කෑමට ඇති අධික ලොල් බව නිසා බොහෝ දෙනෙක් ලෙඩ රෝගවලට ගොදුරු වෙනවා. අඩු ආයුෂයෙන් මැරෙන අවස්ථා තියෙනවා. සමහරුන් සොරකමට පෙළඹෙනවා. හොරෙන් කනවා. අධික ලොල්...
ජයසුන්දර පුරාණ විහාරය
හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල පුරවරයට නුදුරුව කදුරුපොකුණ නම් සුන්දර ගම්මානයේ පිහිටි පෞරාණික විහාරස්ථානයක් වූ කදුරුපොකුණ ජයසුන්දර පුරාණ විහාරස්ථානය ඓතිහාසික මෙන්ම විවිධ අංශයන්ගෙන් දසත කීර්තිය පතුරුවන සිද්ධස්ථානයකි. මෙම විහාරස්ථානයේ පෞරාණිකත්වය පිළිබඳව ක්‍රි.ව. 165 පමණ සිට ලිඛිත සාධක ඇති අතර කාවන්තිස්ස රජු විසින් කරවන ලද සූසැට විහාරයන්ගෙන් එකක් බව ජනප්රවාදයේ පවතී. කෙසේ වුවත් විහාරස්ථානයේ ඇති බ්රාහ්මී අක්ෂර සහිත සෙල්ලිපිය විහාරස්ථානයේ පෞරාණිකත්වය සනාථ කරන ප්‍රබල සාධකයකි. පුරාණයේ පටන් යෝගාවචර භික්ෂූන්වහන්සේලාට තපෝවනයක් ලෙස මේ විහාරස්ථානය පැවති බව පැරණි ලේඛනවලින් පෙන්නුම් කෙරේ.
පුවත් ~ News
මෙම විහාරස්ථානයේ සිදුකරන ආගමික වැඩසටහන්, ආධාර අවශ්‍යතා සහ දහම් කරුණු පිළිබදව තොරතුරු පහතින් දක්වා ඇත. සම්පුර්ණ පුවත කියවන්න “වැඩිදුර කියවන්න” බොත්තම ඔබන්න.
“මෙම පුණ්‍ය භූමිය සඳහා අවශ්‍ය දෑ පහත පරිදි දැක්විය හැකිය.”
මෙම විහාරස්ථානයේ අවශ්‍යතා සොයාබලා ඔබට හැකි අයුරින් ආධාර කරන්න. විහාරස්ථානයේ වර්තමාන තත්වය දැනගැනීමට සැමවිටම විහාරාධිපති ස්වාමින් වහන්සේ දුරකථනය ඔස්සේ හෝ චැට් පණිවිඩයක් ඔස්සේ සම්බන්ධ කරගන්න. මෙම තොරතුරු යාවත්කාලින කරන ලද්දේ 2020 ජනවාරි 6 වෙනි දිනදීය.
ආධාර අවශ්‍ය කාරණා
දැනට ඉදි කිරීමට යෝජිත සිරිපාද මහා විහාරය සහ ගොඩනැගීමට යෝජිත තට්ටු 03 ක ගොඩනැගිල්ලද දෙමහල් සංඝාවාසය හා ධර්ම ශාලාවෙහි ඉදිරි වැඩ කටයුතු අවසන් කිරීම සඳහා ආධාර උපකාර බලාපොරොත්තු වේ.
ආධාර කරන්න
පින්වත් ඔබගේ ආධාර පහත ගිණුමට බැරකළ හැකිය
ගිණුමේ නම – කදුරුපොකුණ ජයසුන්දර පුරාණ විහාරස්ථ කාර්ය සාධක සමිතිය
ගිණුම් අංකය – 067-2-001-1-0021212
බැංකු ශාඛාව – තංගල්ල
ඔබ බැංකුවට මුදල් බැර කරන්නේ නම්, බැංකුවෙන් ලැබෙන රිසිට් පතෙහි පිටපතක් අප වෙත යෙමුකරන්න.
~ විහාරාධිපති ස්වාමීන් වහන්සේ ~
ශාස්ත්‍රපති විතාරණ්දෙනිය ඥාණරතන හිමි 1984 මැයි මස 24 වන දින පැවිදි දිවියට ඇතුලත්ව කදුරුපොකුණ සිරි ධම්මතිලක පිරිවෙනින් මූලික අධ්‍යාපනය ලබා ද්විතියික අධ්‍යාපනය ගාල්ල ශ්‍රී රේවත විද්‍යාභිවර්ධන පිරිවෙනින් ලබාගන්නා ලදී. ඉන් පසුව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් පළමු උපාධිය ලබා කැලණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ලැබීය. අනතුරුව කොළඹ විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපන ඩිප්ලෝමාවද ලබා ගන්නා ලදී. 1997 වසරේදී සිරි ධම්මතිලක නියෝජ්‍ය පරිවේණාධිපති ලෙස කටයුතු කර උන්වහන්සේ දැනට පරිවේණාධිපති ලෙස කටයුතු කරයි. 2002 වසරේ සිට විහාරාධිපති ලෙස කටයුතු කරනු ලබයි.
දහම් පාසල, පිරිවෙන සහ පෙර පාසල
සිරි ධම්මතිලක දහම් පාසල
සිසු දරුවන් 450 ක් පමණ දහම් අධ්‍යාපනය ලබයි. ආචාර්ය මණ්ඩලය 20 ක් පමණ වේ. 1965 ජනවාරි 09 වන දින ආරම්භ කර ඇත.
සිරි ධම්මතිලක පිරිවෙන, කදුරුපොකුණ, තංගල්ල.
සාමනේර භික්ෂූන් වහන්සේලා 20 ක් පමණ අධ්‍යාපනය ලබයි.
ධම්මතිලක පෙර පාසල : සිසු දරුවන් 30 ක් පමණ අධ්‍යාපනය ලබන අතර ගුරු මණ්ඩලය තිදෙනෙකි. (03)
අපව සම්බන්ධ කරගන්න
පහත දුරකතන අංක ඔස්සේ විහාරස්ථානය සම්බන්ධ කරගත හැකි අතර, බොහොමයක් විහාරස්ථාන පිහිටා ඇත්තේ ඉතා දුෂ්කර ප්‍රදේශවල බැවින් ඊමේල් ඔස්සේ සම්බන්ධ කරගැනීමට අපහසු විය හැකි බව කරුණාවෙන් සළකන්න.
ඊමේල් ලිපිනය
info@jayasundarapuranaviharaya.org.lk
දුරකතන අංකය
0718354408
ලිපිනය
ජයසුන්දර පුරාණ විහාරය, කදුරුපොකුණ, තංගල්ල
විහාරස්ථානයේ පිහිටීම
මෙම වෙබ් අඩවිය සමාජජාල මාධ්‍ය ඔස්සේ බෙදාහරින්න…