2019/20/21 කාලය තුළ රටේ දරුණු කොවිඩ් වසංගත තත්වය උද්ගත වීම නිසා දහම්පාසල් සිසුන්ට විධිමත් හා නිස්කලංකව අධ්‍යාපනය හැදෑරීමේ පහසුකම් ගිලිහී යාම බරපතල ගැටළුවක් බවට පත් විය. දීර්ඝ කාල පරාසයන් කිහිපයක් දහම්පාසල් පවත්වාගෙන යාමට නොහැකි විය. එහෙත් විභාග පවත්වා සහතික දීම අත්‍යවශ්‍ය කරුණකි විය.
මේ නිසා සිසු දරුවන්ට පෙළපොත කියවීමට පෙළඹවීම සඳහා ස්වයං අධ්‍යයනයක් ලෙස 6 සිට දහම්පාසල් අවසාන ශ්‍රේණිය දක්වා දහම්පාසල් පෙළ පොත් සියල්ල සඳහා බහුවරණ ප්‍රශ්න ඇතුළත් පොත් රචනා කීරීම ආරම්භ කරන ලදී. එම කාර්යය පියවරයන් කීපයක් යටතේ සිදුවිය.
| පියවර | කාර්යය | අවසන් කළ |
|
ද.පා. ගුරුභවතුන් 245 දෙනා අධ්‍යාපන සුදුසුකම් අනුව පෙළගස්වා ඉහළ ම සුදුසුකම් ලාභීන් අතුරින් කැමැත්ත ප්‍රකාශ කල 13 දෙනකු තෝරා ගන්නා ලදී | |
|
තමා රුචි විෂය කරුණු හා ශ්‍රේණි අනුව පෙළ පොත් භාර දෙන ලදී | |
|
සියල්ල ම බහුවරණ ප්‍රශ්න
|
|
|
9 හා 10 අවසන් | |
|
රාජකීය පණ්ඩිත, ශාස්තුපති උපාධිධාරී හිමිනමක් ලවා සංස්කරණය කෙරිණ | |
|
මුද්‍රණ වියදම් අධික වූ බැවින් මුද්‍රණය නොකරන ලදී | |
|
Softcopy ලෙස ප්‍රකාශයට පති කිරීමට තීරණය කෙරිණ |






0 Comments