ශ්‍රී නාගරුක්ඛාරාමය – පහළ බලදොර, කොබෙයිගනේ

by | Jun 11, 2023 | පුරා විද්‍යා

ශ්‍රී නාගරුක්ඛාරාමය – පහළ බලදොර, කොබෙයිගනේ

පිවිසෙන ගමන්මාර්ගය :- හෙට්ටිපොළ නිකවැරටිය ගමන්මාරගයේ කොබෙයිගනේ නගරය පසුකර හෙට්ටිපොළ දෙසට යන විට බලදොර හන්දියෙන් ඇතු ගුරු පාර දිගේ සැතපුම් 03 ක් පමණ යන විට විහාරස්ථානය හමුවේ.

ග්‍රාමනිලධාරි වසම :- 1208 බලදොර

පුරා විද්‍යාත්මක තොරතුරු :- නුවර යුගයට අයත් මෙම ටැම්පිට විහාරස්ථානය ශෛලමය කණු 20 ක් යොදා නිර්මාණය කර ඇත. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සංරක්ෂිත විහාරස්ථානයේ බිත්ති පහත් වීමේ අවධානම් බව නිසා ලී කණු 08 ක් යොදා ඇත . මහල් 02 කට සිටින සේ වහලය නිර්මාණය කර තිබේ. ගොඩනැගිල්ලෙහි දිග අඩි 27 1/2 ක් සහ පළල අඩි 21 ක් පමණ වේ. එක් කණුවක උස අඩි 6 1/2 ක් පමණ වන අතර විට කණු අතර පරතරය අඩි 4 1/2 ක් වේ. විහාරගෙය අසල අඩි 4×4 වන සිරිපතුල් ගලක් හා ගල් පහනක් දැකිය හැකිය. 2003 වර්ෂයේ විහාරගෙට සිදුවන ස්වාභාවික හානිය අවම කිරීම සදහා පතුල ගල් අතුරා අළු හුණු පිරිමැද ඇත. පරණ අගු වහලය ගලවා ප්‍රථිසංස්කරණය කර ඇත. බිතුසිතුවම් තවමත් පැහැදිලිව දැකගත හැකි අතර , සමහර සිතුවම් විනාශ වෙමින් පවතී . පැරණි සිතුවම් වලට හානියක් නොවන අයුරින් නව ප්‍රථිසංස්කරණ කටයුතු මධ්‍යම සංස්කෘතික අරමුදලින් ආරම්භ කර ඇත. මෙම බිතුසිතුවම් නුවර යුගයට අයත් වන අතර , වෙස්සන්තර ජාතකය හා සූවිසි බුදුවරුන්ගේ සිතුවම් දක්නට ලැබේ. දොරටුව ඉතා අලංකාර මකර තොරණකින් නිමවා ඇති අතර දෙපස ඉර , හද සිතුවම් කර ඇත. මෙම සිතුවම් අදටත් ඉතා හොදින් දැකගත හැකිය .
විහාරභූමියේ ඉතා පැරණි කාලයේ සිට දේවාලයක් පවත්වාගෙන ආ නමුත් එම ගොඩනැගිල්ල දැනට දැකිය නොහැකිය . ඒ වෙනුවෙන් නව ගොඩනැගිල්ලක් ඉදිකර ඇත. වසර 200 කට වඩා පැරණි බෝධියක් හා නා ගසක් පුරාවිද්‍යා නටඹුන් අතර වේ. චෛත්‍යය හා අනිකුත් ඉදිකිරීම් මෑත කාලීන ඉදිකිරීම් වේ.

 

වෙබ් අඩවියට ප්‍රවේශ වන්න

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

පුවත් ~ News

පුවත්සාමාන්‍ය විහාරස්ථාන

ශ්‍රී පුණ්‍යවර්ධනාරාමය

විහාරස්ථානයේ නම - ශ්‍රී පුණ්‍යවර්ධනාරාමය ලිපිනය - කදුරුගස්කොටුව,අලහේනේගම ග්‍රාමනිලධාරි වසම - තෙලහැර දුරකතන අංකය -...

වැඩිදුර කියවන්න

පුවත්

දහම් පාසල

ඉහළ ගොමුගොමුව ශ්‍රී සුධම්ම දහම් නිකේතනය 2016-05-05 දින ආරම්භකොට 2016-08-19 වන දින බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි දහම් පාසලක් ලෙස සෑම ඉරුදිනකම පවත්වාගෙන යනු ලබයි. ආරම්භයේදී සිසුන් 20ක් පමණ සිටි අතර ඔවුන් වෙනුවෙන් දහම් අධ්‍යාපනය ලබාදීම සදහා ගුරුවරුද 02 ක්...

වැඩිදුර කියවන්න

පුවත්

විහාරස්ථානය පිළිබඳව කෙටි හැඳින්වීමක්

වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පඬුවස්නුවර බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉහළ ගොමුගොමුව ග්‍රාමනිලධාරි වසමෙහි අක්කරයක පමණ මුඩු බිමක 2013-08-12 වන දින දහසක් අභියෝග බාධක මැද දායක පිරිස 12 දෙනෙකුගේ දායකත්වයෙන් මෙම ශ්‍රී සුධම්ම දහම් නිකේතනය ආරම්භ කරන ලදී. ඉහළ...

වැඩිදුර කියවන්න

දහම් කරුණු

අට මහා කුසල් වල ආනිසංස

අටමහා කුසල් යන නමින් විශේෂ පින්කම් අටක් පිළිබඳව ඉගැන්වේ. එම අටමහා කුසල් දැක්වෙන ගාථාව මෙසේය. "කඨිනං ච පරික්ඛාරං - වාස දානංච උත්තමං බුද්ධප්පමුඛසංඝස්ස - දානං ධම්මස්ස ලේඛනං ඛෙත්ත දානංච සංඝස්ස - පටිමා කරණං පි ච කරණං වච්ච කුටියා - අට්ඨ පුඤ්ඤානි වුච්චරේ” මෙහි දැක්වෙන...

වැඩිදුර කියවන්න

ආධාර අවශ්‍යතා

ආධාර අවශ්‍ය කාරණා

“මෙම පුණ්‍ය භූමිය සඳහා අවශ්‍ය දෑ පහත පරිදි දැක්විය හැකිය.” අප විහාරස්ථානය මුඩුබිමක අලුතින්ම ඉදිවෙමින් පවතින බැවින් සියලුම විහාරාංග ඉදිකිරීම සිදුව ඇති අතර වර්තමානය වන විට චෛත්‍යය, විහාරය , මලසුන්ගෙය, ලැගුම් ගෙය ඉදිකොට බෝධීන් වහන්සේ රෝපණය කර ඇත. නමුත් ඉදිකිරීමට...

වැඩිදුර කියවන්න

පුවත්

විහාරාධිපති ස්වාමින් වහන්සේ

කුලියාපිටිය කරගහගෙදර ශ්‍රී සුධර්මෝදය පිරිවෙන් විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය තාරණ විමලරතන හිමියන්ගේ ශිෂ්‍යවරයෙක් හැටියට 1993 වර්ෂයේ පැවිදි බිමට ඇතුලත් වූ මා මූලික අධ්‍යාපනය කරගහගෙදර කුලියාපිටිය ශ්‍රී සුධර්මෝදය පිරිවෙන් ආයතනයේ සිදුකළ අතර උසස් අධ්‍යාපන කටයුතු...

වැඩිදුර කියවන්න

පුවත්

විහාරස්ථානයට නොමිළයේ වෙබ් අඩවියක් නිර්මාණය කිරීම සඳහා විහාරස්ථානය නිරීක්ෂණය කිරීම

සමාජසත්කාර පදනමේ අධ්‍යක්ෂ දේශමාන්‍ය ධනේෂ් එදිරිසුරිය මහතා 2023-05-12 දින ගොමුගොමුව  ශ්‍රී සුධම්ම දහම් නිකේතනයේ විහාරාධිපති  ස්වාමින්වහන්සේ වන පුජ්‍ය අකරවත්තේ සුධම්ම  ස්වාමීන් වහන්සේ මුණගැසී "පුණ්‍ය භූමි" පන්සලට වෙබ් අඩවියක් ව්‍යාපෘතිය පිලිබඳ සාකච්ඡා කිරීම සිදුකරනු...

වැඩිදුර කියවන්න