උස්ගල ශ්‍රී ස්වර්ණභිම්හාරාම රාජ මහා විහාරස්ථානය

උස්ගල ශ්‍රී ස්වර්ණභිම්හාරාම රාජ මහා විහාරස්ථානය

ගමන්මාර්ගය :- කොබෙයිගනේ හෙට්ටිපොළ මාර්ගයේ කොබෙයිගනේ නගරයෙන් පටන් ගන්නා කොබෙයිගනේ පාදෙණිය මාර්ගයේ සැතපුම් 2 1/2 ක් පමණ යන විට හමුවන බම්මන්නේගම පාදෙණිය හමුවේ . එතැනින් වමට ඇති ගුරු පාරේ සැතපුම් 1 1/2 ක් පමණ යන විට විහාරස්ථානය හමුවේ .

ග්‍රාමනිලධාරි වසම :- 1302, හිරිගොල්ල.

පුරාවිද්‍යා තොරතුරු :-
උස්ගල ශ්‍රී ස්වර්ණ භිම්හාරාම රජමහා විහාරස්ථානය කොබෙයිගනේ ප්‍රා. ලේ කොට්ඨාසයේ ඇති පුරාවිද්‍යාත්මක වැදගත්කම අතින් ඉතා වටිනා සිද්ධස්ථානයකි.
මහනුවර යුගයේ කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ කාලයේදී මෙම විහාරය ඉදිකරන්නට ඇති බව ජනප්‍රවාදයේ පවතී. එම යුගයේ විහාරස්ථානයක් පමණක් නොව විද්‍යා ආයතනයක් වශයෙන්ද ඉහළම ප්‍රසිද්ධියට පත් ආයතනයක් ව පැවතුනි. එහි ගිහි පැවිදි දෙපාර්ශවයම ශිල්ප ලබාගත් ස්ථානයක් බව ඉතිහාස ගත වී ඇත .
විහාරයට පිවිසෙන පිය ගැටපෙළ පාමුල කුඩුම්බි ගල් පිහිටා ඇත . පොළොව මට්ටමේ සිට අඩි 30 ක් පමණ උසින් පිහිටි ගල් තලාවක් මත ටැම්පිට විහාරය පිහිටා තිබේ. මහනුවර යුගයේ මූර්ති ශිල්පීන්ගේ දක්ෂතාවයන් පිළිඹිබු වන සේ නිමවා ඇති සමාධි බුදුපිලිම වහන්සේ දෙපස අඩි 08 ක් පමණ උස හිටි පිළිම වහන්සේ දෙනමක්ද නිර්මාණය කර ඇත. විහාරයේ බිත්ති හා වටමාලයේ බිත්ති අඩි 02 ක් පමණ ඝනකමින් යුක්තය . තාප්ප බිත්ති ක්‍රමයට මේවා නිමවා ඇත .
විහාර මන්දිරයේ පළමුවන කොටසට ඇතුලුවන ප්‍රධාන දොරටුව ඉහළින් පැරණි විශිෂ්ට කළා කුසලතාවයන් පිළිඹිබු කරන මකර තොරණකි. විහාරස්ථානයේ දෙවන මාළයේ උඩ කොටස සම්පූර්ණයෙන්ම සිංහ රූප කළාවකි . ඊට අමතරව භහිරව රූප , නාගරූප හා වාමන රූප වලින් අලංකෘතය . විහාරගෙයි පිහිටි ගලෙන් කොටා ඇති අඩි 05 ක් පමණදිග පළලින් යුත් සිරිපතුල් සටහනක්ද ඇත . විහාරගෙයි උළුවහු ජනෙල් සාදා ඇත්තේ පැරණි රාජකීය මන්දීරවල මෙනි. ප්‍රධාන උළුවස්ස අඩි 12 ක් පමණ උස වන අතර උළුවහු කද අඩියක් පමණ පළලය . දොරපියන් දෙක තනි ලෑල්ලෙන් සාදා ඇත .
මෙම විහාරගෙයි වහළය පුරා විද්‍යා දෙපාර්තමේන්තුව මගින් ප්‍රථිසංස්කරණය කර ඇතත් මේවන විට බිතුසිතුවම් ද විනාශ මුඛයට පැමිණ ඇත.

 

 

වෙබ් අඩවියට ප්‍රවේශ වන්න

ශ්‍රි සුමංගලාරාමය

ශ්‍රි සුමංගලාරාමය

  • විහාරස්ථානයේ නම – ශ්‍රි සුමංගලාරාමය
  • ලිපිනය – පට්ටියදළුව,බොරළුවැව
  • ග්‍රාමනිලධාරි වසම – හාතලව
  • දුරකතන අංකය – 0779477584
ශ්‍රී වර්ධනාරාමය – අමුණුකොලේ, කොබෙයිගනේ

ශ්‍රී වර්ධනාරාමය – අමුණුකොලේ, කොබෙයිගනේ

දැදුරු ඔය අසල පිහිටි බොර එබ මාකෙලියාව වසමේ පිහිටා ඇත. එම බොර එබ තුළ අතීතයේ අලින් ලැගුම්ගෙන ඇත. මොවුන් අයියනායක දෙවියන්ගේ හා කිතගම හිටිබණ්ඩාර දෙවියන්ගේ අලින් ලෙස විශ්වාස කරයි. බුදු මුත්තාව රජමහා විහාරයේ සිට මෙම බොර එබ හරහා භික්ෂූන් වහන්සේලා මෙම විහාරස්ථානයට වැඩම කර ඇති බවද ජනප්‍රවාදයේ එන මතයකි.

ශ්‍රී වර්ධනාරාමය – අමුණුකොලේ, කොබෙයිගනේ .

පිවිසෙන ගමන් මාර්ගය :- කොබෙයිගනේ නගරයේ සිට නිකවැරටිය දෙසට සැතැපුම් 03 ක් පමණ යන විට ශ්‍රී වර්ධනාරාමය අමුණුකොලේ ලෙස සදහන් වී ඇති නාම පුවරුව අසලින් වමට ඇති මාර්ගයේ සැතපුම් 01 ක් පමණ යන විට විහාරස්ථානය හමු වේ.

ග්‍රාමනිලධාරි වසම :- 1307, අමුණුකොලේ .

පුරා විද්‍යාත්මක තොරතුරු

මෙම විහාරස්ථානය නුවර යුගයේ ටැම්පිට විහාරස්ථානයක් බව විශ්වාස කරයි. ශෛලමය කණු 09 කින් සැදුම්ලත් මෙම ටැම්පිට විහාරස්ථානයේ එක් කණුවක උස අඩි. 1.3 ක් පමණ වේ. ප්‍රදක්ෂිණ පථයකින් සමන්විත මෙම විහාර ගර්භය තුළ සමාධි පිළිමය භූමි ස්පර්ශ මුද්‍රාවෙන් මූර්තිමත් කර ඇති අතර දෙපසින් අගසව් දෙනම මූර්තිමත් කර ඇත. බුදු හිමියන් පිඩුසිගා වදින ආකාරය හා රාහුල කුමරු පිටුපසින් දායාද ඉල්ලමින් යන ආකාරය ඉදිරිපසින් සුද්ධෝථන රජු එය නරඹමින් සිටින අයුරු මූර්තිමත් කර ඇත.වියන් සිතුවම නෙලුම් මල් වලින් යුක්ත අතර භික්ෂූන් වහන්සේලා පිඩුසිගා වඩින ආකාරයද චිත්‍රයට නගා ඇත. දොරටුව අභියස දොරටුපාල රූප සිතුවම් කර ඇත.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් 2005 වසරේදී සංරක්ෂණය කර ඇත .

 

 

 

වෙබ් අඩවියට ප්‍රවේශ වන්න

ලීකොලවැවේ නිවසේ 

ලීකොලවැවේ නිවසේ 

  • විහාරස්ථානයේ නම – ලීකොලවැවේ නිවසේ
  • ලිපිනය – ලීකොලවැව ,බොරළුවැව
  • ග්‍රාමනිලධාරි වසම – ලීකොලවැව
  • දුරකතන අංකය –
බෝපත්පත් විහාරය

බෝපත්පත් විහාරය

  • විහාරස්ථානයේ නම – බෝපත්පත් විහාරය
  • ලිපිනය – බෝපත්පත් විහාරය
  • ග්‍රාමනිලධාරි වසම – බොරළුවැව
  • දුරකතන අංකය –