ශ්‍රී පුෂ්පාරාමය – කොබෙයිගනේ

ශ්‍රී පුෂ්පාරාමය – කොබෙයිගනේ

පිවිසෙන ගමන් මාර්ගය නිකවැරටිය හෙට්ටිපොළ මාර්ගයේ කොබෙයිගනේ නගරයේ බස් නැවතුම් පළ අසලින් දකුණට ඇති මාර්ගයේ මීටර් 200ක් පමණ ගිය විට විහාරස්ථානය හමුවේ .

ග්‍රාමනිලධාරි වසම :- 1301,කොබෙයිගනේ

පුරාවිද්‍යාත්මක තොරතුරු :- ක්‍රි . ව. 1840 ගණන් වලට ඉහත නිර්මිත ටැම්පිට විහාරයක් යැයි සැලකේ . එකල වල් බිහි වී විනාශ වී ගොස් තිබී ඇති අතර , පසු කාලීනව නැවත එළිපෙහෙළි කර පුදපූජා පවත්වමින් රැකගෙන පැමිණ ඇත. මෙම ටැම්පිට විහාරය ගල් කණු 18 ක් මත ඉදිකර තිබූ බවට නටඹුන් පවතින අතර , ගල් කණු මුදුනෙහි ශේෂව පවතින ලී කැටයම් ද දක්නට ලැබේ . විහාර ගෙයි නටඹුන් කිසිවක් දක්නට නොමැති අතර , පවතින නටඹුන් විනාශ වීම වළක්වනු වස් ආවරණ ගොඩනැගිල්ලක් ඉදිකර ඇත. මීට අමතරව පුරාණ පුස්කොළ පොත් 15 ක් පමණ ආරක්ෂිතව පවතී . මේවායේ සූත්‍ර පිටකය වැනි ධර්ම කරුණු අන්තර්ගත බව විහාරාධිපති අතිපූජ්‍ය තෙළඹු ගම්මන චන්දානන්ද ස්වාමීන් වහන්සේ පවසයි . තවද අඩි 3ක් පමණ උසින් යුත් ලෝකඩ බුදුපිලිමයක් සහ උස අඩි 10 ක් හා පළල අඩි 14 ක් පමණ වූ පැරණි කොඩියක් ද ඇත. මේවා කුමන කාලයක නිර්මිත වූවාද යන්න නිශ්චිතව සදහන් කිරීමට සාක්ෂි නොමැත . කොඩියෙහි විහාර සිතුවම් හා හින්දු ආභාෂය ලැබූ සිතුවම් දක්නට ලැබේ . ජනප්‍රවාදයේ එන පරිදි මෙම කොඩිය ජනතාවගේ අපල හා වැසිඵල නොමැති කාලයේ ඔසවා පුදපූජා කල බවත් මෙය ඉන්දියාවේ සිට පැමිණි හින්දු බ්‍රාහ්මණයෙකුගෙන් පැවත ගෙන ආ සිරිතක් බවත් විහාරාධිපති ස්වාමීන් වහන්සේ පවසයි . මීට අමතරව පුරා විද්‍යා වටිනාකමකින් යුත් කිසිවක් හමු නොවේ. ශේෂව පවතින කිසිවක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සංරක්ෂණය කර නොමැත .

 

වෙබ් අඩවියට ප්‍රවේශ වන්න

ශ්‍රී ධම්මචාරි ආරාමය

ශ්‍රී ධම්මචාරි ආරාමය

  • විහාරස්ථානයේ නම – ශ්‍රී ධම්මචාරි ආරාමය
  • ලිපිනය – කොස්ගහවැව,කොබෙයිගනේ.
  • ග්‍රාමනිලධාරි වසම – කොස්ගහවැව,කොබෙයිගනේ
  • දුරකතන අංකය – 0725345250
ශ්‍රී සුදර්ශනාරාමය- තෙලහැර , හෙංගමුව

ශ්‍රී සුදර්ශනාරාමය- තෙලහැර , හෙංගමුව

පිවිසෙන මාර්ගය :- නිකවැරටිය කුලියාපිටිය මාර්ගයේ යකඩපත මංසන්ධියෙන් හැරී තෙලහැර මාර්ගයේ සැතැපුම් 05 ක් පමණ ගියවිට ප්‍රධාන මාර්ගය අසල මෙම විහාරස්ථානය පිහිටා ඇත .

ග්‍රාමනිලධාරි වසම :- 1315, මාකෙලියාව

පිහිටීම :- අක්කර 2 ක් පමණ වූ තැනිතලා භූමි ප්‍රදේශයකින් සමන්විත විහාරස්ථාන ඉඩම පොල් වගාවකින් යුක්ත භූමියකි.

පුරා විද්‍යාත්මක තොරතුරු

නිකවැරටිය , බුදුමුත්තාව රජමහා විහාරයට සමකාලීන විහාරස්ථානයක් බව පැවසේ . පුරා විද්‍යාත්මක වටිනාකමක් සහිත ස්ථානයක් බව ඔප්පු කරන සාක්ෂි මෙම විහාරස්ථාන භූමියේ ඇතත් ඒ සම්බන්ධව ඓතිහාසික තොරතුරු දන්නා කිසිවෙකු මේ ප්‍රදේශයේ නැත. ලියැවුණු පොත්පත් ද තිබේදැයි සැක සහිතය .

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් මෙම විහාරභූමියේ පිහිටි පැරණි දාගැබ් යැයි විශ්වාස කරන ස්ථානය කැනීම් කර ප්‍රථිසංස්කරණය කර ඇත . ප්‍රථිසංස්කරණය කළ ස්ථානය පහත සදහන් පරිදි නිර්මිතය.

දිගින් මීටර් 11.30 ක් වූ සමචතුරස්‍රාකාර ගඩොල් බැම්මක් මැද පළල මීටර් 1.30 ක් වූ වැලි තීරුවකි. ඒ මැද දිග හා පළල මිටර් 07 සෙන්ටිමීටර් 77 ක් වූ සමචතුරස්‍රාකාර ගඩොල් ඇතුරුමකි. ඒ මැද කවාකාර ලෙසින් ගඩොල් වරී 08 කින් සකස් කර ඇති නටඹුන්ය. ඒ මත සකස් නොකළ දිග , පළල මීටර් 1.55 ක් හා 1.25 ක් වූ ගල් පුවරුවකි. මෙම ස්ථානය කුමක්ද යන්න පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් ද හදුනාගෙන නැති අතර බෝධිඝරයක් ලෙස විශ්වාසයක් පවතී.

මෙම ස්මාරකයට නිරිත දිශාවෙන් මීටර් 42 ක් පමණ දුරින් දිග හා පළල මීටර් 19×10 ක් වූ ගොඩනැගිල්ලකි. එහි පැරණි වළං කැබලි සුළු වශයෙන් දක්නට ඇත .

එසේම කැණීම් කළ ස්ථානයට මීටර් 10 ක් පමණ වයඹ දෙසින් දිග, පළල හා උස පිළිවෙලින් මීටර් 0.35 × 0.20 ×1.80 පමණ වන බිම පතිත වී ඇති සකස් නොකළ ගල් කණුවක් ඇත.

 

 

වෙබ් අඩවියට ප්‍රවේශ වන්න

ශ්‍රී යසෝදරාදේවි ආරාමය

ශ්‍රී යසෝදරාදේවි ආරාමය

  • විහාරස්ථානයේ නම – ශ්‍රී යසෝදරාදේවි ආරාමය
  • ලිපිනය –  බොරළුවැව,බොරළුවැව
  • ග්‍රාමනිලධාරි වසම – බොරළුවැව
  • දුරකතන අංකය – 0775077572
ශ්‍රී නාගරුක්ඛාරාමය- ගොපල්ලෑව , හෙංගමුව

ශ්‍රී නාගරුක්ඛාරාමය- ගොපල්ලෑව , හෙංගමුව

පිවිසෙන ගමන්මාරගය :- නිකවැරටිය හෙට්ටිපොළ මාර්ගයේ නිකවැරටිය සිට හෙට්ටිපොළට පැමිණෙන විට විතිකුලිය මංසන්ධිය හමුවේ . විතිකුලියේ සිට සැතැපුම් 03 ක් පමණ ප්‍රධාන පාරේ එන විට යකඩපත මංසන්ධියට පැමිණේ , යකඩපත හන්දියෙන් තෙලහැර පාරේ සැතැපුම් 07 ක් පමණ යන විට මෙම විහාරස්ථානය හමුවේ.

ග්‍රාමනිලධාරි වසම :- 1315, මාකෙළියාව .

පුරා විද්‍යාත්මක තොරතුරු .

මෙම විහාරභූමිය අක්කර 05 ක් පමණ වන අතර අතීතයේ මෙම ස්ථානය හා සම්බන්ධව ඊට වැඩි විශාල භූමියක් පැවතුන බව විශ්වාස කෙරේ .

විහාරභූමිය පුරා ඉතා පැරණි නා ගස් සහිත විශාල නා කැළයක් පවතී. එම කැළය තුළ හා ඒ අවට පැරණි පොකුණු 07 ක් පවතින බව ගැමියෝ පවසති . විශාල නා කැළය තුල එම පොකුණු සොයා ගැනීම දුෂ්කරය. විහාරභූමියට අයත්ව පැවති ඉඩම් ගැමියන් විසින් අත්පත් කරගෙන ඇති අතර එම පෞද්ගලික ඉඩම් පුරාද මෙම පොකුණු පැතිරී තිබෙන බව ගැමියෝ පවසතී. තවත් පොකුණු ගොඩවෙමින් පවතී . විහාරභූමිය තුළ ඉතා පැරණි චෛත්‍යයක නටඹුන් ඇති මෙහි ගඩොල් 12 වන සියවසට අයත් බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගේ මතයයි. ඒ අනුව මෙම ස්ථානය අනුරාධපුර යුගයට අයත් වේ . දැදුරු ඔය දෙපස පිහිටි මෙවන් ඓතිහාසික ස්ථාන වල මූලාරම්භය අනුරාධපුර යුගය බව පුරා විද්‍යා නිලධාරින්ගේ නිගමනය වේ.

මෙම නා කැළේ ආරණ්‍යයේ විශාල වශයෙන් ගල් කණු දැකිය් හැකිය. පසුගිය කාලයේ එම භූම්යේ සිදුවූ අනවසර කැණීම් හේතුවෙන් සැගවී තිබූ ගොඩනැගිල්ලක පදනම හා ගල් කණු රාශියක් මතු වී ඇත .

 

 

වෙබ් අඩවියට ප්‍රවේශ වන්න