loader image
Select Page

පංචථුපාරාමය

ඓතිහාසික වූ මෙම විහාරස්ථානය හම්බන්තොට දිස්ත්‍රික්කයේ බෙලිඅත්ත  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පුවක්දණ්ඩාව නම් ඉතා ප්‍රසිද්ධියට පත්ව ඇති ගම්පුරවරය තුළ පිහිටා ඇත. මෙම විහාර භූමිය ඉතා දීර්ඝ කාලයක සිට පුදබිමක් වශයෙන් හඳුන්වනු ලැබීය. මේ නිසා මුළු ගමම ‘පුදගමක්’  වශයෙන්ද ව්‍යවහාරයන්ට පත්ව තිබුණි.

වැවයි, දාගබැයි, වෙලයි, ගමයි වශයෙන් පිහිටා තිබීම පැරණි කියමනට ද අනුගත වීම විශිෂ්ඨයි. ආරාමයට උතුරු පසින් කඩවර නමින් වැවක් පිහිටා ඇත. මෙම වැවේ පුවක් දන්ඩක් ගසාගෙන ආපු සිද්ධියක් මුල් කරගෙන මහාවංශයේ හා 1890 වර්ෂයේ රචිත නළඟන සංදේශයේ ද වර්ෂ 1933 දී රචිත තංගලු පුරාවෘතයේ ද ‘පූගදණ්ඩ ආවාට’ , ‘පූගදණ්ඩාවාට’ යන්න ‘පුවක්දණ්ඩාව’ යනුවෙන්  මෙම ගමේ නම භාවිතයට පත්ව ඇති බවත්, අද දක්වාත් මේ නමින්ම ගම හැඳින්වෙන බවත් ඉතා මැනවින් සනාථ වේ.

මේ ගමෙහි පිහිටි  පංචථූපාරාම පුරාණ විහාරස්ථානය ඉපැරණි භාවයෙන් යුක්ත නිසා ඓතිහාසිකත්වයෙන් යුක්තයි. විහාරස්ථානය ඇතුල් මාලය හා පිටමාලය වශයෙන් එකටම පිහිටා ඇත. මෙහි ඇතුල් මාලයේ ප්‍රධාන සමාධි බුදු පිළිම වහන්සේ, සිටි පිළිම වහන්සේලා දෙනමක් හා විෂ්ණු, කතරගම දේව රූප දෙකද ඉතාම පැරණි ඒවා වශයෙන් ජරාවාස තත්ත්වයට යමින් පවතී.  මේවා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව භාරයේ පවතී. විහාරස්ථානයට නැගෙනහිරින් ඉපැරණි බෝධීන් වහන්සේ තවමත් පවතී.

විහාර මන්දිරයට බටහිරින් පැරණි ස්ථූපය තිබී ඇත. එහෙත් දැනට එහි කිසිවක් බිම මතුපිටට ඉතිරිව නැත.

විහාර මන්දිරයේ සිට මාලයේ  ඉදිරිපස පිහිටුවා ඇති සෙල්ලිපිය අනුව වර්ෂ 1848.05.28 දැක්වෙන  පරිදි විහාරයේ ඇතුළු මාලය මැදිවන ලෙස අටවිසි (28) බුද්ධ රූප සහිතව පිට මාලය නිර්මාණය කරවා ඇත. පැරණි ථූපයේ තිබුණ යම් යම් දේද ගෙන පරිවාර ථූප හතරක් (04) සමග මහා ථූපය ද යන ථූප පහ (05) විහාර මන්දිරයේ පියස්ස මත ඉදිකර (නිර්මාණය) කරවා ඇත. මේ නිාස ටික කාලයක් විහාරස්ථානය ‘ඒකාබද්ධ විහරය’ යනු ව්‍යවහාරයට පත්ව ඇත. එහෙත් ථූප පහක් ඇති බැවින් ‘පංචථූපාරාමය’ යන නම පමණක් භාවිතයට පත් විය. එය දැනට ‘පංචථූපාරාම පුරාණ විහාරය’ යන නම් ප්‍රකටව භාවිතයේ පවතී.

මෙම විහාරස්ථානයේ විහාරාධිපතීන් වහන්සේලා වශයෙන් කීප නමක්ම  වැඩ සිට ඇත.

  1. කඩවැද්දු සුමන මහා ස්වාමීන්වහන්සේ

පසුව ශිෂ්‍ය

  1. රෝහණනුවිජ්ජක සද්ධර්වාගීශ්වර පුවක්දණ්ඩාවේ ශ්‍රී සාරානන්ද මාතර කන්දබඩපත්තුව ඇතුළු හම්බන්තර දිශාවේ ප්‍රධාන සංඝ නායක ස්වාමීන්වහන්සේ

පසුව ශිෂ්‍ය

  1. පොළොම්මාරුවේ  ශ්‍රී රෝහණනන්ද මහා ස්වාමීන් වහන්සේ යන හිමිවරු වැඩ සිටියහ.

ශිෂ්‍ය දැනට

  1. හතරවන විහාරාධිපති වශයෙන් වැඩ සිටින්නේ ශාස්ත්‍ර‍වේදී,  පණ්ඩිත සමස්ත ලංකා සාම විනිසුරු රෝහණානු විජ්ජක සද්ධර්ම වාගීශ්වර ශ්‍රී සාරානන්ද උපාධ්‍යාය යටිතල මංගල මහා විහාරවංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ රෝහණ පාර්ශ්වයේ දකුණු පළාතේ උප ප්‍රධාන සංඝනායක ස්වාමීන්වහන්සේය. ආරම්භ වූ ශාස්ත්‍රීය, ආගමික හා සාමාජික ආදී සියලු අංශයන්හි විශිෂ්ඨ සේවාවක් ඉටු කරමින්  වැඩ සිටී.

පුවත්  ~ News

මෙම විහාරස්ථානයේ  සිදුකරන ආගමික වැඩසටහන්, ආධාර අවශ්‍යතා සහ දහම් කරුණු පිළිබදව තොරතුරු පහතින් දක්වා ඇත. සම්පුර්ණ පුවත කියවන්න “වැඩිදුර කියවන්න” බොත්තම ඔබන්න.

කුසල් දහම් පුරන ගිහි පැවිදි දෙපිරිසටම ඉතා වැදගත් ‘වස් කාලය’

කුසල් දහම් පුරන ගිහි පැවිදි දෙපිරිසටම ඉතා වැදගත් ‘වස් කාලය’

පැරණි භාරතයේ ප‍්‍රධාන සෘතු තුනක් පැවතිණ. හේමන්ත, ගිම්හාන, වස්සාන වශයෙනි. හේමන්ත සෘතුව, අධික ලෙස ශීතලය. ගිම්හාන සෘතුව, අධික ලෙස උණුසුම්ය. වස්සාන...

read more
ත්‍රිපිටකය රැකගත්තේ මෙහෙමයි

ත්‍රිපිටකය රැකගත්තේ මෙහෙමයි

බ‍්‍රාහ්මණ තිස්ස බය පැවති කාලයේ සිතුල්පව්වේද තිස්ස මහා විහාරයේ ද දොලොස් දහස බැගින් භික්ෂූහු විසූහ. අවුරුදු තුනකට ප‍්‍රමාණවත් ධාන්‍ය විහාර දෙකෙම් මහ...

read more
හැඳින මෙහෙයවිය යුතු කර්මය

හැඳින මෙහෙයවිය යුතු කර්මය

බුදු දහමේ මූලික සංකල්පයක් වන කර්මය පිළිබඳ ඉතා පැහැදිලි විවරණයක් මේ ලිපිය මගින් දැක්වේ..කර්මය නම් චර්යාව පිළිබඳ හේතු-ප්‍රත්‍ය නියාමය යි. එහි සමගාමි...

read more
සුළුවෙන් කලද නැති නොවන පින්

සුළුවෙන් කලද නැති නොවන පින්

දානයෙන් මෙන් මැ ශීල භාවනාවන් හි අනුසස් බොහෝ ය. ශීලයෙහි යෙදෙනවාට වඩා බොහෝ දෙනා දන් දී මෙහි යුහුසුළු වෙති. එකල වැඩි දෙනෙක් බුදුන් වහන්සේ ප්‍රමුඛ මහා...

read more
මරණානුස්සති භාවනාව

මරණානුස්සති භාවනාව

ඉපදුණා වූ සියලූම සත්වයෝ මරණයට පත්වන්නේය. දෙව්ලොවෙහි දෙවියන් ද, බඹලොවෙහි බ‍්‍රහ්මයන් ද, සතර අපා වැසි සත්වයන් ද, සියලූ මනුෂ්‍යයන් ද මරණයට පත් වන්නේ ය....

read more
සතර සතිපට්ඨානය තුළ සප්ත බොජ්ඣංග

සතර සතිපට්ඨානය තුළ සප්ත බොජ්ඣංග

බුදුරජාණන් වහන්සේ වදාළ සතිපට්ඨාන භාවනාවේ ධම්මානුපස්සනාවේ අවසාන කොටස් දැන් අපි ඉගෙන ගනිමින් සිටින්නේ. මේකෙ තියෙනවා සප්ත බොජ්ඣංග කියල කොටසක්. බොජ්ඣංග...

read more

“මෙම පුණ්‍ය භූමිය සඳහා අවශ්‍ය දෑ පහත පරිදි දැක්විය හැකිය.”

මෙම විහාරස්ථානයේ අවශ්‍යතා සොයාබලා ඔබට හැකි අයුරින් ආධාර කරන්න. විහාරස්ථානයේ වර්තමාන තත්වය දැනගැනීමට සැමවිටම විහාරාධිපති ස්වාමින් වහන්සේ දුරකථනය ඔස්සේ හෝ චැට් පණිවිඩයක් ඔස්සේ සම්බන්ධ කරගන්න. මෙම තොරතුරු යාවත්කාලින කරන ලද්දේ 2020 ජනවාරි 6 වෙනි දිනදීය.

ආධාර අවශ්‍ය කාරණා

  • අළුතින් ආවාස ගෙයක් ගොඩ නංවා ගැනීම. දැනට තිබෙන ඉතාම පැරණි ආවාස ගෙට යාබදව මෙය දෙමහල්ව ඉදි කරවා ගැනීමට අවශ්‍යව තිබේ.
  • ආරාමයට පිවිසෙන දොරටුවේ වාහල්කඩක් ගොඩ නංවා ගැනීම දෙපස ප්‍රාකාර බැමි ඉතා අලංකාරව හා දර්ශනීයව ගොඩ නංවා ඇත. ඒවාට ගැලපෙන සේ වාහල්කඩක් ගොඩනැංවීමේ අවශ්‍යතාවය ඉතා තදින් මතු වී දර්ශනය වේ.
  • පිළිම ගෙයක් තනවා, පිළිම වහන්සේ නමක් තැන්පත් කිරීම, මෙය වාහල්කඩ ආසන්නයේම පංසල් වත්ත ඇතුළෙන් මෙයට ඉඩ සලස්වා ඇත. පංචථූපාරාම මාවතට හා පෙර දිගට මුහුණ දා මහජනතාවගේ ශ්‍රද්ධාව වැඩෙන සේ නිර්මණය කරවිය යුතුව ඇත.
  • බෝධි ප්‍රාකාරය අළුතින් ඉදි කරවා ගැනීම බෝධීන් වහන්සේ හත මළුව වටා ඇති බැම්ම  ඉතාමත්  දිරා ගොස් ඇත. උඩමළුවේ බැම්ම හා පිළිම  ගෙවල් අළුතින් කර ඇත. ඊට ගැළපෙන පරිදි පහත මළුවේ දිරා ගිය බැම්ම ඉවත් කොට අළුතින් ඉදි කරවිය යුතුව ඇත.

ආධාර කරන්න 

පින්වත් ඔබගේ ආධාර පහත ගිණුමට බැරකළ හැකිය

ගිණුමේ නම – විහාරස්ථාන කාර්ය සාධක සමිතිය
ගිණුම් අංකය – 3427232
බැංකු ශාඛාව – බෙලිඅත්ත

ඔබ බැංකුවට මුදල් බැර කරන්නේ නම්, බැංකුවෙන් ලැබෙන රිසිට් පතෙහි පිටපතක් අප වෙත යෙමුකරන්න.

~ විහාරාධිපති ස්වාමීන් වහන්සේ ~

බෙලිඅත්ත, පුවක්දණ්ඩාව, පංචථූපාරාම පුරාණ විහාරය, ඕකේවෙල යටිගල වාරණ ගිරි පුරාණ විහාරය සහ උභය විහාරාධිපති ශාස්ත්‍රවේදී පණ්ඩිත හ්‍රී රෝහිනු විජ්ජක සද්ධර්ම වාගීෂ්වර ශ්‍රී සරානන්ද සමස්ත ලංකා  සාම විනිසුරු උපාධ්‍යාය, මහා විහාර වංශික  ශ්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ  පාර්ශ්වයේ  උප ප්‍රධාන සංඝ නායක යටිගල මංගල ස්වාමීන් වහන්සේ, වර්ෂ 1950 දී පැවිදි වී 1955 දී උපසම්පදා වූහ. 1963 දී විද්‍යාලංකාර  විශ්ව විද්‍යාලයට ඇතුළත්ව ශාස්ත්‍රවේදී උපාධිය ලැබීය. ඒ අතර ප්‍රාචීන පන්ඩිත උපාධිය හා සිංහල අවසාන ගුරු විභාගය ආදී විභාග සමත් වූහ.

            වර්ෂ 1966 දී ගුරු සේවයට බැඳී 1990 වන තුරු අධ්‍යාපන සේවයේ විවිධ තනතුරු ලබමින් සේවය කොට විශ්‍රාම ලැබීය. ඉන්පසුව තම ආරාමයට සංස්කෘත හිතෝප දේශය (මිත්‍ර ලාභ කොටස) සිංහලයට නැගුවේය.  වර්ෂ 1997 සිට උභය විහාරාධිපති තත්ත්වයට පැමිණියේය. එමෙන්ම පුවක්දණ්ඩාවේ පංචථූපාරාම පුරාණ විහාර පුරා වෘත්තය යන පොත ද රචනා කොට මුද්‍රණය කරවා බෙදා හැරිණ. උගත් බහුශ්‍රැත ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා ශාස්ත්‍ර වේදී ගෝණදෙනියේ විමලජෝති ස්ථවිර ප්‍රධානව රාශියක්ම ශාසනයට දායාද කර ඇත. ආරාමයේ  පෙර නොදුටු හා නොතිබුණ අංග රාශියක් නිර්මාණය කරවා ශ්‍රද්ධාව වැඩෙන පරිදි කටයුතු කරවමින් වැඩ සිටී.

ශ්‍රී සුමන දහම් පාසල

පුවක්දණ්ඩාවේ පංචථූපාරාම පුරාණ විහාරස්ථානයේ පවත්වාගෙන යන අපගේ දහම්පාසල ‘ශ්‍රී සුමන’ යන නමින් හැඳින්වේ.

 

  1. ආරම්භ කරනු ලැබුවේ : 1999 අප්‍රේල් මස 04 වෙනිදා
  2. ලියාපදිංචි කලේ : 1999 අප්‍රේල් මස 20 වෙනිදා
  3. බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ අංකය : 33/30/දපා/ලි/2546

 

ආචාර්ය මණ්ඩලය :

 

  1. රජයේ සේවය කරන අය  02
  2. පෞද්ගලික ආයතනවල සේවය කරන අය 01
  3. විශ්‍රාමික අය 03
  4. රැකියා විරහිත අය 10

මේ අතරින් පැවිදි ගුරුවරු 04, ගිහි අය 13 යි, උපාධිධාරීන් 04 දෙනෙකි. ඉතිරි අය බෞද්ධ ධර්මාචාර්ය, දහම්පාසල් ගුරු පුහුණු, ආදී විවිධ සුදුසුකම් ලැබුවන් වෙති. දහම් පාසලේ සියලු කටයුතු ඉතා හොඳින් ක්‍රියාත්මක වන බව ඉතාමත් සතුටින් මෙහිදී සටහන් කළ යුතුයි.

 

 

 

 

 

 

අපව සම්බන්ධ කරගන්න

පහත දුරකතන අංක ඔස්සේ විහාරස්ථානය සම්බන්ධ කරගත හැකි අතර, බොහොමයක් විහාරස්ථාන පිහිටා ඇත්තේ ඉතා දුෂ්කර ප්‍රදේශවල බැවින් ඊමේල් ඔස්සේ සම්බන්ධ කරගැනීමට අපහසු විය හැකි බව කරුණාවෙන් සළකන්න. 

ඊමේල් ලිපිනය

info@panchathuparamaya.org.lk

දුරකතන අංකය

047-2243444

ලිපිනය

පංචථූපාරාම  පුරාණ විහාරය, පුවක්දන්ඩාව, බෙලිඅත්ත

විහාරස්ථානයේ පිහිටීම 

මෙම වෙබ් අඩවිය සමාජජාල මාධ්‍ය ඔස්සේ බෙදාහරින්න…