loader image
Select Page

බෙලිඅත්ත කඬේ පන්සල හෙවත් සිරි සුනන්ද මහා විහාරය

මෙම විහාරස්ථානය ආරම්භ කොට ඇත්තේ ශි‍්‍ර බුද්ධ වර්ෂ 2430 – කි‍්‍ර ව 1886 වර්ෂයේ දීය.  විහාරස්ථානයේ වර්තමාන ලියාපදිංචි අංකය – බෞ.කො.දේ/විිහාදේ/ 09/30/0

 “බෙලිඅත්ත කඬේ ආවාසය” “කඬේ පන්සල” යන නමින් අදත් බොහෝ දෙනා හදුන්වන බෙලිඅත්ත සිරි සුනන්ද මහා විහාරස්ථානයේ ඉතිහාසය පුරා වසර එකසීය තිස් හතරක් තරම් ඈතට දිව යන්නකි.

ශි‍්‍ර ලංකා රාමඤ්ඤ මහා නිකාය පිහිටුවීමෙහිලා පුරෝගාමී වු කල්‍යාණිවංසික පුවක්දණ්ඩාවේ ශි‍්‍ර පඤ්ඤානන්ද මහා නායක මාහිමිපාණන්වහ්නසේගේ ශිෂ්‍ය රත්නයක් වූ ගණාචාර්ය අතිපූජ්‍ය සපුගොඩවෙල ශි‍්‍ර ඛේමානන්දතිස්ස මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ මෙම මහා පුණ්‍ය භූමියෙහි ආදි කතෘන් වහන්සේය. උන්වහන්සේ හක්මණ සිට බෙලිඅත්තට වැඩම කොට 1886 වසරේදී මෙම විහාරස්ථානය පිහිටුවා ඇත.

පුවත්  ~ News

මෙම විහාරස්ථානයේ  සිදුකරන ආගමික වැඩසටහන්, ආධාර අවශ්‍යතා සහ දහම් කරුණු පිළිබදව තොරතුරු පහතින් දක්වා ඇත. සම්පුර්ණ පුවත කියවන්න “වැඩිදුර කියවන්න” බොත්තම ඔබන්න.

සතර සතිපට්ඨානය තුළ ඉරියාපථ භාවනාව

සතර සතිපට්ඨානය තුළ ඉරියාපථ භාවනාව

දැන් ඔබ මේ වෙන කොට ආනාපානසති භාවනාව පිළිබඳවත්, හොඳ සිහි නුවණින් යුක්තව සෑම කටයුත්තක්ම කිරීම ගැනත් ඔබ ඉගෙන ගෙන තියෙනවා. ඊළඟට ඉගෙන ගන්නේ සක්මන් භාවනාව...

read more
භාවනාවේ මූලික කරුණු

භාවනාවේ මූලික කරුණු

භාවනාව තුළින් ඔබේ මිනිස් ජීවිතය වඩාත්ම සුවපත් කරන අතර වඩාත්ම අර්ථවත් කරයි. භාවනා කිරීම කියන්නේ ඔබේ සිත දියුණු කරගන්නා සුවිශේෂී ක්‍රමයකටයි. අපට මේ...

read more
පෘථග්ජන පුද්ගලයා කවරෙක් ද?

පෘථග්ජන පුද්ගලයා කවරෙක් ද?

බෞද්ධයෝ බොහෝ කලක සිට නිවැරදි අර්ථය නොසළකා ‘පෘථග්ජන’ යන වචන ව්‍යවහාර කරන්නට පුරුදුව සිටිති. තමන්ගේ ඇතැම් දුර්වලතා සාධාරණීකරණය කරගැනීමට ද ‘අපි ඉතින්...

read more
ආයාචිතභත්ත ජාතකය ~ දෙවියන්ට භාරහාර වූ මිනිසුන්ගේ කථාව

ආයාචිතභත්ත ජාතකය ~ දෙවියන්ට භාරහාර වූ මිනිසුන්ගේ කථාව

අදටත් සමහර උදවිය තමන්ගේ කටයුතු සාර්ථක වෙන්න කියල දෙවියන්ට භාරහාර වෙනවා. දේවදාන දෙනවා. ඇතැම් ආගම්වල අදටත් භාර ඔප්පු කිරීම පිණිස සතුන් මරා බිලි දෙනවා....

read more
කණ්හ ජාතකය ~ කළු වෘෂභයාගේ කථාව

කණ්හ ජාතකය ~ කළු වෘෂභයාගේ කථාව

වගකීම් හැමෝටම දරන්ට බෑ. ඕනෑම වගකීමක් දරන්ට පුළුවන් අය ඉන්නවා. අපගේ භාග්‍යවතුන් වහන්සේ අන්න එබඳු උත්තමයෙක්. දවසක් අපගේ භාග්‍යවතුන් වහන්සේ අසවල් දවසේ...

read more
තේලපත්ත ජාතකය ~ තෙල් පාත්‍රය මුල් කොට වදාළ කථාව

තේලපත්ත ජාතකය ~ තෙල් පාත්‍රය මුල් කොට වදාළ කථාව

පින්වතුනේ, පින්වත් දරුවනේ, ජීවිතයේ බොහෝ ආරවුල්, අර්බුද, ගැටළු හටගන්නේ ඉන්ද්‍රියයන් අසංවර වීමෙනුයි. ඉන්ද්‍රිය සංවර නොකර ගැනීමෙන් පැවිදි ජීවිතය පවා...

read more

“මෙම පුණ්‍ය භූමිය සඳහා අවශ්‍ය දෑ පහත පරිදි දැක්විය හැකිය.”

මෙම විහාරස්ථානයේ අවශ්‍යතා සොයාබලා ඔබට හැකි අයුරින් ආධාර කරන්න. විහාරස්ථානයේ වර්තමාන තත්වය දැනගැනීමට සැමවිටම විහාරාධිපති ස්වාමින් වහන්සේ දුරකථනය ඔස්සේ හෝ චැට් පණිවිඩයක් ඔස්සේ සම්බන්ධ කරගන්න. මෙම තොරතුරු යාවත්කාලින කරන ලද්දේ 2019 නොවැම්බර් 27 වෙනි දිනදීය.

ආධාර අවශ්‍ය කාරණා

  • තෙමහල් විහාර මන්දිරය

    අතීත මුතුන් මිත්තන් විසින් අපට දායාද කොට ඇති මෙම වටිනා සංස්කෘතික උරුමය මතු පරපුර වෙනුවෙන් ද ආරක්ෂා කොට තැබීම අපගේ වගකිමයි.

    ඒ වෙනුවෙන් වත්මන් විහාරාධිපති නාහිමියන් පරිත්‍යාගශිලී දායක පින්වතුන්ගේ සහයෝගය ලබා ගනිමින් යම් වැඩ කොටසක් ඉටු කර ඇතත් කඩිනමින් සම්පූර්ණ කළ යුතු කාර්යය් රැසක් එහි ඉතිරිව ඇත.

    1. තෙවන මාලයේ දිරා පත්ව ඇති පරාළ හා උළු ඉවත් කොට නව පරාළ යොදා වහල සකස් කොට සිතුවම් කරණය සදහා සිවිලිම ගසා අලූත් උළු සෙවිලි කළ යුතුය.  ඇස්තමේන්තු ගත මුදල රු ලක්ෂ පහළවකි.  ( රු1500000. 00 )     

    2. තෙවන මාලයේ විනාශ වි ඇති සිතුවම් හා මූර්ති අලූත් වැඩියා කොට සිතුවම් කරණය නොකළ කොටසෙහි සිතුවම් ඇන්දවීම කළ යුතුය. ඇස්තමේන්තු ගත මුදල රු ලක්ෂ විසි හතරකි.  ( රු 2400000. 00 )

    3. දෙවන මාලයේ ඇති සූවිසි විවරණ සහිත සියළු සිතුවම් නැවත සායම් ආලේප කිරිම. ඇස්තමේන්තු ගත මුදල රු ලක්ෂ විස්සකි.  ( රු. 2000000. 00 )

     

  • මකර තොරණ දෙපස ප‍්‍රාකාරය නැවත තැනවීම

    මාර්ග සංවර්ධය වීමත් සමග බෙලිඅත්ත තංගල්ල පාර ද පුළුල් වී ඇති හෙයින් විහාරස්ථානය ඉදිරිපස මකර තොරණ අභියස ප‍්‍රාකාරය ද නැවත ඉදි කළ යුතුව ඇත.

    විදුලි බුබුළු සහිතව ඇත් රූප යොදා තනන මෙම ප‍්‍රාකාරයට ඇස්තමේන්තු ගත මුදල   රු. දොළාස් ලක්ෂයකි.  ( රු. 1200000. 00 )

     

  • ප‍්‍රතිසංස්කරණය කළ යුතු ගොඩනැගිලි

    පොත් ගුල සහිත සීම මාලකය, සංඝාවාසය, හා දෙමහල් දාන ශාලාව ද කඩිනම් ප‍්‍රතිසංස්කරණයකට ලක් කළ යුතුව ඇත. ඇස්තමේන්තු ගත මුදල රු. ලක්ෂ විස්සකි.  ( රු. 2000000 00 )

ආධාර කරන්න 

පින්වත් ඔබගේ ආධාර පහත ගිණුමට බැරකළ හැකිය

ගිණුමේ නම – විහාරාධිපති හිමි ගිණුම
ගිණුම් අංකය – 3422606
බැංකු ශාඛාව – බෙලිඅත්ත

ගිණුමේ නම – විහාර කාර්ය සාධක සමිතිය
ගිණුම් අංකය – 3421256
බැංකු ශාඛාව – බෙලිඅත්ත

ඔබ බැංකුවට මුදල් බැර කරන්නේ නම්, බැංකුවෙන් ලැබෙන රිසිට් පතෙහි පිටපතක් අප වෙත යෙමුකරන්න.

~ විහාරාධිපති ස්වාමීන් වහන්සේ ~

වත්මන් විහාරාධිපති පූජ්‍යතර ගැටමාන්නේ සාසනරතන නාහිමිපාණන් වහන්සේ 1984 වසරේ මෙහි විහාරාධිපති පදවියේ වගකීම් භාර ගන්නා අවස්ථාව වන විට විහාරස්ථානය ආරම්භ කොට වසර සියයකට ආසන්න වුවකි.

එම අවස්ථාව වන විට චෛත්‍යරාජයාණන් වහන්සේ ඇතුළු සියළු ගොඩනැගිලි කඩිනම් ප‍්‍රතිසංස්කරණයකට ලක් කළ යුතු මට්ටමක පැවතිණි. එහි වගකීම භාරගත් උන්වහන්සේ චෛත්‍යරාජයාණන් වහන්සේ මෙන්ම තෙමහල් විහාර මන්දිරයේ ද ප‍්‍රතිසංස්කරණ කටයුතු රාශියක් සිදු කළහ.

එමෙන්ම දැඩි සේ දිරා පත්ව තිබු විදුලි රැුහැන් පද්ධති මෙන්ම ප‍්‍රාකාර ද ඉවත් කොට නව පියගැට පෙළ සහිත ප‍්‍රාකාර තනවා පූජා භූමියට නව ආලෝකයක් ලබා දීමට කි‍්‍රයා කළහ.

අපව සම්බන්ධ කරගන්න

පහත දුරකතන අංක ඔස්සේ විහාරස්ථානය සම්බන්ධ කරගත හැකි අතර, බොහොමයක් විහාරස්ථාන පිහිටා ඇත්තේ ඉතා දුෂ්කර ප්‍රදේශවල බැවින් ඊමේල් ඔස්සේ සම්බන්ධ කරගැනීමට අපහසු විය හැකි බව කරුණාවෙන් සළකන්න. 

ඊමේල් ලිපිනය

info@sirisunandamahaviharaya.org.lk

දුරකතන අංකය

0472243283 / 071 8424850

ලිපිනය

සිරි සුනන්ද මහා විහාරය – බෙලිඅත්ත

විහාරස්ථානයේ පිහිටීම 

මෙම වෙබ් අඩවිය සමාජජාල මාධ්‍ය ඔස්සේ බෙදාහරින්න…