loader image
Select Page

සිරි සීලවංශ බෝධිමළු විහාරය

අනුරාධපුර දිස්ත්‍රික්කයේ තිරප්පනේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ 530, කුට්ටිකුලම ග්‍රාමයේ කුට්ටිකුලම මහවැව පාමුල වෙල්යායට මැදිව සුන්දර පරිසරයක පිහිටි මෙම විහාරස්ථානය මෙම ස්ථානයේ පුරාණ දේවස්ථානයක් සහිත පිහිටා තිබීම බැතිමතුන්ගේ සිත් බැදගන්නා ස්ථානයකි. මෙම විහාරස්ථානය 2005 වර්ෂයේදී වනසිංහ ගල්විහාර සංඝසභාවේ නියෝජ්‍ය සභාපති ඕවිටිගල පියරතන ස්ථවීර ස්වාමින් වහන්සේගේ අනුසාසන පරිදි උන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිරි ශීලවංශ බෝධිමළු විහාරය ආරම්භ කරන ලදී. මෙම විහාරස්ථානයට දායක දායිකාවන් 150 වැඩි පිරිසක් සම්බන්ධ අතර, එවුන් සියළු දෙනාම හේන් කුඹුරු ගොවිතැන් වලින් දිවි ගෙවන අතර, ඔවුන්ගේ ආර්ථික අපහසුතාවයන් මැද විහාරස්ථානයකට අවශ්‍ය සපුරාගැනීම අපහසුය. මෙම විහාරස්ථානයේ සුළු සුළු සංවර්ධන කටයුතු කලත් විදුලිය ලබා ගැනීම සංඝාවාසය , වැසිකිලි , දාන ශාලාව, ඝණ්ඨාර කුළුණ විහාර මන්දිරය චෛත්‍ය ප්‍රධාන අවශ්‍යතාවයන් වශයෙන් පවතී.

පුවත්  ~ News

මෙම විහාරස්ථානයේ  සිදුකරන ආගමික වැඩසටහන්, ආධාර අවශ්‍යතා සහ දහම් කරුණු පිළිබදව තොරතුරු පහතින් දක්වා ඇත. සම්පුර්ණ පුවත කියවන්න “වැඩිදුර කියවන්න” බොත්තම ඔබන්න.

කුසල් දහම් පුරන ගිහි පැවිදි දෙපිරිසටම ඉතා වැදගත් ‘වස් කාලය’

කුසල් දහම් පුරන ගිහි පැවිදි දෙපිරිසටම ඉතා වැදගත් ‘වස් කාලය’

පැරණි භාරතයේ ප‍්‍රධාන සෘතු තුනක් පැවතිණ. හේමන්ත, ගිම්හාන, වස්සාන වශයෙනි. හේමන්ත සෘතුව, අධික ලෙස ශීතලය. ගිම්හාන සෘතුව, අධික ලෙස උණුසුම්ය. වස්සාන...

read more
ත්‍රිපිටකය රැකගත්තේ මෙහෙමයි

ත්‍රිපිටකය රැකගත්තේ මෙහෙමයි

බ‍්‍රාහ්මණ තිස්ස බය පැවති කාලයේ සිතුල්පව්වේද තිස්ස මහා විහාරයේ ද දොලොස් දහස බැගින් භික්ෂූහු විසූහ. අවුරුදු තුනකට ප‍්‍රමාණවත් ධාන්‍ය විහාර දෙකෙම් මහ...

read more
හැඳින මෙහෙයවිය යුතු කර්මය

හැඳින මෙහෙයවිය යුතු කර්මය

බුදු දහමේ මූලික සංකල්පයක් වන කර්මය පිළිබඳ ඉතා පැහැදිලි විවරණයක් මේ ලිපිය මගින් දැක්වේ..කර්මය නම් චර්යාව පිළිබඳ හේතු-ප්‍රත්‍ය නියාමය යි. එහි සමගාමි...

read more
සුළුවෙන් කලද නැති නොවන පින්

සුළුවෙන් කලද නැති නොවන පින්

දානයෙන් මෙන් මැ ශීල භාවනාවන් හි අනුසස් බොහෝ ය. ශීලයෙහි යෙදෙනවාට වඩා බොහෝ දෙනා දන් දී මෙහි යුහුසුළු වෙති. එකල වැඩි දෙනෙක් බුදුන් වහන්සේ ප්‍රමුඛ මහා...

read more
මරණානුස්සති භාවනාව

මරණානුස්සති භාවනාව

ඉපදුණා වූ සියලූම සත්වයෝ මරණයට පත්වන්නේය. දෙව්ලොවෙහි දෙවියන් ද, බඹලොවෙහි බ‍්‍රහ්මයන් ද, සතර අපා වැසි සත්වයන් ද, සියලූ මනුෂ්‍යයන් ද මරණයට පත් වන්නේ ය....

read more
සතර සතිපට්ඨානය තුළ සප්ත බොජ්ඣංග

සතර සතිපට්ඨානය තුළ සප්ත බොජ්ඣංග

බුදුරජාණන් වහන්සේ වදාළ සතිපට්ඨාන භාවනාවේ ධම්මානුපස්සනාවේ අවසාන කොටස් දැන් අපි ඉගෙන ගනිමින් සිටින්නේ. මේකෙ තියෙනවා සප්ත බොජ්ඣංග කියල කොටසක්. බොජ්ඣංග...

read more

“මෙම පුණ්‍ය භූමිය සඳහා අවශ්‍ය දෑ පහත පරිදි දැක්විය හැකිය.”

මෙම විහාරස්ථානයේ අවශ්‍යතා සොයාබලා ඔබට හැකි අයුරින් ආධාර කරන්න. විහාරස්ථානයේ වර්තමාන තත්වය දැනගැනීමට සැමවිටම විහාරාධිපති ස්වාමින් වහන්සේ දුරකථනය ඔස්සේ හෝ චැට් පණිවිඩයක් ඔස්සේ සම්බන්ධ කරගන්න. මෙම තොරතුරු යාවත්කාලින කරන ලද්දේ 2019 සැප්තැම්බර් 24 වෙනි දිනදීය.

ආධාර අවශ්‍ය කාරණා

  • විදුලිය ලබා ගැනීම මීටර් 350 කණු 06 – රු.   600,000.00
  • සංඝාවාසය (දිග අඩි 40. පලල අඩි 30. වර්ග අඩි 1200) – රු.3,000,000.00
  • දාන ශාලාව (දිග අඩි 40, පලල අඩි20) – රු.2,000,000.00
  • වැසිකිලි පද්ධතියක් සදහා – රු.1,050,000.00
  • ඝණ්ඨාර කුළුණ, ඝණ්ඨාරය සමග – රු.10,00,000.00
  • විහාර මන්දිරය – රු.4,000,000.00
  • චෛත්‍ය සදහාද ආධාර අවශ්‍ය වේ.

ආධාර කරන්න 

පින්වත් ඔබගේ ආධාර පහත ගිණුමට බැරකළ හැකිය

ගිණුමේ නම – රබලි අත්තේ පියවංශ හිමි
ගිණුම් අංකය – 84948013
බැංකු ශාඛාව – තිරප්පනේ

ඔබ බැංකුවට මුදල් බැර කරන්නේ නම්, බැංකුවෙන් ලැබෙන රිසිට් පතෙහි පිටපතක් අප වෙත යෙමුකරන්න.

~ විහාරාධිපති ස්වාමීන් වහන්සේ ~

වනසිංහ ගල් විහාර සංඝ සභාවේ නියෝජ්‍ය සභාපති නෝඩාමඩු ගල්මඩුවාගම ශ්‍රී බෝධිමළු පුරාණ විහාරයේ විහාරාධිකාරි කුට්ටිකුලම සිවලාකුලම සිරි සීලවංශ බෝධිමලු විහාරය විහාරාධිපති පුජ්‍ය ඕවිටිගල පියරතන ස්වාමින්වහන්සේය. එම ස්වාමින්වහන්සේගේ ශිෂ්‍ය රබලි අත්තේ පියවංශ ස්වාමින්වහන්සේ දැනට විහාරාධිකාරි කටයුතු කරනු ලබයි.

අපව සම්බන්ධ කරගන්න

පහත දුරකතන අංක ඔස්සේ විහාරස්ථානය සම්බන්ධ කරගත හැකි අතර, බොහොමයක් විහාරස්ථාන පිහිටා ඇත්තේ ඉතා දුෂ්කර ප්‍රදේශවල බැවින් ඊමේල් ඔස්සේ සම්බන්ධ කරගැනීමට අපහසු විය හැකි බව කරුණාවෙන් සළකන්න. 

ඊමේල් ලිපිනය

info@siriseelawanshabodimaluviharaya.org.lk

දුරකතන අංකය

077 96 35 859

ලිපිනය

කුට්ටිකුලම, සිවලාකුලම, අනුරාධපුර

විහාරස්ථානයේ පිහිටීම 

මෙම වෙබ් අඩවිය සමාජජාල මාධ්‍ය ඔස්සේ බෙදාහරින්න…