loader image
Select Page

පුරාණ පොත්ගුල් රාජමහා විහාරය – අටුපොත්දෙණිය

අටුපොත්දෙණිය පුරාණ පොත්ගුල් රාජමහා විහාරය පිළිබද සදහන් ඓතිහාසික මූලාශ්‍ර නොමැති අතර ඇත්තේ පුරාවෘත පමණි.ඒ අනුව ජනප්‍රවාද දෙකකි.

  1. ජනප්‍රවාදයේ දැක්කවෙන ලෙස අනුරාධපුර වලගම්බා රාජ සමයේ මාතලේ අලු විහාරයේ පැවති ධර්ම ග්‍රන්ථාරූඩ කිරීම සදහා පුස්කොළ සකස් කිරීම මෙම විහාරයේ සිට සිදුව ඇත.
  2. දෙවන මතය වන්නේ දඔදෙණි යුගයේ දෙවන පරාක්‍රමබාහු රජු දවස රටේ රාළ නම් ආදායම් පාලකයකු මෙම විහාරය කරවූ බවයි.

ලක්දිව වාස්තු විද්‍යා ක්ෂේත්‍රය තුළ ජනප්‍රිය අංගයක් වන්නේ ටැම්පිට විහාරයි. මෙම ගොඩනැගිලි 17 – 19 සියවස්වල ඉදිකර ඇත. ගම්පහ දිස්ත්‍රීකයේ ඇති විහාර 8න් එකක් වන්නේ මෙම විහාරයයි.

දහම් පාසල 

අපවත්වී වදාල තෙන්නාගම පඤ්ඤාරාම හිමියන්ගේ අනුශාසනා පරිදි 1976.11.06 දින මෙම ප්‍රදේශයට මහත් සේවාවක් කළ ලුණුගම ශ්‍රී ගුණානන්ද හිමියන් අනුස්මරණය වීම සදහා මෙම දහම් පාසල ඉදි කරේය.

පුවත්  ~ News

මෙම විහාරස්ථානයේ  සිදුකරන ආගමික වැඩසටහන්, ආධාර අවශ්‍යතා සහ දහම් කරුණු පිළිබදව තොරතුරු පහතින් දක්වා ඇත. සම්පුර්ණ පුවත කියවන්න “වැඩිදුර කියවන්න” බොත්තම ඔබන්න.

කුසල් දහම් පුරන ගිහි පැවිදි දෙපිරිසටම ඉතා වැදගත් ‘වස් කාලය’

කුසල් දහම් පුරන ගිහි පැවිදි දෙපිරිසටම ඉතා වැදගත් ‘වස් කාලය’

පැරණි භාරතයේ ප‍්‍රධාන සෘතු තුනක් පැවතිණ. හේමන්ත, ගිම්හාන, වස්සාන වශයෙනි. හේමන්ත සෘතුව, අධික ලෙස ශීතලය. ගිම්හාන සෘතුව, අධික ලෙස උණුසුම්ය. වස්සාන...

read more
ත්‍රිපිටකය රැකගත්තේ මෙහෙමයි

ත්‍රිපිටකය රැකගත්තේ මෙහෙමයි

බ‍්‍රාහ්මණ තිස්ස බය පැවති කාලයේ සිතුල්පව්වේද තිස්ස මහා විහාරයේ ද දොලොස් දහස බැගින් භික්ෂූහු විසූහ. අවුරුදු තුනකට ප‍්‍රමාණවත් ධාන්‍ය විහාර දෙකෙම් මහ...

read more
හැඳින මෙහෙයවිය යුතු කර්මය

හැඳින මෙහෙයවිය යුතු කර්මය

බුදු දහමේ මූලික සංකල්පයක් වන කර්මය පිළිබඳ ඉතා පැහැදිලි විවරණයක් මේ ලිපිය මගින් දැක්වේ..කර්මය නම් චර්යාව පිළිබඳ හේතු-ප්‍රත්‍ය නියාමය යි. එහි සමගාමි...

read more
සුළුවෙන් කලද නැති නොවන පින්

සුළුවෙන් කලද නැති නොවන පින්

දානයෙන් මෙන් මැ ශීල භාවනාවන් හි අනුසස් බොහෝ ය. ශීලයෙහි යෙදෙනවාට වඩා බොහෝ දෙනා දන් දී මෙහි යුහුසුළු වෙති. එකල වැඩි දෙනෙක් බුදුන් වහන්සේ ප්‍රමුඛ මහා...

read more
මරණානුස්සති භාවනාව

මරණානුස්සති භාවනාව

ඉපදුණා වූ සියලූම සත්වයෝ මරණයට පත්වන්නේය. දෙව්ලොවෙහි දෙවියන් ද, බඹලොවෙහි බ‍්‍රහ්මයන් ද, සතර අපා වැසි සත්වයන් ද, සියලූ මනුෂ්‍යයන් ද මරණයට පත් වන්නේ ය....

read more
සතර සතිපට්ඨානය තුළ සප්ත බොජ්ඣංග

සතර සතිපට්ඨානය තුළ සප්ත බොජ්ඣංග

බුදුරජාණන් වහන්සේ වදාළ සතිපට්ඨාන භාවනාවේ ධම්මානුපස්සනාවේ අවසාන කොටස් දැන් අපි ඉගෙන ගනිමින් සිටින්නේ. මේකෙ තියෙනවා සප්ත බොජ්ඣංග කියල කොටසක්. බොජ්ඣංග...

read more

“මෙම පුණ්‍ය භූමිය සඳහා අවශ්‍ය දෑ පහත පරිදි දැක්විය හැකිය.”

මෙම විහාරස්ථානයේ අවශ්‍යතා සොයාබලා ඔබට හැකි අයුරින් ආධාර කරන්න. විහාරස්ථානයේ වර්තමාන තත්වය දැනගැනීමට සැමවිටම විහාරාධිපති ස්වාමින් වහන්සේ දුරකථනය ඔස්සේ හෝ චැට් පණිවිඩයක් ඔස්සේ සම්බන්ධ කරගන්න. මෙම තොරතුරු යාවත්කාලින කරන ලද්දේ 2019 ඔක්තෝම්බර් 5 වෙනි දිනදීය.

ආධාර අවශ්‍ය කාරණා

දහම් පාසල් ලොඩනැගිල්ල සහිත ධාතු මන්දිරය ඉදිකරමින් පවතී. බහු කාර්ය ගොඩනැගිල්ලක් වන මෙයින් බොහෝ කාර්ය සිදු කරගත හැක.  

ආධාර කරන්න 

පින්වත් ඔබගේ ආධාර පහත ගිණුමට බැරකළ හැකිය

ගිණුමේ නම – පුරාණ පොත්ගුල් රාජමහා විහාරස්ථ දායක සභාව 
ගිණුම් අංකය – 100790204366
බැංකු ශාඛාව – මීරිගම

ඔබ බැංකුවට මුදල් බැර කරන්නේ නම්, බැංකුවෙන් ලැබෙන රිසිට් පතෙහි පිටපතක් අප වෙත යෙමුකරන්න.

~ විහාරාධිපති ස්වාමීන් වහන්සේ ~

ඉඩමෙ හේරත් මුදියාන්සේලාගේ ගුණදාස යන ගිහි නාමයෙන් හැදින්වෙන දමනේවෙල නන්දසිරි හිමියන් 1953 උපත ලබා 1967 පැවිදි දිවියට පත් විය. 1987 දමනේවෙල විදුහලේ ගුරුවරයෙකු ලෙස පත්වීම් ලැබ 1984 වසරේ මීරිගම ධර්මාචාර්ය ගුරු විදුහලට ඇතුලත් විය. 1984 වසරේ ගම්/ මිනු/ මදුරුපිටිය කණිෂ්ට විදුහලේ පත් වීම් ලැබ වසර 15ක් එහි සේවය කළේය. මේ කාලයේ තම පෞද්ගලික වැටුප වියදම් කර රජයේ ඉඩමක සිසුන් සදහා ක්‍රීඩා පිටියක් සකස් කර දුන්නේය. 1991 වසරේ විදුහල්පති විභාගය සමත්ව 1999 වසරේ බප/ මිනු/ කදන්ගමුව ප්‍රාථමික විදුහලේ විදුහල්පති වරයා බවට පත්විය. වසා දැමීමට තීරණය කර තිබූ එම විදුහල වර්තමානයේ ප්‍රදේශයේ ආකර්ෂණිය විදුහලක් බවට පත් කිරීමට ක්‍රියා කළේය. උන්වහන්සේගේ ධෛර්ය මත නව විහාර මන්දිරයක් හා චෛත්‍යක් ඉදිකර විහාරස්ථානය අංග සම්පූර්ණ තත්වයට පත් කළේය. 

අපව සම්බන්ධ කරගන්න

පහත දුරකතන අංක ඔස්සේ විහාරස්ථානය සම්බන්ධ කරගත හැකි අතර, බොහොමයක් විහාරස්ථාන පිහිටා ඇත්තේ ඉතා දුෂ්කර ප්‍රදේශවල බැවින් ඊමේල් ඔස්සේ සම්බන්ධ කරගැනීමට අපහසු විය හැකි බව කරුණාවෙන් සළකන්න. 

ඊමේල් ලිපිනය

info@atupothdeniyarajamahaviharaya.org.lk

දුරකතන අංකය

0332274758 / 0718334750

ලිපිනය

අටුපොත්දෙණිය. ලෝලුවාගොඩ

විහාරස්ථානයේ පිහිටීම 

මෙම වෙබ් අඩවිය සමාජජාල මාධ්‍ය ඔස්සේ බෙදාහරින්න…