loader image
Select Page

මැදවච්චිය කඩවත්ගම සිරිපවර ගංගාතිලක විහාරය

ශ්‍රී ලංකාද්වීපයේ උතුරුමැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ, කඩවත්කෝරලේ, මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අංක 60 කඩවත්ගම තුලානේ කඩවත්ගම සිරිපවර ගංගාතිලක විහාරස්ථානය පිහිටා ඇත. පුරාවෘත්තවලට අනුව වර්ෂ 1818 වනතුරු කඩවත්ගම මුරපොලක් ලෙස තිබී ඇත. සාධක ලෙස පැරණි ලිං හා විහාරස්ථානයක නටබුන් ද ඇත.

නව සිරිපවර ගංගාතිලක විහාරස්ථානය ක්‍රි.ව. 1890 දී පමණ ආරම්භ වූ බව සැලකේ. ක්‍රි.ව. 1968දී අපවත් වී වදාල මහකුඹුක්ගොල්ලෑවේ ශ්‍රී සෝභිතාභිධාන ලොකු හාමුදුරුවන් වහන්සේ  විසින් මෙම විහාරස්ථානය ආරම්භ කර ඇත. උන්වහන්සේ විහාරස්ථානය සමීපයෙහි පිහිටා ඇති කඩවත්ගම ශ්‍රී සෝභිත මහා විද්‍යාලය විහාරස්ථානයේ ආරම්භ කොට නැවත දැන් තිබෙන ස්ථානයට ගෙන ගොස් ඇත. උන්වහන්සේ අපවත් වීමෙන් පසු මහකුඹුක්ගොල්ලෑවේ ගුණරතනාභිධාන ලොකු හාමුදුරුවන් වහන්සේ විහාරස්ථානයේ අධිපති බවට පත් විය. උන්වහන්සේගේ කාලයෙහි මනරම් ධර්මශාලාවක් ඉදි කර ඇත.

ඉන්පසුව විහාරාධිපති බවට  වත්මන් විහාරාධිපති කුඩාකුඹුක්ගොල්ලෑවේ චන්දවිමල හිමිපාණන් වහන්සේ පත් විය. උන්වහන්සේ විසින් පැරණි විහාර මන්දිරය වෙනුවට නව විහාර මන්දිරයක් චෛත්‍ය රාජයාණන් වහන්සේ සහ නව සංඝාවාසයක් හා පෙර පාසැල් ගොඩනැගිල්ලක් ඉදි කර ඇත. දැනට විශාල ධර්මශාලාවක් ඉදි කිරීමට කටයුතු කර ඇත. එහි ෆවුන්ඩේෂන් දමා කණු ඉදි කර ඇත. එය තට්ටු දෙකේ ගොඩනැගිල්ලක් ලෙස ඉදිකරමින් පවතී.

දැනට විහාරස්ථානයේ ශ්‍රී සෝභිත දහම් පාසැල (ක්‍රි.ව. 1975) හා ශ්‍රී සෝභිත පෙර පාසල යන ආයතන  දෙක ආරම්භ කර ඇත. එසේම කඩවත්ගම විහාරස්ථානයට අයත් කඩවත්ගම මැදවච්චිය දුම්රිය නගරය, කැලෑගම, වෙඩිතිබ්බගල යන ගම්වල දායක පින්වතුන්ගේ ආගමික කටයුතු සිදු කරනු ලැබේ. විහාරස්ථානයේ සෑම පොහොය දිනයකම දායක සභාවේ කොට්ඨාශ එකොලහකට වෙන් කර  පොහොය දිනයක් වෙන් කොට ඔවුන් විසින් විවිධ ආගමික වැඩසටහන් සංවිධානය කර සිදු කරනු ලැබේ.

තවද විහාරස්ථානයේ වාර්ෂිකව  සීල භාවනා වැඩසටහන් කඨින පිංකම් ආදිය පවත්වනු ලැබේ. විහාරස්ථානයට අනුබද්ධ සිරිපවර ගංගාතිලක විහාරස්ථ කාර්යසාධන සමිතිය, විශාඛා උපාසක සමිතිය, පවරතරුණ බෞද්ධ සමිතිය ආදී සමිති තුළින් ආගමික හා ආර්ථික හා සාමාජික වැදගත්කමින් යුතු වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබේ.

පුවත්  ~ News

මෙම විහාරස්ථානයේ  සිදුකරන ආගමික වැඩසටහන්, ආධාර අවශ්‍යතා සහ දහම් කරුණු පිළිබදව තොරතුරු පහතින් දක්වා ඇත. සම්පුර්ණ පුවත කියවන්න “වැඩිදුර කියවන්න” බොත්තම ඔබන්න.

කුසල් දහම් පුරන ගිහි පැවිදි දෙපිරිසටම ඉතා වැදගත් ‘වස් කාලය’

කුසල් දහම් පුරන ගිහි පැවිදි දෙපිරිසටම ඉතා වැදගත් ‘වස් කාලය’

පැරණි භාරතයේ ප‍්‍රධාන සෘතු තුනක් පැවතිණ. හේමන්ත, ගිම්හාන, වස්සාන වශයෙනි. හේමන්ත සෘතුව, අධික ලෙස ශීතලය. ගිම්හාන සෘතුව, අධික ලෙස උණුසුම්ය. වස්සාන...

read more
ත්‍රිපිටකය රැකගත්තේ මෙහෙමයි

ත්‍රිපිටකය රැකගත්තේ මෙහෙමයි

බ‍්‍රාහ්මණ තිස්ස බය පැවති කාලයේ සිතුල්පව්වේද තිස්ස මහා විහාරයේ ද දොලොස් දහස බැගින් භික්ෂූහු විසූහ. අවුරුදු තුනකට ප‍්‍රමාණවත් ධාන්‍ය විහාර දෙකෙම් මහ...

read more
හැඳින මෙහෙයවිය යුතු කර්මය

හැඳින මෙහෙයවිය යුතු කර්මය

බුදු දහමේ මූලික සංකල්පයක් වන කර්මය පිළිබඳ ඉතා පැහැදිලි විවරණයක් මේ ලිපිය මගින් දැක්වේ..කර්මය නම් චර්යාව පිළිබඳ හේතු-ප්‍රත්‍ය නියාමය යි. එහි සමගාමි...

read more
සුළුවෙන් කලද නැති නොවන පින්

සුළුවෙන් කලද නැති නොවන පින්

දානයෙන් මෙන් මැ ශීල භාවනාවන් හි අනුසස් බොහෝ ය. ශීලයෙහි යෙදෙනවාට වඩා බොහෝ දෙනා දන් දී මෙහි යුහුසුළු වෙති. එකල වැඩි දෙනෙක් බුදුන් වහන්සේ ප්‍රමුඛ මහා...

read more
මරණානුස්සති භාවනාව

මරණානුස්සති භාවනාව

ඉපදුණා වූ සියලූම සත්වයෝ මරණයට පත්වන්නේය. දෙව්ලොවෙහි දෙවියන් ද, බඹලොවෙහි බ‍්‍රහ්මයන් ද, සතර අපා වැසි සත්වයන් ද, සියලූ මනුෂ්‍යයන් ද මරණයට පත් වන්නේ ය....

read more
සතර සතිපට්ඨානය තුළ සප්ත බොජ්ඣංග

සතර සතිපට්ඨානය තුළ සප්ත බොජ්ඣංග

බුදුරජාණන් වහන්සේ වදාළ සතිපට්ඨාන භාවනාවේ ධම්මානුපස්සනාවේ අවසාන කොටස් දැන් අපි ඉගෙන ගනිමින් සිටින්නේ. මේකෙ තියෙනවා සප්ත බොජ්ඣංග කියල කොටසක්. බොජ්ඣංග...

read more

“මෙම පුණ්‍ය භූමිය සඳහා අවශ්‍ය දෑ පහත පරිදි දැක්විය හැකිය.”

මෙම විහාරස්ථානයේ අවශ්‍යතා සොයාබලා ඔබට හැකි අයුරින් ආධාර කරන්න. විහාරස්ථානයේ වර්තමාන තත්වය දැනගැනීමට සැමවිටම විහාරාධිපති ස්වාමින් වහන්සේ දුරකථනය ඔස්සේ හෝ චැට් පණිවිඩයක් ඔස්සේ සම්බන්ධ කරගන්න. මෙම තොරතුරු යාවත්කාලින කරන ලද්දේ 2019 සැප්තැම්බර් 27  වෙනි දිනදීය.

ආධාර අවශ්‍ය කාරණා

ධර්මශාලා ගොඩනැගිල්ල

සිල්සමාදන් වී සිටීම සඳහා  සහ වෙනත් උත්සව කටයුතු සඳහාත් දහම් පාසලේ ඉගැන්වීමේ කටයුතු සඳහාත්  අවශ්‍ය වන ප්‍රමාණයට තට්ටු දෙකට සෑදීමට ධර්මශාලා ගොඩනැගිල්ලක් සෑදවීමට ආරම්භ කර ඇත. එහි දැනට ෆවුන්ඩේෂන් දමා වටේට කණු ස්ලැබ් එක සෑදීමේ ප්‍රමාණයට ඉදිකර ඇත. ඒ සඳහා සියලුම දානපතියන්ගෙන් ආධාර බලාපොරොත්තු වේ.

දහම්පාසල් පුස්තකාල ගොඩනැගිල්ල

මෙම ගොඩනැගිල්ල සෑදීම සඳහා අත්තිවාරම්  කපා බැඳ බිත්ති අඩි හතරක් පමණ ගොඩනගා ඇත. එම ගොඩනැගිල්ල අඩි 20’ x 20’  ගොඩනැගිල්ලකින් එම ගොඩනැගිල්ල සඳහා ද දානපතියන්ගේ ආධාරය බලාපොරොත්තු වේ.

කඩවත්ගම ශ්‍රී සෝභිත පෙර පාසැලට ආධාර අවශ්‍යතාව

පෙර පාසල් ගොඩනැගිල්ල ඉදිකර අවුරුදු 10 ක් පමණ වේ. එසේ හෙයින් ගොඩනැගිල්ල  නැවත නවීකරණය කළ යුතුව ඇත. වහලය නැවත ගලවා සකස් කර ගත යුතුව ඇත. එසේම මැද මුදුන් බිත්තිය වෙන් කර ස්ටේජ් එකක් සෑදිය යුතුයි. එම කොටස ආවරණය කළ  යුතුයි.

ආධාර කරන්න 

පින්වත් ඔබගේ ආධාර පහත ගිණුමට බැරකළ හැකිය

ගිණුමේ නම – විහාරාධිපති හිමි ගිණුම
ගිණුම් අංකය – 096200160033494
බැංකු ශාඛාව – මැදවච්චිය

ගිණුමේ නම – සිරිපවර ගංගාතිලක විහාරස්ථ කාර්ය සාධක සමිතිය
ගිණුම් අංකය – 3970561
බැංකු ශාඛාව – මැදවච්චිය

ඔබ බැංකුවට මුදල් බැර කරන්නේ නම්, බැංකුවෙන් ලැබෙන රිසිට් පතෙහි පිටපතක් අප වෙත යෙමුකරන්න.

කඩවත්ගම ශ්‍රී සෝභිත දහම් පාසල

මැදවච්චිය කඩවතගම සිරිපවර ගංගාතිලක විහාරස්ථානයේ ක්‍රි.ව. 1975 ……………. මස 14 වැනි ඉරු දින ආරම්භ කරන ලදී. එහි කුඩාකුඹුක්ගොල්ලෑවේ චන්දවිමල හිමිපාණන් වහන්සේ ක්‍රි.ව. 1975 සිට ක්‍රි.ව. 2003 දක්වා කාලය තුළ ප්‍රධානාචාර්ය වශයෙන් කටයුතු කර ඇත. වත්මන් ප්‍රධානාචාර්යවරයා ආර්. ජී. ගුණරත්න මහතාය. දැනට සිසුන් 192 සංඛ්‍යාවක් ඉගෙනුම ලබන අතර ඉගැන්වීමේ කටයුතු ගුරුවරුන් 20 සංඛ්‍යාවක් සිදු කරනු ලැබේ. මෙම දහම් පාසලෙන් ඉගෙනුම ලැබූ දරුවන් යහපත් විදියට රැකියාවන්වල යෙදෙන දක්ෂයන් බවට පත් වී ඇත. විවිධ තරඟවලදී දහම්පාසල ජයග්‍රහණයන් ලබා ගෙන ඇත. දැනට දහම්පාසැල අඩු පහසුකම් මධ්‍ය යේ ඉගැන්වීමේ කටයුතු කරනු ලැබේ. දහම් පාසැලට අයත් හෝ දහම් පාසැල හොඳින් පවත්වාගෙන යෑමට සුදුසු ගොඩනැගිල්ලක් නොමැත.  කෙසේ නමුත් එම අඩුව පිරිමසා ගැනීමේ බලාපොරොත්තුවෙන් දැනට ශාලාවක්  සෑදවීමට ආරම්භ කර ඇත. එම ගොඩනැගිල්ල  කවුරු හෝ දානපතියෙකුගේ ආධාරයෙන් ඉදිකර ගැනීමට බලාපොරොත්තු වේ.

ශ්‍රී සෝභිත පෙර පාසැල

ක්‍රි. ව.1980 වේ දී පමණ විහාරස්ථානයට අයත් දායක ගම්වල දරුවන්ට මූලික අධ්‍යාපනය, විහාරස්ථානය කේන්ද්‍ර කොට ලබා දීමේ පරමාර්ථයෙන් ශ්‍රී සෝභිත නමින් පෙර පාසැලක් ද විහාරස්ථානයේ ආරම්භ කරන ලදී. එම පෙර පාසල විහාරස්ථානයේ ධර්මශාලාවේ ආරම්භ කරන ලද අතර නැවත නව ගොඩනැගිල්ලක් සාදා එහි නැවත ආරම්භ කරන ලදී.

            මෙම ගොඩනැගිල්ල මැදවච්චිය ප්‍රාදේශීය සභාවේ නලින් විජේරත්න මහතාගේ සහ මැදවච්චිය  මිහිරි සවුන්ඩ් ආයතනාධිපති පී. බෝගොඩ මහතාගේ මගපෙන්වීම යටතේ හොරණ ප්‍රේමදාස හෑගොඩ පදනමේ නිර්මාතෘ ජපානයේ සිටින ප්‍රේමදාස හෑගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් ජපන් දානපතින්ගේ ආධාර මත ඉදි කෙරුනි. මේ වන විට මෙම පෙර පාසල උතුරු මැද පලාතේ ආදර්ශ පෙර පාසලක් බවට පත් වී ඇත, දැනට දරුවන් 40  ක් ඉගෙනුම ලබන බවත් එහි ප්‍රධාන ගුරුතුමිය ධම්මිකා දිසානායක මහත්මිය වන අතර උපගුරුතුමිය අයේෂා සඳමාලි මහත්මියයි.

            දැනට පෙර පාසලේ ගොඩනැගිල්ල  නවීකරණය කළ යුතුව ඇති බවත් එසේම දැනට මැදින් ඇති බිත්තිය අයින් කර එයට බීම් එකක් දමා  බිම ස්ටේජ් එකක් සකස් කරගත යුතුව ඇත.

~ විහාරාධිපති ස්වාමීන් වහන්සේ ~

විහාරාධිපති හිමිගේ නම : කුඩාකුඹුක්ගොල්ලෑවේ චන්ද විමල හිමි

අධ්‍යාපන සුදුසුකම්  : අ.පො.ස. උසස් පෙළ

වෙනත් අධ්‍යාපන සුදුසුකම් : ධර්මාචාර්ය විභාගය සමත්

දුරස්ථ අධ්‍යාපන පුහුණු ගුරු සහතිකය තනතුරු : සිරිපවර ගංගාතිලක විහාරාධිපති, ඉසින් බැස්සන සිරි සුමණසාර පිරිවෙන් කෘත්‍යාධිකාරී, මැදවච්චිය ප්‍රා.ශා. මණ්ඩලයේ සභාපති, කඩවත්තම සිරිපවර ගංගාතිලක විහාරස්ථ කාර්ය සාධක සමිතියේ සභාපති, උතුරු නුවරගම පළාතේ ප්‍රධාන අධික‍රණ සංඝනායක, පිරිවෙන් ගුරුතනතුර (විශ්‍රාමිකයි)

අපව සම්බන්ධ කරගන්න

පහත දුරකතන අංක ඔස්සේ විහාරස්ථානය සම්බන්ධ කරගත හැකි අතර, බොහොමයක් විහාරස්ථාන පිහිටා ඇත්තේ ඉතා දුෂ්කර ප්‍රදේශවල බැවින් ඊමේල් ඔස්සේ සම්බන්ධ කරගැනීමට අපහසු විය හැකි බව කරුණාවෙන් සළකන්න. 

ඊමේල් ලිපිනය

info@siripawaragangathilakaviharaya.org.lk

දුරකතන අංකය

0718206716 / 0764709745 / 0255613349

ලිපිනය

සිරිපවර ගංගාතිලක විහාරය, කඩවත්ගම, මැදවච්චිය

විහාරස්ථානයේ පිහිටීම 

මෙම වෙබ් අඩවිය සමාජජාල මාධ්‍ය ඔස්සේ බෙදාහරින්න…