ශ්‍රී ලංකාවේ සෑම විහාරස්ථානයක් ම යැපෙන්නේ දායකයන්ගෙනි. දායකයා ආර්ථික දරිද්‍රතාවයට මුහුණ දෙන අවස්ථාවලදී ඔවුන්ට රුකුළක් ලබා දීම අපගේ ද යුතුකමකි. දරුවන් වගාවට යොමුකරවා ඔවුන් දෙමාපියන්ට උපකාර කරවීමට සැළැස්වීම අපට කළහැකි දෙයකි. දෙමාපියන්ට උපකාර කිරීමේ වටිනාකම ද.පා. පෙළපොත්වල ද සඳහන් කරුණකි.
(දෙමාපියන් දුකට පත්ව ඇති මේ අවස්ථාවේ රජයට බැණවැදෙමින් දෙස් දෙවොල් තබනවාට වඩා අපට කළහැකි දේ අපි හඳුනාගෙන ක්‍රියාත්මක කරමු)
6 වන ශ්‍රේණියෙන් ඉහළ සෑම සිසුවකුගේ ම නිවසේ ගෙවත්තක් ආරම්භ කිරීමට උපදෙස් දුනිමි. ඒ සඳහා ගත් පියවර පහත දක්වා ඇත.
දහම් ළමා ගෙවතු වගා
- ව්‍යාපෘතිය –“වවමු හදමු දම් සිසිලෙන් පුංචි ගොවිපලක්“
මෙම ව්‍යාපෘතිය කොබෙයිගනේ ශාසනාරක්ෂක මණ්ඩලයේ ව්‍යාපෘතියක් වන අතර රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනවල පිරිසකගේ හා පරිත්‍යාගශීලීන්ගේ සාමූහිකත්වයෙන් සිදු කරන්නකි.
- අරමුණු
- පවතින ආහාර අර්බුධයට පිළියමක් ලෙස දහම්පාසල් සිසු දරුවන් ආහාර වගාව වෙත යොමු කරවීම.
- දරුවන් තුළ ගුණාත්මක ආකල්ප ඇති කිරීම.
- දෙමව්පියන්ට උපකාර කිරීම
- දරුවන් රට සංවර්ධනයට දායක කර ගැනීම
- ආහාර සම්පාදනයේ ඇති දුෂ්කර බව තේරුම් ගැනීමට සැළැස්වීම
- ආහාර සුරක්ෂිතතාව තේරුම් ගැනීමට සැළැස්වීම
-
- පරිපාලනයේ පහසුව අනුව දහම්පාසල් 38 කලාප 4 කට බෙදා ඇත. එය පහත දැක්වේ.
- 1 වන කලාපය –
-
-
-
- උස්ගල,
- මොරගොල්ල,
- ඉහළ බලදොර,
- පහළ බලදොර,
- වදුරැස්ස (හිදගහවැව),
- කට්ටපිටිය,
- හොළඹලෑව,
- හල්මිල්ලකොටුව,
- වලස්වැව,
- පුබ්බිලිය.
-
-
- 2 වන කලාපය
-
-
-
- කොබෙයිගනේ.
- අලහේනේගම,
- මීගස්වැව,
- දංගල්ලාගම,
- බෙලිවැව,
- නැබඩවැව,
- ලෝලුගස්හේන,
- කොස්ගහවැව,
- අරළුගස්වැව,
- හිරිවැව,
-
-
- 3 වන කලාපය
-
-
-
- තිඹිරිපොකුණ,
- ගලදෙනිගම,
- වැටකොළුවැව,
- හාතලව,
- ලීකොළවැව,
- අස්වැද්දුම,
- දංවිල බෝපත්,
- දංවිල,
- කහටගස්වැව.
-
-
- 4 වන කලාපය
-
-
- තෙලහැර,
- හෙංගමුව,
- ගොපල්ලෑව,
- කදත්තාව,
- ඇඹලයාගම,
- වදුරැස්ස,
- වන්නිගම,
- විතිකුලිය,
- අමුණුකොලේ.
-
- ඉලක්කගත පිරිස – දහම්පාසල් සිසුන්, ගුරුභවතුන්,
- දහම්පාසල් සිසුන්ගේ කාර්යභාරය – තමාගේ නිවස පිහිටි භූමිගේ කුඩා ගෙවත්තක් ආරම්භ කිරීම, එහි කොම්පොස්ට් හොහොර වලක් සෑදීම, එළවලු/පළතුරු වගාව ආරම්භ කිරීම
- දහම්පාසල් ගුරුභවතුන්ගේ කාර්යභාරය-සෑම ශිෂ්‍යයකුගේ ම ගෙවත්ත පරික්ෂාවට ලක් කිරීම සහ උපදෙස් ලබා දීම. 6 ශ්‍රේණියේ සිට දහම්පාසල් අවසාන ශ්‍රේණිය දක්වා මුළු සිසුන් මුළු ගුරුවරුන් අතර බෙදාගත යුතුයි.
- සහායක පිරිස/මෙහෙයුම් කණ්ඩායම
- ප්‍රධාන සභාපති, ලේඛකාධිකාරි, කාරකසභා නියෝජිතයින්
- ප්‍රාදේශීය ලේකම්තුමිය, සංවර්ධන නිළධාරින්, බෞ.ක.ස, නිළධාරින්
- කෘෂිකර්ම අධ්‍යක්ෂතුමන්, උපදේශකවරුන්, කෘෂිකර්ම පර්යේෂණ නිළධාරීන්
- මසකට වරක් රැස්විය යුතුය. ප්‍රගතිය, තීරණ, සැලසුම් සාකච්ඡා කළයුතුය. බෞ.ක.ස. නිළධාරින්ගේ සංවිධානයෙන් සිදු කළ යුතුය.
- ආරම්භය/අවසානය මෙම වැඩසටහන අඛණ්ඩව පවත්වාගෙන යනු ලැබේ. 2022.12.31 දින දක්වා තරග කටයුතු පවත්වාගෙන යනු ලැබේ.
- අධීක්ෂණ/ විනිශ්චය
- දහම්පාසල් ගුරුභවතුන් විසින් මාස 1 කට වරක් සිසුන්ගේ ගොවිබිම් පරීක්ෂා කළ යුතුය. එක් එක් ගුරු භවතා තම කොටසේ හොඳ ම ගොවිපල ප්‍රධානාචාර්යවරයාට වාර්තා කළ යුතුය.
- ප්‍රධානාචාර්ය වරයා තම දහම් පාසලේ හොඳ ම ගොවිපල 3 ක් ලේඛකාධිකාරි හිමියන්ට වාර්තා කළ යුතුය.
- ලේඛකාධිකාරි හිමියන් බෞද්ධ කටයුතු සමායෝජක නිළධාරින්ගේ හා කෘෂිකර්ම උපදේශකවරුන්ගේ සහයෙන් හොඳ ම ගොවිපලවල් තෝරාගත යුතුය.
- අධීක්ෂණ/ විනිශ්චය කිරීමේ කාල වකවානු අංක 5 යටතේ දැක්වෙන සහායක පිරිස/මෙහෙයුම් කණ්ඩායම විසින් තීරණය කෙරේ.
- විනිශ්චය කටයුතු සඳහා ප්‍රශ්ණාවලියක් සකස් කර එවා ඇත. එය සිසුන්ට ලැබෙන්නට සැලැස්විය යුතුයි. තරග විනිශ්චයකරුවන් ලකුණු ලබා දෙන්නේ එම නිර්නායක අනුව බව කරුණාවෙන් සලකන්න.
- ගෙවතු වගා ත්‍යාග හා සහතික
- දහම්පාසල් මට්ටමේ හොඳ ම ගොවිපලවල් හිමි සිසුන්ට ඔබ දහම්පාසල් සංවර්ධන සභාවේ අනුග්‍රහයෙන් ත්‍යාග පිරිනැමිය හැකි අතර පහත සඳහන් ත්‍යාග ශාසනාරක්ෂක මන්ඩල මට්ටමින් පිරිනැමීමට කටයුතු යොදා ඇත.
- හොඳම ගොවිපල හිමි සිසුන් 25 දෙනාට පහත සඳහන් මුදල් ත්‍යාග පිරිනැමීමට අදහස් කෙරේ.
- උපදේශණය සුදුසු අවස්ථාවල දී දහම්පාසල්වල ආරම්භක රැස්වීමේ දී කෘෂිකර්ම නිළධාරින්ගේ හෝ ඒ පිළිබඳව දැනුමක් ඇති ගොවි මහතුනගේ සහභාගිත්වයෙන් හෝ සිසුන්ගේ ගැටලු සාකච්ඡා කිරීම උපදෙස් ලබා දීම සිදු කළයුතුය.
සෑම දහම්පාසලක ම උදය රැස්වීමේ දී විනාඩි 15 ක වත් කාලය වෙන් කරගෙන ආහාර සුරක්ෂතතාවය, ආහාර නිෂ්පාදනය, කාබනික හොහොර භාවිතය, විදේශ විනිමය ආදිය පිළිබඳව කථා, දේශණ, වැඩසටහන් පැවැත්විය යුතුය.
වර්මාන ප්‍රගතිය
- දහම්පාසල් 32 ක කෘෂිකර්ම උපදේශකවරුන්ගේ මඟපෙන්වීම යටතේ කොම්පොස්ට් පෝර සැකසීම හා ගෙවත්තක් ආරම්භ නර පවත්වාගෙන යාම සිදු කරති.
- දැනට ගුරු සිසු ගෙවතු 1432 ක කොම්පොස්ට් වලවල් හා ගෙවතු ආරම්භ නර පවත්වාගෙන යාම සිදු කරති.
ගෙවතු වගා අධීක්ෂණ පත්‍රිකාව
ශිෂ්‍යයාගේ නම…………………………………………………………………………………… ශ්‍රේණිය ………..
ලිපිනය………………………………………………………. සම්බන්ධකරගත හැකි දුරකථනය ………………
භාරකරුගේ නම …………………………………………… සම්බන්ධකරගත හැකි දුරකථනය …………….
| මාතෘකාව | කාර්යය | උපරිම ලකුණු | ලකුණු
1 |
ලකුණු
2 |
|
| 1 | භූමි භාවිතය | හිරු එළිය සහිත ස්ථානවලට උචිත භෝග තේරීම | 05 | ||
| 2 | සෙවන ස්ථානවලට උචිත භෝග තේරීම | 05 | |||
| 3 | ජලය රැඳෙන තැන්වලට උචිත භෝග තේරීම | 05 | |||
| 4 | පාංශු රක්ෂණ ක්‍රම යෙදීම | 05 | |||
| 5 | භෝග විවිධාංගීකරණය | එළවළු භෝග වර්ග -එක් වර්ගයකට ලකුණු 1 බැගින් උපරිම 5 | 05 | ||
| 6 | පළතුරු භෝග වර්ග – එක් වර්ගයකට ලකුණු 1 බැගින් උපරිම 5 | 05 | |||
| 7 | අල භෝග/මාෂ භෝග – එක් වර්ගයකට ලකුණු 1 බැගින් උපරිම 5 | 05 | |||
| 8 | ඖෂධ පැළෑටි -එක් වර්ගයකට ලකුණු 2 බැගින් | 06 | |||
| 10 | විවිධ රටා | බඳුන් තුළ වගාව -එක් බඳුනකට ලකුණු 1 බැගින් | 05 | ||
| 11 | වගා කුළුණු 1 කට 5 බැගින් උපරිම 10 | 10 | |||
| 12 | වගා වැට -දික් අඩි 5 ට ලකුණු 1 බැගින් උපරිම 10 | 10 | |||
| 13 | පන්දලම | පන්දලම වර්ග අඩි 10 ට ලකුණු 1 බැගින් උපරිම 10 | 10 | ||
| 14 | භෝග ආරක්ෂණ ක්‍රම | ශාඛ නිස්සාරක භාවිතය | 05 | ||
| 15 | කෘමි විකර්ෂක | 05 | |||
| 16 | ඵල ආවරණය | 02 | |||
| 17 | ආලෝක උගුල් භාවිතය | 02 | |||
| 18 | කොම්පොස්ට් ඒකකය | ජීව කොටුව | 05 | ||
| 19 | කොම්පොස්ට් ඒකකය | පොහොර කන්දේ ඝනත්වය– දිග xපළලxඋස ඝන අඩි 1 ට ල 1 බැගින් | 20 | ||
| 20 | තවාන් ඒකකය | තවාන් පාත්ති -වර්ග අඩි 1 ට ල. 1 බැගින් උපරිම 5 | 05 | ||
| 21 | තවාන් බඳුන් -බදුන් 1 ට ල 3, ඊට වැඩි ල 5 | 05 | |||
| 22 | තවාන් කවර හෝ වෙනත් 1 ට ල 3, ඊට වැඩි ල 5 | 05 | |||
| 23 | ගෙවත්තෙහි අඛණ්ඩ බව | වරින් වර භෝග අලුතින් සිටුවීම | 20 | ||
| 24 | ගෙවත්තෙහි සනීපාරක්ෂාව | මඩවගුරුවලින් තොර, පාර, අගල්, | 10 | ||
| 25 | ගෙවත්තෙහි අලංකරණය | දැකුම්කළු බව | 10 | ||
| 26 | වාර්තාකරණය | ගෙවත්තෙහි ආරම්භයේ සිට දෛනික සිදුවීම් පොතක දින සහිතව වාර්තා කර තිබිය යුතුය. එහි ආරම්භයේ සිදු කළ ක්‍රමවේදයන් | 06 | ||
| 27 | බෝග සිටුවීමේ තොරතුරු | 04 | |||
| 28 | ජලය යෙදීම | 04 | |||
| 29 | පොහොර යෙදීම | 04 | |||
| 30 | පළිබෝධ උවදුරු වලක්වා ගැනීම | 04 | |||
| 31 | පැළවල වෙනස්කම්, ඵල හට ගැනීම, | 04 | |||
| 32 | ඵල නෙළීම හා ඒවායේ ප්‍රමාණ සහිතව | 04 | |||
| එකතුව | 200 |
උපදෙස්-
- 1,2,3 වන මාසවලදී මෙම අධීක්ෂණ පත්‍රිකා සම්පූර්ණ කළ යුතුය. මෙම පත්‍රිකා අප විසින් සපයා දෙනු ලැබේ.
- අදාළ ගුරුභවතා විසින් මෙම අධීක්ෂණ පත්‍රිකාවල ලකුණු1 තීරයේ ලකුණු යොදා ප්‍රධානාචාර්යවරයාගේ භාරයේ තැබිය යුතුයි. දෙවැනි මාසයේ අධීක්ෂණය කිරීමේදී දැනට පවතින තත්වට යටතේ ලකුණු 2 තීරයේ ලකුණු යෙදිය යුතුයි. පසුව ලකුණු එකතු කර මුළු ලකුණු තරග විනිශ්චය සඳහා යොදා ගත යුතුය.
- ලකුණු යොදන්නේ මෙම පත්‍රිකාවේ ම බැවින් එක ම සිසුවාගේ වුවද ලකුණු තීරු දෙක අඩු වැඩි විය හැකිය.
- කාල රාමුව සුදුසු වරිදිසකසා ගන්න
ගුරුවරයාගේ නම………………………………………………………………………………………………..
කිවයුතු කරුණු ………………………………………………………………………………………………………
ගුරුභවතාගේ අත්සන …………………..






0 Comments