loader image
Select Page

ශ්‍රී රුවන්බෝධිමහ පිරිවෙන් විහාරය

කුරුණෑගල රාජධානි යුගයේ පැවති විහාරස්ථාන භූමියක මෙම පන්සල ඉදි කොට ඇත. අවට කඳුවල අඩු ආදායම් ලබන බෞද්ධ ජනතාව තම ආගමික කටයුතු කර ගැනීම සඳහා 1970 වසරේ මෙම විහාරය ආරම්භ කරන ලදී. ආරම්භක විහාරාධිපතීන් වහන්සේ අපවත් වූ අතර, උන්වහන්සේගේ වැඩිමහල් ශිෂ්‍ය ස්වාමීන් වහන්සේ දැන් විහාරාධිපති වේ. මෙම විහාරයේ චෛත්‍ය, බෝධිය හා විහාර මන්දිරය ද සංඝාරාමයක් ද ඉදි වී තිබේ.

මෙම විහාරස්ථානයේ පැවිදි ගිහි දරුවන් සඳහා පිරිවෙන් අධ්‍යාපන ආයතනයක් පැවැත්වේ. එය රජයේ ලියාපදිංචි කොට තිබේ. (ලි.ප. අංක. / පිරි/කු/36) මෙහි පැවිදි ගිහි ශිෂ්‍යයන් 150 ක් ඉගෙනුම ලබති.

මෙම විහාරස්ථානයෙන් සමාජ සේවා රැසක් ද සිදු වේ. දිළිඳු පවුල්වල දරුවන්ට ඉගෙනුමට උපකාර කිරීම, දිළිඳු පවුල්වල තරුණ තරුණියන්ට ස්වයං රැකියා කිරීමට සහාය වීම, රෝගීන්, මහල්ලන් සඳහා  ආධාර උපකාර කිරීම, ආගමික හා ජාතික සමගිය ඇති කිරීම සඳහා වැඩ සටහන්, මනෝ චිකිත්සක වැඩ සටහන් ආදිය ඊට අයත් වේ. කරුණාකර අමුණා ඇති අත් පත්‍රිකාව බලනු මැනවි.
මෙම විහාරයෙහි දැනට 65 ක් පමණ පැවිදි ගිහි පිරිසක් නේවාසිකව සිටිති.

දහම් පාසල

ශ්‍රී රුවන් දහම් පාසල විහාරස්ථානයේ ඇති දහම් පාසලේ නමයි. එය 1976 වසරේ ආරම්භ කොට නොකඩවා පවත්වාගෙන එයි. මේ වන විට ළමුන් අටදහස් දෙසිය විස්සක් (8220) පමණ දරු පිරිසක් මෙම දහම්පාසලේ ඉගෙනුම ලබා ඇත. පළමු වසරේ සිට ධර්මාචාර්ය පන්තිය තෙක් පන්ති පවත්වන අතර ස්වේච්ඡා දහම් ගුරුවරුන් විසි දෙනෙක් ඉගැන්වීමේ යෙදෙති.

පුවත්  ~ News

මෙම විහාරස්ථානයේ  සිදුකරන ආගමික වැඩසටහන්, ආධාර අවශ්‍යතා සහ දහම් කරුණු පිළිබදව තොරතුරු පහතින් දක්වා ඇත. සම්පුර්ණ පුවත කියවන්න “වැඩිදුර කියවන්න” බොත්තම ඔබන්න.

සතර සතිපට්ඨානය තුළ ඉරියාපථ භාවනාව

සතර සතිපට්ඨානය තුළ ඉරියාපථ භාවනාව

දැන් ඔබ මේ වෙන කොට ආනාපානසති භාවනාව පිළිබඳවත්, හොඳ සිහි නුවණින් යුක්තව සෑම කටයුත්තක්ම කිරීම ගැනත් ඔබ ඉගෙන ගෙන තියෙනවා. ඊළඟට ඉගෙන ගන්නේ සක්මන් භාවනාව...

read more
භාවනාවේ මූලික කරුණු

භාවනාවේ මූලික කරුණු

භාවනාව තුළින් ඔබේ මිනිස් ජීවිතය වඩාත්ම සුවපත් කරන අතර වඩාත්ම අර්ථවත් කරයි. භාවනා කිරීම කියන්නේ ඔබේ සිත දියුණු කරගන්නා සුවිශේෂී ක්‍රමයකටයි. අපට මේ...

read more
පෘථග්ජන පුද්ගලයා කවරෙක් ද?

පෘථග්ජන පුද්ගලයා කවරෙක් ද?

බෞද්ධයෝ බොහෝ කලක සිට නිවැරදි අර්ථය නොසළකා ‘පෘථග්ජන’ යන වචන ව්‍යවහාර කරන්නට පුරුදුව සිටිති. තමන්ගේ ඇතැම් දුර්වලතා සාධාරණීකරණය කරගැනීමට ද ‘අපි ඉතින්...

read more
ආයාචිතභත්ත ජාතකය ~ දෙවියන්ට භාරහාර වූ මිනිසුන්ගේ කථාව

ආයාචිතභත්ත ජාතකය ~ දෙවියන්ට භාරහාර වූ මිනිසුන්ගේ කථාව

අදටත් සමහර උදවිය තමන්ගේ කටයුතු සාර්ථක වෙන්න කියල දෙවියන්ට භාරහාර වෙනවා. දේවදාන දෙනවා. ඇතැම් ආගම්වල අදටත් භාර ඔප්පු කිරීම පිණිස සතුන් මරා බිලි දෙනවා....

read more
කණ්හ ජාතකය ~ කළු වෘෂභයාගේ කථාව

කණ්හ ජාතකය ~ කළු වෘෂභයාගේ කථාව

වගකීම් හැමෝටම දරන්ට බෑ. ඕනෑම වගකීමක් දරන්ට පුළුවන් අය ඉන්නවා. අපගේ භාග්‍යවතුන් වහන්සේ අන්න එබඳු උත්තමයෙක්. දවසක් අපගේ භාග්‍යවතුන් වහන්සේ අසවල් දවසේ...

read more
තේලපත්ත ජාතකය ~ තෙල් පාත්‍රය මුල් කොට වදාළ කථාව

තේලපත්ත ජාතකය ~ තෙල් පාත්‍රය මුල් කොට වදාළ කථාව

පින්වතුනේ, පින්වත් දරුවනේ, ජීවිතයේ බොහෝ ආරවුල්, අර්බුද, ගැටළු හටගන්නේ ඉන්ද්‍රියයන් අසංවර වීමෙනුයි. ඉන්ද්‍රිය සංවර නොකර ගැනීමෙන් පැවිදි ජීවිතය පවා...

read more

“මෙම පුණ්‍ය භූමිය සඳහා අවශ්‍ය දෑ පහත පරිදි දැක්විය හැකිය.”

මෙම විහාරස්ථානයේ අවශ්‍යතා සොයාබලා ඔබට හැකි අයුරින් ආධාර කරන්න. විහාරස්ථානයේ වර්තමාන තත්වය දැනගැනීමට සැමවිටම විහාරාධිපති ස්වාමින් වහන්සේ දුරකථනය ඔස්සේ හෝ චැට් පණිවිඩයක් ඔස්සේ සම්බන්ධ කරගන්න. මෙම තොරතුරු යාවත්කාලින කරන ලද්දේ 2019 ඔක්තොම්බර් 28 වෙනි දිනදීය.

භාවනා ශාලාවේ සහ භික්ෂු නේවාසිකාගාරයේ වැඩ නිම කිරීම

භාවනා ශාලාවක් සාදා ගෙන යනු ලැබේ. එහි දිග අඩි 80 කි. පළල අඩි 40  කි.  මේ ශාලාවෙහි බිමට ටයිල් අල්ලා දොර ජනෙල් සෑදීමට හා පින්තාරු කිරීමට ඇත. ඒ සඳහා රුපියල් මිලියන 2.5 ක් අවශ්‍ය බව ගණන් බලා තිබේ. මේ ශාලාව සෑදීමෙන් පසු එකවර පුද්ගලයන් 150කට සමූහ භාවනාවෙහි යෙදිය හැක.

භික්ෂූන් වහන්සේලා 30 නමකට වැඩ සිටිය හැකි භික්ෂු නේවාසිකාගාරය ද සාදා ගෙන යන්නෙමු. මෙහි වැඩ නිම කිරීමට රුපියල් මිලියන 8.9 ක මුදලක් අවශ්‍ය වී තිබේ.

මේ වැඩ  දෙකම නිම කිරීම අතිශයින් දුෂ්කර වී ඇත. ඉක්මනින් වැඩ නිමකළහොත් පැවිදි  ගිහි බොහෝ  පිරිසකට මහත් යහපතක් වේ.

සාදාගෙන යන ධාතු මන්දිරයේ වැඩ නිම කිරීම

බුදුරජාණන් වහන්සේගේ සහ රහතන් වහන්සේලාගේ ධතුන් වහන්සේලා අප වෙත ලැබී ඇත. මේ ධාතූන් වහන්සේලා තැන්පත් කොට වැඳුම් පිදුම් කිරීමට ප්‍රයෝජනවත්  ධාතු මන්දිරයක් සෑදීමට ආරම්භ කොට තිබේ. එය  30 x 30   පමණ දෙමහල් ගොඩනැගිල්ලකි. වැඩ නිම කිරීමට රුපියල් මිලියන 2.5 ක් පමණ අවශ්‍ය බව ගණන් බලා තිබේ. මේ කාර්ය අවසන් කළ විට දහස් ගණනක් බැතිමතුන්ට  පහසුවෙන් වන්දනාමාන කළ හැකි වේ.

අසරණ රෝගීන්ට වැඩිහිටියන්ට හා දිළින්දන්ට සුභසාධන සැලසීම

බෝ නොවන දරුණු රෝගවලින් බොහෝ දෙනෙකු පීඩා විඳිති. වකුගඩු – පිළිකා හා වෙනත් රෝගවලට ගොදුරු වූ රෝගීන් අසරණ තත්ත්වයට පත් ව සිටිති.   ඒ අතර නිසි රැකවරණ නොලත් වැඩිහිටියන්ද අසරණ වී සිටිති. ආහාරපාන, ඇඳුම් පැලඳුම් හා නිවාස නිසි ලෙස නොමැති  ඉතා දිළිඳු පිරිස් වරින් වර හමු වේ. මේ අසරණ පිරිස් වෙත

  1. මානසික සුවය ලබා දීම
  2. අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා දීම

මානසික සුවය සඳහා මේ පිරිසට උදව් විය යුතුය. ඔවුන් මානසිකව කඩා වැටී සිටිති.  එබැවින් ඔවුන් දිරිමත් කොට අවශ්‍ය මානසික ශක්තිය ලබා දීම, භාවනා හා පිරිත් පුහුණු කිරීම, සෙත් ශාන්ති කිරීම, බෝධි පූජා ආදිය සිදු කිරීම කරනු ලැබේ.

රෝගීන්ට  හා වැඩිහිටියන්ට මෙන්ම දිළින්දන්ටද බෙහෙත් ආහාර, ඇඳුම් පැලඳුම් ආදී ද්‍රව්‍ය අවශ්‍ය වේ. ඒ සඳහා අවශ්‍ය සුභසාධන සංවිධානය කළ යුතුය.

මේ වැඩ සටහන් දැනට හැකි පරිදි ක්‍රියාත්මක කරනු ලැබේ. ඒවා වැඩි දියුණු කොට පවත්වාගෙන යාම අරමුණයි. සාර්ථකව මෙය ක්‍රියාත්මක කිරීමට රු. මිලියන 4 ක් පමණ වැය වේ.

දිළිඳු පවුල්වල දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට උපකාර කිරීම

දැනට  අප විහාරයේ දිළිඳු පවුල්වල දරුවන් 18ක්  නේවාසිකව සිටිති. ඔවුන් සිටින නේවාසිකාගාරය පහසුකම් ඇති ලෙස සකස් කළ යුතුව ඇත. ඔවුන්ට ආහාර පාන හා ඇඳුම් පැලඳුම්, බෙහෙත්, පොත්පත් ආදිය ලබා දිය යුතුය.   මේ හැර දිළිඳු පවුල්වල සිටින දරුවන් සියයකට ආසන්න ප්‍රමාණයක් හඳුනාගෙන තිබේ. පාසල් අධ්‍යාපනය සඳහා අවශ්‍ය  සහාය  ඔවුන්ට ලබාදීම කළ යුතුව තිබේ. මෙයට මිලියන 5 ක් පමණ අවශ්‍ය වේ.

දිළිඳු පවුල්වල ආර්ථික දියුණුව සඳහා උදව් වීම

මෙම විහාරය මුල් කොට දිළිඳු පවුල්වල අයට කුඩා ව්‍යාපාර සඳහා ද කෘෂිකාර්මික කටයුතු හා කිරි හරක් පාලනය සඳහා උපදෙස් මෙන් ම සහාය වීමේ වැඩ සටහනක් ක්‍රියාත්මක වේ. එය වැඩි දියුණු කිරීම අපේක්ෂාවයි. මේ සඳහා මිලියන 2.5 ක් පමණ අවශ්‍ය බව ගණන් බලා ඇත.

මේ සියලුම වැඩ සටහන් අඛණ්ඩව දිගටම පවත්වාගෙන යාම අරමුණයි.  දීර්ඝ කාලීන වැඩ පිළිවෙලකි.

ආධාර කරන්න 

පින්වත් ඔබගේ ආධාර පහත ගිණුමට බැරකළ හැකිය

ගිණුමේ නම – ශ්‍රී රුවන්බෝධි පිරිවෙන් විහාරස්ථානය, දායක සභාව
ගිණුම් අංකය – 100661000629
බැංකු ශාඛාව – කුරුණෑගල

ගිණුමේ නම – වලස්වැවේ ඤාණරතන හිමි, විහාරාධිපති
ගිණුම් අංකය – 8160084044
බැංකු ශාඛාව – කුරුණෑගල

ඔබ බැංකුවට මුදල් බැර කරන්නේ නම්, බැංකුවෙන් ලැබෙන රිසිට් පතෙහි පිටපතක් අප වෙත යෙමුකරන්න.

~ විහාරාධිපති ස්වාමීන් වහන්සේ ~

විහාරාධිපතීන් වහන්සේ පූජ්‍ය වලස්වැවේ ඤාණරතන නාහිමියන්ය. උන්වහනසේ 65 වියේ පසුවෙති. වයස අවුරුදු 9 දී  පැවිදි බිමට පත්ව ඇත. දැනට කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රධාන අධිකරණ නායක පදවියද, කුරුණෑගල විහාරාධිපති සංගමයේ සභාපති තනතුර ද දරති. උන්වහන්සේ ශ්‍රී ලංකාවේ පිරිවෙන් අධ්‍යාපනයේ අධ්‍යාපන අධ්‍යක්ෂ ජනරාල් ලෙස සේවය කොට විශ්‍රාම ලබා සිටිති. එසේම මේ හිමියන් සාරිපුත්ත අධ්‍යාපන විද්‍යා පීඨයේ ප්‍රමුඛාචාර්යවරයෙක් ලෙස ද ජාතික අධ්‍යාපන ආයතනයේ බාහිර කථිකාචාර්යවරයෙකු ලෙස ද සේවය කොට ඇත. (ඉන්දියාව – තායිලන්තය – සිංගප්පූරුව – මැලේසියාව – ස්විට්සර්ලන්තය – ප්‍රංශය – ඔස්ට්‍රියාව – ස්වීඩනය – ඩෙන්මාර්කය, ෆින්ලන්තය, බ්‍රිතාන්‍යය, චීනය ආදී රටවල) ආසියාවේ හා යුරෝපයේ බොහෝ රටවල ධර්ම ප්‍රචාරක කටයුතුවල යෙදී සිටිති. පුවත්පත් හා සඟරාවල දහම් ලිපි රාශියක් ලියා ඇත. අධ්‍යාපන අමාත්‍යාංශයේ සම්භාව්‍ය ශාස්ත්‍රීය ග්‍රන්ථය වූ  ‘සම්භාෂා‘  සංග්‍රහයේ ප්‍රධාන සංස්කාරක ලෙස වර්ෂ දහයක් ක්‍රියා කොට තිබේ.  රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති, ත්‍රිපිටකවේදී පුස්තකාල විද්‍යා ආදී උපාධි රැසක් උන්වහන්සේට ඇත.

අපව සම්බන්ධ කරගන්න

පහත දුරකතන අංක ඔස්සේ විහාරස්ථානය සම්බන්ධ කරගත හැකි අතර, බොහොමයක් විහාරස්ථාන පිහිටා ඇත්තේ ඉතා දුෂ්කර ප්‍රදේශවල බැවින් ඊමේල් ඔස්සේ සම්බන්ධ කරගැනීමට අපහසු විය හැකි බව කරුණාවෙන් සළකන්න. 

ඊමේල් ලිපිනය

info@kotakandaviharaya.org.lk

දුරකතන අංකය

037-2232769 / 037-2234128 / 0766389550 

ලිපිනය

ශ්‍රී රුවන්බෝධි පිරිවෙන් විහාරය, කොටකන්ද ගැට්ටුවාන පාර, කුරුණෑගල.

විහාරස්ථානයේ පිහිටීම 

මෙම වෙබ් අඩවිය සමාජජාල මාධ්‍ය ඔස්සේ බෙදාහරින්න…