
- .තෝරාගත් ශීෂ්‍ය නායකයින්ට, ශිෂ්‍ය නායකයකු සතු කාර්යභාරය ශ්‍රව්‍ය/දෘෂ්‍ය මාධ්‍යයෙන් හා ක්‍රියාකාරී වැඩසටන් මාර්ගයෙන් පැහැදිලි කර දීම සඳහා පුහුණු කඳවුරක් පැවැත්වීමට අදහස් කෙරේ.
පොසොන් උදානය
- සිසු වගා ගොවිපල ඇගයීම් වැඩසටහන.
තෝරාගත් සිසුනට ත්‍යාග ලබා දීමට අදහස් කර ඇත.
- ගුරු උපහාර පිදීම.
ගුරුභවතුන්ගේ පැමිණීම හා වෙනත් කරුණු සලකා බලා ඇගයීමට (සහතිකපතක්, කුසලානයක්) අදහස් කෙරේ.
by ධනේෂ් එදිරිසුරිය (අධ්යක්ෂ - පුණ්‍ය භූමි ව්‍යාපෘතිය) | Jun 11, 2023 | ප්‍රගති වාර්තාව
කහටගස්වැව, ශ්‍රී නාමල් දහම්පාසල මධ්‍යස්ථානය කරගෙන පුණ්‍යග්‍රාම වැඩසටහන 2019 වසරේ සිට මේ දක්වා ක්‍රියාත්මක වෙයි. එහි දී කරන ලද වැඩසටහන් රාශියකි. ඒ අතුරින් කීපයක් පහත දැක්වේ.
- 2019.04.07 ද.පා.දරුවන්ගේ බක්මහ උළෙල
- 2019.06.08 අටවිසි බෝධි රෝපණය
- 2019.07.12 අක්ෂි හා ආයුර්වේද සායනය
- 2019.08.02 ජංගම සේවාව-උප්පැන්න, මරණ, හැඳුනුම්පත්, ඉඩම් ගැටළු විසඳීම
- 2019.08.09 ගම්මානේ පැහැසරණිය කලා මංගල්‍යය
- 2019.08.16,19තල්කොළ කොහු ආශ්‍රිත නිෂ්පාදන පුහුණු වැඩසටහන
- 2019.09.19 කාබනික පොහාර නිෂ්පාදන වැඩසටහන
- 2019.10.08 කිරි ආශ්‍රිත නිෂ්පාදන වැඩසටහන
- 2019.10.13 මාපිය වන්දනාව හා භාවනා
- 2019.10.14,18,21 බතික් පුහුණු වැඩසටහන
- 2019.12.21 ඖෂධ හා පළතුරු පැළ රෝපණය
- 2021.03.08 වැඩිහිටි දහම්පාසල
- 2021.04.25 සාමණේර භික්ෂු පුහුණුව
- 2021.05.16 දරුවන් යහමග ගැන්වීමේ කඳවුර
- 2021.09.05 නීතිය පිළිබඳව දැනුවත් කිරීම
- 2022.01.08-2022.03.27 නායකත්ව පුහුණුව, ජාතික වීරයන්, ළමා අපචාර, යහපත් හැසිරීම්, අධ්‍යාපනයේ අගය දේශන
- 2022.11.19 ගර්භනී මාතාවන් සඳහා පෝෂණ වැඩසටහන
- 2022.11.20 සිතුවම් ප්‍රදර්ශනය
- භෞතික ප්‍රගතිය = දහම්පාසල් ගොඩනැගිල්ලක් හා වැසිකිළි පද්ධතියක් ඉදිකිරීම
- පුස්තකාලයට පොත් හා උපකරණ ලබා දීම
by ධනේෂ් එදිරිසුරිය (අධ්යක්ෂ - පුණ්‍ය භූමි ව්‍යාපෘතිය) | Jun 11, 2023 | ප්‍රගති වාර්තාව
2022 සැප්තැම්බර් මාසයේ දී කුරුණෑගල ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරි සුමංගල හිමියන්ගේ අනුග්‍රහයෙන් ආර්ථික දුෂ්කරතා සහිත දහම්පාසල් දරුවන් 50 ක් සඳහා පාසල් උපකරණ බෙදා දෙන ලදී.
මේ සඳහා දහම්පාසල් 38 න් ම දරුවන් තෝරා ගන්නා ලදී.
by ධනේෂ් එදිරිසුරිය (අධ්යක්ෂ - පුණ්‍ය භූමි ව්‍යාපෘතිය) | Jun 11, 2023 | ප්‍රගති වාර්තාව
2022.10.29 දින දහම්පාසලකින් 3 දෙනා බැගින් ගුරුභවතුන් තෝරාගෙන කළමනාකරණ පුහුණුවක් පවත්වන ලදී. සහභාගිත්වය දහම්පාසල් 36/38. පැමිණීම 110/114 කි. (96.5%)
දේශන මාතෘකා
- දහම්පාසලක කළමනාකරණ කටයුතු පවත්වාගෙන යාම සහ දහම්පාසල් පැතිකඩ ක්‍රියාත්මක කිරීම- කළමනාකරණ කටයුතු පිළිබඳ ප්‍රවිණ දේශකයකු විසින්
- අප කළමනාකරණ කටයුතුවලදට අන්තර්ජාලය යොදා ගන්නා අයුරු. -තොරතුරු තාක්ෂණය පිළිබඳ ප්‍රවීණ දේශකයකු විසින්
- ගැටුම්/ඉසව් කළමනාකරණය කරගන්නා අයුරු – ගැටුම් කළමනාකරණය පිළිබඳ ප්‍රවීණ දේශකයකු විසින්
by ධනේෂ් එදිරිසුරිය (අධ්යක්ෂ - පුණ්‍ය භූමි ව්‍යාපෘතිය) | Jun 11, 2023 | ප්‍රගති වාර්තාව
2022.04.03 ඉරිදා දින 6,7,8,9 හා 10 යන ශ්‍රේණි සඳහා සියලු දහම්පාසල් වල රජයේ විභාගය පවත්වන ලදී. සිසුන් 1345 ක් ඉදිරිපත් විය. ඇගයීම් කොබෙයිගනේ ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ දී සිදුකර ප්‍රතිඵල නිකුත් කරන ලදී. රජයෙන් ලැබුණ සහතිකවල මුද්‍රණ යන්ත්‍රයෙන් ප්‍රතිඵල මුද්‍රණය කර නිකුත් කරන ලදී.