loader image
Select Page

කොග්ගලුආර ශ්‍රී මහා විහාරය

වර්ෂ 1935 රිදියගම වැව පිළිසකර  කර මහජනතාවට ඉඩම් දෙන අවස්ථාවේ කදුරුපොකුණ ධම්මතිලක හිමි මේ අක්තපත්‍රය ලබා ගෙන ඉඩම වගා කර ගෙයක් මැටි ගසා සකසා වර්ෂ 1947  එම සංඝාවාසයේ ගරු ඌරගමුවේ කරුණාසාර මහා ස්වාමින්ද්‍රයන් වහන්සේ වස් වසවා ගෙන විහාරස්ථානය ලෙස දියුණු පමුණු කරගෙන විත් විහාරාරාංගයන් පිලියෙල කර ශිෂ්‍යයන්ට පවරා දී මතු දියුණුව සකසා 1996 වර්ෂයේ මැයි මස 12 දින අපවත් විය.

වර්ෂ 1947 ගරු ඌරුගමුවේ කරුණාසාර හිමිපාණෝ මෙහි වැඩම කර විහාරස්ථානයක් ලෙස සකසා ශිෂ්‍යයන් පැවිදි කර  1996 අපවත් විය. දැනට මිද්දෙනිය ඥානරතන හිමි විහාරාධිපති ලෙස වැඩ කටයුතු කර ගෙන යනු ලැබේ. චෛත්‍ය විහාර මන්දිරය බෝධිය හා ධර්ම ශාලාව, පරණ සංඝාවාසය දාන ශාලාව පිලියෙල කර ගෙන ඇත

දහම් පාසල

1976 ආරම්භ කරන ලද   කොහෙලුආර ශ්‍රී සුමන දහම් පාසල ඇත. ආචාර්ය මණ්ඩලය 18 ක් ඇත. ශිෂ්‍ය ශිෂ්‍යාවන් 175 – 200 ක් පමණ අධ්‍යාපනය ලබති.

පුවත්  ~ News

මෙම විහාරස්ථානයේ  සිදුකරන ආගමික වැඩසටහන්, ආධාර අවශ්‍යතා සහ දහම් කරුණු පිළිබදව තොරතුරු පහතින් දක්වා ඇත. සම්පුර්ණ පුවත කියවන්න “වැඩිදුර කියවන්න” බොත්තම ඔබන්න.

කුසල් දහම් පුරන ගිහි පැවිදි දෙපිරිසටම ඉතා වැදගත් ‘වස් කාලය’

කුසල් දහම් පුරන ගිහි පැවිදි දෙපිරිසටම ඉතා වැදගත් ‘වස් කාලය’

පැරණි භාරතයේ ප‍්‍රධාන සෘතු තුනක් පැවතිණ. හේමන්ත, ගිම්හාන, වස්සාන වශයෙනි. හේමන්ත සෘතුව, අධික ලෙස ශීතලය. ගිම්හාන සෘතුව, අධික ලෙස උණුසුම්ය. වස්සාන...

read more
ත්‍රිපිටකය රැකගත්තේ මෙහෙමයි

ත්‍රිපිටකය රැකගත්තේ මෙහෙමයි

බ‍්‍රාහ්මණ තිස්ස බය පැවති කාලයේ සිතුල්පව්වේද තිස්ස මහා විහාරයේ ද දොලොස් දහස බැගින් භික්ෂූහු විසූහ. අවුරුදු තුනකට ප‍්‍රමාණවත් ධාන්‍ය විහාර දෙකෙම් මහ...

read more
හැඳින මෙහෙයවිය යුතු කර්මය

හැඳින මෙහෙයවිය යුතු කර්මය

බුදු දහමේ මූලික සංකල්පයක් වන කර්මය පිළිබඳ ඉතා පැහැදිලි විවරණයක් මේ ලිපිය මගින් දැක්වේ..කර්මය නම් චර්යාව පිළිබඳ හේතු-ප්‍රත්‍ය නියාමය යි. එහි සමගාමි...

read more
සුළුවෙන් කලද නැති නොවන පින්

සුළුවෙන් කලද නැති නොවන පින්

දානයෙන් මෙන් මැ ශීල භාවනාවන් හි අනුසස් බොහෝ ය. ශීලයෙහි යෙදෙනවාට වඩා බොහෝ දෙනා දන් දී මෙහි යුහුසුළු වෙති. එකල වැඩි දෙනෙක් බුදුන් වහන්සේ ප්‍රමුඛ මහා...

read more
මරණානුස්සති භාවනාව

මරණානුස්සති භාවනාව

ඉපදුණා වූ සියලූම සත්වයෝ මරණයට පත්වන්නේය. දෙව්ලොවෙහි දෙවියන් ද, බඹලොවෙහි බ‍්‍රහ්මයන් ද, සතර අපා වැසි සත්වයන් ද, සියලූ මනුෂ්‍යයන් ද මරණයට පත් වන්නේ ය....

read more
සතර සතිපට්ඨානය තුළ සප්ත බොජ්ඣංග

සතර සතිපට්ඨානය තුළ සප්ත බොජ්ඣංග

බුදුරජාණන් වහන්සේ වදාළ සතිපට්ඨාන භාවනාවේ ධම්මානුපස්සනාවේ අවසාන කොටස් දැන් අපි ඉගෙන ගනිමින් සිටින්නේ. මේකෙ තියෙනවා සප්ත බොජ්ඣංග කියල කොටසක්. බොජ්ඣංග...

read more

“මෙම පුණ්‍ය භූමිය සඳහා අවශ්‍ය දෑ පහත පරිදි දැක්විය හැකිය.”

මෙම විහාරස්ථානයේ අවශ්‍යතා සොයාබලා ඔබට හැකි අයුරින් ආධාර කරන්න. විහාරස්ථානයේ වර්තමාන තත්වය දැනගැනීමට සැමවිටම විහාරාධිපති ස්වාමින් වහන්සේ දුරකථනය ඔස්සේ හෝ චැට් පණිවිඩයක් ඔස්සේ සම්බන්ධ කරගන්න. මෙම තොරතුරු යාවත්කාලින කරන ලද්දේ 2019 නොවැම්බර් 14 වෙනි දිනදීය.

ආධාර අවශ්‍ය කාරණා

එක පසකින් ඇලකි. පසුපසින් වලවේ ගඟයි. ගඟ උතුරන කාලයට විහාරස්ථානය යට වන බැවින් තට්ටු දෙකක ගොඩනැගිල්ලක් සාදවා ගැනීමට ආධාර අවශ්‍යයි

ආධාර කරන්න 

පින්වත් ඔබගේ ආධාර පහත ගිණුමට බැරකළ හැකිය

ගිණුමේ නම –
ගිණුම් අංකය – 
බැංකු ශාඛාව – 

ඔබ බැංකුවට මුදල් බැර කරන්නේ නම්, බැංකුවෙන් ලැබෙන රිසිට් පතෙහි පිටපතක් අප වෙත යෙමුකරන්න.

~ විහාරාධිපති ස්වාමීන් වහන්සේ ~

ගරු මිද්දෙනියේ ඥාණරන හිමි විහාරාධිපති මෙන්ම දහම් පාසලේ  ප්‍රධානාචාර්ය ධූරය දරන අතර 84 වියැති රෝගාතුර හිමි නමකි.

අපව සම්බන්ධ කරගන්න

පහත දුරකතන අංක ඔස්සේ විහාරස්ථානය සම්බන්ධ කරගත හැකි අතර, බොහොමයක් විහාරස්ථාන පිහිටා ඇත්තේ ඉතා දුෂ්කර ප්‍රදේශවල බැවින් ඊමේල් ඔස්සේ සම්බන්ධ කරගැනීමට අපහසු විය හැකි බව කරුණාවෙන් සළකන්න. 

ඊමේල් ලිපිනය

info@koggaluarasrimahaviharaya.org.lk

දුරකතන අංකය

0717490969

ලිපිනය

බෝලාන,රුහුණුරිදියගම, අම්බලන්තොට

විහාරස්ථානයේ පිහිටීම 

මෙම වෙබ් අඩවිය සමාජජාල මාධ්‍ය ඔස්සේ බෙදාහරින්න…