loader image
Select Page

පුණ්‍යවර්ධනාරාමය

හම්බන්තොට දිස්ත්‍රික්කයේ,අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, එරමිණියාය ග්‍රාම නිලධාරී වසම තුල පිහිටි මෙම විහාරස්ථානය එරමිණියාය, “පුණ්‍යවර්ධනාරාමය” යනුවෙන් හැඳින්වේ.

1972 වර්ෂයේ දී පමණ ආරම්භ වී ඇති මෙම විහාරස්ථානය ශ්‍රීලංකා මහවැලි අධිකාරියේ වලව විශේෂ බල ප්‍රදේශයේ අගුණකොළපැලැස්ස කොට්ඨාශය තුළ පවතී.

මෙම විහාරස්ථානය සඳහා කිසිදු නිත්‍ය ආදායම් මාර්ගයක් නොමැති අතර ගම්වාසීන්ගේ ආධාර උපකාර මත නඩත්තු වන ස්ථානයකි.

මෙහි දායක සභාව, සංඝමිත්තා කුලගන සමිතිය, අසරණ සරණ වැඩිහිටි සමිතිය, චෛත්‍ය සංවර්ධන සමිතිය හා දහම් පාසල් ගුරු දෙගුරු සමිතිය ක්‍රියාත්මක තත්වයේ පවතී. එම රැස්වීම් වලට අමතරව එරමිණියාය එක්සත් සුභසාධක සමිතිය, සමෘද්ධි සංවර්ධන සමිතිය ආදී පොදු කටයුතු වලට අදාල රැස්වීම් පවත්වන්නේද මෙම ස්ථානයේය.

මෙම විහාරස්ථ භූමි‍යේ“පුබුදු පෙර පාසල” නමින් කුඩා දූ දරුවන් ඉගෙනුම ලබන ස්ථානයක්ද පවතී.

පුවත්  ~ News

මෙම විහාරස්ථානයේ  සිදුකරන ආගමික වැඩසටහන්, ආධාර අවශ්‍යතා සහ දහම් කරුණු පිළිබදව තොරතුරු පහතින් දක්වා ඇත. සම්පුර්ණ පුවත කියවන්න “වැඩිදුර කියවන්න” බොත්තම ඔබන්න.

කුසල් දහම් පුරන ගිහි පැවිදි දෙපිරිසටම ඉතා වැදගත් ‘වස් කාලය’

කුසල් දහම් පුරන ගිහි පැවිදි දෙපිරිසටම ඉතා වැදගත් ‘වස් කාලය’

පැරණි භාරතයේ ප‍්‍රධාන සෘතු තුනක් පැවතිණ. හේමන්ත, ගිම්හාන, වස්සාන වශයෙනි. හේමන්ත සෘතුව, අධික ලෙස ශීතලය. ගිම්හාන සෘතුව, අධික ලෙස උණුසුම්ය. වස්සාන...

read more
ත්‍රිපිටකය රැකගත්තේ මෙහෙමයි

ත්‍රිපිටකය රැකගත්තේ මෙහෙමයි

බ‍්‍රාහ්මණ තිස්ස බය පැවති කාලයේ සිතුල්පව්වේද තිස්ස මහා විහාරයේ ද දොලොස් දහස බැගින් භික්ෂූහු විසූහ. අවුරුදු තුනකට ප‍්‍රමාණවත් ධාන්‍ය විහාර දෙකෙම් මහ...

read more
හැඳින මෙහෙයවිය යුතු කර්මය

හැඳින මෙහෙයවිය යුතු කර්මය

බුදු දහමේ මූලික සංකල්පයක් වන කර්මය පිළිබඳ ඉතා පැහැදිලි විවරණයක් මේ ලිපිය මගින් දැක්වේ..කර්මය නම් චර්යාව පිළිබඳ හේතු-ප්‍රත්‍ය නියාමය යි. එහි සමගාමි...

read more
සුළුවෙන් කලද නැති නොවන පින්

සුළුවෙන් කලද නැති නොවන පින්

දානයෙන් මෙන් මැ ශීල භාවනාවන් හි අනුසස් බොහෝ ය. ශීලයෙහි යෙදෙනවාට වඩා බොහෝ දෙනා දන් දී මෙහි යුහුසුළු වෙති. එකල වැඩි දෙනෙක් බුදුන් වහන්සේ ප්‍රමුඛ මහා...

read more
මරණානුස්සති භාවනාව

මරණානුස්සති භාවනාව

ඉපදුණා වූ සියලූම සත්වයෝ මරණයට පත්වන්නේය. දෙව්ලොවෙහි දෙවියන් ද, බඹලොවෙහි බ‍්‍රහ්මයන් ද, සතර අපා වැසි සත්වයන් ද, සියලූ මනුෂ්‍යයන් ද මරණයට පත් වන්නේ ය....

read more
සතර සතිපට්ඨානය තුළ සප්ත බොජ්ඣංග

සතර සතිපට්ඨානය තුළ සප්ත බොජ්ඣංග

බුදුරජාණන් වහන්සේ වදාළ සතිපට්ඨාන භාවනාවේ ධම්මානුපස්සනාවේ අවසාන කොටස් දැන් අපි ඉගෙන ගනිමින් සිටින්නේ. මේකෙ තියෙනවා සප්ත බොජ්ඣංග කියල කොටසක්. බොජ්ඣංග...

read more

“මෙම පුණ්‍ය භූමිය සඳහා අවශ්‍ය දෑ පහත පරිදි දැක්විය හැකිය.”

මෙම විහාරස්ථානයේ අවශ්‍යතා සොයාබලා ඔබට හැකි අයුරින් ආධාර කරන්න. විහාරස්ථානයේ වර්තමාන තත්වය දැනගැනීමට සැමවිටම විහාරාධිපති ස්වාමින් වහන්සේ දුරකථනය ඔස්සේ හෝ චැට් පණිවිඩයක් ඔස්සේ සම්බන්ධ කරගන්න. මෙම තොරතුරු යාවත්කාලින කරන ලද්දේ 2020 ජනවාරි 7 වෙනි දිනදීය.

ආධාර අවශ්‍ය කාරණා

  • චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ප්‍රාකාරයේ ඉතිරිව පවතින වැඩකොටස් නිම කර ගැනීමට.
  • සතර මහා දේවාල කුටි ඉදි කර ගැනීමට(ප්‍රතිමා සමඟ).
  • සංඝාවාසයේ ඉතිරිව පවතින වැඩ කොටස් නිම කර ගැනීමට.
  • ධාතු මන්දිරය හා දාන ශාලාව(දෙමහල්) ඉදිකර ගැනීමට.
  • දහම්පාසල් ගොඩනැගිල්ලක් ඉදිකර ගැනීමට.
  • ප්‍රධාන ගේට්ටුව සහිතව මකර තොරණක් ඉදිකර ගැනීමට.
  • වැසිකිලි කැසිකිලි පද්ධතියක් සකස් කර ගැනීමට.
  • විහාරස්ථ භූමිය වටා තාප්පයක් ඉදිකිරීමට.
  • පෙර පාසල් ගොඩනැගිල්ල අලුත් වැඩියා කිරීමට.

ආධාර කරන්න 

පින්වත් ඔබගේ ආධාර පහත ගිණුමට බැරකළ හැකිය

ගිණුමේ නම – පූජ්‍ය හැඩවින්නේ රාහුල හිමි
ගිණුම් අංකය – 107607700911
බැංකු ශාඛාව – අඟුණකොළපැලැස්ස

ගිණුමේ නම – විහාරස්ථ දායක සභා ගිණුම
ගිණුම් අංකය – 205-2-001-5-0028270
බැංකු ශාඛාව – අඟුණකොළපැලැස්ස

ඔබ බැංකුවට මුදල් බැර කරන්නේ නම්, බැංකුවෙන් ලැබෙන රිසිට් පතෙහි පිටපතක් අප වෙත යෙමුකරන්න.

ශ්‍රී ධම්ම කුසල දහම් පාසල

මෙම විහාරස්ථානයට අනුයුක්තව පවතින දහම් පාසල “ශ්‍රී ධම්ම කුසල දහම් පාසල” යනුවෙන් හැඳින්වේ.

මෙහි පළමු ශ්‍රේණියේ සිට දොළොස් වන ශ්‍රේණිය දක්වා පංති පැවැත්වෙන අතර ශිෂ්‍ය ශිෂ්‍යාවන් 230ක් පමණ දහම් අධ්‍යාපනය හදාරනු ලබයි.

ඒ සඳහා ස්වෙච්ඡාවෙන් උගන්වනු ලබන 12 දෙනෙකුගෙන් පමණ යුත් ආචාර්ය මණ්ඩලයක් සිටි.

මෙම දහම් පාසල බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව හා තරුණ බෞද්ධ සංගමයේ ලියාපදිංචිය ලබා ඇත.

මෙකි ධම්ම කුසල දහම් පාසල 1985 වර්ෂයේ දී ආරම්භ කර ඇත.

~ විහාරාධිපති ස්වාමීන් වහන්සේ ~

පූජ්‍ය හැඩවින්නේ රාහුල ස්ථවිර

1979 වර්ෂයේ පැවිදි වී ඇති අතර, 1987 වර්ෂයේ දී උපසම්පදාව ලබා ඇත.

පොත්තේවෙල ජිනරාජ මහා පිරිවෙනේ මූලික අධ්‍යාපනය ලබා හම්බන්තොට ශ්‍රී ගුණානන්ද පිරිවෙනේ පිරිවෙන් අවසානය දක්වා අධ්‍යාපනය හදාරා ඇත.

1984 වර්ෂයේ සිට මේ දක්වා එරමිණීයාය පූණ්‍යාවර්ධනාරාමය විහාරස්ථානයේ විහාරාධිපති වශයන් කටයුතු කරමින් සිටී.

මීට අමතරව දරණ තනතුරු

  • ප්‍රධාන සංවිධායක / අනුශාසක
  • අඟුණකොළපැලැස්ස /අම්බලන්තොට භික්ෂු බල මණ්ඩලය
  • කාරක සභික තංගල්ල භික්ෂු බලමණ්ඩලය
  • ප්‍රධාන අනුශාසක
  • අඟුණකොළපැලැස්ස , ශ්‍රී ලංකා බන්ධනාගාරය

අපව සම්බන්ධ කරගන්න

පහත දුරකතන අංක ඔස්සේ විහාරස්ථානය සම්බන්ධ කරගත හැකි අතර, බොහොමයක් විහාරස්ථාන පිහිටා ඇත්තේ ඉතා දුෂ්කර ප්‍රදේශවල බැවින් ඊමේල් ඔස්සේ සම්බන්ධ කරගැනීමට අපහසු විය හැකි බව කරුණාවෙන් සළකන්න. 

ඊමේල් ලිපිනය

info@punyawardhanaramaya.org.lk

දුරකතන අංකය

071 8354263 / 047 2229550

ලිපිනය

පූණ්‍යවර්ධනාරාමය විහාරස්ථානය, එරමිණියාය, අඟුණකොළපැලැස්ස.

විහාරස්ථානයේ පිහිටීම 

මෙම වෙබ් අඩවිය සමාජජාල මාධ්‍ය ඔස්සේ බෙදාහරින්න…