loader image
Select Page

ශ්‍රී ලංකාවේ බෞද්ධ ආගමික ස්ථාන නාමාවලිය 

අන්තර්ජාලයෙන් උපුටාගත් තොරතුරු ඔස්සේ ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම බෞද්ධ විහාරස්ථාන, ආරණ්‍ය සේනාසන, අසපු, මෙහෙණි ආරාම පහත සදහන් කර ඇත. කරුණාකර අදාල දිස්ත්‍රික්කය තෝරා ඔබගේ ගමේ/නගරයේ පන්සලේ නම සොයා එහි ලිපිනය, විහාරාධිපති ස්වාමින්වහන්සේගේ නම සහ දුරකථන අංකය නිවැරදිදැයි පරික්ෂා කර වැරැද්දක් ඇතොත් එහි ඇති ෆෝරමය පුරවා අපව දැනුවත් කරන්න.
ශ්‍රී ලංකාවේ සෑම බෞද්ධ සිද්ධස්ථානයක්ම අප එකතු වී දියුණු කරමු.

ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්කය අනුව වර්ගීකරණය කල බෞද්ධ සිද්ධස්ථාන

අන්තර්ජාලයෙන් එකතුරගන්නා ලද සංඛ්‍යා ලේඛණ දත්ත අනුව ශ්‍රී ලංකාවේ දැනට බෞද්ධ සිද්ධස්ථාන 12,300කට අධික ප්‍රමාණයක් තිබෙනවා. ඒ සියලුම විහාරස්ථාන ලොව පුර වෙසෙන ශ්‍රී ලාංකික බෞද්ධ බැතිමතුන්ගේ සහයෙන් වැඩිදියුණු කිරීමටත් සියලුම ආගමික ස්ථාන පිලිබදව ඔබව දැනුවත් කිරීමටත් අප බලාපොරොත්තු වෙනවා.

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය අනුව වර්ගීකරණය කල බෞද්ධ සිද්ධස්ථාන

ඔබගේ පහසුව උදෙසා අප ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ අනුව බෞද්ධ සිද්ධස්ථාන වර්ගීකරණය කර ඇත. කරුණාකර අදාල දිස්ත්‍රික්කය සහ නගරය තෝරා ඔබගේ ගමේ/නගරයේ පන්සලේ නම සොයා එහි ලිපිනය, විහාරාධිපති ස්වාමින්වහන්සේගේ නම සහ දුරකථන අංකය නිවැරදිදැයි පරික්ෂා කර වැරැද්දක් ඇතොත් එහි ඇති ෆෝරමය පුරවා අපව දැනුවත් කරන්න.

ආගමික ස්ථානයේ ස්වභාවය අනුව වර්ගීකරණය කල බෞද්ධ සිද්ධස්ථාන

අද ශ්‍රී ලංකාවේ විවිධ වර්ගයේ බෞද්ධ සිද්ධස්ථාන දැක බලා ගන්න පුළුවන්. සාමාන්‍ය විහාරස්ථාන, ආරණ්‍ය සේනාසන, අසපු, භාවනා මධ්‍යස්ථාන, මෙහෙණි ආරාම, පුරණ රජමහා විහාරස්ථාන ආකාරයට ඒවා වෙන් වෙනවා. මෙහි ඒ තොරතුරු වෙන් වෙන් වශයෙන් සදහන් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. දිස්ත්‍රික්කය අනුව ඒවා වෙන්කර තොරතුරු ලබා ගත හැක. 

ඔබේ විහාරස්ථානය දියුණු කර ගැනීමට ආධාර අවශ්‍යයිද ?

ඉදිරියේදී අප ඔබගේද සහය ඇතිව ශ්‍රී ලංකාවේ උදව් අවැසි අඩුපහසුකම් සහිත බෞද්ධ සිද්ධස්ථාන, ඒවායේ අඩුපාඩු සහ ඒවායේ ගිණුම් විස්තර පල කිරීමට බලාපොරොත්තු වෙනවා. එවිට ඔබට පහසුවෙන් ආධාර අවැසි විහාරස්ථාන සොයාබලා ඒවාට ආධාර කල හැක. ලෝකයේ ඕනෑම තැනක සිට දානය වුවද භාරගත හැක.
පහත ෆෝරමය පුරවා විහාරාධිපති ස්වාමින්වහන්සේගේ නිර්දේශ ලිපියක්ද සමගින් අපට එවන්න. නිර්දේශ ලිපියෙහි අනිවාර්යයෙන්ම විහාරාධිපති ස්වාමින්වහන්සේගේ අත්සන සහ සීල්  එක තිබිය යුතුය. වෙබ් අඩවියට ඇතුලත් කල යුතු ගිණුම විහාරස්ථානයේ නමට, විහාරස්ථ දායක සභාවේ නමට තිබෙන ගිණුමක් විය යුතුය. නොඑසේනම් විහාරාධිපති ස්වාමින් වහන්සේගේ ගිණුමක් විය යුතුය.

විහාරස්ථානයට ආධාර ලබාගන්න 


විහාරස්ථානයේ විස්තර


විහාරස්ථානයේ ගිණුම් විස්තර ඇතුලත් කරන්න


විහාරස්ථානයට ආධාර අවශ්‍ය කුමක් සදහාද? අත්‍යවශ්‍යම අවශ්‍යතා පමණක් තෝරන්න

තරු 1 - පහසුකම් සහිත පන්සලක්
තරු 2 - මධ්‍යස්ථ පහසුකම් සහිත පන්සලක්
තරු 3 - සාමාන්‍ය පන්සලක්
තරු 4 - අඩු පහසුකම් සහිත පන්සලක්
තරු 5 - ඉතා දුෂ්කර අඩු පහසුකම් සහිත පන්සලක්

විහාරස්ථානය හොදින් පෙනෙන සේ චායාරූපය ගන්න. එකක් ප්‍රමාණවත් වන අතර හැකිනම් දුෂ්කරතාවයන් පෙනෙන ලෙස ගත් කිහිපයක් එවිය හැක.

අප වෙත එවන තොරතුරු සහතික කරමින් ලිපිය ලිවිය යුතුය. අනිවාර්යයෙන්ම ගිණුම් අංකය සදහන් කලයුතුය.
පන්සලේ Letter Head (තිබේනම් පමණක්) / Rubber Seal (අනිවාර්යය වේ) සහිතව ඉල්ලුම් කල යුතුය.
ලිපිය ස්කෑන් කර හෝ චායාරුපයක් ගෙන අප්ලෝඩ් කරන්න.

මෙම වෙබ් අඩවිය සමාජජාල මාධ්‍ය ඔස්සේ බෙදාහරින්න…