loader image
Select Page

කපුගම්පොත පුරාණ මහා විහාරය

දක්ෂිණ ලංකාවේ  උතුරු ගිරුවාපත්තුවේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වීරකැටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මණ්ඩාඩුව ග්‍රාම සේවා වසමේ පිහිටා ඇති කපුගම්පොත සුන්දරම පුංචිම ගමකි.

එම සුන්දර ගම තුළ වෙල්යාය මැද පිහිටා ඇති කපුගම්පොත පුරාණ රාජ මහා විහාරස්ථානය එදා හෙළ රජ දරුවන් ලෙස කටයුතු කළ සද්ධාතිස්ස රාජ්‍ය සමයට නෑකම් කියන පෞරාණික විහාරස්ථානයක් ලෙස නම් දරා ඇත. එසේම පැරණි ගල් කණු මත පිහිටි ටැම් පිට විහාරයක නටබුන් සේම ගරා වැටුණු චෛත්‍යක ආදි නටබුන් රාශියක් දක්නට ඇත.

වර්තමානය වන විට සුවහසක් බොදු ජනතාවගේ ආගමික සාමාජික හා  ජාතික වශයෙන් උදාරතර සේවාවක් සිදු කරන විහාරස්ථානයක් බවට පොදු ජනතාවගේ ගෞරවාදරයට පත්ව ඇත.

පුවත්  ~ News

මෙම විහාරස්ථානයේ  සිදුකරන ආගමික වැඩසටහන්, ආධාර අවශ්‍යතා සහ දහම් කරුණු පිළිබදව තොරතුරු පහතින් දක්වා ඇත. සම්පුර්ණ පුවත කියවන්න “වැඩිදුර කියවන්න” බොත්තම ඔබන්න.

කුසල් දහම් පුරන ගිහි පැවිදි දෙපිරිසටම ඉතා වැදගත් ‘වස් කාලය’

කුසල් දහම් පුරන ගිහි පැවිදි දෙපිරිසටම ඉතා වැදගත් ‘වස් කාලය’

පැරණි භාරතයේ ප‍්‍රධාන සෘතු තුනක් පැවතිණ. හේමන්ත, ගිම්හාන, වස්සාන වශයෙනි. හේමන්ත සෘතුව, අධික ලෙස ශීතලය. ගිම්හාන සෘතුව, අධික ලෙස උණුසුම්ය. වස්සාන...

read more
ත්‍රිපිටකය රැකගත්තේ මෙහෙමයි

ත්‍රිපිටකය රැකගත්තේ මෙහෙමයි

බ‍්‍රාහ්මණ තිස්ස බය පැවති කාලයේ සිතුල්පව්වේද තිස්ස මහා විහාරයේ ද දොලොස් දහස බැගින් භික්ෂූහු විසූහ. අවුරුදු තුනකට ප‍්‍රමාණවත් ධාන්‍ය විහාර දෙකෙම් මහ...

read more
හැඳින මෙහෙයවිය යුතු කර්මය

හැඳින මෙහෙයවිය යුතු කර්මය

බුදු දහමේ මූලික සංකල්පයක් වන කර්මය පිළිබඳ ඉතා පැහැදිලි විවරණයක් මේ ලිපිය මගින් දැක්වේ..කර්මය නම් චර්යාව පිළිබඳ හේතු-ප්‍රත්‍ය නියාමය යි. එහි සමගාමි...

read more
සුළුවෙන් කලද නැති නොවන පින්

සුළුවෙන් කලද නැති නොවන පින්

දානයෙන් මෙන් මැ ශීල භාවනාවන් හි අනුසස් බොහෝ ය. ශීලයෙහි යෙදෙනවාට වඩා බොහෝ දෙනා දන් දී මෙහි යුහුසුළු වෙති. එකල වැඩි දෙනෙක් බුදුන් වහන්සේ ප්‍රමුඛ මහා...

read more
මරණානුස්සති භාවනාව

මරණානුස්සති භාවනාව

ඉපදුණා වූ සියලූම සත්වයෝ මරණයට පත්වන්නේය. දෙව්ලොවෙහි දෙවියන් ද, බඹලොවෙහි බ‍්‍රහ්මයන් ද, සතර අපා වැසි සත්වයන් ද, සියලූ මනුෂ්‍යයන් ද මරණයට පත් වන්නේ ය....

read more
සතර සතිපට්ඨානය තුළ සප්ත බොජ්ඣංග

සතර සතිපට්ඨානය තුළ සප්ත බොජ්ඣංග

බුදුරජාණන් වහන්සේ වදාළ සතිපට්ඨාන භාවනාවේ ධම්මානුපස්සනාවේ අවසාන කොටස් දැන් අපි ඉගෙන ගනිමින් සිටින්නේ. මේකෙ තියෙනවා සප්ත බොජ්ඣංග කියල කොටසක්. බොජ්ඣංග...

read more

“මෙම පුණ්‍ය භූමිය සඳහා අවශ්‍ය දෑ පහත පරිදි දැක්විය හැකිය.”

මෙම විහාරස්ථානයේ අවශ්‍යතා සොයාබලා ඔබට හැකි අයුරින් ආධාර කරන්න. විහාරස්ථානයේ වර්තමාන තත්වය දැනගැනීමට සැමවිටම විහාරාධිපති ස්වාමින් වහන්සේ දුරකථනය ඔස්සේ හෝ චැට් පණිවිඩයක් ඔස්සේ සම්බන්ධ කරගන්න. මෙම තොරතුරු යාවත්කාලින කරන ලද්දේ 2020 ජනවාරි 8 වෙනි දිනදීය.

ආධාර අවශ්‍ය කාරණා

බොධි ප්‍රාකාරයට හා පෝය ගෙයට

ආධාර කරන්න 

පින්වත් ඔබගේ ආධාර පහත ගිණුමට බැරකළ හැකිය

ගිණුමේ නම –
ගිණුම් අංකය – 
බැංකු ශාඛාව – 

ඔබ බැංකුවට මුදල් බැර කරන්නේ නම්, බැංකුවෙන් ලැබෙන රිසිට් පතෙහි පිටපතක් අප වෙත යෙමුකරන්න.

දහම් පාසල

හම්බන්තොට දිස්ත්‍රික්කයේ වීරකැටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මණ්ඩාඩුව ග්‍රාම සේවා වසමේ පිහිටා ඇති කපුගම්පොත පුරාණ මහා විහාරස්ථානයේ දහම් පාසලක් නොතිබූ යුගයේ එවකට විහාරාධිපති වැඩ සිටිය පූජ්‍යපාද පල්ලෙමුලනේ සරණංකර හිමිපාණන් වහන්සේ වීරකැටිය මහ බැදිගම පුරාණ මහා විහාරස්ථානයේ සාමන්තගිරි දහම් පාසලේ දහම් අධ්‍යාපනය ලබා දුනි.

ඉන් අනතුරුව, කපුගම්පොත පුරාණ විහාරස්ථානයේ 1950දී එවකට විහාරාධිපතිව වැඩ සිටි පූජ්‍යපාද ගුරුවල ගුණරතන හිමිපාණන් වහන්සේට ගෞරවයක් ඇති වීම පිණිස ශ්‍රී ගුණරතන  දහම් පාසල නමින් දරුවන් 25 කින් පමණ ආරම්භ කළ දහම් පාසල වර්තමානයේ වීරකැටිය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී ධූරය දරන පූජ්‍ය මිද්දෙනියේ ඥාණරතන හිමියන්ගේ ප්‍රධානාචාර්යත්වයෙන් හා කපුගම්පොත පුරාණ මහා විහාරාධිකාරි බාල්පත්දෙනිය පිරිවෙනේ ආචාර්ය පූජ්‍ය ගුලගහ ඉන්දරතන හිමියන්ගේ අනුශාසනා  පරිදි ගුරු භවතුන් 13 දෙනෙකුගෙන් සමන්විතව දරු දැරියන් 400 ක් පමණ දහම් අධ්‍යාපනය ලබන ලේකම් කොට්ඨාශයේ දීප්තිමත් දහම් පාසලක් ලෙස නම් දරා ඇත.

~ විහාරාධිපති ස්වාමීන් වහන්සේ ~

වීරකැටිය, කටුගම්පොත පුරාණ රජමහා විහාරස්ථානයේ වර්තමාන විහාරාධිපති හිමියන් හැටියට දායක පින්වතුන්ගේ කුදු මහත්, ආගමික හා සාමාජික, ජාතික වශයෙන් ශාසනික කටයුතු සිදු කරමින් ඓතිහාසික මුල්කිරිගල රාජමහා විහාරස්ථානයේ මූලගිරි මහ පිරිවෙනෙහි නියෝජ්‍ය පරිවේණාධිපති හා වීරකැටිය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී ධූරයක් මුළු දිවයිනටම සාමවිනිසුරු පදවිය ආදී තනතුරු දරමින් පැවිදි ශිෂ්‍ය හිමිවරු 7 දෙනෙකු සසුනට  දායාද කරමින් සම්බුද්ධ ශාසනයට උදාරතර සේවාව සිදු කරන බව සතුටින් දන්වා සිටිමි.

අපව සම්බන්ධ කරගන්න

පහත දුරකතන අංක ඔස්සේ විහාරස්ථානය සම්බන්ධ කරගත හැකි අතර, බොහොමයක් විහාරස්ථාන පිහිටා ඇත්තේ ඉතා දුෂ්කර ප්‍රදේශවල බැවින් ඊමේල් ඔස්සේ සම්බන්ධ කරගැනීමට අපහසු විය හැකි බව කරුණාවෙන් සළකන්න. 

ඊමේල් ලිපිනය

info@kapugampothaviharaya.org.lk

දුරකතන අංකය

0472257121

ලිපිනය

පුරාණ මහා විහාරය, කපුගම්පොත,වීරකැටිය

විහාරස්ථානයේ පිහිටීම 

මෙම වෙබ් අඩවිය සමාජජාල මාධ්‍ය ඔස්සේ බෙදාහරින්න…