loader image
Select Page

ශ්‍රි බෝධිරුක්ඛාරාමය

ක්‍රමයෙන් සංවර්ධනය වෙමින් පවතින ස්ථානයකි. ඉතා දුශ්කර භූමියක පිහීටා ඇති, බාහිර ආදායම් නොමැති ස්ථානයකි.

මෙම විහාරස්ථානය පසුගිය යුද සමයේ භික්ෂුන් වහන්සේලා විටින් විට අතහැර දමා තිබූ ස්ථානයකි. 2008 වසරේ මා ස්ථානය භාර ගන්නා විට පාලුවට ගොස් තිබුණි. දහම් පාසල පැවැත්වීම නතර වී තිබුනි. පන්සල් භූමිය හොර මත්පැන් වෙළෙන්දන්ගේ වෙළද පොලය. විහාර මන්දිරයක් හෝ ධර්මශාලාවක් තිබුනේ නැත.

ගම් වැසියන් පවුකම් වලට හුරු වී සිටියහ.

වැඩ සිටි භික්ෂූන් වහන්සේලා සාරධර්ම කියා දී නැත. මා පැමිණි පසු අවශ්‍ය විහාර අංග හැකි තරමින් ස්ථාපිත කර ඇත. මා උත්සහා කලේ බාහිර විහාර අංග සම්පූර්ණ කිරීමට හා දායකයින්ට පිං කුසල් පිලිබද අවබෝද කර දීමටය. එම ‍උත්සහායෙන් 70% ක් සාර්ථක වී ඇත. දැන් පිනට දහමට හුරුවී ඇති බැවින් මා සතුටට පත්ව සිටිමි.

“මෙම පුණ්‍ය භූමිය සඳහා අවශ්‍ය දෑ පහත පරිදි දැක්විය හැකිය.”

මෙම විහාරස්ථානයේ අවශ්‍යතා සොයාබලා ඔබට හැකි අයුරින් ආධාර කරන්න. විහාරස්ථානයේ වර්තමාන තත්වය දැනගැනීමට සැමවිටම විහාරාධිපති ස්වාමින් වහන්සේ දුරකථනය ඔස්සේ හෝ චැට් පණිවිඩයක් ඔස්සේ සම්බන්ධ කරගන්න. මෙම තොරතුරු යාවත්කාලින කරන ලද්දේ 2019 අගෝස්තු 16 වෙනි දිනදීය.

ආධාර අවශ්‍ය කාරණා

ඉඩ කඩ ප්‍රමානවත් සංඝාවාසයක් නොමැති නිසා අලුතින් ආවාසයක් ඉදිකර ගැනීම සදහාය.

දැනට ඇති සංඝාවාසයේ පිහිටීම සහ පිහිටි ස්ථානය සංඝාවාසයකට නුසුදුසු බැවින් වෙනත් සංඝාවාසයක අවශ්‍යතාවය දැඩිව පවතී.

ආධාර කරන්න 

පින්වත් ඔබගේ ආධාර පහත ගිණුමට බැරකළ හැකිය

ගිණුමේ නම – විහාරාධිපති හිමි ගිණුම
ගිණුම් අංකය – 095-03-01-0000012-5
බැංකු ශාඛාව – එල් බී ෆිනෑන්ස්

ගිණුමේ නම – විහාරස්ථ දායක සභාව
ගිණුම් අංකය – 72359718
බැංකු ශාඛාව – ලංකා බැංකුව

ඔබ බැංකුවට මුදල් බැර කරන්නේ නම්, බැංකුවෙන් ලැබෙන රිසිට් පතෙහි පිටපතක් අප වෙත යෙමුකරන්න.

~ විහාරාධිපති ස්වාමීන් වහන්සේ ~

අපව සම්බන්ධ කරගන්න

පහත දුරකතන අංක ඔස්සේ විහාරස්ථානය සම්බන්ධ කරගත හැකි අතර, බොහොමයක් විහාරස්ථාන පිහිටා ඇත්තේ ඉතා දුෂ්කර ප්‍රදේශවල බැවින් ඊමේල් ඔස්සේ සම්බන්ධ කරගැනීමට අපහසු විය හැකි බව කරුණාවෙන් සළකන්න. 

ඊමේල් ලිපිනය

info@sribodhirukkharamaya.org.lk

දුරකතන අංකය

077 1457929 / 076 7423168

ලිපිනය

ශ්‍රි බෝධිරුක්ඛාරාමය, ගලෙන්බිදුනුවැව, ඇටවිරගොල්ලෑව

විහාරස්ථානයේ පිහිටීම 

මෙම වෙබ් අඩවිය සමාජජාල මාධ්‍ය ඔස්සේ බෙදාහරින්න…