loader image
Select Page

ඊතල්විද්දවැව පුරාණ රජමහා විහාරය

උතුරුමැද පළා‍තේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැබිත්ගොල්ලෑව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට අයත් ග්‍රාමසේවක අංක 29 ඊතල්විද්දවැව තුලානේ ඊතල්විද්දවැව ග්‍රාමයේ ඉතා සිත් ඇදගන්නා පරිසර භූමි භාගයක මෙම ඓතිහාසික ඊතල්විද්දවැව පුරාණ රජමහ විහාරය පිහිටා ඇත. විහාරස්ථානයේ ඉතිහාසය දෙස හැරි බැලිමේදී තිබෙන නශ්ටාවශේෂ වලින් පෙනීයනු ලබන්නේ අනුරාධපුර මුල් භාගයේ ඉදිකරනු ලබන විහාරස්ථානයක් ලෙසිනි. භූමිය තුළ සෙල්ලිපි කිසිවක් දක්නට නොමැති අතර, පැරණි ගරාවැටුන චෛත්‍ය හා නටඹුන් වලින් යුත් ගල්කණු පමණක් තිබෙන විහාරගෙය තුලින් ඒබව සනාථ කළ හැක.

ශ්‍රි සුමංගල දහම් පාසල

ශ්‍රි සුමංගල දහම් පාසල ආරම්භ කරන්නට යෙදුනේ 2005-01-23 දිනය. ඒ දින සිට මේ දක්වා ප්‍රදේශයේ සිසුන් නගා ඇගයීම් වලින් දිස්ත්‍රික් සිසු නිපුණතා ඇගයීම් වලින් ජයක්ග්‍රහන රාශියක් අත්පත් කර ගෙන ඇත. දහම් පාසලේ අවසාන විභාගය, ධර්මාචාර්ය විභාග යන විභාග දෙපාර්තමේන්තුව මඟින් පවත්වන විභාගයන් ගෙන් ඉහත ප්‍රතිළුල සෑම වර්ෂයකම අත්කර ගන්නා දහම් පාසලකි. වර්තමාන වන විට සිසු සිසුවියන් 166 ක් පමණ දහම් අධ්‍යාපනය ලබන්නේය. ඒ සඳහා ගුරු භවතුන් 12 ක් මුලිකත්වය දරමින් කටයුතු කරන දහම් පාසල දිනෙන් දින ඉදිරියටම පිය නගත්වා

පුවත්  ~ News

මෙම විහාරස්ථානයේ  සිදුකරන ආගමික වැඩසටහන්, ආධාර අවශ්‍යතා සහ දහම් කරුණු පිළිබදව තොරතුරු පහතින් දක්වා ඇත. සම්පුර්ණ පුවත කියවන්න “වැඩිදුර කියවන්න” බොත්තම ඔබන්න.

කුසල් දහම් පුරන ගිහි පැවිදි දෙපිරිසටම ඉතා වැදගත් ‘වස් කාලය’

කුසල් දහම් පුරන ගිහි පැවිදි දෙපිරිසටම ඉතා වැදගත් ‘වස් කාලය’

පැරණි භාරතයේ ප‍්‍රධාන සෘතු තුනක් පැවතිණ. හේමන්ත, ගිම්හාන, වස්සාන වශයෙනි. හේමන්ත සෘතුව, අධික ලෙස ශීතලය. ගිම්හාන සෘතුව, අධික ලෙස උණුසුම්ය. වස්සාන...

read more
ත්‍රිපිටකය රැකගත්තේ මෙහෙමයි

ත්‍රිපිටකය රැකගත්තේ මෙහෙමයි

බ‍්‍රාහ්මණ තිස්ස බය පැවති කාලයේ සිතුල්පව්වේද තිස්ස මහා විහාරයේ ද දොලොස් දහස බැගින් භික්ෂූහු විසූහ. අවුරුදු තුනකට ප‍්‍රමාණවත් ධාන්‍ය විහාර දෙකෙම් මහ...

read more
හැඳින මෙහෙයවිය යුතු කර්මය

හැඳින මෙහෙයවිය යුතු කර්මය

බුදු දහමේ මූලික සංකල්පයක් වන කර්මය පිළිබඳ ඉතා පැහැදිලි විවරණයක් මේ ලිපිය මගින් දැක්වේ..කර්මය නම් චර්යාව පිළිබඳ හේතු-ප්‍රත්‍ය නියාමය යි. එහි සමගාමි...

read more
සුළුවෙන් කලද නැති නොවන පින්

සුළුවෙන් කලද නැති නොවන පින්

දානයෙන් මෙන් මැ ශීල භාවනාවන් හි අනුසස් බොහෝ ය. ශීලයෙහි යෙදෙනවාට වඩා බොහෝ දෙනා දන් දී මෙහි යුහුසුළු වෙති. එකල වැඩි දෙනෙක් බුදුන් වහන්සේ ප්‍රමුඛ මහා...

read more
මරණානුස්සති භාවනාව

මරණානුස්සති භාවනාව

ඉපදුණා වූ සියලූම සත්වයෝ මරණයට පත්වන්නේය. දෙව්ලොවෙහි දෙවියන් ද, බඹලොවෙහි බ‍්‍රහ්මයන් ද, සතර අපා වැසි සත්වයන් ද, සියලූ මනුෂ්‍යයන් ද මරණයට පත් වන්නේ ය....

read more
සතර සතිපට්ඨානය තුළ සප්ත බොජ්ඣංග

සතර සතිපට්ඨානය තුළ සප්ත බොජ්ඣංග

බුදුරජාණන් වහන්සේ වදාළ සතිපට්ඨාන භාවනාවේ ධම්මානුපස්සනාවේ අවසාන කොටස් දැන් අපි ඉගෙන ගනිමින් සිටින්නේ. මේකෙ තියෙනවා සප්ත බොජ්ඣංග කියල කොටසක්. බොජ්ඣංග...

read more

“මෙම පුණ්‍ය භූමිය සඳහා අවශ්‍ය දෑ පහත පරිදි දැක්විය හැකිය.”

මෙම විහාරස්ථානයේ අවශ්‍යතා සොයාබලා ඔබට හැකි අයුරින් ආධාර කරන්න. විහාරස්ථානයේ වර්තමාන තත්වය දැනගැනීමට සැමවිටම විහාරාධිපති ස්වාමින් වහන්සේ දුරකථනය ඔස්සේ හෝ චැට් පණිවිඩයක් ඔස්සේ සම්බන්ධ කරගන්න. මෙම තොරතුරු යාවත්කාලින කරන ලද්දේ 2019 සැප්තැම්බර් 3 වෙනි දිනදීය.

ආධාර අවශ්‍ය කාරණා

විහාරස්ථානයේ දැනට ඉදිකොට තිබෙන ලද දිග 120, පළල 46 ශාලාවේ ඉදිකොට තිබෙන වැරන්ඩාවේ දිග 120, පළල 16 කොන්ක්‍රීට් කොට සිමෙන්ති දැමීම සඳහා සිමෙන්ති කොට්ට 40 ක් පමණ අවශ්‍ය වේ යැයි සිතමි. ඒ සඳහා බාස්ලාට සහ අත්වැඩ කරුවන්ගේ වැඩ කුලී ගෙවීමට වැයවන මුදල්ය. එබැවින් එය ඉටුකර දෙන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි.

අනුරාධපුර යුගයට අයත් පැරණි චෛත්‍ය ගරා වැටි ඇති බැවින් තිබෙන විශාලතම අඩු පාඩුව දායකමහතුන් හට වන්දනා මාන කිරිම සඳහා චෛත්‍යක් ඉදි කර ගැනීමටය.

ආධාර කරන්න 

පින්වත් ඔබගේ ආධාර පහත ගිණුමට බැරකළ හැකිය

ගිණුමේ නම – විහාරස්ථ දායක සභාව
ගිණුම් අංකය – 72513931
බැංකු ශාඛාව – කැබිතිගොල්ලෑව 

ඔබ බැංකුවට මුදල් බැර කරන්නේ නම්, බැංකුවෙන් ලැබෙන රිසිට් පතෙහි පිටපතක් අප වෙත යෙමුකරන්න.

~ විහාරාධිපති ස්වාමීන් වහන්සේ ~

වර්තමානයේ වැඩවසන ගොනුමැදිරියාව වේරගම පුරාණ විහාරයේ සඝ පරපුරේ උතුරු මධ්‍යම දිසාවේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක අති පුජ්‍යපාද විහාරහල්මිල්ලෑවේ ධම්මරක්ඛිත නාහිමිපානන්ගේ ශිෂ්‍යවරයෙක් කැබිත්ගොල්ලෑව ශාසනාරක්‍ෂක බලමණ්ඩලයේ සභාපති කැබිතිගොල්ලෑවේ මධ්‍ය මහා විද්‍යාලයේ ආචාර්ය විහාරමිල්ලෑවේ ධම්මතිලක හිමිය.

අපව සම්බන්ධ කරගන්න

පහත දුරකතන අංක ඔස්සේ විහාරස්ථානය සම්බන්ධ කරගත හැකි අතර, බොහොමයක් විහාරස්ථාන පිහිටා ඇත්තේ ඉතා දුෂ්කර ප්‍රදේශවල බැවින් ඊමේල් ඔස්සේ සම්බන්ධ කරගැනීමට අපහසු විය හැකි බව කරුණාවෙන් සළකන්න. 

ඊමේල් ලිපිනය

info@italwiddawewarajamahaviharaya.org.lk

දුරකතන අංකය

0778083370 / 0718453274

ලිපිනය

පුරාණ රජමහ විහාරය, ඊතල්විද්දවැව, කැබිතිගොල්ලෑව

විහාරස්ථානයේ පිහිටීම 

මෙම වෙබ් අඩවිය සමාජජාල මාධ්‍ය ඔස්සේ බෙදාහරින්න…