loader image
Select Page

ශ්‍රී ධර්මගිරි ගිරුවාසෑ විහාරය

උතුරු ගිරුවාපත්තුවේ වීරකැටිය දෙබොක්කාව මාර්ගයේ පල්ලෙමුලන ග්‍රාමයේ සුන්දර කෙත්යාය සහ ඉතා කුඩා වැව ඉදිරිපස මෙම විහාරස්ථානය පිහිටා ඇත. වර්ෂ 1947 දී අතිපූජනයීය අබකොළවැවේ ධම්මාලංකාර මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ මෙහි  ආදි කතෘන් වහන්සේය. උන්වහන්සේ අපවත් වී දැනට වසර තුනකට අධිකය. මුල් යුගයේ ඉතා දුෂ්කරතා මැද කුඩා ආවාසයක් වූ මෙම විහාරය සංවර්ධනය කිරීමට ජීවත්ව සිට  ඇත්තේ පවුල් අතලොස්සකි. ඒ අතර පාර්ලිමේන්තුවේ හිටපු උප කථානායක ගරු ඩී. ඒ. රාජපක්ෂ මැතිතුමාද වේ. ඉතා දුෂ්කරතා මැද ක්‍රම ක්‍රමයෙන් විහාර අංග ඉදි වෙමින් තිබූ  අතර පස්න විධායක ජනාධිපති ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේද, ගරු චමල් රාජපක්ෂ මැතිතුමාගේද, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ගරු නාමල් රාජපක්ෂ මැතිතුමාගේද අධික්ෂණය යටතේ  සීමා මාලකයක්  හැර අනිකුත් විහාරංගයන්ගෙන් පරිපූර්ණව ඉදි කොට ඇත. විහාරස්ථානයට සුන්දරත්වය ගෙන දෙමින් දළදා ආකෘතියට අනුව දෙමහල්ල විහාරයක් ඉදි කොට එහි උඩු මහලෙහි තම පෞද්ගලික මුදලින් ගරු හිටපු කථානායක සහ වර්තමාන වාරිමාර්ග, කෘෂිකර්ම හා රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ගරු චමල් රාජපක්ෂ මැතිතුමා විසින්  සමාධි බුදු පිළිම වහන්සේ තැන්පත් කොට ඇත. එසේම ඌව පළාතේ මහ අමාත්‍ය සහ  කතරගම එවකට සිටි බස්නායක නිලමේ තැන්පත් ගරු ශමින්ද්‍ර කුමාර රාජපක්ෂ මැතිඳුන්ගේ ධන පරිත්‍යාගයෙන් චෛත්‍ය රාජයාණන් වහන්සේ ඉදි කළ අතර එහි හතරැස් කොටුවෙහි වී කරල් යොදමින් මෙම විහාරය ශ්‍රී ධර්මගිරි ගිරුවා සෑ විහාරස්ථානය ලෙස ප්‍රසිද්ධියට පත්ව ඇත.

වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ආරක්ෂක ලේකම් තනතුර දරන අවදියෙහි පැරණි බෝධීන් වහන්සේ වටා රන්වැට සහිත බෝධි ප්‍රාකාරය ඉදි කරන ලදී. මෙම විහාරස්ථානයට අවශ්‍යව ඇති එකම විහාරංගය සීමා මාලකය පමණි. එය ඉදි කළ යුතුව ඇත්තේ ඉදිරිපස ඇති කුඩා වැව මධ්‍යයෙහිය. මහින්ද රාජපක්ෂ ජනපතිතුමාට යුද්ධය නිමා කිරීමේ උපහාර වශයෙන් කළුතර සදහම්  පදනමේ මූල්‍යමය දායකත්වය යටතේ මාර්ගය ඉදිරිපස කාගේත් සිත්ගත් දහ අට රියන් පිළිම වහන්සේ ඉදි කොට ඇත.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමාගේද පූර්ණ අවධානය විහාරස්ථානය වෙත යොමු වී ඇත. එසේම දකුණු පලාත් සභා මන්ත්‍රී ගරු කපිල දිසානායක මැතිතුමාගේ ප්‍රතිපාදන යටතේ විහාරස්ථානයේ යම් යම් අංග සහ උපකරණ විහාරස්ථානයට ලබා දී ඇත. මෙම ‍දියුණුවේ විශේෂ කොටසක්රුවෙකු ලෙස වීරකැටිය විවිධ සේවා සමුපකාර සමිතියේ සභාපති ගරු ජනක දිසානායක මැතිතුමාගේද සහයෝගය ලැබී ඇත. මෙම ප්‍රදේශයේ සහ අවට ප්‍රදේශවාසීන්ගේ  කුදුමහත් ජාතික, ආගමික, සාමාජික සියළු කටයුතු තම විහාරස්ථානය මගින් සිදු කරනු ලැබේ.

පුවත්  ~ News

මෙම විහාරස්ථානයේ  සිදුකරන ආගමික වැඩසටහන්, ආධාර අවශ්‍යතා සහ දහම් කරුණු පිළිබදව තොරතුරු පහතින් දක්වා ඇත. සම්පුර්ණ පුවත කියවන්න “වැඩිදුර කියවන්න” බොත්තම ඔබන්න.

සතර සතිපට්ඨානය තුළ ඉරියාපථ භාවනාව

සතර සතිපට්ඨානය තුළ ඉරියාපථ භාවනාව

දැන් ඔබ මේ වෙන කොට ආනාපානසති භාවනාව පිළිබඳවත්, හොඳ සිහි නුවණින් යුක්තව සෑම කටයුත්තක්ම කිරීම ගැනත් ඔබ ඉගෙන ගෙන තියෙනවා. ඊළඟට ඉගෙන ගන්නේ සක්මන් භාවනාව...

read more
භාවනාවේ මූලික කරුණු

භාවනාවේ මූලික කරුණු

භාවනාව තුළින් ඔබේ මිනිස් ජීවිතය වඩාත්ම සුවපත් කරන අතර වඩාත්ම අර්ථවත් කරයි. භාවනා කිරීම කියන්නේ ඔබේ සිත දියුණු කරගන්නා සුවිශේෂී ක්‍රමයකටයි. අපට මේ...

read more
පෘථග්ජන පුද්ගලයා කවරෙක් ද?

පෘථග්ජන පුද්ගලයා කවරෙක් ද?

බෞද්ධයෝ බොහෝ කලක සිට නිවැරදි අර්ථය නොසළකා ‘පෘථග්ජන’ යන වචන ව්‍යවහාර කරන්නට පුරුදුව සිටිති. තමන්ගේ ඇතැම් දුර්වලතා සාධාරණීකරණය කරගැනීමට ද ‘අපි ඉතින්...

read more
ආයාචිතභත්ත ජාතකය ~ දෙවියන්ට භාරහාර වූ මිනිසුන්ගේ කථාව

ආයාචිතභත්ත ජාතකය ~ දෙවියන්ට භාරහාර වූ මිනිසුන්ගේ කථාව

අදටත් සමහර උදවිය තමන්ගේ කටයුතු සාර්ථක වෙන්න කියල දෙවියන්ට භාරහාර වෙනවා. දේවදාන දෙනවා. ඇතැම් ආගම්වල අදටත් භාර ඔප්පු කිරීම පිණිස සතුන් මරා බිලි දෙනවා....

read more
කණ්හ ජාතකය ~ කළු වෘෂභයාගේ කථාව

කණ්හ ජාතකය ~ කළු වෘෂභයාගේ කථාව

වගකීම් හැමෝටම දරන්ට බෑ. ඕනෑම වගකීමක් දරන්ට පුළුවන් අය ඉන්නවා. අපගේ භාග්‍යවතුන් වහන්සේ අන්න එබඳු උත්තමයෙක්. දවසක් අපගේ භාග්‍යවතුන් වහන්සේ අසවල් දවසේ...

read more
තේලපත්ත ජාතකය ~ තෙල් පාත්‍රය මුල් කොට වදාළ කථාව

තේලපත්ත ජාතකය ~ තෙල් පාත්‍රය මුල් කොට වදාළ කථාව

පින්වතුනේ, පින්වත් දරුවනේ, ජීවිතයේ බොහෝ ආරවුල්, අර්බුද, ගැටළු හටගන්නේ ඉන්ද්‍රියයන් අසංවර වීමෙනුයි. ඉන්ද්‍රිය සංවර නොකර ගැනීමෙන් පැවිදි ජීවිතය පවා...

read more

“මෙම පුණ්‍ය භූමිය සඳහා අවශ්‍ය දෑ පහත පරිදි දැක්විය හැකිය.”

මෙම විහාරස්ථානයේ අවශ්‍යතා සොයාබලා ඔබට හැකි අයුරින් ආධාර කරන්න. විහාරස්ථානයේ වර්තමාන තත්වය දැනගැනීමට සැමවිටම විහාරාධිපති ස්වාමින් වහන්සේ දුරකථනය ඔස්සේ හෝ චැට් පණිවිඩයක් ඔස්සේ සම්බන්ධ කරගන්න. මෙම තොරතුරු යාවත්කාලින කරන ලද්දේ 2020 ජනවාරි 8 වෙනි දිනදීය.

ආධාර අවශ්‍ය කාරණා

ආධාර කරන්න 

පින්වත් ඔබගේ ආධාර පහත ගිණුමට බැරකළ හැකිය

ගිණුමේ නම – විහාරස්ථාන කාර්යසාධක සමිතිය
ගිණුම් අංකය – 12020019846893
බැංකු ශාඛාව –

ගිණුමේ නම – විහාරාධිපතින් වහන්සේගේ
ගිණුම් අංකය – 319200211144752
බැංකු ශාඛාව –

ඔබ බැංකුවට මුදල් බැර කරන්නේ නම්, බැංකුවෙන් ලැබෙන රිසිට් පතෙහි පිටපතක් අප වෙත යෙමුකරන්න.

ජනාධිපති මහින්ද රාජපක්ෂ දහම්පාසල

පල්ලෙමුලන ශ්‍රී ධර්මගිරි ගිරුවා සෑ විහාරස්ථානයෙහි සතර පේරුවේ දායක කාරකාදින්ගේ හා අවට ගම්මානවල ජනතාවගේ දූ දරුවන්ගේ අධ්‍යාත්මික දැනුම වැඩි කිරීමේ අදහසින් පස්වන විධායක ජනාධිපති ගරු මහින්ද රාජපක්ෂ මැතිඳුන්ගේ ශ්‍රී නාමයට උපහාරයක් වශයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ දහම්පාසල 2006-05-12 දින ආරම්භ කර ඇත. මෙම දහම්පාසල මගින් ප්‍රාදේශීය හා දිස්ත්‍රික්, සමස්ත ලංකා ආදී ජයග්‍රහණ රාශියක් ලබා ඇත. ළමුන් 400කට ආසන්න ප්‍රමාණයක් ඉගෙනුම ලබන අතර ඒ සඳහා ගුරුවරුන් දොළොස් දෙනෙකුගේ දායකත්වය ලැබේ. වාර්ෂික දහම්පාසල් ත්‍යාග ප්‍රදානෝත්සව අනිකුත් ජාතික උත්සව දහම් පාසල් දරුවන් උදෙසා සිදු කරනු ලැබේ.

~ විහාරාධිපති ස්වාමීන් වහන්සේ ~

වර්තමාන විහාරාධිපතීන් වහන්සේ වන්නේ ශාස්ත්‍රපති  පූජ්‍ය සපුගහයායේ ධම්මානන්ද හිමියන්ය. 1969 උපතලද උන්වහන්සේ පැවිදි භූමියට පත්වන්නේ 1984 මැයි මස 11 න දින ය. තංගල්ල කදුරුපොකුණ සිරි ධම්මතිලක පිරිවෙනින් මූලික අධ්‍යාපනය ලබා උසස් පෙළ අධ්‍යාපනය ගාල්ල ශ්‍රී රේවත  විද්‍යායතන පිරිවෙනින්  ලබා විශ්ව විද්‍යාල වරම් ලබා ගත්තේය. අවුරුදු 20 දි එනම් 1989 මැයි මස 30 වන  දින මහනුවර මල්වතු මහා විහාර උපෝසථාගාරයෙන් අධිශීල සංඛ්‍යාත උපසම්පදාව ලැබුවේය. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් B.A.  උපාධියද, කොළඹ විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපන ඩිප්ලෝමාවද, කැළණිය විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියද ලබා 1991 සිට මේ දක්වා පිරිවෙන් ආයතන කිහිපයකම සේවය කරමින් සිටී.

අපව සම්බන්ධ කරගන්න

පහත දුරකතන අංක ඔස්සේ විහාරස්ථානය සම්බන්ධ කරගත හැකි අතර, බොහොමයක් විහාරස්ථාන පිහිටා ඇත්තේ ඉතා දුෂ්කර ප්‍රදේශවල බැවින් ඊමේල් ඔස්සේ සම්බන්ධ කරගැනීමට අපහසු විය හැකි බව කරුණාවෙන් සළකන්න. 

ඊමේල් ලිපිනය

info@giruwaseviharaya.org.lk

දුරකතන අංකය

0472246711 / 0774591256 / 0718926404

ලිපිනය

ශ්‍රී ධර්මගිරි ගිරුවාසෑ විහාරය, පල්ලෙමුලන, මැදමුලන

විහාරස්ථානයේ පිහිටීම 

මෙම වෙබ් අඩවිය සමාජජාල මාධ්‍ය ඔස්සේ බෙදාහරින්න…