ගුරු සුබසාධක සංගමය දියත් කිරීම

දහම්පාසල් ගුරුභවතුන්ගේ සේවය අගය කිරීමක් ලෙස ගුරු සුබසාධක සංගමයක් ආරම්භ කළෙමු.  ඒ සඳහා සම්මත කරගත් ව්‍යවස්ථාවෙන් සියලු කරුණු අනාවරණය වේ.

කොබෙයිගනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ

දහම්පාසල් ගුරුභවතුන්ගේ සුබසාධක සංගමය

යෝජිත ව්‍යවස්ථාව

2022 ජනවාරි

කොබෙයිගනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දහම්පාසල් ගුරුභවතුන්ගේ සුබසාධක සංගමය

  • නම – 

කොබෙයිගනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨායේ දහම් පාසල් ගුරු භවතුන්ගේ සුබ සුභසාධක සංගමය. 

  • ලිපිනය- 

දහම්පාසල් ගුරු සංගම් කාර්යාලය, ශ්‍රී පුෂ්පාරාමය,  කොබෙයිගනේ

  • නිළ ලාංඡනය- 

  • පරමාර්ථ – 

දහම් පාසල් ගුරුභවතුන්ගේ සාමග්‍රිය සංවර්ධනය සහ සුබ සුභසාධනය ඇති කිරීම

  • අරමුණු
  1. දහම් පාසල් ගුරුවරුන් අතර සාමය හා සමගිය සඳහා කටයුතු කිරීම
  2. දහම් පාසල් ගුරුවරුන්ගේ  දැනුම, ආකල්ප හා කුසලතා සංවර්ධනයට කටයුතු කිරීම
  3. දහම් පාසල් ගුරුවරුන් මුහුණ පාන ගැටළු නිරාකරණය කිරීම සඳහා සහය වීම
  4. සාමාජික ගුරුවරුන්ගේ අවමංගල්‍ය ආදී කටයුතුවලදී  සහභාගිත්වය හා මූල්‍යමය ආධාර ලබාදීම
  5. සාමාජික ගුරුවරයා මුහුණපාන බරපතළ රෝගාබාධවලදී සංගමයේ තීරණය පරිදි කටයුතු කිරීම.
  6. ගුරුභවතුන් ඇගයීමේ කටයුතු සංවිධානය කිරීම.

  • බල ප්‍රදේශය – 

කොබෙයිගනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මෙම මෙම සංගමයේ බල ප්‍රදේශය වේ. ගුරු සුබසාධක සංගමයේ පරිපාලන පහසුව සඳහා මෙම බල ප්‍රදේශය කලාප 4 කට බෙදා වෙන් කෙරේ.

1 වන කලාපය – උස්ගල, මොරගොල්ල, ඉහළ බලදොර, පහළ බලදොර, වදුරැස්ස (හිදගහවැව), කට්ටපිටිය, හොළඹලෑව, හල්මිල්ලකොටුව, වලස්වැව, පුබ්බිලිය.

2 වන කලාපය කොබෙයිගනේ. අලහේනේගම, මීගස්වැව, දංගල්ලාගම, බෙලිවැව, නැබඩවැව, ලෝලුගස්හේන, කොස්ගහවැව, අරළුගස්වැව, හිරිවැව,  

3 වන කලාපය තිඹිරිපොකුණ, ගලදෙනිගම, වැටකොළුවැව, හාතලව, ලීකොළවැව, අස්වැද්දුම, දංවිල බෝපත්,  දංවිල, කහටගස්වැව.

4 වන කලාපය තෙලහැර, හෙංගමුව, ගොපල්ලෑව, කදත්තාව, ඇබලයාගම, වදුරැස්ස, වන්නිගම, විතිකුලිය, අමුණුකොලේ.

  • සාමාජිකත්වය 

කොබෙයිගනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් දහම් පාසල්වල සියලුම ප්‍රධානාචාර්යවරුන් හා ගුරුභවතුන් මෙම සංගමයේ සාමාජික විය යුතුයි.

  • සාමාජික මුදල් 

සභා වාරයක් පැවැත්වෙන මාස 3 කට වරක් රුපියල් 150 බැගින් වන පරිදි වසරකට රුපියල් 600 ක සාමාජික මුදලක් එකතු කළ යුතුය.

  • සාමාජිකත්වය අහෝසි වීම – 

පහත සඳහන් කරුණුවලින් එකක් හෝ උල්ලංඝනය වීමෙන් සාමාජිකත්වය අහෝසි විය හැකිය. එහෙත් මහා සංගමයේ තීරණය අවසාන තීරණය වේ.

  1. සමාජිකයා ඉල්ලා අස්වීම.
  2. දහම්පාසල් ගුරු සේවයෙන් ඉවත් වීම.
  3. වර්ෂයකට එක් වතාවක් හෝ සමිතියට පැමිණ නොතිබීම හා සාමාජික මුදල් ගෙවා නොතිබීම.
  4. සාමාජික යුතුකම් නිසි පරිදි ඉටු නොකරන බවට මහ සභාවට ඒත්තු යාම 
  5. සාමාජිකත්වය අතර කල්ලි වාද භේද ඇතිවන අයුරින් ක්‍රියා කිරීම 
  6. සාමාජිකයා මිය ගියහොත් සංගමය විසින් ගෙවිය යුතු දීමනා අනුප්‍රාප්තිකයාට ගෙවා අවසන් කර  සාමාජිකත්වය අහෝසි කළ යුතු වේ.

  • රැස්වීම් පැවැත්වීම
    1. මහා සභාව
  1. මහා සභාව මාස හතරකට වරක් රැස්විය යුතුය එක් සාමාජිකයෙකු අවම වශයෙන් එක් වසරකට දින එකක් හෝ පැමිණ තිබිය යුතුය
  1. කලාප කාරකසභා
  1. කලාප කාරකසභා මාස 3 කට වරක් රැස්විය යුතුය එක් සාමාජිකයෙකු අවම වශයෙන් එක් වසරකට දින දෙකක් හෝ පැමිණ තිබිය යුතුය
  1. කාරක සභාව
  1. කාරක සභාව මාස 2 කට වරක්  රැස්විය යුතුය. කලාප සභා, මහා සභා වාර්තා හා අයවැය වාර්තා සාකච්ඡා කළ යුතුය. සාරාංශ වාර්තා සැකසිය යුතුය. 
  1. මහා සභාව සෑම මාස හතරකට වරක් රැස්විය යුතුය. ගණ පූරණය 40 ක් හෝ මුළු සාමාජික සංඛ්‍යාවෙන් 10% ක් යන දෙකින් අඩු  සංඛ්‍යාව විය හැකිය.
  2. කාරක සභාව සෑම මාස දෙකකට වරක්ම හෝ අවශ්‍ය අවස්ථාවල දී රැස්විය යුතුය. 
  3. සාමාජිකයන් 25 ක වත් අත්සනින් කරන ලද ඉල්ලීමක් අනුව මහා සභාව රැස් කළ හැකිය

  • සාමාජික ප්‍රතිලාභ හා ආපදා ගෙවීමේ ක්‍රමවේදය.
  1. සාමාජික භවතාගේ අභාවයක දී සංගමය විසින් තීරණය කරනු ලබන ආපදා අරමුදල සාමාජිකයා නම් කර තිබූ අනුප්‍රාප්තිකයාට ලබා  දිය හැකිය. 
  2. සාමාජික භවතාගේ කලත්‍රයාගේ හෝ දරුවන්ගේ  හෝ දෙමාපියන්ගේ අභාවයක දී ආපදා අරමුදලින් හතරෙන් පංගුවක් (1/4) ගෙවිය හැකිය
  3. සෑම සාමාජිකයෙකුම හිමිකම් ලැබීමට සුදුසු තමාගේ ලඟම ඥාතියෙකුගේ (අනුප්‍රාප්තිකයකුගේ) නම අයදුම්පතෙහි සඳහන් කර තිබිය යුතුය
  4. සාමාජිකභවතකුගේ අභාවයක දී නියමිත දීමනාව අනුප්‍රාප්තිකයාට ගෙවිය යුතුය.
  5. සාමාජිකයාගේ හෝ කලත්‍රයාගේ හෝ දරුවන්ගේ හෝ දෙමාපියන්ගේ හෝ අභාවයක දී කලාපයක සිටින මුළු සාමාජික සංඛ්‍යාවෙන් හරි අඩක්වත් දහම්පාසල් නිළ ඇඳුමින් සහභාගි විය යුතුය. 
  6. කොබෙයිගනේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට කි.මී. 10 ක් පිටත පැවැත්වෙන අවමංගල්‍ය උත්සව සඳහා ද ගුරු භවතුන් සහභාගි විය යුතුය.
  7. යම් ආපදාවක දී හෝ අභාවයක දී දීමනා ලැබීමට හිමිකම ලැබෙන්නේ මාස 3 ක් ගතවීමෙන් අනතුරුව වේ.
  8. මෙකී ආපදා මුදලෙහි ප්‍රමාණය මහා සභාවෙන් තීරණය කළ යුතුය.

  • අවමංගල කටයුතු සඳහා සහභාගි වීම
  1. යම් සාමාජිකයකුගේ හෝ සාමාජික ආශ්‍රිතයකුගේ අභාවයක දී එකී සාමාජිකයාගේ කලාපයේ සිටින නායකයා විසින් කාරක සභිගකයින්ටත්, කාරක සභිකයින් විසින් සෙසු සාමාජිකයින්ටත් දැනුම් දිය යුතු වේ.
  2. කලාපයේ සියළුම සාමාජිකයින් එකී අවමඟුල් උත්සවයට අනිවාර්යයෙන් ම සහභාගි වියයුතුය. 

  • අහෝසි වූ සාමාජිකත්වයක් නැවත ලබාගැනීම
  1. ඒ සඳහා මහා සභාව වෙත ලිඛිතව අයදුම් කළ යුතුවේ. 
  2. මහා සභාවේ පැමිණි සාමාජිකයන්ගෙන් තුනෙන් දෙකක කැමැත්ත ලබාගත් යුතුවේ.
  3. හිග මුදල් සියල්ල හා සාමාජිකත්වය අහෝසි කාලය සලකා බලා කාරක සභාව විසින් තීරණය කරනු ලබන යම් ප්‍රමාද ගාස්තුවක් එකවර ගෙවිය යුතු වේ.
  4. යම් වරදක් නිසා සාමාජිකත්වය අහෝසි කරන ලද අයට නැවත සාමාජිකත්වය සඳහා ඉල්ලුම් කළ නොහැක.

  • අරමුදල් 
  1. සියළුම මුදල් කොබෙයිගනේ ලංකා බැංකුවේ තැන්පත් කළ යුතුය. අවශ්‍ය අවස්ථාවල දී මුදල් ආපසු ගත හැක්කේ මහා සභාවේ තීරණය පරිදි ගරු සභාපති සමග භාණ්ඩාගාරික හෝ ගරු ලේකම් සමග ගරු භාණ්ඩාගාරික අත්සන් කිරීමෙන් පමණි.
  2. පහත සඳහන් පරිදි අරමුදල් රැස්කිරීම කළ හැකිය 
  1. සාමාජික මුදල් 
  2. සාමාජිකයන් විසින් හෝ බාහිර ප්‍රජාවකින් ලැබෙන පරිත්‍යාග 
  3. විශේෂ වැඩසටහන් මගින් උපයා ගන්නා අරමුදල්.

  • නිලධාරි මණ්ඩලය 
  1. ගරු ප්‍රධාන සභාපති 

සභාව පාලනය කිරීම හා මෙහෙයවීම

  1. ගරු ප්‍රධාන ලේකම්

මහා සභා වාර්තා, කාරක සභා වාර්තා හා සංවත්සර වාර්තා කලට වේලාවට ඉදිරිපත් කිරීම

  1. ගරු නියෝජ්‍ය සභාපති

ගරු සභාපති නොමැති අවස්ථාවල දී සභාව පාලනය කිරීම හා මෙහෙයවීම

  1. නියෝජ්‍ය ලේකම් 

ලේකම් නොමැති අවස්ථාවල දී එම තනතුරට අදාල රාජකාරි කටයුතු ඉටු කිරීම හා ගරු ලේකම් ට සහාය වීම, 

  1. සම්බන්ධීකරණ ලේකම්/ කලාප සම්බන්ධීකාරකවරු 12
  1. කලාප 4 සඳහා. සෑම කලාපයක ම සම්බන්ධීකරණ-1, සම්බන්ධීකරණ-2, සම්බන්ධීකරණ-3 වශයෙන් සහකාර ලේකම්වරු 12 දෙනකු පත්කර ගත යුතුයි.
  2. තම කලාපයේ දහම්පාසල්වල සාමාජික භවතුන්ගේ සුභසාධක කටයුතුවලදී කලාපයේ සියළුම සංවිධාන කටයුතු මෙකී සම්බන්ධීකරණ ලේකම්වරුන් 12 දෙනා වෙත පැවරේ.

 

  1. ගරු  භාණ්ඩාගාරික
  1. සමිතිය සියලුම මුදල්මය ගනුදෙනු පවත්වා ගැනීම
  2. තමාට ලැබෙන සෑම මුදලක්ම හා  සෑම වියදමක් ම පැහැදිලිව ම සටහන් කර තබා ගත යුතුය
  3. සෑම මාස 6 කට වරක්ම ගිණුම් පරීක්ෂක වෙත සියලු ගිනුම් පෙන්වා  අඩුපාඩු සකස් කොට සහතික කරවා ගත යුතු ය.
  4. වාර්ෂික ගිණුම් වාර්තාව ගිණුම් පරීක්ෂක ලවා සහතික කරවා ගත යුතුය.
  5. රුපියල් 5000 ක මුදලක් තමා අත තබා ගතහැකි අතර ඉතිරි සෑම මුදලක්ම ලංකා බැංකුවේ ඉතිරි කිරීමේ ගිණුමක තැන්පත් කළ යුතුය.
  6. සංගමයේ ලිපිද්‍රව්‍ය සඳහා වරකට රුපියල් 5000 කට අඩු මුදලක් වැය කළ හැකිය. ඒවායේ බිල්පත් හා වවුචර් ලිපි ගොනුවක අමුණා තැබිය යුතුය.

 

  1. ගිණුම් පරික්ෂකවරු

සමිතියේ ගිණුම් පරික්ෂණ කටයුතු සඳහා තිදෙනකු පත් කළ යුතුය. එයින් එක් අයකු ලෙස ශාසනාරක්ෂක මණ්ඩලයේ ගිණුම් කාරක සභාවේ ලේකම් නිළ බලයෙන් පත් විය යුතු අතර ඉතිරි දෙදෙනා ගිණුම් කටයුතු පිළිබඳ දැනුමක් ඇති ගුරුභවතුන් අතරින් පත් විය යුතුය. 

 

  1. අධීක්ෂණ නිලධාරීන්/අනුශාසකවරුන්

ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන සභාපති, ප්‍රධාන ලේකම්, ප්‍රාදේශීය ලේකම් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගණකාධිකාරී යන අය නිල බලයෙන් අධීක්ෂණ නිළධාරින් හා අනුශාසකවරුන් ලෙස කටයුතු කළ යුතුයි. සංගමයේ සෑම කටයුත්තක්  පිළිබඳව ම නිරන්තර අධීක්ෂණය මේ අය විසින් සිදු කරනු ඇත.

  • සංවත්සර මහා සභාව 

සෑම වසරකම  ජනවාරි මාසයේදී නව නිලධාරීන් පත් කෙරෙන සංවත්සර මහා සභාව පැවැත්විය යුතුය‘ 

  • සංගමය අහෝසි වීම 

යම් හේතුවක් නිසා සංගමය අහෝසි කිරීමට සිදු වුවහොත් සංගමයේ වැඩි කැමැත්ත පරිදි සංගමය සතු සියලුම නිශ්චල හා චංචල දේපළ කොබෙයිගනේ ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගිණුමට බැර කළ යුතුය.

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

පුවත් ~ News

පුවත්සාමාන්‍ය විහාරස්ථාන

ශ්‍රී පුණ්‍යවර්ධනාරාමය

විහාරස්ථානයේ නම - ශ්‍රී පුණ්‍යවර්ධනාරාමය ලිපිනය - කදුරුගස්කොටුව,අලහේනේගම ග්‍රාමනිලධාරි වසම - තෙලහැර දුරකතන අංකය -...

වැඩිදුර කියවන්න

පුවත්

දහම් පාසල

ඉහළ ගොමුගොමුව ශ්‍රී සුධම්ම දහම් නිකේතනය 2016-05-05 දින ආරම්භකොට 2016-08-19 වන දින බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි දහම් පාසලක් ලෙස සෑම ඉරුදිනකම පවත්වාගෙන යනු ලබයි. ආරම්භයේදී සිසුන් 20ක් පමණ සිටි අතර ඔවුන් වෙනුවෙන් දහම් අධ්‍යාපනය ලබාදීම සදහා ගුරුවරුද 02 ක්...

වැඩිදුර කියවන්න

පුවත්

විහාරස්ථානය පිළිබඳව කෙටි හැඳින්වීමක්

වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පඬුවස්නුවර බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉහළ ගොමුගොමුව ග්‍රාමනිලධාරි වසමෙහි අක්කරයක පමණ මුඩු බිමක 2013-08-12 වන දින දහසක් අභියෝග බාධක මැද දායක පිරිස 12 දෙනෙකුගේ දායකත්වයෙන් මෙම ශ්‍රී සුධම්ම දහම් නිකේතනය ආරම්භ කරන ලදී. ඉහළ...

වැඩිදුර කියවන්න

දහම් කරුණු

අට මහා කුසල් වල ආනිසංස

අටමහා කුසල් යන නමින් විශේෂ පින්කම් අටක් පිළිබඳව ඉගැන්වේ. එම අටමහා කුසල් දැක්වෙන ගාථාව මෙසේය. "කඨිනං ච පරික්ඛාරං - වාස දානංච උත්තමං බුද්ධප්පමුඛසංඝස්ස - දානං ධම්මස්ස ලේඛනං ඛෙත්ත දානංච සංඝස්ස - පටිමා කරණං පි ච කරණං වච්ච කුටියා - අට්ඨ පුඤ්ඤානි වුච්චරේ” මෙහි දැක්වෙන...

වැඩිදුර කියවන්න

ආධාර අවශ්‍යතා

ආධාර අවශ්‍ය කාරණා

“මෙම පුණ්‍ය භූමිය සඳහා අවශ්‍ය දෑ පහත පරිදි දැක්විය හැකිය.” අප විහාරස්ථානය මුඩුබිමක අලුතින්ම ඉදිවෙමින් පවතින බැවින් සියලුම විහාරාංග ඉදිකිරීම සිදුව ඇති අතර වර්තමානය වන විට චෛත්‍යය, විහාරය , මලසුන්ගෙය, ලැගුම් ගෙය ඉදිකොට බෝධීන් වහන්සේ රෝපණය කර ඇත. නමුත් ඉදිකිරීමට...

වැඩිදුර කියවන්න

පුවත්

විහාරාධිපති ස්වාමින් වහන්සේ

කුලියාපිටිය කරගහගෙදර ශ්‍රී සුධර්මෝදය පිරිවෙන් විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය තාරණ විමලරතන හිමියන්ගේ ශිෂ්‍යවරයෙක් හැටියට 1993 වර්ෂයේ පැවිදි බිමට ඇතුලත් වූ මා මූලික අධ්‍යාපනය කරගහගෙදර කුලියාපිටිය ශ්‍රී සුධර්මෝදය පිරිවෙන් ආයතනයේ සිදුකළ අතර උසස් අධ්‍යාපන කටයුතු...

වැඩිදුර කියවන්න

පුවත්

විහාරස්ථානයට නොමිළයේ වෙබ් අඩවියක් නිර්මාණය කිරීම සඳහා විහාරස්ථානය නිරීක්ෂණය කිරීම

සමාජසත්කාර පදනමේ අධ්‍යක්ෂ දේශමාන්‍ය ධනේෂ් එදිරිසුරිය මහතා 2023-05-12 දින ගොමුගොමුව  ශ්‍රී සුධම්ම දහම් නිකේතනයේ විහාරාධිපති  ස්වාමින්වහන්සේ වන පුජ්‍ය අකරවත්තේ සුධම්ම  ස්වාමීන් වහන්සේ මුණගැසී "පුණ්‍ය භූමි" පන්සලට වෙබ් අඩවියක් ව්‍යාපෘතිය පිලිබඳ සාකච්ඡා කිරීම සිදුකරනු...

වැඩිදුර කියවන්න