loader image
Select Page

ශ්‍රී අරියවංශාරාමය

මොරකැලේ ආරිවංශ හිමි වන මා විසින් කැන්දයාය වත්ත බුන්නැහැපොළ ග්‍රාමයේ පර්චස් තිහක පමණ කුඩා භූමි ප්‍රමාණයක් මාගේම මිල මුදලින් ලබාගෙන එම භූමිය තුළ අවුරුදු විස්සකට පමණ ඉහතදී කුඩා ආරාමයක් ඉදි කරනු ලැබුවෙමි. සම්බුදු සසුනේ චිර ජීවනය සඳහා මෙවන් ආරාමයක් ඉදි කරවා සම්බුදු සසුනේ චිර පැවැත්මට සම්මාදන් වෙමි. මා අවට පවත්නා පන්සල්   සමඟ ද මම විහාරස්ථානවල වැඩ වසන ස්වාමීන් වහන්සේලා සමග ද සුහදව කටයුතු කරමි. එලෙසම අවුරුදු අනුවක් පමණ වයසැති මාගේ මව ද මෙම විහාරස්ථානයේ තබාගෙන ඇප උපස්ථාන කරමි.

පුවත්  ~ News

මෙම විහාරස්ථානයේ  සිදුකරන ආගමික වැඩසටහන්, ආධාර අවශ්‍යතා සහ දහම් කරුණු පිළිබදව තොරතුරු පහතින් දක්වා ඇත. සම්පුර්ණ පුවත කියවන්න “වැඩිදුර කියවන්න” බොත්තම ඔබන්න.

සතර සතිපට්ඨානය තුළ ඉරියාපථ භාවනාව

සතර සතිපට්ඨානය තුළ ඉරියාපථ භාවනාව

දැන් ඔබ මේ වෙන කොට ආනාපානසති භාවනාව පිළිබඳවත්, හොඳ සිහි නුවණින් යුක්තව සෑම කටයුත්තක්ම කිරීම ගැනත් ඔබ ඉගෙන ගෙන තියෙනවා. ඊළඟට ඉගෙන ගන්නේ සක්මන් භාවනාව...

read more
භාවනාවේ මූලික කරුණු

භාවනාවේ මූලික කරුණු

භාවනාව තුළින් ඔබේ මිනිස් ජීවිතය වඩාත්ම සුවපත් කරන අතර වඩාත්ම අර්ථවත් කරයි. භාවනා කිරීම කියන්නේ ඔබේ සිත දියුණු කරගන්නා සුවිශේෂී ක්‍රමයකටයි. අපට මේ...

read more
පෘථග්ජන පුද්ගලයා කවරෙක් ද?

පෘථග්ජන පුද්ගලයා කවරෙක් ද?

බෞද්ධයෝ බොහෝ කලක සිට නිවැරදි අර්ථය නොසළකා ‘පෘථග්ජන’ යන වචන ව්‍යවහාර කරන්නට පුරුදුව සිටිති. තමන්ගේ ඇතැම් දුර්වලතා සාධාරණීකරණය කරගැනීමට ද ‘අපි ඉතින්...

read more
ආයාචිතභත්ත ජාතකය ~ දෙවියන්ට භාරහාර වූ මිනිසුන්ගේ කථාව

ආයාචිතභත්ත ජාතකය ~ දෙවියන්ට භාරහාර වූ මිනිසුන්ගේ කථාව

අදටත් සමහර උදවිය තමන්ගේ කටයුතු සාර්ථක වෙන්න කියල දෙවියන්ට භාරහාර වෙනවා. දේවදාන දෙනවා. ඇතැම් ආගම්වල අදටත් භාර ඔප්පු කිරීම පිණිස සතුන් මරා බිලි දෙනවා....

read more
කණ්හ ජාතකය ~ කළු වෘෂභයාගේ කථාව

කණ්හ ජාතකය ~ කළු වෘෂභයාගේ කථාව

වගකීම් හැමෝටම දරන්ට බෑ. ඕනෑම වගකීමක් දරන්ට පුළුවන් අය ඉන්නවා. අපගේ භාග්‍යවතුන් වහන්සේ අන්න එබඳු උත්තමයෙක්. දවසක් අපගේ භාග්‍යවතුන් වහන්සේ අසවල් දවසේ...

read more
තේලපත්ත ජාතකය ~ තෙල් පාත්‍රය මුල් කොට වදාළ කථාව

තේලපත්ත ජාතකය ~ තෙල් පාත්‍රය මුල් කොට වදාළ කථාව

පින්වතුනේ, පින්වත් දරුවනේ, ජීවිතයේ බොහෝ ආරවුල්, අර්බුද, ගැටළු හටගන්නේ ඉන්ද්‍රියයන් අසංවර වීමෙනුයි. ඉන්ද්‍රිය සංවර නොකර ගැනීමෙන් පැවිදි ජීවිතය පවා...

read more

“මෙම පුණ්‍ය භූමිය සඳහා අවශ්‍ය දෑ පහත පරිදි දැක්විය හැකිය.”

මෙම විහාරස්ථානයේ අවශ්‍යතා සොයාබලා ඔබට හැකි අයුරින් ආධාර කරන්න. විහාරස්ථානයේ වර්තමාන තත්වය දැනගැනීමට සැමවිටම විහාරාධිපති ස්වාමින් වහන්සේ දුරකථනය ඔස්සේ හෝ චැට් පණිවිඩයක් ඔස්සේ සම්බන්ධ කරගන්න. මෙම තොරතුරු යාවත්කාලින කරන ලද්දේ 2019 නොවැම්බර් 6 වෙනි දිනදීය.

ආධාර අවශ්‍ය කාරණා

1. ලැගුම් ගෙය පිළිසකර කර ගැනීම
2. ආරක්ෂිත වැටක් තනා ගැනීම
3. මෑණියන්ට ඇප උපස්ථාන කිරීම සඳහා
4. පවතින බුදු මැදුර අලුත්වැඩියා කර ගැනීම

ආධාර කරන්න 

පින්වත් ඔබගේ ආධාර පහත ගිණුමට බැරකළ හැකිය

ගිණුමේ නම – විහාරාධිපති හිමි ගිණුම
ගිණුම් අංකය –705010102078
බැංකු ශාඛාව – ජාතික ඉතිරි කිරීමේ බැංකුව

ඔබ බැංකුවට මුදල් බැර කරන්නේ නම්, බැංකුවෙන් ලැබෙන රිසිට් පතෙහි පිටපතක් අප වෙත යෙමුකරන්න.

~ විහාරාධිපති ස්වාමීන් වහන්සේ ~

උඩුබද්දාව ප්‍රාදේශීය බල ප්‍රදේශයේ පවතින බුන්නැහැපොළ පෞරාණික රජමහා විහාරයේ  වැඩ විසූ අපවත් වී වදාළ  නැමගේ සරණතිස්ස නායක ස්වාමීන් වහන්සේ (කටුගම්පල හත්පත්තුවේ අධිකරණ සංඝනායක පදවි ලැබූ) යටතේ පැවිදි වී මහනුවර මල්වතු පාර්ශ්වයේ සියම් මහා නිකායේ මහා නායක හිමියන්ගෙන් උපසම්පදාව ලබා ආරාමය තනා වැඩ වාසය කරනු ලැබුවෙමි

අපව සම්බන්ධ කරගන්න

පහත දුරකතන අංක ඔස්සේ විහාරස්ථානය සම්බන්ධ කරගත හැකි අතර, බොහොමයක් විහාරස්ථාන පිහිටා ඇත්තේ ඉතා දුෂ්කර ප්‍රදේශවල බැවින් ඊමේල් ඔස්සේ සම්බන්ධ කරගැනීමට අපහසු විය හැකි බව කරුණාවෙන් සළකන්න. 

ඊමේල් ලිපිනය

info@sriariyawansharamaya.org.lk

දුරකතන අංකය

0322241333 / 0779019414

ලිපිනය

ශ්‍රී අරියවංශ ආවාසය, කැන්දයාය වත්ත, බුන්නැහැපොළ, උඩුබද්දාව

විහාරස්ථානයේ පිහිටීම 

මෙම වෙබ් අඩවිය සමාජජාල මාධ්‍ය ඔස්සේ බෙදාහරින්න…