loader image
Select Page

ජයසිංහාරාමය

තංගල්ල දංකැටිය ජයහිංහාරාමය මහා විහාරස්ථානය භික්ෂු පරපුරක් ලෙසින් ආරම්භ වී ඇත්තේ ක්‍රි.ව. 1914  වසරේදීය. ආදී කර්තෘන් වහන්සේ වන්නේ ජිනසාසනවංසාලංකාර අග්‍ර පණ්ඩිත අති පූජනීය මාරකොල්ලියේ අරියවංශ නාහිමියන්ය. තංගල්ල නගරයේ ඇති උසම චෛත්‍යරාජයා පිහිටා ඇත්තේ ජයසිංහාරාමයේ ‘රංගල්’ මහ වෙහෙර නමින්. මෙම වෙහෙර හඳුන්වන්නේ චෛත්‍ය ඉදිකර ස්ථානයේ රංගල් මතුවීම හේතු කරගෙනය. ඒ අනුව එම රංගල් පිහිටුවා  මෙම  චෛත්‍යය ඉදි වී ඇත. අප නාහිමියන් තම ස්වකීය දේපල මිල කොට අප්‍රතිහත උත්සාහයෙන් මෙම උතුම් වූ චෛත්‍ය රාජයාණන් වහන්සේ ඉදි කොට ඇත. නාහිමියන්ගේ ඇවෑමෙන් උන්වහන්සේගේ ශිෂ්‍ය පරියත්ති ශාසනාලංකාර  අතිපූජ්‍ය දොඩම්පහල පදුම නාහිමියන් විහාරාධිපති නාහිමියන් වශයෙන් පත් විය. උන්වහන්සේගේ අපවත් වීමෙන් පසු උන්වහන්සේගේ ශිෂ්‍ය පදුමනන්ද වංසාවකංස අරියවංසලංකාර  අතිපූජ්‍ය බෙලිකුඹුරේ  විජිත නාහිමියන් විහාරාධිපති ධූරයට පත්ව  විහාරස්ථානයේ සංවර්ධනයට සහ ප්‍රදේශවාසීන්ගේ ආදරයට ගෞරවයට පත් සුවිශාල බෞද්ධාගමික මෙහෙවරක් ඉටු කරමින් වැඩ සිටියි.

සිරි අරියවංශ දහම්පාසල

සිරි අරියවංශ දහම්පාසල නමින් දහම් පාසලක් 1984 වර්ෂයේ ළමුන් 24 දෙනෙකුගෙන් ආරම්භ කළ අතර ඉන් සිදුවූ ආගමික මෙහෙවර ඉතා අගය කළ යුතුය. දැනට ළමයින් 200 ක් පමණ එහි දහම් අධ්‍යාපනය ලබති. මේ සඳහා දෙමහල් 100 / 40 ප්‍රමාණයේ ගොඩනැගිල්ලක් ඉදි කළ යුතුව ඇත. මේ සඳහා පුණ්‍යකාමී පිංවත් සැමගේ ආධාර උපකාර බලාපොරොත්තු වෙමු.

පුවත්  ~ News

මෙම විහාරස්ථානයේ  සිදුකරන ආගමික වැඩසටහන්, ආධාර අවශ්‍යතා සහ දහම් කරුණු පිළිබදව තොරතුරු පහතින් දක්වා ඇත. සම්පුර්ණ පුවත කියවන්න “වැඩිදුර කියවන්න” බොත්තම ඔබන්න.

සතර සතිපට්ඨානය තුළ ඉරියාපථ භාවනාව

සතර සතිපට්ඨානය තුළ ඉරියාපථ භාවනාව

දැන් ඔබ මේ වෙන කොට ආනාපානසති භාවනාව පිළිබඳවත්, හොඳ සිහි නුවණින් යුක්තව සෑම කටයුත්තක්ම කිරීම ගැනත් ඔබ ඉගෙන ගෙන තියෙනවා. ඊළඟට ඉගෙන ගන්නේ සක්මන් භාවනාව...

read more
භාවනාවේ මූලික කරුණු

භාවනාවේ මූලික කරුණු

භාවනාව තුළින් ඔබේ මිනිස් ජීවිතය වඩාත්ම සුවපත් කරන අතර වඩාත්ම අර්ථවත් කරයි. භාවනා කිරීම කියන්නේ ඔබේ සිත දියුණු කරගන්නා සුවිශේෂී ක්‍රමයකටයි. අපට මේ...

read more
පෘථග්ජන පුද්ගලයා කවරෙක් ද?

පෘථග්ජන පුද්ගලයා කවරෙක් ද?

බෞද්ධයෝ බොහෝ කලක සිට නිවැරදි අර්ථය නොසළකා ‘පෘථග්ජන’ යන වචන ව්‍යවහාර කරන්නට පුරුදුව සිටිති. තමන්ගේ ඇතැම් දුර්වලතා සාධාරණීකරණය කරගැනීමට ද ‘අපි ඉතින්...

read more
ආයාචිතභත්ත ජාතකය ~ දෙවියන්ට භාරහාර වූ මිනිසුන්ගේ කථාව

ආයාචිතභත්ත ජාතකය ~ දෙවියන්ට භාරහාර වූ මිනිසුන්ගේ කථාව

අදටත් සමහර උදවිය තමන්ගේ කටයුතු සාර්ථක වෙන්න කියල දෙවියන්ට භාරහාර වෙනවා. දේවදාන දෙනවා. ඇතැම් ආගම්වල අදටත් භාර ඔප්පු කිරීම පිණිස සතුන් මරා බිලි දෙනවා....

read more
කණ්හ ජාතකය ~ කළු වෘෂභයාගේ කථාව

කණ්හ ජාතකය ~ කළු වෘෂභයාගේ කථාව

වගකීම් හැමෝටම දරන්ට බෑ. ඕනෑම වගකීමක් දරන්ට පුළුවන් අය ඉන්නවා. අපගේ භාග්‍යවතුන් වහන්සේ අන්න එබඳු උත්තමයෙක්. දවසක් අපගේ භාග්‍යවතුන් වහන්සේ අසවල් දවසේ...

read more
තේලපත්ත ජාතකය ~ තෙල් පාත්‍රය මුල් කොට වදාළ කථාව

තේලපත්ත ජාතකය ~ තෙල් පාත්‍රය මුල් කොට වදාළ කථාව

පින්වතුනේ, පින්වත් දරුවනේ, ජීවිතයේ බොහෝ ආරවුල්, අර්බුද, ගැටළු හටගන්නේ ඉන්ද්‍රියයන් අසංවර වීමෙනුයි. ඉන්ද්‍රිය සංවර නොකර ගැනීමෙන් පැවිදි ජීවිතය පවා...

read more

“මෙම පුණ්‍ය භූමිය සඳහා අවශ්‍ය දෑ පහත පරිදි දැක්විය හැකිය.”

මෙම විහාරස්ථානයේ අවශ්‍යතා සොයාබලා ඔබට හැකි අයුරින් ආධාර කරන්න. විහාරස්ථානයේ වර්තමාන තත්වය දැනගැනීමට සැමවිටම විහාරාධිපති ස්වාමින් වහන්සේ දුරකථනය ඔස්සේ හෝ චැට් පණිවිඩයක් ඔස්සේ සම්බන්ධ කරගන්න. මෙම තොරතුරු යාවත්කාලින කරන ලද්දේ 2019 නොවැම්බර් 26 වෙනි දිනදීය.

ආධාර අවශ්‍ය කාරණා

පෙර පාසලේ අවශ්‍යතා

2018.01.02 දින සිට ළමුන් 14 දෙනෙකුගෙන් ආරම්භ කළ මෙම පෙර පාසල විශාල අඩුපාඩු මැද පවත්වාගෙන යන අතර, එහි විශාල අඩුපාඩුවක් වන සෙල්ලම් මිදුල සහ ආරක්ෂිත වැට ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

පෙර පාසල ~ Pre School

ආධාර කරන්න 

පින්වත් ඔබගේ ආධාර පහත ගිණුමට බැරකළ හැකිය

ගිණුමේ නම – ජයසිංහාරාමය
ගිණුම් අංකය –  340384269
බැංකු ශාඛාව – තංගල්ල

ඔබ බැංකුවට මුදල් බැර කරන්නේ නම්, බැංකුවෙන් ලැබෙන රිසිට් පතෙහි පිටපතක් අප වෙත යෙමුකරන්න.

~ විහාරාධිපති ස්වාමීන් වහන්සේ ~

දැනට වැඩ සිටින ස්වාමීන්වහන්සේ අතිපූජ්‍ය බෙලිකුඹුරේ විජිත නාහිමියන්ගේ උසස් ශාසනික මෙහෙවර සලකා අමරපුර නිකාය මගින් ගරු නාම සම්මුතියක් සමග නායක ධූරයක් ප්‍රදානය කරන ලදී. විහාරස්ථානයේ ඉපැරණි ගොඩනැගිලි වෙනුවට නව ගොඩනැගිලි ඉදි කොට දර්ශනීය විහාර මාළිගාවක් ඉදි කොට නව සංඝාවාසයක්ද ඉදි කරවා ඇත. අලුතෙන් 100/40 ප්‍රමාණයේ දෙමහල් ධර්ම ශාලාවක් හා  පුස්තකාලයක් ඉදි කිරීමට යෝජිතව ඇත. සැමගේ ආධාර උපකාර ලබා දෙන ලෙස ශාසනාලය පෙරටුව ඉල්ලමි.

අපව සම්බන්ධ කරගන්න

පහත දුරකතන අංක ඔස්සේ විහාරස්ථානය සම්බන්ධ කරගත හැකි අතර, බොහොමයක් විහාරස්ථාන පිහිටා ඇත්තේ ඉතා දුෂ්කර ප්‍රදේශවල බැවින් ඊමේල් ඔස්සේ සම්බන්ධ කරගැනීමට අපහසු විය හැකි බව කරුණාවෙන් සළකන්න. 

ඊමේල් ලිපිනය

info@jayasinharamaya.org.lk

දුරකතන අංකය

0472242495

ලිපිනය

ජයසිංහාරාමය, දංකැටිය, තංගල්ල

විහාරස්ථානයේ පිහිටීම 

මෙම වෙබ් අඩවිය සමාජජාල මාධ්‍ය ඔස්සේ බෙදාහරින්න…