loader image
Select Page

හකුරුවෙල පුරාණ විහාරය

උතුරු ගිරුවාපත්තුවේ රුහුණු රට හම්බන්තොට දිස්ත්‍රික්කයේ අඟුණුකොළපැලැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ හකුරුවෙල ග්‍රාම නිලධාරී වසමේ හකුරුවෙල පුරාණ විහාරස්ථානය නමින් අප විහාරස්ථානය හැඳින්වේ.එය ඉතා පැරණි මහනුවර යුගයේ චිත්‍ර ආදියෙන් පිරිපුන් ඉතා පැරණි විහාර අංග රාශියකින් පිරි මනරම් භූමි භාගයක පිහිටා ඇත.විශේෂයෙන් ඉපැරණි ගම්මානයකි.ආදිතම පෞරාණික ගමක් ලෙස පෙනෙන පැරණි වලව් ආදි ගෙවල් වලින්ද පිරි භාග්‍යසම්පන්න ගමක් ලෙස එහි නටබුන් අදද විද්‍යාමාන වේ.

ධර්ම විද්‍යාලය

හම්බන්තොට හකුරුවෙල ශ්‍රී ධම්මානන්ද දහම් පාසල විද්‍යාලයේ ප්‍රධානාචාර්යතුමා වන්නේ ද දැනට විහාරස්ථානයේ විහාරාධිපති ගොඩවෙල පියරතන ස්වාමීන් වහන්සේය .එහි ගුරුවරු දහයක් පමණ සහ ළමයින් 150ක් පමණ ශික්ෂණය ලබයි.

පුවත්  ~ News

මෙම විහාරස්ථානයේ  සිදුකරන ආගමික වැඩසටහන්, ආධාර අවශ්‍යතා සහ දහම් කරුණු පිළිබදව තොරතුරු පහතින් දක්වා ඇත. සම්පුර්ණ පුවත කියවන්න “වැඩිදුර කියවන්න” බොත්තම ඔබන්න.

සතර සතිපට්ඨානය තුළ ඉරියාපථ භාවනාව

සතර සතිපට්ඨානය තුළ ඉරියාපථ භාවනාව

දැන් ඔබ මේ වෙන කොට ආනාපානසති භාවනාව පිළිබඳවත්, හොඳ සිහි නුවණින් යුක්තව සෑම කටයුත්තක්ම කිරීම ගැනත් ඔබ ඉගෙන ගෙන තියෙනවා. ඊළඟට ඉගෙන ගන්නේ සක්මන් භාවනාව...

read more
භාවනාවේ මූලික කරුණු

භාවනාවේ මූලික කරුණු

භාවනාව තුළින් ඔබේ මිනිස් ජීවිතය වඩාත්ම සුවපත් කරන අතර වඩාත්ම අර්ථවත් කරයි. භාවනා කිරීම කියන්නේ ඔබේ සිත දියුණු කරගන්නා සුවිශේෂී ක්‍රමයකටයි. අපට මේ...

read more
පෘථග්ජන පුද්ගලයා කවරෙක් ද?

පෘථග්ජන පුද්ගලයා කවරෙක් ද?

බෞද්ධයෝ බොහෝ කලක සිට නිවැරදි අර්ථය නොසළකා ‘පෘථග්ජන’ යන වචන ව්‍යවහාර කරන්නට පුරුදුව සිටිති. තමන්ගේ ඇතැම් දුර්වලතා සාධාරණීකරණය කරගැනීමට ද ‘අපි ඉතින්...

read more
ආයාචිතභත්ත ජාතකය ~ දෙවියන්ට භාරහාර වූ මිනිසුන්ගේ කථාව

ආයාචිතභත්ත ජාතකය ~ දෙවියන්ට භාරහාර වූ මිනිසුන්ගේ කථාව

අදටත් සමහර උදවිය තමන්ගේ කටයුතු සාර්ථක වෙන්න කියල දෙවියන්ට භාරහාර වෙනවා. දේවදාන දෙනවා. ඇතැම් ආගම්වල අදටත් භාර ඔප්පු කිරීම පිණිස සතුන් මරා බිලි දෙනවා....

read more
කණ්හ ජාතකය ~ කළු වෘෂභයාගේ කථාව

කණ්හ ජාතකය ~ කළු වෘෂභයාගේ කථාව

වගකීම් හැමෝටම දරන්ට බෑ. ඕනෑම වගකීමක් දරන්ට පුළුවන් අය ඉන්නවා. අපගේ භාග්‍යවතුන් වහන්සේ අන්න එබඳු උත්තමයෙක්. දවසක් අපගේ භාග්‍යවතුන් වහන්සේ අසවල් දවසේ...

read more
තේලපත්ත ජාතකය ~ තෙල් පාත්‍රය මුල් කොට වදාළ කථාව

තේලපත්ත ජාතකය ~ තෙල් පාත්‍රය මුල් කොට වදාළ කථාව

පින්වතුනේ, පින්වත් දරුවනේ, ජීවිතයේ බොහෝ ආරවුල්, අර්බුද, ගැටළු හටගන්නේ ඉන්ද්‍රියයන් අසංවර වීමෙනුයි. ඉන්ද්‍රිය සංවර නොකර ගැනීමෙන් පැවිදි ජීවිතය පවා...

read more

“මෙම පුණ්‍ය භූමිය සඳහා අවශ්‍ය දෑ පහත පරිදි දැක්විය හැකිය.”

මෙම විහාරස්ථානයේ අවශ්‍යතා සොයාබලා ඔබට හැකි අයුරින් ආධාර කරන්න. විහාරස්ථානයේ වර්තමාන තත්වය දැනගැනීමට සැමවිටම විහාරාධිපති ස්වාමින් වහන්සේ දුරකථනය ඔස්සේ හෝ චැට් පණිවිඩයක් ඔස්සේ සම්බන්ධ කරගන්න. මෙම තොරතුරු යාවත්කාලින කරන ලද්දේ 2020 ජනවාරි 6 වෙනි දිනදීය.

ආධාර අවශ්‍ය කාරණා

මෙම අවස්ථාව වන විට විහාරස්ථානයේ සංවර්ධනය සඳහා අවශ්‍යව ඇත්තේ අනුපිළිවෙලින් ධාතු මන්දිරය සහිත ශාලාව ,චෛත්‍යය පිළිසකර කිරීම සහ බෝධීන් වහන්සේ ප්‍රධාන කර සත්බුදු වන්දනාවට අවශ්‍ය පිලිසකර කිරීම්ය. එමෙන්ම විහාරස්ථානයේ සූරියවැව අසපුවේ ස්වාමීන් වහන්සේලාගේ මගපෙන්වීමෙන් යුතුව සිදුකරගෙන යන සීල භාවනා වැඩසටහනට සිල්වතුන් 350 ක් පමණ මාසිකව ශික්ෂණය ලබයි .එමෙන්ම සතර පෝයට සිල්වතුන්උපෝසථ සීලයෙහි පිහිටා නික්මෙති.නමුත් එම අයට අවශ්‍ය සනීපාරක්ෂක කටයුතු ද පවා නිසි ආකාරව නොතිබීම ඉතා කණගාටුදායක තත්ත්වයකි.

ආධාර කරන්න 

පින්වත් ඔබගේ ආධාර පහත ගිණුමට බැරකළ හැකිය

ගිණුමේ නම –
ගිණුම් අංකය – 
බැංකු ශාඛාව – 

ඔබ බැංකුවට මුදල් බැර කරන්නේ නම්, බැංකුවෙන් ලැබෙන රිසිට් පතෙහි පිටපතක් අප වෙත යෙමුකරන්න.

~ විහාරාධිපති ස්වාමීන් වහන්සේ ~

විහාරාධිපති විශ්‍රාමලත් නියෝජ්‍ය විදුහල්පති ආචාර්ය ගොඩවෙල පියරතන ස්වාමීන් වහන්සේය.

අපව සම්බන්ධ කරගන්න

පහත දුරකතන අංක ඔස්සේ විහාරස්ථානය සම්බන්ධ කරගත හැකි අතර, බොහොමයක් විහාරස්ථාන පිහිටා ඇත්තේ ඉතා දුෂ්කර ප්‍රදේශවල බැවින් ඊමේල් ඔස්සේ සම්බන්ධ කරගැනීමට අපහසු විය හැකි බව කරුණාවෙන් සළකන්න. 

ඊමේල් ලිපිනය

info@hakuruwelapuranaviharaya.org.lk

දුරකතන අංකය

0717171981

ලිපිනය

හකුරුවෙල පුරාණ විහාරය, කොටවාය, හකුරුවෙල

විහාරස්ථානයේ පිහිටීම 

මෙම වෙබ් අඩවිය සමාජජාල මාධ්‍ය ඔස්සේ බෙදාහරින්න…