loader image
Select Page

පන්ථාරාම මහා විහාරය

  • දිස්ත‍්‍රික්කය – හම්බන්තොට
  • ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශය – බෙලිඅත්ත
  • ග‍්‍රාමසේවා වසම – පුවක්දණ්ඩාව නැගෙනහිර
  • බෞද්ධකටයුතු දෙපාර්තමේන්තුවේ ලි.ප. අංකය –           බෞකො/විහාසෙ/09/30/22
  • විහාරාධිපති හිමි – පූජ්‍ය දෙහිගහහේනේ ඥානවිමල ස්ථවිර
  • දුරකථන අංකය – 047 2243300 / 077 6525644
  • විහාරස්ථානයට ලගාවිය හැකි මාර්ගය – බෙලිඅත්ත සිට තංගල්ල ප‍්‍රධාන මාර්ගයේ 1නප පාර දකුණු පස පිහිටා ඇත.
  • පිහිටීම – බෙලිඅත්ත තංගල්ල ප‍්‍රධාන මාර්ගයේ පුවක්දණ්ඩාව ධම්මපාල බාලිකා විදුහල ඉදිරිපස පිහිටා ඇත. විහාරස්ථානය පසුපසින් කඩවර වැව දැකගත හැක. ප‍්‍රධාන මාර්ගයේ පිහිටා තිබීම නිසා සැමගේ නෙත ගැටෙන ස්ථානයකි.
  • ආරම්භය –  ක‍්‍රි.ව. 1775 දී පමණ
  • නිකාය හා පාර්ශවය –  සියම් මහා නිකාය මල්වතු පාර්ශවයසගපුර   –  අදුරු යුගයෙන් පසු ශාසනික පුනරුදය සදහා ක‍්‍රියාකළ වැලිවිට අසරණ සරන සරණංකර මා හිමිගේ පහත රට ශිෂ්‍ය වේහැල්ලේ ධම්මදින්න සග පරපුරින් පැවත එන ශිෂ්‍ය අනුශිෂ්‍ය පරපුරේ කසාගල විහාරයේ වැඩ සිටි උඩයාලේ ධම්මපාල හිමි මෙම ස්ථානයේ වස් වසා නේවාසික වීමෙන් පසු ක‍්‍රමයෙන් ආරාමයක් බවට පත් විය.
    • මහනුවර මල්වතු මහාවිහාරයේ වැඩසිටි වැලිවිට අසරණ සරණ සංඝරාජ මා හිමි
    • වේහැල්ලේ ධම්මදින්න මා හිමි
    • කදුරුපොකුණ ස්වර්ණජෝති මා හිමි
    • කරතොට ධම්මාරාම මා හිමි
    • කදුරුපොකුණ සෝභිත මා හිමි (කසාගල පළමු විහාරාධිපති)
    • බද්දේගම ගුණරතන මා හිමි
    • උඩයාලේ ධම්මපාල මා හිමි (පන්ථාරාමයේ ප‍්‍රථම විහාරාධිපති)
    • ගාල්ලේ සුනන්ද හිමි (දෙවන විහාරාධිපති)
    • කපුගම මේධංකර (තෙවන විහාරාධිපති)
    • දඹරැුල්ලේ සරණංකර මා හිමි (කොතුරුකඩුපව් විහාරාධිපති)
    • මූලගිරියේ නන්දාරාම මා හිමි (සිව්වන විහාරාධිපති)
    • කදුරුපොකුණේ විපස්සී මා හිමි (පස්වන විහාරාධිපති)
    • දෙහිගහහේනේ ඥානවිමල හිමි (සවන විහාරාධිපති)
      ඓතිහාසිකත්වය-
      • විහාරස්ථානයෙන් ඉටුකල සේවා –
        • නුවර යුගයට අයත් වේ. ඉපැරණි සීමා මාලකය, කිරිගරුඩ පිළිම වහන්සේ, පැරණි තල්පත්, ලිපි ලේඛන සුරක්‍ෂිතව ඇත. වසර 300 ක් තරම් පැරණි ස්ථානයකි
        • විහාරස්ථාන භූමියේ කොටසක ධම්මපාල මහ විදුහල ආරම්භ කිරීම.
        • පේෂකර්ම මධ්‍යස්ථානය ආරම්භ කිරීම.
        • ගම්සභා කාර්යාලය, සෞඛ්‍ය මධ්‍යස්ථානය, ප‍්‍රජාශාලාව සදහා භූමිය ලබාදීම.
        • කඩවර වැව පුලූල් කිරීමට අක්කර දෙකක් භූමිය ලබා දීම.
        • ශ‍්‍රී ධර්මෝදය දහම් පාසල, ශ‍්‍රී සුමන පෙර පාසල ආරම්භ කිරීම.
        • විජිත අේ‍යාන්‍යාධාර සමිතිය පවත්වාගෙන යාම
        • ග‍්‍රාම සංවර්ධන සමිතිය ආරම්භ කිරීම.
        • විහාරස්ථානයේ ඇති අඩුපාඩුරැුකියා විරහිත පවුල් සදහා ස්වයං රැකියා අවස්ථා රැසක් ඇති කිරීම.

විහාරස්ථානයේ වර්තමාන දියුණුව

වර්තමාන විහාරාධිපති හිමි 1999 වර්ෂයේ විහාරස්ථානය භාරගන්නා අවස්ථාවේ ඉතා අබලන් ගොඩනැගිලි කීපයක් පමණක් මෙම විහාරස්ථානයේ තිබුණි. පැරණිම සීමාමාලකය, සංඝාවාසය හා දාන ශාලාව පසුකාලයේ ක‍්‍රමයෙන් ගරා වැටුනි. වර්තමානය වන විට

  • 18 රියන් පිළිම වහන්සේ සහිත විවෘත බුදු මැදුර
  • ධාතු මන්දිරය සහිත තෙමහල් සීමා මාලකය
  • අටවිසි බුුදු කුටි සහිත බෝධි ප‍්‍රාකාරය
  • නව සංඝාවාස ගොඩනැගිල්ල සහිත දාන ශාලාව
  • පුස්තකාල ගොඩනැගිල්ල
  • දහම්පාසල් ගොඩනැගිලි ආදිය ඉදිකිරීම හා කොටසක් වැඩ නිම කිරීම සිදු කර ඇත.
  • ධර්ම ශාලාව හා පැරණි ගොඩනැගිලි මහල ප‍්‍රතිසංස්කරණය කර ඇත.

විහාරස්ථානයේ ඇති අඩුපාඩු

        • අතීතයේ වැඩසිටි විහාරාධිපති හිමිවරුන් ගමේ සංවර්ධනය සිදුකළ මුත් විහාරස්ථානය දියුණුවක් නොවුනි. ගම්වැසියන්ටද එතරම් වැඩ කොටසක් කිරීමට වත්කමක් නැත. එනිසාම අඩුපාඩු රාශියක් පවතින ස්ථානයකි.
            • චෛත්‍යක් නැත.
            • බුදු මැදුර නැත.
            • ධාතු මන්ධිරය වැඩ අඩක් ඉතිරිව ඇත.
            • සංඝාවාසය වහල සෑදීම, කපලාරු වැඩ, ජනෙල් දොරවල්, පිගන් ගඩොල් ඇතිරීම ආදී සියළු වැඩ කොටස් නිම කිරීමට ඇත.
            • විහාර පිවිසුම් ගොට්ටුව සෑදීමට ඇත.
            • විහාරස්ථානයේ තාප්පය සකස්කළ යුතුවේ.
            • බෝධි ප‍්‍රාකාරය පැත්තක් ගරා වැටී ඇත.

    පුවත්  ~ News

    මෙම විහාරස්ථානයේ  සිදුකරන ආගමික වැඩසටහන්, ආධාර අවශ්‍යතා සහ දහම් කරුණු පිළිබදව තොරතුරු පහතින් දක්වා ඇත. සම්පුර්ණ පුවත කියවන්න “වැඩිදුර කියවන්න” බොත්තම ඔබන්න.

    කුසල් දහම් පුරන ගිහි පැවිදි දෙපිරිසටම ඉතා වැදගත් ‘වස් කාලය’

    කුසල් දහම් පුරන ගිහි පැවිදි දෙපිරිසටම ඉතා වැදගත් ‘වස් කාලය’

    පැරණි භාරතයේ ප‍්‍රධාන සෘතු තුනක් පැවතිණ. හේමන්ත, ගිම්හාන, වස්සාන වශයෙනි. හේමන්ත සෘතුව, අධික ලෙස ශීතලය. ගිම්හාන සෘතුව, අධික ලෙස උණුසුම්ය. වස්සාන...

    read more
    ත්‍රිපිටකය රැකගත්තේ මෙහෙමයි

    ත්‍රිපිටකය රැකගත්තේ මෙහෙමයි

    බ‍්‍රාහ්මණ තිස්ස බය පැවති කාලයේ සිතුල්පව්වේද තිස්ස මහා විහාරයේ ද දොලොස් දහස බැගින් භික්ෂූහු විසූහ. අවුරුදු තුනකට ප‍්‍රමාණවත් ධාන්‍ය විහාර දෙකෙම් මහ...

    read more
    හැඳින මෙහෙයවිය යුතු කර්මය

    හැඳින මෙහෙයවිය යුතු කර්මය

    බුදු දහමේ මූලික සංකල්පයක් වන කර්මය පිළිබඳ ඉතා පැහැදිලි විවරණයක් මේ ලිපිය මගින් දැක්වේ..කර්මය නම් චර්යාව පිළිබඳ හේතු-ප්‍රත්‍ය නියාමය යි. එහි සමගාමි...

    read more
    සුළුවෙන් කලද නැති නොවන පින්

    සුළුවෙන් කලද නැති නොවන පින්

    දානයෙන් මෙන් මැ ශීල භාවනාවන් හි අනුසස් බොහෝ ය. ශීලයෙහි යෙදෙනවාට වඩා බොහෝ දෙනා දන් දී මෙහි යුහුසුළු වෙති. එකල වැඩි දෙනෙක් බුදුන් වහන්සේ ප්‍රමුඛ මහා...

    read more
    මරණානුස්සති භාවනාව

    මරණානුස්සති භාවනාව

    ඉපදුණා වූ සියලූම සත්වයෝ මරණයට පත්වන්නේය. දෙව්ලොවෙහි දෙවියන් ද, බඹලොවෙහි බ‍්‍රහ්මයන් ද, සතර අපා වැසි සත්වයන් ද, සියලූ මනුෂ්‍යයන් ද මරණයට පත් වන්නේ ය....

    read more
    සතර සතිපට්ඨානය තුළ සප්ත බොජ්ඣංග

    සතර සතිපට්ඨානය තුළ සප්ත බොජ්ඣංග

    බුදුරජාණන් වහන්සේ වදාළ සතිපට්ඨාන භාවනාවේ ධම්මානුපස්සනාවේ අවසාන කොටස් දැන් අපි ඉගෙන ගනිමින් සිටින්නේ. මේකෙ තියෙනවා සප්ත බොජ්ඣංග කියල කොටසක්. බොජ්ඣංග...

    read more

    “මෙම පුණ්‍ය භූමිය සඳහා අවශ්‍ය දෑ පහත පරිදි දැක්විය හැකිය.”

    මෙම විහාරස්ථානයේ අවශ්‍යතා සොයාබලා ඔබට හැකි අයුරින් ආධාර කරන්න. විහාරස්ථානයේ වර්තමාන තත්වය දැනගැනීමට සැමවිටම විහාරාධිපති ස්වාමින් වහන්සේ දුරකථනය ඔස්සේ හෝ චැට් පණිවිඩයක් ඔස්සේ සම්බන්ධ කරගන්න. මෙම තොරතුරු යාවත්කාලින කරන ලද්දේ 2020 ජනවාරි 6 වෙනි දිනදීය.

    ආධාර අවශ්‍ය කාරණා

    ධාතුමන්දිරය
    ධාතුමන්දිරය
    විහාරගෙයක් නැති අඩුපාඩුව පිරිමසිමින් සීමා මාලකයේ මැද කොටස කඩා බුදු කුටියක් සකසා කිරිගරුඩ පිළිමයක් තබා වැදුම් පිදුම් සිදුකෙරේ.
    තුන්වන මහලේ පත්තිරිප්පු හැඩයට ධාතු මැදුර සකසා ඇත. චෛත්‍ය නැති අඩුපාඩුව පිරිමසා ගැනීමට අඩි 10 ක් උසැති පිත්තල චෛත්‍යක් ඉදිකරමින් පවතී. එ් සදහා රු. ලක්ෂ දොලහක් ඇස්තමේන්තු කර ඇත.
    ඉහළ මාලයේ ආරක්ෂිත වැට, ටයිල් ඇතිරීම, පියගැට පෙළ වැඩ නිම කිරීම.
    දෙවන මහලේ ආරක්‍ෂිත වැට ටයිල් ඇතිරීම ආදි සදහා රු. ලක්ෂ දොලහක් පමණ වැය වේ. එ් සදහා කැමති පින්වතුන්ගේ ආධාර අපේක්‍ෂා කෙරේ.
    සංඝාවාසය
    පහත මහලයේ දාන ශාලාව වැඩ නිමකර ඇත. ඉහත මහලයේ බිත්ති බැද ඇත. වහල සැකසීම, කපලාරු, දොර ජනෙල් ටයිල් ඇතිරීම ආදියට ලක්ෂ තිහක් පමණ වැයවේ. 
    පිවිසුම් ගේට්ටුව
    මේ සදහා ලක්ෂ පහක් පමණ වැයවේ. (රු. 500000)විහාරස්ථාන ආරක්ෂක තාප්පයමේ සදහා රු. ලක්ෂ දොලහක් පමණ වැයවේ. (රු. 120000)
    බෝධිප‍්‍රාකාරය
    වැඩ නිම කිරීමට රු. ලක්ෂ  පහක් පමණ වැය වේ.
    මීට අමතරව නව බුදු මැදුරක අවශ්‍යතාවක් පවතී. චෛත්‍ය ඉදිකිරීම සිදුකයුතුව ඇත. සැදැහැවත් බෞද්ධ දානපති පින්වතුන්ගේ ආධාර අපේක්ෂා කෙරේ.

    ආධාර කරන්න 

    පින්වත් ඔබගේ ආධාර පහත ගිණුමට බැරකළ හැකිය

    ගිණුමේ නම – පුවක්දණ්ඩාව පන්ථාරාම විහාර කාර්ය සාධක සමිතිය
    ගිණුම් අංකය – 8965770
    බැංකු ශාඛාව –බෙලිඅත්ත ශාඛාව

    ගිණුමේ නම – පූජ්‍ය දෙහිගහහේනේ ඤානවිමල හිමි
    ගිණුම් අංකය – 244-2-001-3-5519369
    බැංකු ශාඛාව – මහජන බැංකුව, බෙලිඅත්ත ශාඛාව

    ඔබ බැංකුවට මුදල් බැර කරන්නේ නම්, බැංකුවෙන් ලැබෙන රිසිට් පතෙහි පිටපතක් අප වෙත යෙමුකරන්න.

    ~ විහාරාධිපති ස්වාමීන් වහන්සේ ~

    නම – පූජ්‍ය දෙහිගහහේනේ ඤානවිමල හිමි
    උපන්දිනය – 1970.08.16
    පැවිදි වූ දිනය – 1983.01.17
    උපසම්පදා වූ දිනය- 1991.05.31
    විහාරාධිපති පදවියට පත්වූ දිනය – 1999.02.25
    අධ්‍යාපනය ලද ආයතන
    තලපත්කන්ද කනිටු විදුහල
    පුවක්දණ්ඩාව ධම්මපාල විදුහල
    මොදරවාන ශ‍්‍රී සරණංකර පිරිවෙන
    ගම්පහ පල්ලෙවෙල වික‍්‍රමශිලා විදර්ශනා පිරිවෙන
    නුගේගොඩ ගංගොඩවිල ශ‍්‍රී සුභද්‍රාරාම විද්‍යායතන මහ පිරිවෙන
    ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය
    කැළණිය විශ්ව විද්‍යාලය
    මහරගම ජාතික අධ්‍යාපන ආයතනය
    සමත් වූ විභාග
    අ.පො.ස. සා.පෙළ. පිරිවෙන් අවසාන,
    උසස් පෙළ ප‍්‍රාචීන ප‍්‍රාරම්භ, මධ්‍යම, බී.එ්. සාමාන්‍ය උපාධි, බී.එ්. ගෞරව උපාධි, පශ්චාත් අධ්‍යාපන ඩිප්ලෝමා විභාගය, රාජ්‍ය සේවා කාර්යක්‍ෂම කඩඉම් විභාග I, II
    රාජකාරී ස්ථාන
    1998 කෑගල්ල අමිතිරිගල ශ‍්‍රී ධර්මාලෝක මූලික පිරිවෙනේ ඉංග‍්‍රීසි උපගුරු
    2020 වර්ෂයේ සිට බෙලිඅත්ත සිරිසුනන්ද මූලික පිරිවෙනේ පාලි උපගුරු
    2005 වර්ෂයේ සිට බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ බෞද්ධ කටයුතු සමායෝජක තනතුර බෙලිඅත්ත ප‍්‍රාදේශී්‍ය ලේකම් කාර්යාලය 2005 සිටඅගුණකොළ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය 2011 සිටනැවත 2013 සිට මේ දක්වා ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය

    දරන තනතුරු
    බෙලිඅත්ත ප‍්‍රාදේශී්‍ය විහාරාධිපති සංගමයේ ලේකම්ග‍්‍රාම සංවර්ධන සමිතිය ගරු සභාපති.

    දහම් පාසල

    • ආරම්භය – 1947

    • නම – ශ‍්‍රී ධර්මෝධය දහම් පාසල

    • බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලි.ප. අංකය – 33/30/දපාලි/2520

    • ශිෂ්‍ය සංඛ්‍යාව – 250

    • ගුරු භවතුන් සංඛ්‍යාව – 15

    • ප‍්‍රාදේශීය ශාසනාරක්‍ෂක මණ්ඩලය – බෙලිඅත්ත දකුණ

    බෙලිඅත්ත කොට්ඨාශයේ විධිමත් හා ආදර්ශමත් දහම්පාසලකි. ප‍්‍රාදේශීය, දිස්ත‍්‍රික් හා සමස්ථ ලංකා සිසු නිපුණතා වැඩසටහන් වලදී ජයග‍්‍රහණ අත්පත් කරගෙන ඇත. සිසු දරුවන් සදහා ප‍්‍රායෝගික වැඩසටහන් ක‍්‍රියාකාරකම් සිදුකරමින් උසස් ගුණාංගවලින් යුතු කුසලතාවලින් පිරිපුන් පිරිසක් බිහිකිරීමට කටයුතු කරන ආයතනයකි

    අපව සම්බන්ධ කරගන්න

    පහත දුරකතන අංක ඔස්සේ විහාරස්ථානය සම්බන්ධ කරගත හැකි අතර, බොහොමයක් විහාරස්ථාන පිහිටා ඇත්තේ ඉතා දුෂ්කර ප්‍රදේශවල බැවින් ඊමේල් ඔස්සේ සම්බන්ධ කරගැනීමට අපහසු විය හැකි බව කරුණාවෙන් සළකන්න. 

    ඊමේල් ලිපිනය

    info@pantharamamahaviharaya.org.lk

    දුරකතන අංකය

    047 2243300 / 077 6525644

    ලිපිනය

    පන්ථාරාම මහා විහාරය, පුවක්දන්ඩාව,බෙලි අත්ත

    විහාරස්ථානයේ පිහිටීම 

    මෙම වෙබ් අඩවිය සමාජජාල මාධ්‍ය ඔස්සේ බෙදාහරින්න…