by ධනේෂ් එදිරිසුරිය (අධ්යක්ෂ - පුණ්‍ය භූමි ව්‍යාපෘතිය) | Jun 11, 2023 | ප්‍රගති වාර්තාව
2022.03.27 ඉරිදා දින 1,2,3,4 හා 5 යන ශ්‍රේණි සඳහා සියලු දහම්පාසල් වල පොදු විභාගයක් පවත්වන ලදී. සිසුන් 1300 ක් ඉදිරිපත් විය. ඇගයීම් දහම්පාසල්වල දී ම සිදුකර ප්‍රතිඵල ගෙන්වා ගන්නා ලදී. 3,4 හා 5 ශ්‍රේණිවල සමත් සිසුන්ට සහතියක් නිකුත් කිරීමට කටයුතු යොදා ඇත.
by ධනේෂ් එදිරිසුරිය (අධ්යක්ෂ - පුණ්‍ය භූමි ව්‍යාපෘතිය) | Jun 11, 2023 | ප්‍රගති වාර්තාව
දහම්පාසල් ගුරුභවතුන්ගේ සේවය අගය කිරීමක් ලෙස ගුරු සුබසාධක සංගමයක් ආරම්භ කළෙමු. ඒ සඳහා සම්මත කරගත් ව්‍යවස්ථාවෙන් සියලු කරුණු අනාවරණය වේ.
කොබෙයිගනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ
දහම්පාසල් ගුරුභවතුන්ගේ සුබසාධක සංගමය
යෝජිත ව්‍යවස්ථාව
2022 ජනවාරි
කොබෙයිගනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දහම්පාසල් ගුරුභවතුන්ගේ සුබසාධක සංගමය
කොබෙයිගනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨායේ දහම් පාසල් ගුරු භවතුන්ගේ සුබ සුභසාධක සංගමය.
දහම්පාසල් ගුරු සංගම් කාර්යාලය, ශ්‍රී පුෂ්පාරාමය, කොබෙයිගනේ
දහම් පාසල් ගුරුභවතුන්ගේ සාමග්‍රිය සංවර්ධනය සහ සුබ සුභසාධනය ඇති කිරීම
- දහම් පාසල් ගුරුවරුන් අතර සාමය හා සමගිය සඳහා කටයුතු කිරීම
- දහම් පාසල් ගුරුවරුන්ගේ දැනුම, ආකල්ප හා කුසලතා සංවර්ධනයට කටයුතු කිරීම
- දහම් පාසල් ගුරුවරුන් මුහුණ පාන ගැටළු නිරාකරණය කිරීම සඳහා සහය වීම
- සාමාජික ගුරුවරුන්ගේ අවමංගල්‍ය ආදී කටයුතුවලදී සහභාගිත්වය හා මූල්‍යමය ආධාර ලබාදීම
- සාමාජික ගුරුවරයා මුහුණපාන බරපතළ රෝගාබාධවලදී සංගමයේ තීරණය පරිදි කටයුතු කිරීම.
- ගුරුභවතුන් ඇගයීමේ කටයුතු සංවිධානය කිරීම.
කොබෙයිගනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මෙම මෙම සංගමයේ බල ප්‍රදේශය වේ. ගුරු සුබසාධක සංගමයේ පරිපාලන පහසුව සඳහා මෙම බල ප්‍රදේශය කලාප 4 කට බෙදා වෙන් කෙරේ.
1 වන කලාපය – උස්ගල, මොරගොල්ල, ඉහළ බලදොර, පහළ බලදොර, වදුරැස්ස (හිදගහවැව), කට්ටපිටිය, හොළඹලෑව, හල්මිල්ලකොටුව, වලස්වැව, පුබ්බිලිය.
2 වන කලාපය කොබෙයිගනේ. අලහේනේගම, මීගස්වැව, දංගල්ලාගම, බෙලිවැව, නැබඩවැව, ලෝලුගස්හේන, කොස්ගහවැව, අරළුගස්වැව, හිරිවැව,
3 වන කලාපය තිඹිරිපොකුණ, ගලදෙනිගම, වැටකොළුවැව, හාතලව, ලීකොළවැව, අස්වැද්දුම, දංවිල බෝපත්, දංවිල, කහටගස්වැව.
4 වන කලාපය තෙලහැර, හෙංගමුව, ගොපල්ලෑව, කදත්තාව, ඇබලයාගම, වදුරැස්ස, වන්නිගම, විතිකුලිය, අමුණුකොලේ.
කොබෙයිගනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් දහම් පාසල්වල සියලුම ප්‍රධානාචාර්යවරුන් හා ගුරුභවතුන් මෙම සංගමයේ සාමාජික විය යුතුයි.
සභා වාරයක් පැවැත්වෙන මාස 3 කට වරක් රුපියල් 150 බැගින් වන පරිදි වසරකට රුපියල් 600 ක සාමාජික මුදලක් එකතු කළ යුතුය.
පහත සඳහන් කරුණුවලින් එකක් හෝ උල්ලංඝනය වීමෙන් සාමාජිකත්වය අහෝසි විය හැකිය. එහෙත් මහා සංගමයේ තීරණය අවසාන තීරණය වේ.
- සමාජිකයා ඉල්ලා අස්වීම.
- දහම්පාසල් ගුරු සේවයෙන් ඉවත් වීම.
- වර්ෂයකට එක් වතාවක් හෝ සමිතියට පැමිණ නොතිබීම හා සාමාජික මුදල් ගෙවා නොතිබීම.
- සාමාජික යුතුකම් නිසි පරිදි ඉටු නොකරන බවට මහ සභාවට ඒත්තු යාම
- සාමාජිකත්වය අතර කල්ලි වාද භේද ඇතිවන අයුරින් ක්‍රියා කිරීම
- සාමාජිකයා මිය ගියහොත් සංගමය විසින් ගෙවිය යුතු දීමනා අනුප්‍රාප්තිකයාට ගෙවා අවසන් කර සාමාජිකත්වය අහෝසි කළ යුතු වේ.
-
- මහා සභාව
- මහා සභාව මාස හතරකට වරක් රැස්විය යුතුය එක් සාමාජිකයෙකු අවම වශයෙන් එක් වසරකට දින එකක් හෝ පැමිණ තිබිය යුතුය
- කලාප කාරකසභා
- කලාප කාරකසභා මාස 3 කට වරක් රැස්විය යුතුය එක් සාමාජිකයෙකු අවම වශයෙන් එක් වසරකට දින දෙකක් හෝ පැමිණ තිබිය යුතුය
- කාරක සභාව
- කාරක සභාව මාස 2 කට වරක් රැස්විය යුතුය. කලාප සභා, මහා සභා වාර්තා හා අයවැය වාර්තා සාකච්ඡා කළ යුතුය. සාරාංශ වාර්තා සැකසිය යුතුය.
- මහා සභාව සෑම මාස හතරකට වරක් රැස්විය යුතුය. ගණ පූරණය 40 ක් හෝ මුළු සාමාජික සංඛ්‍යාවෙන් 10% ක් යන දෙකින් අඩු සංඛ්‍යාව විය හැකිය.
- කාරක සභාව සෑම මාස දෙකකට වරක්ම හෝ අවශ්‍ය අවස්ථාවල දී රැස්විය යුතුය.
- සාමාජිකයන් 25 ක වත් අත්සනින් කරන ලද ඉල්ලීමක් අනුව මහා සභාව රැස් කළ හැකිය
- සාමාජික ප්‍රතිලාභ හා ආපදා ගෙවීමේ ක්‍රමවේදය.
- සාමාජික භවතාගේ අභාවයක දී සංගමය විසින් තීරණය කරනු ලබන ආපදා අරමුදල සාමාජිකයා නම් කර තිබූ අනුප්‍රාප්තිකයාට ලබා දිය හැකිය.
- සාමාජික භවතාගේ කලත්‍රයාගේ හෝ දරුවන්ගේ හෝ දෙමාපියන්ගේ අභාවයක දී ආපදා අරමුදලින් හතරෙන් පංගුවක් (1/4) ගෙවිය හැකිය
- සෑම සාමාජිකයෙකුම හිමිකම් ලැබීමට සුදුසු තමාගේ ලඟම ඥාතියෙකුගේ (අනුප්‍රාප්තිකයකුගේ) නම අයදුම්පතෙහි සඳහන් කර තිබිය යුතුය
- සාමාජිකභවතකුගේ අභාවයක දී නියමිත දීමනාව අනුප්‍රාප්තිකයාට ගෙවිය යුතුය.
- සාමාජිකයාගේ හෝ කලත්‍රයාගේ හෝ දරුවන්ගේ හෝ දෙමාපියන්ගේ හෝ අභාවයක දී කලාපයක සිටින මුළු සාමාජික සංඛ්‍යාවෙන් හරි අඩක්වත් දහම්පාසල් නිළ ඇඳුමින් සහභාගි විය යුතුය.
- කොබෙයිගනේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට කි.මී. 10 ක් පිටත පැවැත්වෙන අවමංගල්‍ය උත්සව සඳහා ද ගුරු භවතුන් සහභාගි විය යුතුය.
- යම් ආපදාවක දී හෝ අභාවයක දී දීමනා ලැබීමට හිමිකම ලැබෙන්නේ මාස 3 ක් ගතවීමෙන් අනතුරුව වේ.
- මෙකී ආපදා මුදලෙහි ප්‍රමාණය මහා සභාවෙන් තීරණය කළ යුතුය.
- අවමංගල කටයුතු සඳහා සහභාගි වීම
- යම් සාමාජිකයකුගේ හෝ සාමාජික ආශ්‍රිතයකුගේ අභාවයක දී එකී සාමාජිකයාගේ කලාපයේ සිටින නායකයා විසින් කාරක සභිගකයින්ටත්, කාරක සභිකයින් විසින් සෙසු සාමාජිකයින්ටත් දැනුම් දිය යුතු වේ.
- කලාපයේ සියළුම සාමාජිකයින් එකී අවමඟුල් උත්සවයට අනිවාර්යයෙන් ම සහභාගි වියයුතුය.
- අහෝසි වූ සාමාජිකත්වයක් නැවත ලබාගැනීම
- ඒ සඳහා මහා සභාව වෙත ලිඛිතව අයදුම් කළ යුතුවේ.
- මහා සභාවේ පැමිණි සාමාජිකයන්ගෙන් තුනෙන් දෙකක කැමැත්ත ලබාගත් යුතුවේ.
- හිග මුදල් සියල්ල හා සාමාජිකත්වය අහෝසි කාලය සලකා බලා කාරක සභාව විසින් තීරණය කරනු ලබන යම් ප්‍රමාද ගාස්තුවක් එකවර ගෙවිය යුතු වේ.
- යම් වරදක් නිසා සාමාජිකත්වය අහෝසි කරන ලද අයට නැවත සාමාජිකත්වය සඳහා ඉල්ලුම් කළ නොහැක.
- සියළුම මුදල් කොබෙයිගනේ ලංකා බැංකුවේ තැන්පත් කළ යුතුය. අවශ්‍ය අවස්ථාවල දී මුදල් ආපසු ගත හැක්කේ මහා සභාවේ තීරණය පරිදි ගරු සභාපති සමග භාණ්ඩාගාරික හෝ ගරු ලේකම් සමග ගරු භාණ්ඩාගාරික අත්සන් කිරීමෙන් පමණි.
- පහත සඳහන් පරිදි අරමුදල් රැස්කිරීම කළ හැකිය
- සාමාජික මුදල්
- සාමාජිකයන් විසින් හෝ බාහිර ප්‍රජාවකින් ලැබෙන පරිත්‍යාග
- විශේෂ වැඩසටහන් මගින් උපයා ගන්නා අරමුදල්.
- ගරු ප්‍රධාන සභාපති
සභාව පාලනය කිරීම හා මෙහෙයවීම
- ගරු ප්‍රධාන ලේකම්
මහා සභා වාර්තා, කාරක සභා වාර්තා හා සංවත්සර වාර්තා කලට වේලාවට ඉදිරිපත් කිරීම
- ගරු නියෝජ්‍ය සභාපති
ගරු සභාපති නොමැති අවස්ථාවල දී සභාව පාලනය කිරීම හා මෙහෙයවීම
- නියෝජ්‍ය ලේකම්
ලේකම් නොමැති අවස්ථාවල දී එම තනතුරට අදාල රාජකාරි කටයුතු ඉටු කිරීම හා ගරු ලේකම් ට සහාය වීම,
- සම්බන්ධීකරණ ලේකම්/ කලාප සම්බන්ධීකාරකවරු 12
- කලාප 4 සඳහා. සෑම කලාපයක ම සම්බන්ධීකරණ-1, සම්බන්ධීකරණ-2, සම්බන්ධීකරණ-3 වශයෙන් සහකාර ලේකම්වරු 12 දෙනකු පත්කර ගත යුතුයි.
- තම කලාපයේ දහම්පාසල්වල සාමාජික භවතුන්ගේ සුභසාධක කටයුතුවලදී කලාපයේ සියළුම සංවිධාන කටයුතු මෙකී සම්බන්ධීකරණ ලේකම්වරුන් 12 දෙනා වෙත පැවරේ.
- ගරු භාණ්ඩාගාරික
- සමිතිය සියලුම මුදල්මය ගනුදෙනු පවත්වා ගැනීම
- තමාට ලැබෙන සෑම මුදලක්ම හා සෑම වියදමක් ම පැහැදිලිව ම සටහන් කර තබා ගත යුතුය
- සෑම මාස 6 කට වරක්ම ගිණුම් පරීක්ෂක වෙත සියලු ගිනුම් පෙන්වා අඩුපාඩු සකස් කොට සහතික කරවා ගත යුතු ය.
- වාර්ෂික ගිණුම් වාර්තාව ගිණුම් පරීක්ෂක ලවා සහතික කරවා ගත යුතුය.
- රුපියල් 5000 ක මුදලක් තමා අත තබා ගතහැකි අතර ඉතිරි සෑම මුදලක්ම ලංකා බැංකුවේ ඉතිරි කිරීමේ ගිණුමක තැන්පත් කළ යුතුය.
- සංගමයේ ලිපිද්‍රව්‍ය සඳහා වරකට රුපියල් 5000 කට අඩු මුදලක් වැය කළ හැකිය. ඒවායේ බිල්පත් හා වවුචර් ලිපි ගොනුවක අමුණා තැබිය යුතුය.
- ගිණුම් පරික්ෂකවරු
සමිතියේ ගිණුම් පරික්ෂණ කටයුතු සඳහා තිදෙනකු පත් කළ යුතුය. එයින් එක් අයකු ලෙස ශාසනාරක්ෂක මණ්ඩලයේ ගිණුම් කාරක සභාවේ ලේකම් නිළ බලයෙන් පත් විය යුතු අතර ඉතිරි දෙදෙනා ගිණුම් කටයුතු පිළිබඳ දැනුමක් ඇති ගුරුභවතුන් අතරින් පත් විය යුතුය.
- අධීක්ෂණ නිලධාරීන්/අනුශාසකවරුන්
ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන සභාපති, ප්‍රධාන ලේකම්, ප්‍රාදේශීය ලේකම් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගණකාධිකාරී යන අය නිල බලයෙන් අධීක්ෂණ නිළධාරින් හා අනුශාසකවරුන් ලෙස කටයුතු කළ යුතුයි. සංගමයේ සෑම කටයුත්තක් පිළිබඳව ම නිරන්තර අධීක්ෂණය මේ අය විසින් සිදු කරනු ඇත.
සෑම වසරකම ජනවාරි මාසයේදී නව නිලධාරීන් පත් කෙරෙන සංවත්සර මහා සභාව පැවැත්විය යුතුය‘
යම් හේතුවක් නිසා සංගමය අහෝසි කිරීමට සිදු වුවහොත් සංගමයේ වැඩි කැමැත්ත පරිදි සංගමය සතු සියලුම නිශ්චල හා චංචල දේපළ කොබෙයිගනේ ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගිණුමට බැර කළ යුතුය.
by ධනේෂ් එදිරිසුරිය (අධ්යක්ෂ - පුණ්‍ය භූමි ව්‍යාපෘතිය) | Jun 11, 2023 | ප්‍රගති වාර්තාව
ශ්‍රී ලංකාවේ සෑම විහාරස්ථානයක් ම යැපෙන්නේ දායකයන්ගෙනි. දායකයා ආර්ථික දරිද්‍රතාවයට මුහුණ දෙන අවස්ථාවලදී ඔවුන්ට රුකුළක් ලබා දීම අපගේ ද යුතුකමකි. දරුවන් වගාවට යොමුකරවා ඔවුන් දෙමාපියන්ට උපකාර කරවීමට සැළැස්වීම අපට කළහැකි දෙයකි. දෙමාපියන්ට උපකාර කිරීමේ වටිනාකම ද.පා. පෙළපොත්වල ද සඳහන් කරුණකි.
(දෙමාපියන් දුකට පත්ව ඇති මේ අවස්ථාවේ රජයට බැණවැදෙමින් දෙස් දෙවොල් තබනවාට වඩා අපට කළහැකි දේ අපි හඳුනාගෙන ක්‍රියාත්මක කරමු)
6 වන ශ්‍රේණියෙන් ඉහළ සෑම සිසුවකුගේ ම නිවසේ ගෙවත්තක් ආරම්භ කිරීමට උපදෙස් දුනිමි. ඒ සඳහා ගත් පියවර පහත දක්වා ඇත.
දහම් ළමා ගෙවතු වගා
- ව්‍යාපෘතිය –“වවමු හදමු දම් සිසිලෙන් පුංචි ගොවිපලක්“
මෙම ව්‍යාපෘතිය කොබෙයිගනේ ශාසනාරක්ෂක මණ්ඩලයේ ව්‍යාපෘතියක් වන අතර රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනවල පිරිසකගේ හා පරිත්‍යාගශීලීන්ගේ සාමූහිකත්වයෙන් සිදු කරන්නකි.
- අරමුණු
- පවතින ආහාර අර්බුධයට පිළියමක් ලෙස දහම්පාසල් සිසු දරුවන් ආහාර වගාව වෙත යොමු කරවීම.
- දරුවන් තුළ ගුණාත්මක ආකල්ප ඇති කිරීම.
- දෙමව්පියන්ට උපකාර කිරීම
- දරුවන් රට සංවර්ධනයට දායක කර ගැනීම
- ආහාර සම්පාදනයේ ඇති දුෂ්කර බව තේරුම් ගැනීමට සැළැස්වීම
- ආහාර සුරක්ෂිතතාව තේරුම් ගැනීමට සැළැස්වීම
-
- පරිපාලනයේ පහසුව අනුව දහම්පාසල් 38 කලාප 4 කට බෙදා ඇත. එය පහත දැක්වේ.
-
-
-
- උස්ගල,
- මොරගොල්ල,
- ඉහළ බලදොර,
- පහළ බලදොර,
- වදුරැස්ස (හිදගහවැව),
- කට්ටපිටිය,
- හොළඹලෑව,
- හල්මිල්ලකොටුව,
- වලස්වැව,
- පුබ්බිලිය.
-
-
-
- කොබෙයිගනේ.
- අලහේනේගම,
- මීගස්වැව,
- දංගල්ලාගම,
- බෙලිවැව,
- නැබඩවැව,
- ලෝලුගස්හේන,
- කොස්ගහවැව,
- අරළුගස්වැව,
- හිරිවැව,
-
-
-
- තිඹිරිපොකුණ,
- ගලදෙනිගම,
- වැටකොළුවැව,
- හාතලව,
- ලීකොළවැව,
- අස්වැද්දුම,
- දංවිල බෝපත්,
- දංවිල,
- කහටගස්වැව.
-
-
- තෙලහැර,
- හෙංගමුව,
- ගොපල්ලෑව,
- කදත්තාව,
- ඇඹලයාගම,
- වදුරැස්ස,
- වන්නිගම,
- විතිකුලිය,
- අමුණුකොලේ.
- ඉලක්කගත පිරිස – දහම්පාසල් සිසුන්, ගුරුභවතුන්,
- දහම්පාසල් සිසුන්ගේ කාර්යභාරය – තමාගේ නිවස පිහිටි භූමිගේ කුඩා ගෙවත්තක් ආරම්භ කිරීම, එහි කොම්පොස්ට් හොහොර වලක් සෑදීම, එළවලු/පළතුරු වගාව ආරම්භ කිරීම
- දහම්පාසල් ගුරුභවතුන්ගේ කාර්යභාරය-සෑම ශිෂ්‍යයකුගේ ම ගෙවත්ත පරික්ෂාවට ලක් කිරීම සහ උපදෙස් ලබා දීම. 6 ශ්‍රේණියේ සිට දහම්පාසල් අවසාන ශ්‍රේණිය දක්වා මුළු සිසුන් මුළු ගුරුවරුන් අතර බෙදාගත යුතුයි.
- සහායක පිරිස/මෙහෙයුම් කණ්ඩායම
- ප්‍රධාන සභාපති, ලේඛකාධිකාරි, කාරකසභා නියෝජිතයින්
- ප්‍රාදේශීය ලේකම්තුමිය, සංවර්ධන නිළධාරින්, බෞ.ක.ස, නිළධාරින්
- කෘෂිකර්ම අධ්‍යක්ෂතුමන්, උපදේශකවරුන්, කෘෂිකර්ම පර්යේෂණ නිළධාරීන්
- මසකට වරක් රැස්විය යුතුය. ප්‍රගතිය, තීරණ, සැලසුම් සාකච්ඡා කළයුතුය. බෞ.ක.ස. නිළධාරින්ගේ සංවිධානයෙන් සිදු කළ යුතුය.
- ආරම්භය/අවසානය මෙම වැඩසටහන අඛණ්ඩව පවත්වාගෙන යනු ලැබේ. 2022.12.31 දින දක්වා තරග කටයුතු පවත්වාගෙන යනු ලැබේ.
- අධීක්ෂණ/ විනිශ්චය
- දහම්පාසල් ගුරුභවතුන් විසින් මාස 1 කට වරක් සිසුන්ගේ ගොවිබිම් පරීක්ෂා කළ යුතුය. එක් එක් ගුරු භවතා තම කොටසේ හොඳ ම ගොවිපල ප්‍රධානාචාර්යවරයාට වාර්තා කළ යුතුය.
- ප්‍රධානාචාර්ය වරයා තම දහම් පාසලේ හොඳ ම ගොවිපල 3 ක් ලේඛකාධිකාරි හිමියන්ට වාර්තා කළ යුතුය.
- ලේඛකාධිකාරි හිමියන් බෞද්ධ කටයුතු සමායෝජක නිළධාරින්ගේ හා කෘෂිකර්ම උපදේශකවරුන්ගේ සහයෙන් හොඳ ම ගොවිපලවල් තෝරාගත යුතුය.
- අධීක්ෂණ/ විනිශ්චය කිරීමේ කාල වකවානු අංක 5 යටතේ දැක්වෙන සහායක පිරිස/මෙහෙයුම් කණ්ඩායම විසින් තීරණය කෙරේ.
- විනිශ්චය කටයුතු සඳහා ප්‍රශ්ණාවලියක් සකස් කර එවා ඇත. එය සිසුන්ට ලැබෙන්නට සැලැස්විය යුතුයි. තරග විනිශ්චයකරුවන් ලකුණු ලබා දෙන්නේ එම නිර්නායක අනුව බව කරුණාවෙන් සලකන්න.
- ගෙවතු වගා ත්‍යාග හා සහතික
- දහම්පාසල් මට්ටමේ හොඳ ම ගොවිපලවල් හිමි සිසුන්ට ඔබ දහම්පාසල් සංවර්ධන සභාවේ අනුග්‍රහයෙන් ත්‍යාග පිරිනැමිය හැකි අතර පහත සඳහන් ත්‍යාග ශාසනාරක්ෂක මන්ඩල මට්ටමින් පිරිනැමීමට කටයුතු යොදා ඇත.
- හොඳම ගොවිපල හිමි සිසුන් 25 දෙනාට පහත සඳහන් මුදල් ත්‍යාග පිරිනැමීමට අදහස් කෙරේ.
- උපදේශණය සුදුසු අවස්ථාවල දී දහම්පාසල්වල ආරම්භක රැස්වීමේ දී කෘෂිකර්ම නිළධාරින්ගේ හෝ ඒ පිළිබඳව දැනුමක් ඇති ගොවි මහතුනගේ සහභාගිත්වයෙන් හෝ සිසුන්ගේ ගැටලු සාකච්ඡා කිරීම උපදෙස් ලබා දීම සිදු කළයුතුය.
සෑම දහම්පාසලක ම උදය රැස්වීමේ දී විනාඩි 15 ක වත් කාලය වෙන් කරගෙන ආහාර සුරක්ෂතතාවය, ආහාර නිෂ්පාදනය, කාබනික හොහොර භාවිතය, විදේශ විනිමය ආදිය පිළිබඳව කථා, දේශණ, වැඩසටහන් පැවැත්විය යුතුය.
වර්මාන ප්‍රගතිය
- දහම්පාසල් 32 ක කෘෂිකර්ම උපදේශකවරුන්ගේ මඟපෙන්වීම යටතේ කොම්පොස්ට් පෝර සැකසීම හා ගෙවත්තක් ආරම්භ නර පවත්වාගෙන යාම සිදු කරති.
- දැනට ගුරු සිසු ගෙවතු 1432 ක කොම්පොස්ට් වලවල් හා ගෙවතු ආරම්භ නර පවත්වාගෙන යාම සිදු කරති.
ගෙවතු වගා අධීක්ෂණ පත්‍රිකාව
ශිෂ්‍යයාගේ නම…………………………………………………………………………………… ශ්‍රේණිය ………..
ලිපිනය………………………………………………………. සම්බන්ධකරගත හැකි දුරකථනය ………………
භාරකරුගේ නම …………………………………………… සම්බන්ධකරගත හැකි දුරකථනය …………….
|
මාතෘකාව |
කාර්යය |
උපරිම ලකුණු |
ලකුණු
1 |
ලකුණු
2 |
| 1 |
භූමි භාවිතය |
හිරු එළිය සහිත ස්ථානවලට උචිත භෝග තේරීම |
05 |
|
|
| 2 |
|
සෙවන ස්ථානවලට උචිත භෝග තේරීම |
05 |
|
|
| 3 |
|
ජලය රැඳෙන තැන්වලට උචිත භෝග තේරීම |
05 |
|
|
| 4 |
|
පාංශු රක්ෂණ ක්‍රම යෙදීම |
05 |
|
|
| 5 |
භෝග විවිධාංගීකරණය |
එළවළු භෝග වර්ග -එක් වර්ගයකට ලකුණු 1 බැගින් උපරිම 5 |
05 |
|
|
| 6 |
|
පළතුරු භෝග වර්ග – එක් වර්ගයකට ලකුණු 1 බැගින් උපරිම 5 |
05 |
|
|
| 7 |
|
අල භෝග/මාෂ භෝග – එක් වර්ගයකට ලකුණු 1 බැගින් උපරිම 5 |
05 |
|
|
| 8 |
|
ඖෂධ පැළෑටි -එක් වර්ගයකට ලකුණු 2 බැගින් |
06 |
|
|
| 10 |
විවිධ රටා |
බඳුන් තුළ වගාව -එක් බඳුනකට ලකුණු 1 බැගින් |
05 |
|
|
| 11 |
|
වගා කුළුණු 1 කට 5 බැගින් උපරිම 10 |
10 |
|
|
| 12 |
|
වගා වැට -දික් අඩි 5 ට ලකුණු 1 බැගින් උපරිම 10 |
10 |
|
|
| 13 |
පන්දලම |
පන්දලම වර්ග අඩි 10 ට ලකුණු 1 බැගින් උපරිම 10 |
10 |
|
|
| 14 |
භෝග ආරක්ෂණ ක්‍රම |
ශාඛ නිස්සාරක භාවිතය |
05 |
|
|
| 15 |
|
කෘමි විකර්ෂක |
05 |
|
|
| 16 |
|
ඵල ආවරණය |
02 |
|
|
| 17 |
|
ආලෝක උගුල් භාවිතය |
02 |
|
|
| 18 |
කොම්පොස්ට් ඒකකය |
ජීව කොටුව |
05 |
|
|
| 19 |
කොම්පොස්ට් ඒකකය |
පොහොර කන්දේ ඝනත්වය– දිග xපළලxඋස ඝන අඩි 1 ට ල 1 බැගින් |
20 |
|
|
| 20 |
තවාන් ඒකකය |
තවාන් පාත්ති -වර්ග අඩි 1 ට ල. 1 බැගින් උපරිම 5 |
05 |
|
|
| 21 |
|
තවාන් බඳුන් -බදුන් 1 ට ල 3, ඊට වැඩි ල 5 |
05 |
|
|
| 22 |
|
තවාන් කවර හෝ වෙනත් 1 ට ල 3, ඊට වැඩි ල 5 |
05 |
|
|
| 23 |
ගෙවත්තෙහි අඛණ්ඩ බව |
වරින් වර භෝග අලුතින් සිටුවීම |
20 |
|
|
| 24 |
ගෙවත්තෙහි සනීපාරක්ෂාව |
මඩවගුරුවලින් තොර, පාර, අගල්, |
10 |
|
|
| 25 |
ගෙවත්තෙහි අලංකරණය |
දැකුම්කළු බව |
10 |
|
|
| 26 |
වාර්තාකරණය |
ගෙවත්තෙහි ආරම්භයේ සිට දෛනික සිදුවීම් පොතක දින සහිතව වාර්තා කර තිබිය යුතුය. එහි ආරම්භයේ සිදු කළ ක්‍රමවේදයන් |
06 |
|
|
| 27 |
|
බෝග සිටුවීමේ තොරතුරු |
04 |
|
|
| 28 |
|
ජලය යෙදීම |
04 |
|
|
| 29 |
|
පොහොර යෙදීම |
04 |
|
|
| 30 |
|
පළිබෝධ උවදුරු වලක්වා ගැනීම |
04 |
|
|
| 31 |
|
පැළවල වෙනස්කම්, ඵල හට ගැනීම, |
04 |
|
|
| 32 |
|
ඵල නෙළීම හා ඒවායේ ප්‍රමාණ සහිතව |
04 |
|
|
|
|
එකතුව |
200 |
|
|
උපදෙස්-
- 1,2,3 වන මාසවලදී මෙම අධීක්ෂණ පත්‍රිකා සම්පූර්ණ කළ යුතුය. මෙම පත්‍රිකා අප විසින් සපයා දෙනු ලැබේ.
- අදාළ ගුරුභවතා විසින් මෙම අධීක්ෂණ පත්‍රිකාවල ලකුණු1 තීරයේ ලකුණු යොදා ප්‍රධානාචාර්යවරයාගේ භාරයේ තැබිය යුතුයි. දෙවැනි මාසයේ අධීක්ෂණය කිරීමේදී දැනට පවතින තත්වට යටතේ ලකුණු 2 තීරයේ ලකුණු යෙදිය යුතුයි. පසුව ලකුණු එකතු කර මුළු ලකුණු තරග විනිශ්චය සඳහා යොදා ගත යුතුය.
- ලකුණු යොදන්නේ මෙම පත්‍රිකාවේ ම බැවින් එක ම සිසුවාගේ වුවද ලකුණු තීරු දෙක අඩු වැඩි විය හැකිය.
- කාල රාමුව සුදුසු වරිදිසකසා ගන්න
ගුරුවරයාගේ නම………………………………………………………………………………………………..
කිවයුතු කරුණු ………………………………………………………………………………………………………
ගුරුභවතාගේ අත්සන …………………..
by ධනේෂ් එදිරිසුරිය (අධ්යක්ෂ - පුණ්‍ය භූමි ව්‍යාපෘතිය) | Jun 11, 2023 | ප්‍රගති වාර්තාව
දහම්පාසල්වල දෛනික, වාරික හා වාර්ෂික ක්‍රියාකාරකම් විධිමත් හා සංවිධානාත්මකව සිදු කිරීමට අවශ්‍ය උපදෙස් ද සහිතව වැඩපිළිවෙළක් සකස් කෙරිණ. දහම්පාසලක තිබිය යුතුයැයි උපකල්පනය කරනු ලබන කාර්යයන් පෙළ ගැස්වීමක් කළෙමු. මේ පිළිබඳව සියලුම දහම්පාසල්, වර්ෂය මුලදී දැනුවත් කළෙමු. වසර අග දී ලකුණු දීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට අදහස් කරමු. සියලු දහම්පාසල් ක්‍රමවත් කිරීමේ හා ගුණාත්මක සංවර්ධනය ඇති කිරීම එක ම අරමුණයි. එහි අඩංගු කළ නිර්නායක පහත දක්වා ඇත.
- දහම්පාසල් නිළ ලාංඡනය
- කොඩිය
- දහම්පාසල් නිළ ඇඳුම
- දහම්පාසල් ගීතය/තනුව
- වෙබ් අඩවිය
- සංවිධිත ශිෂ්‍ය ක්‍රියාකාරකම්
- දහම්පාසල නියමිත වේලාවට ආරම්භ කිරීම
- මල්පහන් පූජාව හා ආරම්භක රැස්වීමේ දී කෙරෙන කටයුතු.
- කාලච්ඡේද බෙදා තිබීම.
- දහම්පාසල නියමිත වේලාවට අවසන් කිරීම.
- සිසුන් විසිර යාමේ විධිමත් ක්‍රමයක් අනුගමනය කිරීම.
- වාර්ෂික ත්‍යාග සහ සහතිකපත්‍ර ප්‍රදානෝත්සවයක්
- අවුරුදු චාරිත්‍ර වැඩසටහන්
- පොහොය වැඩසටහන්/ශීල සමාදානය
- ශිෂ්‍ය සුබසාධක වැඩසටහන්
- වාර්ෂික වන්දනා චාරිකා
- ශිෂ්‍ය ගවේෂණ වැඩසටහන්
- ශිෂ්‍ය උපදේශන සේවාව
- බිත්ති පුවත්පත
- මාසික/වාර්ෂික සඟරාව
- වෙබ් අඩවියක්
- දත්ත ගොනුවක් -ලිඛිත (Hardcopy), පරිගණකගතකළ (Softcopy)
- දහම්පාසල් පැතිකඩ පොත
- පෝෂණ වැඩසටහන්
- අවට පිරියත අලංකරණය, ශ්‍රමදාන වැඩසටහන්
- සිසු ඇගයීමේ වැඩසටහන්
- ශිෂ්‍ය නායක සංසදය
- ගායක කණ්ඩායම
- විවාද කණ්ඩායම
- ශිෂ්‍ය සමිතිය
- ගුරු දෙගුරු සමිතිය (නිළධාරින්, වාර්තා පොත්, බැංකු ගිණුම්)
- ලොග් පොත
- ශිෂ්‍ය අයදුම්පත් ගොනුව
- ගුරු තොරතුරු ලේඛණ ගොනුව
- නාම ලේඛණ
- පන්ති වාර්තා පොත්
- සිසු ඩෙස්, බංකු, මේස, පුටු, කළුලෑලි, වයිට් බෝඩ් සංඛ්‍යා
- ගුරු මේස, ගුරු පුටු සංඛ්‍යා
- දහම්පාසල් පොත්පත් උපකරණ තබන වෙනම ස්ථානයක්
- සන්නිවේදන උපකරණ.
- ප්‍රමාණවත් වැසිකිලි/කැසිකිලි පහසුකම්
- පුස්තකාලය
- ප්‍රථමාධාර පහසුකම්
ස්වයං ලකුණු දමා ගැනීමේ ක්‍රමවේදය පසුව දැනුම් දෙනු ඇත.