කෑමට ඇති අධික ලොල් බව නිසා බොහෝ දෙනෙක් ලෙඩ රෝගවලට ගොදුරු වෙනවා. අඩු ආයුෂයෙන් මැරෙන අවස්ථා තියෙනවා. සමහරුන් සොරකමට පෙළඹෙනවා. හොරෙන් කනවා. අධික ලොල්...
ප්‍රදීපාරාම කන්දේ විහාරය
මාතලේ දිස්ත්‍රික්කයේ මාතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මකුල්ගහරුප්ප ග්‍රාම නිලධාරී වසමේ සාප්පුවත්ත කොටසේ ශ්‍රී ප්‍රදීපාරාම කන්දෙ විහාරය යන නමින් මෙම විහාරස්ථානය ආරම්භ කිරීම 2012 වර්ෂයේ සිදු විය. සතර පේරුවේ දායක පින්වතුන් සිව් පසයෙන් මෙම විහාරස්ථානය පෝෂණය වන්නේය.
දැනට විහාර මන්දිරය, බෝධීන් වහන්සේ, සංඝාවාසය යන කොටස් ඉදි කර ඇති අතර වෙහෙර වහන්සේ හා ධර්මශාලාව ඉදි වෙමින් පවතී.
(විහාරස්ථානය ලියාපදිංචි අංකය : බෞ/කො/විහාදේ/05/18/036)
දහම් පාසල
ශ්‍රී ධර්මදීප දහම් පාසල නමින් අප මෙම විහාරස්ථානයේ 2015.01.19 දින දහම් පාසලක් ආරම්භ කෙරිණි. වර්තමානය වන විට ළමුන් 125 ක් සහ ගුරු භවතුන් 13 දෙනෙකුගෙන් යුතුව පවත්වාගෙන යනු ලැබේ.
(ලියාපදිංචි අංක – 22/18/ද.පා./ලි/9211)
පුවත් ~ News
මෙම විහාරස්ථානයේ සිදුකරන ආගමික වැඩසටහන්, ආධාර අවශ්‍යතා සහ දහම් කරුණු පිළිබදව තොරතුරු පහතින් දක්වා ඇත. සම්පුර්ණ පුවත කියවන්න “වැඩිදුර කියවන්න” බොත්තම ඔබන්න.
“මෙම පුණ්‍ය භූමිය සඳහා අවශ්‍ය දෑ පහත පරිදි දැක්විය හැකිය.”
මෙම විහාරස්ථානයේ අවශ්‍යතා සොයාබලා ඔබට හැකි අයුරින් ආධාර කරන්න. විහාරස්ථානයේ වර්තමාන තත්වය දැනගැනීමට සැමවිටම විහාරාධිපති ස්වාමින් වහන්සේ දුරකථනය ඔස්සේ හෝ චැට් පණිවිඩයක් ඔස්සේ සම්බන්ධ කරගන්න. මෙම තොරතුරු යාවත්කාලින කරන ලද්දේ 2019 නොවැම්බර් 23 වෙනි දිනදීය.
ආධාර අවශ්‍ය කාරණා
වෙහෙර වහන්සේ
දැනට වෙහෙර වහන්සේගේ ගඩොලින් නිමාවට පත් කර ඇති අතර මල් ආසන හතර සහ එම චෛත්‍යයේ කපරාරුව සිදු කිරීමට ඇත. එම වෙහෙර සඳහා ගමන් කිරීමට පඩිපෙල නිර්මාණය කිරීමට ඇත
ධර්ම ශාලාව
දැනට ධර්මශාලාව තාවකාලිකව ඉදි කර ඇති අතර ස්ථිර ධර්ම ශාලාව ඉදි කිරීමට ඇත. එය දෙමහල් ගොඩනැගිල්ලක් ලෙස සකස් කිරීමට අදහස් කර ඇත.
ආධාර කරන්න
පින්වත් ඔබගේ ආධාර පහත ගිණුමට බැරකළ හැකිය
ගිණුමේ නම – පී. ධම්මදස්සි හිමි
ගිණුම් අංකය – 7600039
බැංකු ශාඛාව –කච්චේරි ශාඛාව
ඔබ බැංකුවට මුදල් බැර කරන්නේ නම්, බැංකුවෙන් ලැබෙන රිසිට් පතෙහි පිටපතක් අප වෙත යෙමුකරන්න.
~ විහාරාධිපති ස්වාමීන් වහන්සේ ~
මෙම විහාරස්ථානයේ විහාරාධිපති හිමිපාණන් වහන්සේ වන්නේ පූජ්‍ය මූණමල්පැලැස්සේ ධම්මපාල හිමිපාණන් වහන්සේය.
උඩුගම ශ්‍රී කුලතුංගාරාමය මෙම විහාරස්ථානයේ මූලස්ථානය වන්නේ ය.
මෙම විහාරස්ථානය දෙකේ ම විහාරාධිපති හිමිපාණන් වන්නේ ඉහත නම් සඳහන් හිමිපාණන් වහන්සේ ය.
~ විහාරාධිකාරී ස්වාමීන් වහන්සේ ~
අපව සම්බන්ධ කරගන්න
පහත දුරකතන අංක ඔස්සේ විහාරස්ථානය සම්බන්ධ කරගත හැකි අතර, බොහොමයක් විහාරස්ථාන පිහිටා ඇත්තේ ඉතා දුෂ්කර ප්‍රදේශවල බැවින් ඊමේල් ඔස්සේ සම්බන්ධ කරගැනීමට අපහසු විය හැකි බව කරුණාවෙන් සළකන්න.
ඊමේල් ලිපිනය
info@pradeeparamakandeviharaya.org.lk
දුරකතන අංකය
0662053319
ලිපිනය
ප්‍රදීපාරාම කන්දෙ විහාරය, සාප්පුවත්ත, පලාපත්වල
විහාරස්ථානයේ පිහිටීම
මෙම වෙබ් අඩවිය සමාජජාල මාධ්‍ය ඔස්සේ බෙදාහරින්න…