loader image
Select Page

ගෝණදෙණිය බණ්ඩාරලෙන් පුරාණ විහාරය

වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඓතිහාසික රිදීගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දොඩම්ගස්ලන්ද බල ප්‍රදේශයට අයත් රමණීය වෙල් යායකින් වට වී  ඇති ඉපැරණි ගල් පර්වත වලින් ගැවසී ගත් කාගේත් නෙත් සිත් ඇද ගන්නා වූ ඓතිහාසික වටිනාකමකින් යුත් ගෝණදෙණිය බණ්ඩාර ලෙන් විහාරස්ථානය පිහිටා ඇත.

දායක පින්වතුන්ගේ ශක්ති ප්‍රමාණයෙන් දැනට විහාර මන්දිරයක්, කුඩා චෛත්‍යයක් හා සංඝාවාසයක් ද ඉදි කර තිබේ. මෙම ස්ථානයට  පිවිසුම් මාර්ගයක්, මෙන්ම අංග සම්පූර්ණ විහාරාංගයන් ද තවම සංවර්ධනය වී නොමැත.

දැනට දිරාපත්ව ඇති, සංඝාවාස ගොඩනැගිල්ල කඩිනමනින් පිළිසකර කර ගැනීමේ අවශ්‍යතාවය තදින් ම පවතී. එමෙන් ම පියගැටපෙළ,  වැසිකිළි කැසිකිළි හා බෝධි ප්‍රාකාරය අලුතින් සකස් කර ගැනීමට මූල්‍යමය ප්‍රතිපාදන, ආධාර උපකාර උවමනා කර තිබෙන නිසා, පින් කැමති ඔබ සැමගේ සහයෝගය කාරුණිකව  අපේක්ෂා කරමු.

දහම් පාසල

රිදීගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අත් දොඩම්ගස්ලන්ද ශාසනාරක්ෂක බල  මණ්ඩලයේ ලි.ප. අංක 61/63/දපාලි/2722 දරණ ගෝණදෙනිය ශ්‍රී මිහිඳු දහම්පාසල දැනට පවත්වාගෙන යනු ලබයි. මෙහි සිසු දරු දැරියන් 40 දෙනෙක් හා ගුරු භවතුන් 05 ගෙන් මෙහි සමන්විතය. මෙම දහම්පාසල සඳහා භෞතික සම්පත්වල අවශ්‍යතාවය ද පවතී. මෙම දහම්පාසලින් බෞද්ධාගමික ගුණ දහමින් පිරිපුන් ගුණ ගරුක දරු පිරිසක් බිහි කිරීම අපගේ බලාපොරොත්තුවයි.

පුවත්  ~ News

මෙම විහාරස්ථානයේ  සිදුකරන ආගමික වැඩසටහන්, ආධාර අවශ්‍යතා සහ දහම් කරුණු පිළිබදව තොරතුරු පහතින් දක්වා ඇත. සම්පුර්ණ පුවත කියවන්න “වැඩිදුර කියවන්න” බොත්තම ඔබන්න.

කුසල් දහම් පුරන ගිහි පැවිදි දෙපිරිසටම ඉතා වැදගත් ‘වස් කාලය’

කුසල් දහම් පුරන ගිහි පැවිදි දෙපිරිසටම ඉතා වැදගත් ‘වස් කාලය’

පැරණි භාරතයේ ප‍්‍රධාන සෘතු තුනක් පැවතිණ. හේමන්ත, ගිම්හාන, වස්සාන වශයෙනි. හේමන්ත සෘතුව, අධික ලෙස ශීතලය. ගිම්හාන සෘතුව, අධික ලෙස උණුසුම්ය. වස්සාන...

read more
ත්‍රිපිටකය රැකගත්තේ මෙහෙමයි

ත්‍රිපිටකය රැකගත්තේ මෙහෙමයි

බ‍්‍රාහ්මණ තිස්ස බය පැවති කාලයේ සිතුල්පව්වේද තිස්ස මහා විහාරයේ ද දොලොස් දහස බැගින් භික්ෂූහු විසූහ. අවුරුදු තුනකට ප‍්‍රමාණවත් ධාන්‍ය විහාර දෙකෙම් මහ...

read more
හැඳින මෙහෙයවිය යුතු කර්මය

හැඳින මෙහෙයවිය යුතු කර්මය

බුදු දහමේ මූලික සංකල්පයක් වන කර්මය පිළිබඳ ඉතා පැහැදිලි විවරණයක් මේ ලිපිය මගින් දැක්වේ..කර්මය නම් චර්යාව පිළිබඳ හේතු-ප්‍රත්‍ය නියාමය යි. එහි සමගාමි...

read more
සුළුවෙන් කලද නැති නොවන පින්

සුළුවෙන් කලද නැති නොවන පින්

දානයෙන් මෙන් මැ ශීල භාවනාවන් හි අනුසස් බොහෝ ය. ශීලයෙහි යෙදෙනවාට වඩා බොහෝ දෙනා දන් දී මෙහි යුහුසුළු වෙති. එකල වැඩි දෙනෙක් බුදුන් වහන්සේ ප්‍රමුඛ මහා...

read more
මරණානුස්සති භාවනාව

මරණානුස්සති භාවනාව

ඉපදුණා වූ සියලූම සත්වයෝ මරණයට පත්වන්නේය. දෙව්ලොවෙහි දෙවියන් ද, බඹලොවෙහි බ‍්‍රහ්මයන් ද, සතර අපා වැසි සත්වයන් ද, සියලූ මනුෂ්‍යයන් ද මරණයට පත් වන්නේ ය....

read more
සතර සතිපට්ඨානය තුළ සප්ත බොජ්ඣංග

සතර සතිපට්ඨානය තුළ සප්ත බොජ්ඣංග

බුදුරජාණන් වහන්සේ වදාළ සතිපට්ඨාන භාවනාවේ ධම්මානුපස්සනාවේ අවසාන කොටස් දැන් අපි ඉගෙන ගනිමින් සිටින්නේ. මේකෙ තියෙනවා සප්ත බොජ්ඣංග කියල කොටසක්. බොජ්ඣංග...

read more

“මෙම පුණ්‍ය භූමිය සඳහා අවශ්‍ය දෑ පහත පරිදි දැක්විය හැකිය.”

මෙම විහාරස්ථානයේ අවශ්‍යතා සොයාබලා ඔබට හැකි අයුරින් ආධාර කරන්න. විහාරස්ථානයේ වර්තමාන තත්වය දැනගැනීමට සැමවිටම විහාරාධිපති ස්වාමින් වහන්සේ දුරකථනය ඔස්සේ හෝ චැට් පණිවිඩයක් ඔස්සේ සම්බන්ධ කරගන්න. මෙම තොරතුරු යාවත්කාලින කරන ලද්දේ 2019 නොවැම්බර් 22 දිනදීය.

ආධාර අවශ්‍ය කාරණා

ආධාර කරන්න 

පින්වත් ඔබගේ ආධාර පහත ගිණුමට බැරකළ හැකිය

ගිණුමේ නම – ඕගොඩපොල මහින්ද හිමි
ගිණුම් අංකය – 054200124874879
බැංකු ශාඛාව – වරකාපොල

ඔබ බැංකුවට මුදල් බැර කරන්නේ නම්, බැංකුවෙන් ලැබෙන රිසිට් පතෙහි පිටපතක් අප වෙත යෙමුකරන්න.

~ විහාරාධිපති ස්වාමීන් වහන්සේ ~

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ කළ්‍යාණි වංශික ශ්‍රී ධර්මාරාම සද්ධම්ම යුක්තික පාර්ශ්වයේ ප්‍රධාන අධිකරණ සංඝනායක, වරකාපොල ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන සභාපති,  එළුවාගල දියමුල අරණ සේනාසනාධිපති, ගොඩවෙල ක්ෂේත්‍රාරාමය, කුරුණෑගල මොරතිහ  අශෝක  බෝධිමළු විහාරස්ථානය හා ගෝනදෙනිය පුරාණ බණ්ඩාර ලෙන්  යන විහාර ගණයේ අධිපතිත්වය දරන පූජ්‍ය ඕගොඩපොල මහින්ද නාහිමිපාණෝ, සමස්ත ලංකා සාමවිනිසුරු ආදී නිලතල හොබවමින් ආගමික, සාමාජික සේවාවන්හි පුරෝගාමී මෙහෙවරක් ඉටු කරමින් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා දස නමකට අධික පිරිසක් ආගමික සේවාවන්හි නිරත කරමින් වැඩ වෙසෙති.

~ විහාරවාසි ස්වාමීන් වහන්සේ ~

අපව සම්බන්ධ කරගන්න

පහත දුරකතන අංක ඔස්සේ විහාරස්ථානය සම්බන්ධ කරගත හැකි අතර, බොහොමයක් විහාරස්ථාන පිහිටා ඇත්තේ ඉතා දුෂ්කර ප්‍රදේශවල බැවින් ඊමේල් ඔස්සේ සම්බන්ධ කරගැනීමට අපහසු විය හැකි බව කරුණාවෙන් සළකන්න. 

ඊමේල් ලිපිනය

info@bandaralenpuranaviharaya.org.lk

දුරකතන අංකය

0722622356

ලිපිනය

ගෝණදෙනිය බණ්ඩාර ලෙන් විහාරය,ගෝණදෙනිය, අංහංදිය, රිදීගම

විහාරස්ථානයේ පිහිටීම 

මෙම වෙබ් අඩවිය සමාජජාල මාධ්‍ය ඔස්සේ බෙදාහරින්න…