loader image
Select Page

ගල්ගොඩ කන්ද මිණිකිරුළ පුරාණ රජමහා විහාරය

කීර්ති ශ්‍රි රාජසිංහ රජතුමා විසින් මිණිකිරුළ  දෙවනපෑතිස් රජතුමා පිරිනමන ලද මෙම විහාරය පසුව එතුමන් විසින් වේහැල්ලේ ධම්මදින්න තෙරුන් වහන්සේට සඟසතු කොට පුජා කරන ලද්දකි.

තංගල්ල රමණීය කෙත්යාය ඉදිරිපිට ඇති උස් රමණීය බූමිභාගයක පිහිටා ඇත. රත්මලේ කන්දෙන් ආරම්භ වන කිරම ඔය මෙම විහාර භුමියේ නැගෙනහිර සීමාව වීම පරිසර සුන්දරත්වය තවත් ඔප් නැංවෙන හේතු කාරණයකි.  අක්කර සියයක භූමි භාගයක් පවති. තංගල්ලේ නගරය ආසන්නයේ ඇති උස් වූ  එකම බිම මෙම විහාරස්ථානයයි.  ඉතා ඉපැරණි  බෞද්ධ ආගමික මධ්‍යස්ථානයකි.

ශ්‍රී රතනපාල දහම්  පාසල

මහත් ආදායමක් නොමැති පවුල්වල දරුවන්ගෙන් යුතු දහම් පාසලකි. මෙම දසහම් පාසලෙන් සමාජය යහමගට යොමු කිරීමට අවශ්‍ය  සියලු උපදෙස් මගපෙන්විම්   සිදු වේ. එහෙත් සම්පත් අවම මට්ටමේ පවතී.

පුවත්  ~ News

මෙම විහාරස්ථානයේ  සිදුකරන ආගමික වැඩසටහන්, ආධාර අවශ්‍යතා සහ දහම් කරුණු පිළිබදව තොරතුරු පහතින් දක්වා ඇත. සම්පුර්ණ පුවත කියවන්න “වැඩිදුර කියවන්න” බොත්තම ඔබන්න.

කුසල් දහම් පුරන ගිහි පැවිදි දෙපිරිසටම ඉතා වැදගත් ‘වස් කාලය’

කුසල් දහම් පුරන ගිහි පැවිදි දෙපිරිසටම ඉතා වැදගත් ‘වස් කාලය’

පැරණි භාරතයේ ප‍්‍රධාන සෘතු තුනක් පැවතිණ. හේමන්ත, ගිම්හාන, වස්සාන වශයෙනි. හේමන්ත සෘතුව, අධික ලෙස ශීතලය. ගිම්හාන සෘතුව, අධික ලෙස උණුසුම්ය. වස්සාන...

read more
ත්‍රිපිටකය රැකගත්තේ මෙහෙමයි

ත්‍රිපිටකය රැකගත්තේ මෙහෙමයි

බ‍්‍රාහ්මණ තිස්ස බය පැවති කාලයේ සිතුල්පව්වේද තිස්ස මහා විහාරයේ ද දොලොස් දහස බැගින් භික්ෂූහු විසූහ. අවුරුදු තුනකට ප‍්‍රමාණවත් ධාන්‍ය විහාර දෙකෙම් මහ...

read more
හැඳින මෙහෙයවිය යුතු කර්මය

හැඳින මෙහෙයවිය යුතු කර්මය

බුදු දහමේ මූලික සංකල්පයක් වන කර්මය පිළිබඳ ඉතා පැහැදිලි විවරණයක් මේ ලිපිය මගින් දැක්වේ..කර්මය නම් චර්යාව පිළිබඳ හේතු-ප්‍රත්‍ය නියාමය යි. එහි සමගාමි...

read more
සුළුවෙන් කලද නැති නොවන පින්

සුළුවෙන් කලද නැති නොවන පින්

දානයෙන් මෙන් මැ ශීල භාවනාවන් හි අනුසස් බොහෝ ය. ශීලයෙහි යෙදෙනවාට වඩා බොහෝ දෙනා දන් දී මෙහි යුහුසුළු වෙති. එකල වැඩි දෙනෙක් බුදුන් වහන්සේ ප්‍රමුඛ මහා...

read more
මරණානුස්සති භාවනාව

මරණානුස්සති භාවනාව

ඉපදුණා වූ සියලූම සත්වයෝ මරණයට පත්වන්නේය. දෙව්ලොවෙහි දෙවියන් ද, බඹලොවෙහි බ‍්‍රහ්මයන් ද, සතර අපා වැසි සත්වයන් ද, සියලූ මනුෂ්‍යයන් ද මරණයට පත් වන්නේ ය....

read more
සතර සතිපට්ඨානය තුළ සප්ත බොජ්ඣංග

සතර සතිපට්ඨානය තුළ සප්ත බොජ්ඣංග

බුදුරජාණන් වහන්සේ වදාළ සතිපට්ඨාන භාවනාවේ ධම්මානුපස්සනාවේ අවසාන කොටස් දැන් අපි ඉගෙන ගනිමින් සිටින්නේ. මේකෙ තියෙනවා සප්ත බොජ්ඣංග කියල කොටසක්. බොජ්ඣංග...

read more

“මෙම පුණ්‍ය භූමිය සඳහා අවශ්‍ය දෑ පහත පරිදි දැක්විය හැකිය.”

මෙම විහාරස්ථානයේ අවශ්‍යතා සොයාබලා ඔබට හැකි අයුරින් ආධාර කරන්න. විහාරස්ථානයේ වර්තමාන තත්වය දැනගැනීමට සැමවිටම විහාරාධිපති ස්වාමින් වහන්සේ දුරකථනය ඔස්සේ හෝ චැට් පණිවිඩයක් ඔස්සේ සම්බන්ධ කරගන්න. මෙම තොරතුරු යාවත්කාලින කරන ලද්දේ 2019 නොවැම්බර් 27 වෙනි දිනදීය.

ආධාර අවශ්‍ය කාරණා

දැනට බහුකාර්ය  ගොඩනැගිල්ලක් ඉදි කරමින් පවති.  මෙයින් භාවනා පුහුණුවද දාන ශාලාව ලෙසද  දහම්පාසල් ශාලාවටද සීල සමාදාන වැඩසටහන් ඇතුලු බොහෝ කාර්යයන් ඉටු කර ගැනීමට බලාපොරොත්තු වේ. මේ සඳහා විශාල මුදලක් වැය වේ. මේ සඳහා ආධාර මුදල් අවශ්‍ය වේ.

දහම් පාසලට අවහ්‍ය ඩෙස්, බංකු , පුටු, මේස හිඟයක් පවතී. වැසිකිලි පහසුකම්ද අවම මට්ටමේ පවතී.

ආධාර කරන්න 

පින්වත් ඔබගේ ආධාර පහත ගිණුමට බැරකළ හැකිය

ගිණුමේ නම – විහාරාධිපති හිමි ගිණුම
ගිණුම් අංකය – 067200135555118
බැංකු ශාඛාව – තංගල්ල

ගිණුමේ නම – විහාරස්ථ දායක සභාව
ගිණුම් අංකය – 086020191346
බැංකු ශාඛාව – තංගල්ල

ඔබ බැංකුවට මුදල් බැර කරන්නේ නම්, බැංකුවෙන් ලැබෙන රිසිට් පතෙහි පිටපතක් අප වෙත යෙමුකරන්න.

~ විහාරාධිපති ස්වාමීන් වහන්සේ ~

එකොලොස් වෙනි විහාරාධිපතීන් වහන්සේ වන පූජ්‍ය තලාවේ චන්දරතන හිමියන් වත්මන් විහාරාධිපති ස්වාමින් වහන්සේ ලෙස ක්‍රියාකාරියි. තංගල්ල පිරිමි ජාතික පාසලේ සහකාර විදුහල්පති ලෙස ද තංගල්ල ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ගරු සභාපති ස්වාමීන්  වහන්සේ ලෙසද කටයුතු කරයි. විහාරස්ථානය නව මගකට යොමු කිරීමට උන්වහන්සේ සමත් වී ඇත.

අපව සම්බන්ධ කරගන්න

පහත දුරකතන අංක ඔස්සේ විහාරස්ථානය සම්බන්ධ කරගත හැකි අතර, බොහොමයක් විහාරස්ථාන පිහිටා ඇත්තේ ඉතා දුෂ්කර ප්‍රදේශවල බැවින් ඊමේල් ඔස්සේ සම්බන්ධ කරගැනීමට අපහසු විය හැකි බව කරුණාවෙන් සළකන්න. 

ඊමේල් ලිපිනය

info@minikirulapuranaviharaya.org.lk

දුරකතන අංකය

0718672244 / 0776301284 / 0472240342

ලිපිනය

ගල්ගොඩ කන්ද  මිණිකිරුළ පුරාණ රජමහා විහාරය, දංකැටිය, තංගල්ල

විහාරස්ථානයේ පිහිටීම 

මෙම වෙබ් අඩවිය සමාජජාල මාධ්‍ය ඔස්සේ බෙදාහරින්න…