loader image
Select Page

සිත්තම් ගල්ලෙන රජමහා විහාරය

හම්බන්තොට දිස්ත්‍රික්කයේ වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ රමණීය රම්මල කඳු පාමුල මෙම ඓතිහාසික සිත්තම්ගල්ලෙන රාජමහා විහාරය පිහිටා තිබේ. ක්‍රි.පූ. 1 වැනි සියවසේ ලක් රජය කළ වලගම්බා නිරිඳුන් විසින් කරවන ලද  ලෙන් විහාර දෙකක් ඇත. ඒවායේ 18 රියන් සැතපෙන බුද්ධ ප්‍රතිමා සහ සත් සතිය නිරූපනය වන ප්‍රතිමා ඉදි කර තිබේ.

පොළොන්නරු යුගයේ 1 වැනි මහා විජයබාහු රජු විසින් ඉදිකළ චෛත්‍යයක් පර්වතයක් මත පිහිටා ඇත. ඉපැරණි බෝධීන් වහන්සේ සහ ශ්‍රී විෂ්ණු, කතරගම, රජ්ජුරුබණ්ඩාර, පත්තිනි, සූනියන් දේවාල පිහිටා ඇත.

කොළවෙනිගම සන්නසට අනුව දළදා හිමියන් මෙම විහාරයේ කලක් වැඩ සිට ඇත. මෙහි දින 7 ක් පැවැත්වෙන ඇසළ මහා පෙරහරත් වසර 52 ක් තිස්සේ පවත්වාගෙන එයි. එය ඔක්තෝබර් මස පසළොස්වක පොහොය මුල් කරගෙන සිදු කෙරේ.

පුවත්  ~ News

මෙම විහාරස්ථානයේ  සිදුකරන ආගමික වැඩසටහන්, ආධාර අවශ්‍යතා සහ දහම් කරුණු පිළිබදව තොරතුරු පහතින් දක්වා ඇත. සම්පුර්ණ පුවත කියවන්න “වැඩිදුර කියවන්න” බොත්තම ඔබන්න.

සතර සතිපට්ඨානය තුළ ඉරියාපථ භාවනාව

සතර සතිපට්ඨානය තුළ ඉරියාපථ භාවනාව

දැන් ඔබ මේ වෙන කොට ආනාපානසති භාවනාව පිළිබඳවත්, හොඳ සිහි නුවණින් යුක්තව සෑම කටයුත්තක්ම කිරීම ගැනත් ඔබ ඉගෙන ගෙන තියෙනවා. ඊළඟට ඉගෙන ගන්නේ සක්මන් භාවනාව...

read more
භාවනාවේ මූලික කරුණු

භාවනාවේ මූලික කරුණු

භාවනාව තුළින් ඔබේ මිනිස් ජීවිතය වඩාත්ම සුවපත් කරන අතර වඩාත්ම අර්ථවත් කරයි. භාවනා කිරීම කියන්නේ ඔබේ සිත දියුණු කරගන්නා සුවිශේෂී ක්‍රමයකටයි. අපට මේ...

read more
පෘථග්ජන පුද්ගලයා කවරෙක් ද?

පෘථග්ජන පුද්ගලයා කවරෙක් ද?

බෞද්ධයෝ බොහෝ කලක සිට නිවැරදි අර්ථය නොසළකා ‘පෘථග්ජන’ යන වචන ව්‍යවහාර කරන්නට පුරුදුව සිටිති. තමන්ගේ ඇතැම් දුර්වලතා සාධාරණීකරණය කරගැනීමට ද ‘අපි ඉතින්...

read more
ආයාචිතභත්ත ජාතකය ~ දෙවියන්ට භාරහාර වූ මිනිසුන්ගේ කථාව

ආයාචිතභත්ත ජාතකය ~ දෙවියන්ට භාරහාර වූ මිනිසුන්ගේ කථාව

අදටත් සමහර උදවිය තමන්ගේ කටයුතු සාර්ථක වෙන්න කියල දෙවියන්ට භාරහාර වෙනවා. දේවදාන දෙනවා. ඇතැම් ආගම්වල අදටත් භාර ඔප්පු කිරීම පිණිස සතුන් මරා බිලි දෙනවා....

read more
කණ්හ ජාතකය ~ කළු වෘෂභයාගේ කථාව

කණ්හ ජාතකය ~ කළු වෘෂභයාගේ කථාව

වගකීම් හැමෝටම දරන්ට බෑ. ඕනෑම වගකීමක් දරන්ට පුළුවන් අය ඉන්නවා. අපගේ භාග්‍යවතුන් වහන්සේ අන්න එබඳු උත්තමයෙක්. දවසක් අපගේ භාග්‍යවතුන් වහන්සේ අසවල් දවසේ...

read more
තේලපත්ත ජාතකය ~ තෙල් පාත්‍රය මුල් කොට වදාළ කථාව

තේලපත්ත ජාතකය ~ තෙල් පාත්‍රය මුල් කොට වදාළ කථාව

පින්වතුනේ, පින්වත් දරුවනේ, ජීවිතයේ බොහෝ ආරවුල්, අර්බුද, ගැටළු හටගන්නේ ඉන්ද්‍රියයන් අසංවර වීමෙනුයි. ඉන්ද්‍රිය සංවර නොකර ගැනීමෙන් පැවිදි ජීවිතය පවා...

read more

“මෙම පුණ්‍ය භූමිය සඳහා අවශ්‍ය දෑ පහත පරිදි දැක්විය හැකිය.”

මෙම විහාරස්ථානයේ අවශ්‍යතා සොයාබලා ඔබට හැකි අයුරින් ආධාර කරන්න. විහාරස්ථානයේ වර්තමාන තත්වය දැනගැනීමට සැමවිටම විහාරාධිපති ස්වාමින් වහන්සේ දුරකථනය ඔස්සේ හෝ චැට් පණිවිඩයක් ඔස්සේ සම්බන්ධ කරගන්න. මෙම තොරතුරු යාවත්කාලින කරන ලද්දේ 2020 ජනවාරි 8 වෙනි දිනදීය.

ආධාර අවශ්‍ය කාරණා

  1. විහාරස්ථානයට ලොකු අඩුවක්ව තිබූ සංඝාවාස ගොඩනැගිල්ල තෙමහල්ව ඉදි කරගෙන යනු ලැබේ. දැනට මහල් දෙකක වැඩ කොටසක් කර ඇති අතර එම මහල් දෙකේද තවත් වැඩ කොටසක් කිරීමට තිබේ.
    ඉහළ මාලය සම්පූර්ණයෙන් ඉදි කිරීමට ඇත. එහි ධාතු මන්දිරය, පුස්තකාලය හා කෞතුකාගාරය පිහිටුවීමට අදහස් කරන බැවින් එම මාලයේ වැඩ ඉතිරිව තිබේ. එබැවින් මේ සඳහා ප්‍රමුඛ ස්ථානය ලැබිය යුතුයි.
  2. ධර්මශාලාව දැනට තනි ශාලාවක් ලෙස ඇති අතර එය දෙමහල්ව ගොඩනැගීමට අවශ්‍යව තිබේ. දහම් පාසල් සිසුන් 800කට අධික පිරිසක් ඇති බැවින් ඔවුන්ව දහම් අධ්‍යාපනය ලබා දීමට එය මහල් දෙකකට ඉදි කිරීමට අවශ්‍ය වේ. දැනටමත් එහි වහලෙන් තෙමේ.
  3. ඉහළ විහාරයේ ශ්‍රී පත්තිනි හා ශ්‍රී සූනියන් යන දේවාල දෙක අලුතෙන් ඉඩ පහසුකම් ඇතිව ඉඩ කළ යුතුයි. දැනට තිබෙන ස්ථානය ඉඩ මදි අතර වැස්සට තෙමේ.
  4. දැනට ඉදි කරගෙන යනු ලබන කාර්යාලයේ ඉහල මාලයේ වැඩ අවසන් කිරීමට ඇත. ඒ සඳහා ද ආධාර උපකාර බලාපොරොත්තු වේ.

ආධාර කරන්න 

පින්වත් ඔබගේ ආධාර පහත ගිණුමට බැරකළ හැකිය

ගිණුමේ නම – සිත්තම්ගල්ලෙන රාජමහා විහාර කාර්ය සාධන සමිතිය, රජමහා විහාරය,  රම්මල, වරාපිටිය
ගිණුම් අංකය – 120-2-001-9- 5602807
බැංකු ශාඛාව – මහජන බැංකුව – වලස්මුල්ල

ගිණුමේ නම – සිත්තම්ගල්ලෙන රාජමහා විහාර ශාසනාරක්ෂක මණ්ඩලය
ගිණුම් අංකය – 78245423
බැංකු ශාඛාව – 

ගිණුමේ නම – සිත්තම්ගල්ලෙන ඇසළ මහා පෙරහැර කමිටුව
ගිණුම් අංකය – 81203201
බැංකු ශාඛාව – ලංකා බැංකුව : වරාපිටිය

ගිණුමේ නම – විහාරාධිපති අගලබඩ පියසිරි අනුනායක ස්ථවිර
ගිණුම් අංකය – 4807390
බැංකු ශාඛාව – ලංකා බැංකුව : වරාපිටිය

ගිණුමේ නම – සිත්තම්ගල්ලෙන ඇසළ මහා පෙරහැර කමිටුව
ගිණුම් අංකය – 107140166006
බැංකු ශාඛාව – ජාතික ඉතිරි කිරීමේ බැංකුව –  වලස්මුල්ල‍

 

ඔබ බැංකුවට මුදල් බැර කරන්නේ නම්, බැංකුවෙන් ලැබෙන රිසිට් පතෙහි පිටපතක් අප වෙත යෙමුකරන්න.

~ විහාරාධිපති ස්වාමීන් වහන්සේ ~

මෙම විහාරය අගලකඩ භික්ෂු පරපුරට අයත් ස්ථානයක් වන අතර වැලිවිට සඟ රජු හිමිගේ ශිෂ්‍යයකු වූ අගලකඩ ධම්මරක්ඛිත  හිමිගේ පරපුරට අයිතිය. උන්වහන්සේගේ ශිෂ්‍ය කවීන්ද්‍ර  කිරම ධම්මානන්ද, අම්පහල සෝභිත, ගොඩපිටියේ සුමග, අගලකඩ සෝභිත, පෝරතොට ඉන්දරතන නාහිමි, අගලබඩ ඥානිස්සර නාහිමි, දිද්දෙනියේ පේමරතන නාහිමි මෙහි විහාරාධිපතිකම් කර ඇත.

වර්තමාන  විහාරාධිපති පූජ්‍ය අගලබඩ පියසිරි අනුනාහිමි, 1989.09.13 වැනිදා සිට මේ දක්වා විහාරාධිපතිත්වය දරයි. විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ සාමාන්‍ය ශාස්ත්‍රවේදී උපාධිය (පහළ දෙවැනි පෙළ  සාමාර්ථයක් සමග) 1968 ද, අධ්‍යාපනවේදී උපාධිය 1972 විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙන්ද, ශාස්ත්‍රපති උපාධිය 1985 විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙන්ද ලබා ඇත. 1972 සිට ගුරුවරයෙක් නියෝජ්‍ය විදුහල්පතිවරයෙක් හා 1989 සිට 2002  විශ්‍රාම  යන තෙක් 1 ශ්‍රේණියේ විදුහල්පතිවරයෙක් ලෙස සේවය කර ඇත.

ශ්‍රී ඥාණෙශ්වර දහම් පාසල, පෙර පාසල, නැණසල

මෙම විහාරයේ ‘ශ්‍රී ඥාණෙශ්වර දහම් පාසල‘ නමින් 1980 සිට මේ දක්වා පැවැත්වේ. එය බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ 33/28/දපාලි/2494 යටතේ ලියාපදිංචි කර ඇත. දැනට මෙහි සිසුන් 800කට අධික පිරිසක් හා ගුරුවරුන් 25කට අධික පිරිසක් සිටිති. සමස්ත ලංකා සිසු නිපුණතා තරගයෙන් වසර 10ක්ම අඛණ්ඩව ප්‍රථම ස්ථානය මෙම දහම් පාසල ලබා ගෙන තිබේ.

වසර 25කට කලින් ආරම්භ කළ සිත්තම්ගල්ලෙන දිමුතු පෙර පාසල මේ දක්වා පාලිකාවන් දෙදෙනෙකු විසින් පවත්වාගෙන එයි.  මෙහි සිසුන් 30කට ආසන්න සංඛ්‍යාවක් ඇත. අවශ්‍ය පහසුකම් සලසා තිබේ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් ආරම්භ කළ නැණසල මෙහි ක්‍රියාත්මක වන අතර එහි භාරකරු ලෙස ශාස්ත්‍රාචාර්ය අගලකඩ පුඤ්ඤරතන හිමි කටයුතු කරයි. සිසුන් සඳහා පාඨමාලා ක්‍රියාත්මක වන අතර පුස්තකාලයක්ද ඇත.

ආගමික තනතුරු, සමාජ තනතුරු

  1. සියම් මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ අනුනායක , විධායක කාරක සභික, කර්ම වාශාචාර්ය, මහෝපාධ්‍යය, සද්ධර්ම කීර්ති  ශ්‍රී ධර්ම රක්ඛිත යන ගෞරව නාම ලබා තිබේ.
  2. වලස්මුල්ල ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති
  3. සිත්තම්ගල්ලෙන ඇසළ මහා පෙරහැර කමිටුවේ සභාපති
  4. වරාපිටිය අක්ෂිදාන සංගමයේ හිටපු සභාපති
  5. වරාපිටිය ග්‍රාම සංවර්ධන සමිතියේ හිටපු සභාපති
  6. වලස්මුල්ල සිවිල් ආරක්ෂක උපදේශන කමිටුවේ අනුශාසක

අපව සම්බන්ධ කරගන්න

පහත දුරකතන අංක ඔස්සේ විහාරස්ථානය සම්බන්ධ කරගත හැකි අතර, බොහොමයක් විහාරස්ථාන පිහිටා ඇත්තේ ඉතා දුෂ්කර ප්‍රදේශවල බැවින් ඊමේල් ඔස්සේ සම්බන්ධ කරගැනීමට අපහසු විය හැකි බව කරුණාවෙන් සළකන්න. 

ඊමේල් ලිපිනය

info@siththamgallenaviharaya.org.lk

දුරකතන අංකය

0473483482 / 0762802500

ලිපිනය

සිත්තම් ගල්ලෙන රාජමහා විහාරය, රම්මල – වරාපිටිය

විහාරස්ථානයේ පිහිටීම 

මෙම වෙබ් අඩවිය සමාජජාල මාධ්‍ය ඔස්සේ බෙදාහරින්න…