loader image
Select Page

ශ්‍රී විජය බෞද්ධ මධ්‍යස්ථානය

මෙම විහාරස්ථානය ආරම්භ කොට ඇත්තේ ශි‍්‍ර බුද්ධ වර්ෂ 2511 – කි‍්‍ර ව 1967 වර්ෂයේ දීය.විහාරස්ථානයේ වර්තමාන ලියාපදිංචි අංකය – බෞ.කො.දේ/විහාදේ/ 09/30/011

ඓතිහාසික ජනප‍්‍රවාදයක්

” මෙම විහාරස්ථානය 1967 වසරේ ආරම්භ වූවත් මෙම පූජා භූමියෙහි ඇති බෝධීන් වහන්සේලා අවුරුදු 700 ක් තරම් පැරණි ඉතිහාසයකට අයත් ඒවාය. රුහුණෙහි ප‍්‍රාදේශීය පාලකයෙකුව සිටි මිණි කිරුළ රජු දවස ඔහුට අයත් පැරණි මාලිගාවක නටඹුන් මෙම විහාරස්ථානයට නුරුරෙහි ඇති පහළොස්බෝධිය නම් ප‍්‍රදේශයේ අදට ද දක්නට ඇත. එම කාලයෙහි ද මෙම බෝධීන් වහන්සේලාට බැතිමතුන් පැමිණ වන්දනා මාන සිදු කළ බවත් අසා ඇති බව පැරැුන්නෝ පවසති.

එමෙන්ම මහාවංසයේ සදහන් පුවතකට අනුව තවත් ජනප‍්‍රවාදයක සඳහන් වනුයේ පැරණි රජ දවස සිටී රජ කෙනෙකුන් මිය ගිය පසු එම ශෝකයෙන් ඔහුගේ භාර්යාවන් සත් දෙනාද එම සෑයට පැන දිවි නසා ගත් බවත්, පසුව ඔවුන් සිහි කරනු වස් එම ස්ථානයෙහි බෝ පැල සතක් සිට වූ බවත් එම ස්ථානය සත් බෝධිය හෙවත් හත්බෝධිය වූ බවයි.”

පුවත්  ~ News

මෙම විහාරස්ථානයේ  සිදුකරන ආගමික වැඩසටහන්, ආධාර අවශ්‍යතා සහ දහම් කරුණු පිළිබදව තොරතුරු පහතින් දක්වා ඇත. සම්පුර්ණ පුවත කියවන්න “වැඩිදුර කියවන්න” බොත්තම ඔබන්න.

කුසල් දහම් පුරන ගිහි පැවිදි දෙපිරිසටම ඉතා වැදගත් ‘වස් කාලය’

කුසල් දහම් පුරන ගිහි පැවිදි දෙපිරිසටම ඉතා වැදගත් ‘වස් කාලය’

පැරණි භාරතයේ ප‍්‍රධාන සෘතු තුනක් පැවතිණ. හේමන්ත, ගිම්හාන, වස්සාන වශයෙනි. හේමන්ත සෘතුව, අධික ලෙස ශීතලය. ගිම්හාන සෘතුව, අධික ලෙස උණුසුම්ය. වස්සාන...

read more
ත්‍රිපිටකය රැකගත්තේ මෙහෙමයි

ත්‍රිපිටකය රැකගත්තේ මෙහෙමයි

බ‍්‍රාහ්මණ තිස්ස බය පැවති කාලයේ සිතුල්පව්වේද තිස්ස මහා විහාරයේ ද දොලොස් දහස බැගින් භික්ෂූහු විසූහ. අවුරුදු තුනකට ප‍්‍රමාණවත් ධාන්‍ය විහාර දෙකෙම් මහ...

read more
හැඳින මෙහෙයවිය යුතු කර්මය

හැඳින මෙහෙයවිය යුතු කර්මය

බුදු දහමේ මූලික සංකල්පයක් වන කර්මය පිළිබඳ ඉතා පැහැදිලි විවරණයක් මේ ලිපිය මගින් දැක්වේ..කර්මය නම් චර්යාව පිළිබඳ හේතු-ප්‍රත්‍ය නියාමය යි. එහි සමගාමි...

read more
සුළුවෙන් කලද නැති නොවන පින්

සුළුවෙන් කලද නැති නොවන පින්

දානයෙන් මෙන් මැ ශීල භාවනාවන් හි අනුසස් බොහෝ ය. ශීලයෙහි යෙදෙනවාට වඩා බොහෝ දෙනා දන් දී මෙහි යුහුසුළු වෙති. එකල වැඩි දෙනෙක් බුදුන් වහන්සේ ප්‍රමුඛ මහා...

read more
මරණානුස්සති භාවනාව

මරණානුස්සති භාවනාව

ඉපදුණා වූ සියලූම සත්වයෝ මරණයට පත්වන්නේය. දෙව්ලොවෙහි දෙවියන් ද, බඹලොවෙහි බ‍්‍රහ්මයන් ද, සතර අපා වැසි සත්වයන් ද, සියලූ මනුෂ්‍යයන් ද මරණයට පත් වන්නේ ය....

read more
සතර සතිපට්ඨානය තුළ සප්ත බොජ්ඣංග

සතර සතිපට්ඨානය තුළ සප්ත බොජ්ඣංග

බුදුරජාණන් වහන්සේ වදාළ සතිපට්ඨාන භාවනාවේ ධම්මානුපස්සනාවේ අවසාන කොටස් දැන් අපි ඉගෙන ගනිමින් සිටින්නේ. මේකෙ තියෙනවා සප්ත බොජ්ඣංග කියල කොටසක්. බොජ්ඣංග...

read more

“මෙම පුණ්‍ය භූමිය සඳහා අවශ්‍ය දෑ පහත පරිදි දැක්විය හැකිය.”

මෙම විහාරස්ථානයේ අවශ්‍යතා සොයාබලා ඔබට හැකි අයුරින් ආධාර කරන්න. විහාරස්ථානයේ වර්තමාන තත්වය දැනගැනීමට සැමවිටම විහාරාධිපති ස්වාමින් වහන්සේ දුරකථනය ඔස්සේ හෝ චැට් පණිවිඩයක් ඔස්සේ සම්බන්ධ කරගන්න. මෙම තොරතුරු යාවත්කාලින කරන ලද්දේ 2019 ඔක්තොම්බර් 29 වෙනි දිනදීය.

ආධාර අවශ්‍ය කාරණා

  1. තෙමහල් සංඝාවාසය
    2009 වසරේ ආරම්භ කළ දාන ශාලාව සහිත තෙමහල් සංඝාවාසයෙහි බිම් මහලෙහි කටයුතු මේ වන විට අවසන් කොට ඇති අතර, පලමුු මහලෙහි වැඩ ආරම්භ කර ගැනීමට නොහැකි වි ඇත.

    2020 වර්ෂය තුළ මෙහි කොන්කි‍්‍රටි තට්ටුව අතුරා ගැනීම අපේක්ෂාවයි. ඒ සදහා ඇස්තමේන්තු ගත මුදල රු ලක්ෂ 26 කි.

    විහාරස්ථානයේ සංවර්ධන වැඩ රාශියකට ප‍්‍රදේශයේ ජනතාව දායක වී ඇති බැවින් දෙස් විදෙස් පරිත්‍යාගශීලීන්ගේ අවධානය යොමුවනු ඇතැයි බලාපොරොත්තු වෙමු.

    ධාතු මන්දිරය

    දැනට වැඩ අවසන් කොට ඇති පුස්තකාල ගොඩනැගිල්ලෙහි උඩු මහලෙහි ඉදි කිරිමට යෝජිත ධාතු මන්දිරය සදහා දායක වීමට කැමති දෙස් විදෙස් පින්වතුනට අප ඒ සඳහා ආරාධනා කර සිටිමු.

    ඒ සදහා ඇස්තමේන්තු ගත මුදල රු ලක්ෂ විසි දෙකකි රු. 2200000. 00

ආධාර කරන්න 

පින්වත් ඔබගේ ආධාර පහත ගිණුමට බැරකළ හැකිය

ගිණුමේ නම – විහාරාධිපති නාහිමි 
ගිණුම් අංකය –  7200259
බැංකු ශාඛාව – බෙලිඅත්ත

ඔබ බැංකුවට මුදල් බැර කරන්නේ නම්, බැංකුවෙන් ලැබෙන රිසිට් පතෙහි පිටපතක් අප වෙත යෙමුකරන්න.

~ විහාරාධිපති ස්වාමීන් වහන්සේ ~

2003 වසරේ එවකට දායක සභාවේ ගරු සභාපති විශ‍්‍රාමලත් විදුහල්පති නන්දදාස සුදුසිංහ මහතා ප‍්‍රධාන දායක පින්වතුන් ඒකරාශීව විහාරස්ථානය සංවර්ධනය කිරිම උදෙසා ස්ථිර වැඩපිළිවෙලක් තිබිය යුතු බවත් පෙන්වා දෙමින් ඒ සදහා මෙම විහාරස්ථානය බෙලිඅත්ත සිරි සුනන්ද මහා විහාරාධිපති පූජ්‍යපාද ගැටමාන්නේ සාසනරතන නාහිමිපාණන්වහන්සේට බාර කළහ.

වසරක් තුළ දායක සභාව සකී‍්‍රය කළ උන්වහන්සේ තම ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය රත්නය වූ පූජ්‍යපාද ශාස්ත‍්‍රපති නලගම ධම්මවංස ස්ථවිරයන් වහන්සේට මෙහි විහාරාධිපතිත්වය පවරා තම අධීක්ෂණය යටතේ සීඝ‍්‍ර දියුණුවකට ලක් කළේය.

ගරා වැටුණු ධර්ම ශාලාව වෙනුවට නව ධර්ම ශාලා මන්දිරයක් නව විහාර මන්දිරයක් තෙමහල් දාන ශාලාව සහිත සංඝාවාසයක් වාහල්කඩ සහිත දෙපස ප‍්‍රාකාර මලසුන් ගෙවල් වැනි විහාරස්ථානයට අවශ්‍ය සියළු අංග නැවතත් ඉදි කරමින් වසර 15 ක වැනි කෙටි කාලයක් තුළ මහත් දියුණුවකට පත් කරන මෙම විහාරස්ථානය ප‍්‍රදේශයේ ජනතාවගේ ඉමහත් ගෞරවයට හා වන්දනාවට පාත‍්‍ර වු පුණ්‍ය භූමියක් බවට මේ වන විට පත්ව ඇත.

එහි පුරෝගාමි නියමුවාණන් වනුයේ වත්මන් විහාරාධිපති ශි‍්‍ර ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක සංඝ සභික, බෙලිඅත්ත ප‍්‍රාදේශිය ශාසනාරක්ෂක මණ්ඩලයේ ගරු සභාපති නලගම ධම්මවංස නාහිමිපාණන්වහන්සේය.

අපව සම්බන්ධ කරගන්න

පහත දුරකතන අංක ඔස්සේ විහාරස්ථානය සම්බන්ධ කරගත හැකි අතර, බොහොමයක් විහාරස්ථාන පිහිටා ඇත්තේ ඉතා දුෂ්කර ප්‍රදේශවල බැවින් ඊමේල් ඔස්සේ සම්බන්ධ කරගැනීමට අපහසු විය හැකි බව කරුණාවෙන් සළකන්න. 

ඊමේල් ලිපිනය

info@hathbodhiyapansala.org.lk

දුරකතන අංකය

0718009170 / 0473483959

ලිපිනය

ශි‍්‍ර විජය බෞද්ධ මධ්‍යස්ථානය, හත්බෝධිය, බෙලිඅත්ත

 

විහාරස්ථානයේ පිහිටීම 

මෙම වෙබ් අඩවිය සමාජජාල මාධ්‍ය ඔස්සේ බෙදාහරින්න…