loader image
Select Page

ශ්‍රී අත්ථදස්ස්‍යාරාමය ~ දේවාලේගම පන්සල

මාතර දිස්ත්‍රික්කයේ, මුලටියන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ , දේවාලේගම බටහිර ග්‍රාම සේවක වසමේ පිහිටා ඇත. වර්ෂ 1750 දී පමණ මේ විහාරය ආරම්භ කර ඇත. වසර 250 වඩා පැරණි මේ පුණ්‍යභූමිය දේවාලේගම බටහිර දේවාලේගම නැගෙනහිර- රදාවෙල  නැ/බටහිරෙ  කන්තබිගොඩ, දූන්ද, කිත්සිරිපුර ආදී ප්‍රදේශයන් කීපයක ගැමි ජනතාවගේ සියළු ආගමික කටයුතු සිදු කරයි.පවුල් 250 ක් පමණ වේ.

දැනට පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස වසර 250 වඩා ඉතා පැරණි නුවර යුගයේ දුර්ලභ චිත්‍ර හා විශ්ණු, කතරගම දේව ප්‍රතිමා සහිත පුරාණ විහාරයක් පිහිටා ඇත. දැනට අවස්ථා කීපයකදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුෙව යටතේ සංරක්‍ෂණය කර ඇත.

එසේම 1934 වර්ෂයේ පමණ ඉදිකරන්නට යෙදුනු ඉතා අලංකාරවත් බුද්ධ හා අසුමහාශ්‍රාවක ආදි ප්‍රතිමා රාශියකින් යුතු තවත් විහාර මන්දිරයක් වැඩ අවසන් කොට ඇත.

පුවත්  ~ News

මෙම විහාරස්ථානයේ  සිදුකරන ආගමික වැඩසටහන්, ආධාර අවශ්‍යතා සහ දහම් කරුණු පිළිබදව තොරතුරු පහතින් දක්වා ඇත. සම්පුර්ණ පුවත කියවන්න “වැඩිදුර කියවන්න” බොත්තම ඔබන්න.

සතර සතිපට්ඨානය තුළ ඉරියාපථ භාවනාව

සතර සතිපට්ඨානය තුළ ඉරියාපථ භාවනාව

දැන් ඔබ මේ වෙන කොට ආනාපානසති භාවනාව පිළිබඳවත්, හොඳ සිහි නුවණින් යුක්තව සෑම කටයුත්තක්ම කිරීම ගැනත් ඔබ ඉගෙන ගෙන තියෙනවා. ඊළඟට ඉගෙන ගන්නේ සක්මන් භාවනාව...

read more
භාවනාවේ මූලික කරුණු

භාවනාවේ මූලික කරුණු

භාවනාව තුළින් ඔබේ මිනිස් ජීවිතය වඩාත්ම සුවපත් කරන අතර වඩාත්ම අර්ථවත් කරයි. භාවනා කිරීම කියන්නේ ඔබේ සිත දියුණු කරගන්නා සුවිශේෂී ක්‍රමයකටයි. අපට මේ...

read more
පෘථග්ජන පුද්ගලයා කවරෙක් ද?

පෘථග්ජන පුද්ගලයා කවරෙක් ද?

බෞද්ධයෝ බොහෝ කලක සිට නිවැරදි අර්ථය නොසළකා ‘පෘථග්ජන’ යන වචන ව්‍යවහාර කරන්නට පුරුදුව සිටිති. තමන්ගේ ඇතැම් දුර්වලතා සාධාරණීකරණය කරගැනීමට ද ‘අපි ඉතින්...

read more
ආයාචිතභත්ත ජාතකය ~ දෙවියන්ට භාරහාර වූ මිනිසුන්ගේ කථාව

ආයාචිතභත්ත ජාතකය ~ දෙවියන්ට භාරහාර වූ මිනිසුන්ගේ කථාව

අදටත් සමහර උදවිය තමන්ගේ කටයුතු සාර්ථක වෙන්න කියල දෙවියන්ට භාරහාර වෙනවා. දේවදාන දෙනවා. ඇතැම් ආගම්වල අදටත් භාර ඔප්පු කිරීම පිණිස සතුන් මරා බිලි දෙනවා....

read more
කණ්හ ජාතකය ~ කළු වෘෂභයාගේ කථාව

කණ්හ ජාතකය ~ කළු වෘෂභයාගේ කථාව

වගකීම් හැමෝටම දරන්ට බෑ. ඕනෑම වගකීමක් දරන්ට පුළුවන් අය ඉන්නවා. අපගේ භාග්‍යවතුන් වහන්සේ අන්න එබඳු උත්තමයෙක්. දවසක් අපගේ භාග්‍යවතුන් වහන්සේ අසවල් දවසේ...

read more
තේලපත්ත ජාතකය ~ තෙල් පාත්‍රය මුල් කොට වදාළ කථාව

තේලපත්ත ජාතකය ~ තෙල් පාත්‍රය මුල් කොට වදාළ කථාව

පින්වතුනේ, පින්වත් දරුවනේ, ජීවිතයේ බොහෝ ආරවුල්, අර්බුද, ගැටළු හටගන්නේ ඉන්ද්‍රියයන් අසංවර වීමෙනුයි. ඉන්ද්‍රිය සංවර නොකර ගැනීමෙන් පැවිදි ජීවිතය පවා...

read more

“මෙම පුණ්‍ය භූමිය සඳහා අවශ්‍ය දෑ පහත පරිදි දැක්විය හැකිය.”

මෙම විහාරස්ථානයේ අවශ්‍යතා සොයාබලා ඔබට හැකි අයුරින් ආධාර කරන්න. විහාරස්ථානයේ වර්තමාන තත්වය දැනගැනීමට සැමවිටම විහාරාධිපති ස්වාමින් වහන්සේ දුරකථනය ඔස්සේ හෝ චැට් පණිවිඩයක් ඔස්සේ සම්බන්ධ කරගන්න. මෙම තොරතුරු යාවත්කාලින කරන ලද්දේ 2019 නොවැම්බර් 9 වෙනි දිනදීය.

ආධාර අවශ්‍ය කාරණා

  • 1934 වර්ෂයේ සකස් කල ඉතා අලංකාර විහාර මන්දිරයේ වහල ඉතා ඉක්මණින් ප්‍රතිසංස්කරණය කිරිම. (වැසි දින වල තෙමීමකට ලක්වෙයි)

  • වසර 200 පමණ පැරණි බෝධින් වහන්සේ වටා ප්‍රාකාරය හා පිය ගැටපෙල සැකසීම.

  • වසර 200 පමණ පැරනි චෛත්‍යරාජයානන් වහන්සේසංරක්ෂණය

  • දහම් පාසලේ දරුවන් සඳහා ශාලාවක් සැකසීම හා ඩෙස් බංකු සැකසීමට

ආධාර කරන්න 

පින්වත් ඔබගේ ආධාර පහත ගිණුමට බැරකළ හැකිය

ගිණුමේ නම – රොටවල ධම්මරතන හිමි
ගිණුම් අංකය – 81938267
බැංකු ශාඛාව – දෙයියන්දර

ගිණුමේ නම – දායක සභාව  ශ්‍රි අත්‍ථදස්සාරාමය
ගිණුම් අංකය – 76309549
බැංකු ශාඛාව – දෙයියන්දර

ඔබ බැංකුවට මුදල් බැර කරන්නේ නම්, බැංකුවෙන් ලැබෙන රිසිට් පතෙහි පිටපතක් අප වෙත යෙමුකරන්න.

දහම් පාසල ~

1975 වර්ෂයේ ආරම්භ වු ශ්‍රි ඉන්ද්‍රසාර දහම්පාසල දරුවන් 350 පමණ අධ්‍යාපනය ලබති. ප්‍රදේශයේ දරුවන්ගේ අධ්‍යාපනය සපුරාලයි. දහම් අවසාන විභාගය හා ධර්මාචාර්ය ශ්‍රේණි දක්වා ගරුභවතුන් 15 ක් පමණ ඉගැන්වීමේ කටයුතු වල යෙදී සිටියි. විහාරස්ථානයේ සංඝ පීතෘවරයෙකු වැඩ සිටි රංසදගොඩ ඉන්ද්‍රසාර නාහිමි නමින් ශ්‍රි ඉන්ද්‍රසාර දහම් පාසල ආරම්භ කොට ඇත.

ප්‍රධාන ආචාර්ය හිමි ලෙස පුජ්‍ය රොටවල ධම්මරක්කිත හිමියන් ක්‍රියා කරයි. 32/12/ද.පා.ලා/7743 අංකය යටතේ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කොට ඇත.

~ විහාරාධිපති ස්වාමීන් වහන්සේ ~

සියම් මහානිකායේ මල්වතුපාර්ශවයේ විහාරස්ථානයක් ලෙස බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ බෞ/කො/විහාදේ08/12/007 අංකය යටතේ ලියාපදිංචි කොට ඇත. වර්තමාන විහාරාධිපති පුජ්‍ය රොටවල ධම්මරක්කිත හිමියන් රුහුණු විශ්ව විද්‍යාලයෙන් මුලික උපාධියද, ශ්‍රඇත. ද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ.සාර දහම් පාසල ආරම්භ කොට ඇත.ී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයෙන් පශ්චාත් උපාදියද. ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයෙන් පශ්චාත් උපාධි අධයාපන ඩිප්ලෝමාවද, රුහුණු විශ්ව විද්‍යාලයෙන් මනෝවිද්‍යා හා උපදේශනය පිළිබඳ ඩිප්ලෝමා විභාගයද සමත් වී රජයේ පාසලක ගුරුවෘත්තීයේ නිරත වෙයි.

අතිපුජ්‍ය ශස්ත්‍රෙව්දී පණ්ඩිත උයන්ගොඩ භද්දිය නාහිමි යටතේ 1991 වර්ෂයේ පැවිදිවන අතර, 1999 වර්ෂයේ උපසම්පදාව ලැබීය.

අපව සම්බන්ධ කරගන්න

පහත දුරකතන අංක ඔස්සේ විහාරස්ථානය සම්බන්ධ කරගත හැකි අතර, බොහොමයක් විහාරස්ථාන පිහිටා ඇත්තේ ඉතා දුෂ්කර ප්‍රදේශවල බැවින් ඊමේල් ඔස්සේ සම්බන්ධ කරගැනීමට අපහසු විය හැකි බව කරුණාවෙන් සළකන්න. 

ඊමේල් ලිපිනය

info@dewalegamapansala.org.lk

දුරකතන අංකය

0716344900 / 071-3247618

ලිපිනය

දේවාලේගම, රදාවෙල

විහාරස්ථානයේ පිහිටීම 

මෙම වෙබ් අඩවිය සමාජජාල මාධ්‍ය ඔස්සේ බෙදාහරින්න…