loader image
Select Page

ගෝනුමැරියාව වේරගම විහාරය

කැබිතිගොල්ලෑව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ අංක 25 ග්‍රාම නිළධාරි තුලානේ ගෝනමැරියාව ගමේ පිහිටා ඇති වේරගම පුරාණ රජමහ විහාරස්ථානයයි. ගෝනමැරියාව ගමේ හරි මැද උස් බිම්කඩක ඉතාම අලංකාර වු රමණීය භූමි භාගයක පිහිටා ඇත. නැගෙනහිර දිසාවේ හා දකුණු දිසාවේ ඉතාම දුර්ලභ වු උල්පතක් තුළික් ගලායන ඇලපහරකි. අති පැරණි ස්ථානයක් ලෙස හැඳින්වෙන මෙහි පෞරාණික නටබුන් රාශියක් ඇත. ඒ අතර, මහනුවර යුගයේ ඉදිකරන්නට යෙදුනු දුර්ලභ දැවයෙන් නිම කරන ලඳ ටැමිපිට විහාරයක් පිහිටා ඇත. එය නුවර යුගයේ කීර්ති ශ්‍රි රාජසිංහ රජුගේ කාලයේදී ඉදිකරන්නට යෙදුණි.

අප විහාර පරම්පරාවේ ප්‍රථම නායක හාමුදුරුවන් වැඩ සිටියේද මේ විහාරස්ථානයේය. මේ විහාරස්ථානයේ පුරාවිද්‍යාත්මක නටබුන් අතර, ගල්කණු, ගල්පඩි, බුඳුපිළිම, රජ රූප, දේව රූප ආදි දේ ද දැක ගත හැක. එසේම මුළු ප්‍රදේශයටම වටිනා සම්පතක් ලෙසින් සැලකෙන ගෝනමැරියාව ස්වාභාවික ජල උල්පත පිහිටා ඇත්තේද මේ විහාරස්ථාන භූමියේය.  දිසාවේ මහා නායක හිමිපාණාන්ට අයත් ප්‍රධාන විහාරස්ථානය ලෙස සැලකෙන්නේ ගෝනමැරියාව වේරගම පුරාණ රජමහ විහාරස්ථානයයි.

දහම් පාසල

ගෝනමැරියාව වේරගම පුරාණ රජමහ විහාරස්ථානයේ ඇති දහම් පාසල ශ්‍රි ධම්මානන්ද දහම් පාසලයි. මෙය 1962 වර්ෂයේ ආරම්භ කරන්නට යෙදුනු ප්‍රදේශයේ ඇති පැරණිතම දහම් පාසලයි. දැනට මෙහි දහම් අධ්‍යාපනය සිසුන් 90 ක් පමණ හදාරනු ලබයි. ගුරුවරුන් නව දෙනෙකු පමණ ඉගැන්වීම් කටයුතු සිදු කරනු ලබයි.

වාර්ෂිකව පවත්වනු ලබන දහම් පාසල් තරග, දහම් පාසල් ශ්‍රේණි විභාග ආදි කටයුතුවලදී ජයග්‍රහණ රාශියක් ලබා ගෙන ඇත. එසේම තවත් බොහෝ ආගමික කටයුතු පොදු කටයුතු වලදීද ඉතා කැප වීමෙන් කටයුතු කරනු ලබන දහම් පාසලකි.

පුවත්  ~ News

මෙම විහාරස්ථානයේ  සිදුකරන ආගමික වැඩසටහන්, ආධාර අවශ්‍යතා සහ දහම් කරුණු පිළිබදව තොරතුරු පහතින් දක්වා ඇත. සම්පුර්ණ පුවත කියවන්න “වැඩිදුර කියවන්න” බොත්තම ඔබන්න.

කුසල් දහම් පුරන ගිහි පැවිදි දෙපිරිසටම ඉතා වැදගත් ‘වස් කාලය’

කුසල් දහම් පුරන ගිහි පැවිදි දෙපිරිසටම ඉතා වැදගත් ‘වස් කාලය’

පැරණි භාරතයේ ප‍්‍රධාන සෘතු තුනක් පැවතිණ. හේමන්ත, ගිම්හාන, වස්සාන වශයෙනි. හේමන්ත සෘතුව, අධික ලෙස ශීතලය. ගිම්හාන සෘතුව, අධික ලෙස උණුසුම්ය. වස්සාන...

read more
ත්‍රිපිටකය රැකගත්තේ මෙහෙමයි

ත්‍රිපිටකය රැකගත්තේ මෙහෙමයි

බ‍්‍රාහ්මණ තිස්ස බය පැවති කාලයේ සිතුල්පව්වේද තිස්ස මහා විහාරයේ ද දොලොස් දහස බැගින් භික්ෂූහු විසූහ. අවුරුදු තුනකට ප‍්‍රමාණවත් ධාන්‍ය විහාර දෙකෙම් මහ...

read more
හැඳින මෙහෙයවිය යුතු කර්මය

හැඳින මෙහෙයවිය යුතු කර්මය

බුදු දහමේ මූලික සංකල්පයක් වන කර්මය පිළිබඳ ඉතා පැහැදිලි විවරණයක් මේ ලිපිය මගින් දැක්වේ..කර්මය නම් චර්යාව පිළිබඳ හේතු-ප්‍රත්‍ය නියාමය යි. එහි සමගාමි...

read more
සුළුවෙන් කලද නැති නොවන පින්

සුළුවෙන් කලද නැති නොවන පින්

දානයෙන් මෙන් මැ ශීල භාවනාවන් හි අනුසස් බොහෝ ය. ශීලයෙහි යෙදෙනවාට වඩා බොහෝ දෙනා දන් දී මෙහි යුහුසුළු වෙති. එකල වැඩි දෙනෙක් බුදුන් වහන්සේ ප්‍රමුඛ මහා...

read more
මරණානුස්සති භාවනාව

මරණානුස්සති භාවනාව

ඉපදුණා වූ සියලූම සත්වයෝ මරණයට පත්වන්නේය. දෙව්ලොවෙහි දෙවියන් ද, බඹලොවෙහි බ‍්‍රහ්මයන් ද, සතර අපා වැසි සත්වයන් ද, සියලූ මනුෂ්‍යයන් ද මරණයට පත් වන්නේ ය....

read more
සතර සතිපට්ඨානය තුළ සප්ත බොජ්ඣංග

සතර සතිපට්ඨානය තුළ සප්ත බොජ්ඣංග

බුදුරජාණන් වහන්සේ වදාළ සතිපට්ඨාන භාවනාවේ ධම්මානුපස්සනාවේ අවසාන කොටස් දැන් අපි ඉගෙන ගනිමින් සිටින්නේ. මේකෙ තියෙනවා සප්ත බොජ්ඣංග කියල කොටසක්. බොජ්ඣංග...

read more

“මෙම පුණ්‍ය භූමිය සඳහා අවශ්‍ය දෑ පහත පරිදි දැක්විය හැකිය.”

මෙම විහාරස්ථානයේ අවශ්‍යතා සොයාබලා ඔබට හැකි අයුරින් ආධාර කරන්න. විහාරස්ථානයේ වර්තමාන තත්වය දැනගැනීමට සැමවිටම විහාරාධිපති ස්වාමින් වහන්සේ දුරකථනය ඔස්සේ හෝ චැට් පණිවිඩයක් ඔස්සේ සම්බන්ධ කරගන්න. මෙම තොරතුරු යාවත්කාලින කරන ලද්දේ 2019 සැප්තැම්බර් 4 වෙනි දිනදීය.

ආධාර අවශ්‍ය කාරණා

  • දාන ශාලාව :
    දැනට තිබෙන දාන ශාලාව ප්‍රමාණවත් නොවේ. පොහොය දවස්වලට, කඨින පිංකම් හා දානමය වෙනත් කටයුතුවලදී බොහෝ අසීරුතාවයන්ට පත්වේ. එම නිසා එය විශාල කර ගැනීමත්, දානමය උපකරණ තබා ගැනීමට යම් ක්‍රමවේදයක් සකස් කිරීම ඉතාම ප්‍රයෝජනවත් වේ

 

  • පොදු වැසිකිළි  පද්ධතිය :
    පොදු වැසිකිලි පද්ධතිය මේ වන විට ප්‍රතිසංස්කරණය මට්ටමේ පවතී. විශේෂයෙන් දොරවල් හා තවත් උපාංග අළුත්වැඩියා මට්ටමේ පවති. ඒවා පිළිසකර කර දීම ඉතාමත් ප්‍රයෝජනවත් වේ.

ආධාර කරන්න 

පින්වත් ඔබගේ ආධාර පහත ගිණුමට බැරකළ හැකිය

ගිණුමේ නම – ජී. සුමනරතන හිමි
ගිණුම් අංකය – 150200180028148
බැංකු ශාඛාව – බැංකුව හදුනාගත නොහැක

ගිණුමේ නම – දායක සභාව
ගිණුම් අංකය – 5197033
බැංකු ශාඛාව – බැංකුව හදුනාගත නොහැක

ඔබ බැංකුවට මුදල් බැර කරන්නේ නම්, බැංකුවෙන් ලැබෙන රිසිට් පතෙහි පිටපතක් අප වෙත යෙමුකරන්න.

~ විහාරාධිපති ස්වාමීන් වහන්සේ ~

උතුරු මධ්‍යම උපප්‍රධාන අධිකරණ සංඝනායක පුජ්‍ය විහාරහල්මිල්ලෑවේ ධම්ම රක්ඛිත නාහිමිපාණන් වහන්සේ විහාරාධිපති වශයෙන් කටයුතු කරනු ලබයි. එසේම උන්වහන්සේගේ ශිෂ්‍ය පුජ්‍ය ගල්කන්දෑවේ සුමනරතන හිමියන් විහාරවාසි වශයෙන් කටයුතු කරනු ලබයි.

අපව සම්බන්ධ කරගන්න

පහත දුරකතන අංක ඔස්සේ විහාරස්ථානය සම්බන්ධ කරගත හැකි අතර, බොහොමයක් විහාරස්ථාන පිහිටා ඇත්තේ ඉතා දුෂ්කර ප්‍රදේශවල බැවින් ඊමේල් ඔස්සේ සම්බන්ධ කරගැනීමට අපහසු විය හැකි බව කරුණාවෙන් සළකන්න. 

ඊමේල් ලිපිනය

info@gonumeriyawaweragamaviharaya.org.lk

දුරකතන අංකය

0718295241

ලිපිනය

වේරගම පුරාණ රජමහ විහාරය, ගෝනමැරියාව, කෑබිතිගොල්ලෑව

විහාරස්ථානයේ පිහිටීම 

මෙම වෙබ් අඩවිය සමාජජාල මාධ්‍ය ඔස්සේ බෙදාහරින්න…