loader image
Select Page

ගොතටුව පාරමිතා ශ්‍රී බෝධිමළු විහාරය

1986  පාරමිතා බෝධිමළු විහාරය ආරම්භ කරන ලදි. 1994 ජුනි 13 වන දින අනුරාධපුර ශ‍්‍රී මහා බෝධින්වහන්සේගෙන් අංකුරයක් ලබා ගෙන පුද පෙරහරන් රැගෙනවිත් 1994 ඇසළ පුන් පොහෝ දින රෝපනය කරන ලදි. එදා සිට මෙදා දක්වා අති විශාල ජනකායක් භාර හාර වෙමින් වැඳුම් පිදුම් කිරිම සිදු කරේ.1972 වසරේ ඉන්දියාවේ සංකස්සපුර බුදුන් වැඩ සිටි ගඳකිලිය කැනීම් කරන අවස්ථාවේ හමුවු බිමට අතුරා තිබු ගල් ආදි වස්තු කිහිපයක් ම විහාරස්ථානයේ ධාතු මන්දිරයේ තැන්පත් කොට ඇත. ශ‍්‍රීවාස්ත‍්‍රව නම් පුරා විද්‍යාඥයා එම පුරා වස්තූන් එවකට සිටි ලංකා මහා කොමසාරිස් බර්නාඞ් තිලකරත්න මහතාට භාර දී තිබින. එතුමාගේ අභාවයෙන් පසු ප‍්‍රිත‍්‍රී තිලකරත්න සහ පුතනුවන් එම වස්තු මාවෙත පුද පුජා කිරිම සඳහා භාර දෙන ලදි. ධාතුන් වහන්සේලා සහ ඝන දෙවි ප‍්‍රතිමා ඇතුළු පුරා වස්තූ රාශියක් දැනට තැන්පත්කර තිබේ.

පුවත්  ~ News

මෙම විහාරස්ථානයේ  සිදුකරන ආගමික වැඩසටහන්, ආධාර අවශ්‍යතා සහ දහම් කරුණු පිළිබදව තොරතුරු පහතින් දක්වා ඇත. සම්පුර්ණ පුවත කියවන්න “වැඩිදුර කියවන්න” බොත්තම ඔබන්න.

කුසල් දහම් පුරන ගිහි පැවිදි දෙපිරිසටම ඉතා වැදගත් ‘වස් කාලය’

කුසල් දහම් පුරන ගිහි පැවිදි දෙපිරිසටම ඉතා වැදගත් ‘වස් කාලය’

පැරණි භාරතයේ ප‍්‍රධාන සෘතු තුනක් පැවතිණ. හේමන්ත, ගිම්හාන, වස්සාන වශයෙනි. හේමන්ත සෘතුව, අධික ලෙස ශීතලය. ගිම්හාන සෘතුව, අධික ලෙස උණුසුම්ය. වස්සාන...

read more
ත්‍රිපිටකය රැකගත්තේ මෙහෙමයි

ත්‍රිපිටකය රැකගත්තේ මෙහෙමයි

බ‍්‍රාහ්මණ තිස්ස බය පැවති කාලයේ සිතුල්පව්වේද තිස්ස මහා විහාරයේ ද දොලොස් දහස බැගින් භික්ෂූහු විසූහ. අවුරුදු තුනකට ප‍්‍රමාණවත් ධාන්‍ය විහාර දෙකෙම් මහ...

read more
හැඳින මෙහෙයවිය යුතු කර්මය

හැඳින මෙහෙයවිය යුතු කර්මය

බුදු දහමේ මූලික සංකල්පයක් වන කර්මය පිළිබඳ ඉතා පැහැදිලි විවරණයක් මේ ලිපිය මගින් දැක්වේ..කර්මය නම් චර්යාව පිළිබඳ හේතු-ප්‍රත්‍ය නියාමය යි. එහි සමගාමි...

read more
සුළුවෙන් කලද නැති නොවන පින්

සුළුවෙන් කලද නැති නොවන පින්

දානයෙන් මෙන් මැ ශීල භාවනාවන් හි අනුසස් බොහෝ ය. ශීලයෙහි යෙදෙනවාට වඩා බොහෝ දෙනා දන් දී මෙහි යුහුසුළු වෙති. එකල වැඩි දෙනෙක් බුදුන් වහන්සේ ප්‍රමුඛ මහා...

read more
මරණානුස්සති භාවනාව

මරණානුස්සති භාවනාව

ඉපදුණා වූ සියලූම සත්වයෝ මරණයට පත්වන්නේය. දෙව්ලොවෙහි දෙවියන් ද, බඹලොවෙහි බ‍්‍රහ්මයන් ද, සතර අපා වැසි සත්වයන් ද, සියලූ මනුෂ්‍යයන් ද මරණයට පත් වන්නේ ය....

read more
සතර සතිපට්ඨානය තුළ සප්ත බොජ්ඣංග

සතර සතිපට්ඨානය තුළ සප්ත බොජ්ඣංග

බුදුරජාණන් වහන්සේ වදාළ සතිපට්ඨාන භාවනාවේ ධම්මානුපස්සනාවේ අවසාන කොටස් දැන් අපි ඉගෙන ගනිමින් සිටින්නේ. මේකෙ තියෙනවා සප්ත බොජ්ඣංග කියල කොටසක්. බොජ්ඣංග...

read more

“මෙම පුණ්‍ය භූමිය සඳහා අවශ්‍ය දෑ පහත පරිදි දැක්විය හැකිය.”

මෙම විහාරස්ථානයේ අවශ්‍යතා සොයාබලා ඔබට හැකි අයුරින් ආධාර කරන්න. විහාරස්ථානයේ වර්තමාන තත්වය දැනගැනීමට සැමවිටම විහාරාධිපති ස්වාමින් වහන්සේ දුරකථනය ඔස්සේ හෝ චැට් පණිවිඩයක් ඔස්සේ සම්බන්ධ කරගන්න. මෙම තොරතුරු යාවත්කාලින කරන ලද්දේ 2019 සැප්තැම්බර් 6 වෙනි දිනදීය.

ආධාර අවශ්‍ය කාරණා

ධාතු මන්දිරය සහිත පුස්තකාලය ඉදිකර ගැනීම සඳහා

ආධාර කරන්න 

පින්වත් ඔබගේ ආධාර පහත ගිණුමට බැරකළ හැකිය

ගිණුමේ නම – කාර්ය සාධක සමිතිය
ගිණුම් අංකය – 194-2-001-3-0008378
බැංකු ශාඛාව – කොලොන්නාව

ඔබ බැංකුවට මුදල් බැර කරන්නේ නම්, බැංකුවෙන් ලැබෙන රිසිට් පතෙහි පිටපතක් අප වෙත යෙමුකරන්න.

~ විහාරාධිපති ස්වාමීන් වහන්සේ ~

අළුත්ගම ඓතිහාසික කන්දේ විහාරයේ සම්මාන විහාරාධිපතිත්වය දරන කොළඹ දිසාවේ ප‍්‍රධාන සංඝනායක අරම ශ‍්‍රී ධම්ම තිලක නාහිමි. මල්වතු විහාරයෙන් කීර්ති ශ‍්‍රී වාගීශ්වර උපාධිය සහිතව සංඝනායක පදවිය, කොළඹ කවි සම්මේලනයේ ලේඛන ශූරි උපාධිය, රත්නපුර එක්නැලිගොඩ සංඝ සභාවෙන් සද්ධර්ම වාගීශ්වර උපාධිය, කොලොන්නාව සංස්කෘතික කටයුතු අංශයෙන් සාහිත්‍ය ප‍්‍රදීප සම්මානය, මහා මහින්ද භික්ෂු පදනමෙන් සාහිත්‍ය කීර්ති සාහිත්‍ය කලා ක්ෂේත‍්‍රයට වසර 60 ක් පුරාවට සාහිත්‍ය භාෂාව හා කවිය පිලිබඳව ලේඛනයෙන් දායක වීම. සිළුමිණ ශාස්ත‍්‍රීය අතිරේකයට දිගු කාලයක් ලිපි සැපයීම, ඓතිහාසකි පුරාණ වාහල්කඩ,චේතිය පුරාණය, කොරවක්ගල, මුරගල පිලිබඳව පර්යේෂණාත්මක ලිපි සැපයීම, රිවිරැස, දිනමිණ,ලංකාදීප, දිවයින, බුදුසරණ, දවස, රස වාහිනිය ආදී පුවත්පත් වලට සාහිත්‍ය අලලා ලිපි සැපයීම. උසස් පෙළ බෞද්ධ සංස්කෘතිය, ශිෂ්ඨාචාරය, සාමාජ සාරධර්ම බුදු සසුන හා සෞන්දර්ය ආදී ග‍්‍රන්ථ 24 ක් ප‍්‍රකාශයට පත් කිරිම.හොංකොං, ජර්මනිය, ජපානය, ස්වීඩනට, තායිලන්තය, ඇමරිකාව, ඉන්දියාව ආදි රටවලට ගොස් පැරණි ශෛලයෙන් පිරිත් දේශනා පැවැත්වීම හා ධර්ම ප‍්‍රචාරය

අපව සම්බන්ධ කරගන්න

පහත දුරකතන අංක ඔස්සේ විහාරස්ථානය සම්බන්ධ කරගත හැකි අතර, බොහොමයක් විහාරස්ථාන පිහිටා ඇත්තේ ඉතා දුෂ්කර ප්‍රදේශවල බැවින් ඊමේල් ඔස්සේ සම්බන්ධ කරගැනීමට අපහසු විය හැකි බව කරුණාවෙන් සළකන්න. 

ඊමේල් ලිපිනය

info@paramithasribodhimaluviharaya.org.lk

දුරකතන අංකය

011 2534005

ලිපිනය

පාරමිතා ශ‍්‍රී මහා බෝධිමළු විහාරය, අයි.ඞී.එච් පාර, ගොතටුව.

විහාරස්ථානයේ පිහිටීම 

මෙම වෙබ් අඩවිය සමාජජාල මාධ්‍ය ඔස්සේ බෙදාහරින්න…