දහම්පාසල්වල දෛනික, වාරික හා වාර්ෂික ක්‍රියාකාරකම් විධිමත් හා සංවිධානාත්මකව සිදු කිරීමට අවශ්‍ය උපදෙස් ද සහිතව වැඩපිළිවෙළක් සකස් කෙරිණ. දහම්පාසලක තිබිය යුතුයැයි උපකල්පනය කරනු ලබන කාර්යයන් පෙළ ගැස්වීමක් කළෙමු. මේ පිළිබඳව සියලුම දහම්පාසල්, වර්ෂය මුලදී දැනුවත් කළෙමු. වසර අග දී ලකුණු දීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට අදහස් කරමු. සියලු දහම්පාසල් ක්‍රමවත් කිරීමේ හා ගුණාත්මක සංවර්ධනය ඇති කිරීම එක ම අරමුණයි. එහි අඩංගු කළ නිර්නායක පහත දක්වා ඇත.
- පොදු අයිතම
- දහම්පාසල් නිළ ලාංඡනය
- කොඩිය
- දහම්පාසල් නිළ ඇඳුම
- දහම්පාසල් ගීතය/තනුව
- වෙබ් අඩවිය
- සංවිධිත ශිෂ්‍ය ක්‍රියාකාරකම්
- දහම්පාසල නියමිත වේලාවට ආරම්භ කිරීම
- මල්පහන් පූජාව හා ආරම්භක රැස්වීමේ දී කෙරෙන කටයුතු.
- කාලච්ඡේද බෙදා තිබීම.
- දහම්පාසල නියමිත වේලාවට අවසන් කිරීම.
- සිසුන් විසිර යාමේ විධිමත් ක්‍රමයක් අනුගමනය කිරීම.
- වාර්ෂික ත්‍යාග සහ සහතිකපත්‍ර ප්‍රදානෝත්සවයක්
- අවුරුදු චාරිත්‍ර වැඩසටහන්
- පොහොය වැඩසටහන්/ශීල සමාදානය
- ශිෂ්‍ය සුබසාධක වැඩසටහන්
- වාර්ෂික වන්දනා චාරිකා
- ශිෂ්‍ය ගවේෂණ වැඩසටහන්
- ශිෂ්‍ය උපදේශන සේවාව
- බිත්ති පුවත්පත
- මාසික/වාර්ෂික සඟරාව
- වෙබ් අඩවියක්
- දත්ත ගොනුවක් -ලිඛිත (Hardcopy), පරිගණකගතකළ (Softcopy)
- දහම්පාසල් පැතිකඩ පොත
- පෝෂණ වැඩසටහන්
- අවට පිරියත අලංකරණය, ශ්‍රමදාන වැඩසටහන්
- සිසු ඇගයීමේ වැඩසටහන්
- සංවිධාන
- ශිෂ්‍ය නායක සංසදය
- ගායක කණ්ඩායම
- විවාද කණ්ඩායම
- ශිෂ්‍ය සමිතිය
- ගුරු දෙගුරු සමිතිය (නිළධාරින්, වාර්තා පොත්, බැංකු ගිණුම්)
- ලිපි ලේඛණ
- ලොග් පොත
- ශිෂ්‍ය අයදුම්පත් ගොනුව
- ගුරු තොරතුරු ලේඛණ ගොනුව
- නාම ලේඛණ
- පන්ති වාර්තා පොත්
- ලී බඩු උපකරණ
- සිසු ඩෙස්, බංකු, මේස, පුටු, කළුලෑලි, වයිට් බෝඩ් සංඛ්‍යා
- ගුරු මේස, ගුරු පුටු සංඛ්‍යා
- දහම්පාසල් පොත්පත් උපකරණ තබන වෙනම ස්ථානයක්
- සන්නිවේදන උපකරණ.
- ගොඩනැගිලි පහසුකම්
- ප්‍රමාණවත් වැසිකිලි/කැසිකිලි පහසුකම්
- පුස්තකාලය
- ප්‍රථමාධාර පහසුකම්
ස්වයං ලකුණු දමා ගැනීමේ ක්‍රමවේදය පසුව දැනුම් දෙනු ඇත.





0 Comments