loader image
Select Page

නුගවෙල පුරාණ විහාරය

දඹදෙනි රාජ්‍ය කාලයේ දෙවන පණ්ඩිත පරාක්‍රමබාහු රජු විසින් බෙලිගල සිට දඹදෙනියට දළදා වහන්සේ වැඩමවද්දි  කෙටි වේලාවක් නැවති සිට මෙම ස්ථානයේ  බෝ පැලයක්, රෝපණය  කල බව ජනප්‍රවාදයේ එයි.  එම ස්ථානයේ  පිහිටි පන්සල  නුගවෙල පුරාණ විහාරය නමින් ප්‍රකට වි ඇත. දැනට අවුරුදු 800 ක් පමණ ඉපැරණි බෝධියක් තවමත් මෙම විහාරස්ථානයේ වන්දනාමානයට ලක් වෙමින් පවති. අතිගරු ආභිධම්මික බඹරගස්වැවේ   සෝණුත්තර  හිමි / අතිගරු දැදිගම සෝමාලංකාර හිමි / රාජකිය පණ්ඩිත ශාස්ත්‍රවේදී  අතිගරු පින්නගොඩකන්දේ විපස්සි හිමි මෙම විහාරස්ථානයේ ආදි කතෘන් වහන්සේලාය.

පුවත්  ~ News

මෙම විහාරස්ථානයේ  සිදුකරන ආගමික වැඩසටහන්, ආධාර අවශ්‍යතා සහ දහම් කරුණු පිළිබදව තොරතුරු පහතින් දක්වා ඇත. සම්පුර්ණ පුවත කියවන්න “වැඩිදුර කියවන්න” බොත්තම ඔබන්න.

සතර සතිපට්ඨානය තුළ ඉරියාපථ භාවනාව

සතර සතිපට්ඨානය තුළ ඉරියාපථ භාවනාව

දැන් ඔබ මේ වෙන කොට ආනාපානසති භාවනාව පිළිබඳවත්, හොඳ සිහි නුවණින් යුක්තව සෑම කටයුත්තක්ම කිරීම ගැනත් ඔබ ඉගෙන ගෙන තියෙනවා. ඊළඟට ඉගෙන ගන්නේ සක්මන් භාවනාව...

read more
භාවනාවේ මූලික කරුණු

භාවනාවේ මූලික කරුණු

භාවනාව තුළින් ඔබේ මිනිස් ජීවිතය වඩාත්ම සුවපත් කරන අතර වඩාත්ම අර්ථවත් කරයි. භාවනා කිරීම කියන්නේ ඔබේ සිත දියුණු කරගන්නා සුවිශේෂී ක්‍රමයකටයි. අපට මේ...

read more
පෘථග්ජන පුද්ගලයා කවරෙක් ද?

පෘථග්ජන පුද්ගලයා කවරෙක් ද?

බෞද්ධයෝ බොහෝ කලක සිට නිවැරදි අර්ථය නොසළකා ‘පෘථග්ජන’ යන වචන ව්‍යවහාර කරන්නට පුරුදුව සිටිති. තමන්ගේ ඇතැම් දුර්වලතා සාධාරණීකරණය කරගැනීමට ද ‘අපි ඉතින්...

read more
ආයාචිතභත්ත ජාතකය ~ දෙවියන්ට භාරහාර වූ මිනිසුන්ගේ කථාව

ආයාචිතභත්ත ජාතකය ~ දෙවියන්ට භාරහාර වූ මිනිසුන්ගේ කථාව

අදටත් සමහර උදවිය තමන්ගේ කටයුතු සාර්ථක වෙන්න කියල දෙවියන්ට භාරහාර වෙනවා. දේවදාන දෙනවා. ඇතැම් ආගම්වල අදටත් භාර ඔප්පු කිරීම පිණිස සතුන් මරා බිලි දෙනවා....

read more
කණ්හ ජාතකය ~ කළු වෘෂභයාගේ කථාව

කණ්හ ජාතකය ~ කළු වෘෂභයාගේ කථාව

වගකීම් හැමෝටම දරන්ට බෑ. ඕනෑම වගකීමක් දරන්ට පුළුවන් අය ඉන්නවා. අපගේ භාග්‍යවතුන් වහන්සේ අන්න එබඳු උත්තමයෙක්. දවසක් අපගේ භාග්‍යවතුන් වහන්සේ අසවල් දවසේ...

read more
තේලපත්ත ජාතකය ~ තෙල් පාත්‍රය මුල් කොට වදාළ කථාව

තේලපත්ත ජාතකය ~ තෙල් පාත්‍රය මුල් කොට වදාළ කථාව

පින්වතුනේ, පින්වත් දරුවනේ, ජීවිතයේ බොහෝ ආරවුල්, අර්බුද, ගැටළු හටගන්නේ ඉන්ද්‍රියයන් අසංවර වීමෙනුයි. ඉන්ද්‍රිය සංවර නොකර ගැනීමෙන් පැවිදි ජීවිතය පවා...

read more

“මෙම පුණ්‍ය භූමිය සඳහා අවශ්‍ය දෑ පහත පරිදි දැක්විය හැකිය.”

මෙම විහාරස්ථානයේ අවශ්‍යතා සොයාබලා ඔබට හැකි අයුරින් ආධාර කරන්න. විහාරස්ථානයේ වර්තමාන තත්වය දැනගැනීමට සැමවිටම විහාරාධිපති ස්වාමින් වහන්සේ දුරකථනය ඔස්සේ හෝ චැට් පණිවිඩයක් ඔස්සේ සම්බන්ධ කරගන්න. මෙම තොරතුරු යාවත්කාලින කරන ලද්දේ 2019 ඔක්තොම්බර් 10 වෙනි දිනදීය.

ආධාර අවශ්‍ය කාරණා

දැනට ඉදි වෙමින් පවතින බෝධි ප්‍රාකාරය, බෝධියට පිවිසෙන මාර්ගය සහ රන්වැටක් ඉදිකිරිම යන කරුණු සඳහා රුපියල්  ලක්ෂ 30ක පමණ ආධාර අවශ්‍ය වේ.

ආධාර කරන්න 

පින්වත් ඔබගේ ආධාර පහත ගිණුමට බැරකළ හැකිය

ගිණුමේ නම – සරණ සමාජසේවා සමිතිය
ගිණුම් අංකය – 149200126081342
බැංකු ශාඛාව – අලව්ව

ගිණුමේ නම – විහාරස්ථ කාර්ය සාධක සමිතිය
ගිණුම් අංකය –149200190024378
බැංකු ශාඛාව – අලව්ව

ගිණුමේ නම – පිරිවෙන් සංවර්ධන අරමුදල
ගිණුම් අංකය – 149200120033296
බැංකු ශාඛාව – අලව්ව

ගිණුමේ නම – විහාරස්ථ දායක සභාවේ අරමුදල
ගිණුම් අංකය – 72114904
බැංකු ශාඛාව – අලව්ව

ඔබ බැංකුවට මුදල් බැර කරන්නේ නම්, බැංකුවෙන් ලැබෙන රිසිට් පතෙහි පිටපතක් අප වෙත යෙමුකරන්න.

දහම්පාසැල

ශ්‍රී සෝණුත්තර නමින් දහම්පාසැලක් තිබේ. ළමුන් 800 ක් පමණ ඉගෙනුම ලබන අතර ගුරු මණ්ඩලය 18 දෙනෙක් පමණ නිස්සරණාධ්‍යාශයෙන්  සේවය කරනු ලැබේ.  අලව්ව ප්‍රාදේශීය  ශාසනාරක්ෂක බල මන්ඩලයේ හොඳම දහම්පාසැල වශයෙන් වසර කිපයක් ම තේරී පත් වි ඇත. 2019 වසරේ  ප්‍රාදේශීය දහම්පාසල් තරඟයෙන් ප්‍රතම ස්ථාන 17 ක් දිනාගෙන ඇත. දිස්ත්‍රික් දහම්පාසල් තරඟයට සුදුසුකම් ලබා ඇත. දරුවන්ගේ ආකල්ප වර්ධනය සහ යහපත් පැවැත්මක් සඳහා අවශ්‍ය වැඩසටහන්, සිල ව්‍යාපාර, ධර්මදේශනා, බෝධිපූජා, දානමාන, ආදිය නිතර සංවිධානය කෙරේ. ගරු කැලේගම මහින්ද හිමි ප්‍රධානාචාර්ය තනතුර හොබවයි.

පිරිවෙන

නුගවෙල ශ්‍රී සෝණුත්තර පිරිවෙන නමින්  ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා 36 නමක් පමණ ධර්ම විනය ශබ්ද ශාස්ත්‍ර හදාරන ත්‍රිපිටක බුද්ධ  වචනයට මූලිකත්වය ලබා දෙමින් පාලි භාෂාව, සංස්කෘත භාෂාව, ඉංග්‍රිසි භාෂාව සහ සිංහල භාෂාව සහිතව වෙනත් විෂයයන් උගන්වන පිරිවෙනක්ද මෙම විහාරස්ථානයේ පිහිටා ඇත. ධර්ම දේශනා පුහුණුවට විශේෂ තැනක් මෙම ආයතනයේ දෙනු ලැබේ. පිලිවෙලට  සිවුරු  පෙරවිම, කෙස් රැවුල් කැපීම, සහ  ඇවතුම් පැවතුම් පිලිබඳව විශේෂ අවධානයක් යොමු කරවිම පිරිවෙනේ පරමාර්ථ අතර වේ. දෙමළ භාෂාව සහ වෙනත් භාෂා ඉගැන්විමට අවශ්‍ය කටයුතු ඉදිරියට සංවිධානය වෙමින් පවති.

~ විහාරාධිපති ස්වාමීන් වහන්සේ ~

වයඹ පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක ත්‍රිපිටකවේදි අතිගරු මකුල්වැවේ විමලජෝති නායක හිමිපාණන් වහන්සේ විහාරාධිපති දූරය හොබවයි. උන්වහන්සේ ත්‍රිපිටකය පිළිබඳ හසල දැනුමක් ඇති ඉංග්‍රිසි භාෂාවෙන් ධර්ම දේශනා කළ හැකි දක්ෂ හිමි නමකි.

අපව සම්බන්ධ කරගන්න

පහත දුරකතන අංක ඔස්සේ විහාරස්ථානය සම්බන්ධ කරගත හැකි අතර, බොහොමයක් විහාරස්ථාන පිහිටා ඇත්තේ ඉතා දුෂ්කර ප්‍රදේශවල බැවින් ඊමේල් ඔස්සේ සම්බන්ධ කරගැනීමට අපහසු විය හැකි බව කරුණාවෙන් සළකන්න. 

ඊමේල් ලිපිනය

info@nugawelapuranaviharaya.org.lk

දුරකතන අංකය

0711919444 /  0372278146

ලිපිනය

නුගවෙල පුරාණ විහාරය, මහරච්චිමුල්ල

 

විහාරස්ථානයේ පිහිටීම 

මෙම වෙබ් අඩවිය සමාජජාල මාධ්‍ය ඔස්සේ බෙදාහරින්න…