loader image
Select Page

ශ්‍රී ආර්යසිංහාරාමය

අලවල 364 ග්‍රාම සේවා වසමේ පිහිටි දේවින්පැන්නැල්ල ශ්‍රී ආර්යසිංහාරාම විහාරස්ථානය අත්තනගල්ල ශාසනාරක්ෂක බල මණ්ඩලයේ අංක/බොකො/විහාරදේ/02/27/071 යටතේ ලියාපදිංචි කර ඇති විහාරස්ථානයක් බව මෙහිලා සඳහන් කරමු.

සියනෑ කෝලරයේ සබරගමු පළාතට මායිම්ව  සුන්දර වූ අත්තනගලු ඔය අසබඩ පරිසර හිතකාමී සෞන්දර්යයනේ අනූන වූ හැඩ භූමියක පිහිටි විහාරස්ථානය 1925 දී පමණ රාගම පල්පොල සිට අලවල රජයේ මිශ්‍ර පාසලට සේවය සඳහා පැමිණි ඇම්.ඇස්. ආර්යසිංහ මහත්මා විසින් ප්‍රදේශයේ ජනතාවගේ ආගමික වතාවත් ඉටු කර ගැනීම සඳහා මහත් වූ අභිලාෂයක් එතුමාගේ සිය ධන පරිත්‍යාගයෙන් ආරම්භ කරන ලදී. මෙම විහාරස්ථානය ප්‍රදේශයේ දුප්පත් දායකකාරකාදීන්ගේ ධෛර්යයෙන් අනන්ත වූ  බාධක මධ්‍යයේ අද දක්වා ගමන් කර ඇති බව දන්වා සිටිමු.

දැනට විහාරස්ථ සතර පේරුවේ දායක කාරකාදීන්ගේ නිවෙස් 450 කගේ පමණ ආගමික සහ සාමාජික අවශ්‍යතාවයන් ඉටු කිරීම  සඳහා වත්මන් විහාරාධිපතින්වහන්සේ වන අමරපුර සද්ධම්මයුක්තික මහා නිකායේ කොළඹ පළාත් සංඝ සභාවේ ලේඛකාධිකාරි විදුහල්පති පූජ්‍යපාද කන්දේගම ධම්මානන්ද මාහිමිපාණන්වහන්සේගේ හා විහාරාධිකාරී කොස්ගොල්ලේ චන්දවිමල  හිමියන්ගේ අනුශාසකත්වය යටතේ ප්‍රදේශයේ පැරණිම විහාරස්ථ කාර්ය සාධක සමිතිය පෙරටු කර ගනිමින් ශ්‍රී ඤාණානන්ද ඉරු දින දහම් පාසල / සහන සේවා බොදු යොවුන් පදනම / එක්සත් බෞද්ධ සමිතිය / පානීය ජල යෝජනා සමිතිය / සර්වෝදය ශ්‍රමදාන සමිතිය / සමෘද්ධි සමිතිය / ශීල සමිතිය / ආර්යසිංහාරාම සංවර්ධන අරමුදල  අවමංගල්‍යාධාර  හා සුභ සාධක සමිතිය / විහාරස්ථානයේ මෙන්ම ප්‍රදේශවාසීන්ගේ උන්නතිය සඳහා චිරස්ථායී සහජීවනයකට වගකීමෙන් යුතුව සක්‍රිය ක්‍රියා කරනු ලබයි.

එසේම පසුගිය කාලවකවානුව තුළ විහාරස්ථානයකට තිබිය යුතු අංග කිහිපයක් සපුරාලීමට අපට හැකිවිය. මෙම පුණ්‍ය භූමියේ ඉදිරි පෙළගැස්ම වූයේ බෝධි ප්‍රාකාරය ඉදිකිරීමය. එසේම අංග සම්පූර්ණ ධර්ම ශාලාවක් / ආවාස ගෙයක් / දාන ශාලාවක් / පැන් පහසුව සඳහා ආරක්ෂිතව ඉදි කළ ලිඳක් / සහ ශ්‍රී බුද්ධ චරිතය විදහා දැක්වෙන පිංතූර රාමු  100 කින් සමන්විත අලංකාර බුද්ධ මන්දිරය සහිත ධම්මචක්කපවත්තන දේශනාව පිළිබිඹු කෙරෙන දහ අට රියන් උස බුද්ධි ප්‍රතිමා වහන්සේ  සාදා නිමකළ බව ඉතා සතුටින් දැනුම් දෙමු.

අප විහාරස්ථානයේ නඩත්තු කටයුතු සඳහා කිසියම් හෝ ආදායම් මාර්ගයක් නොමැති බව ද ප්‍රකාශ කරමි.

ශ්‍රි ඥාණානන්ද  දහම් පාසල

වර්ෂ 1980 අප්‍රේල් මස 04 වන දින පෙ.ව. 8.20 ට යෙදුණු සුභ මොහොතින් ආරම්භ කරන ලදී. සිසුන් 128  දෙනෙක්ගෙන් හා  ගුරුවරු 10 දෙනෙකුගෙන් සමන්විත විය.  පූජ්‍ය වැටරඹ ඤාණානන්ද නායක හිමියන් වහන්සේ සිහිපත් කරනු වස් මෙම දහම් පාසල අලවල  දේවින්පැන්නැල්ල ශ්‍රී ඤාණානන්ද දහම් පාසල යැයි නම් කරන ලදී. පුරා වසර 40 ක් පමණ පැරණි මෙම දහම් පාසලේ දැනට සිසුන් 350 ක් හා ගුරුවරු 20 ක් සිටියි.

පුවත්  ~ News

මෙම විහාරස්ථානයේ  සිදුකරන ආගමික වැඩසටහන්, ආධාර අවශ්‍යතා සහ දහම් කරුණු පිළිබදව තොරතුරු පහතින් දක්වා ඇත. සම්පුර්ණ පුවත කියවන්න “වැඩිදුර කියවන්න” බොත්තම ඔබන්න.

කුසල් දහම් පුරන ගිහි පැවිදි දෙපිරිසටම ඉතා වැදගත් ‘වස් කාලය’

කුසල් දහම් පුරන ගිහි පැවිදි දෙපිරිසටම ඉතා වැදගත් ‘වස් කාලය’

පැරණි භාරතයේ ප‍්‍රධාන සෘතු තුනක් පැවතිණ. හේමන්ත, ගිම්හාන, වස්සාන වශයෙනි. හේමන්ත සෘතුව, අධික ලෙස ශීතලය. ගිම්හාන සෘතුව, අධික ලෙස උණුසුම්ය. වස්සාන...

read more
ත්‍රිපිටකය රැකගත්තේ මෙහෙමයි

ත්‍රිපිටකය රැකගත්තේ මෙහෙමයි

බ‍්‍රාහ්මණ තිස්ස බය පැවති කාලයේ සිතුල්පව්වේද තිස්ස මහා විහාරයේ ද දොලොස් දහස බැගින් භික්ෂූහු විසූහ. අවුරුදු තුනකට ප‍්‍රමාණවත් ධාන්‍ය විහාර දෙකෙම් මහ...

read more
හැඳින මෙහෙයවිය යුතු කර්මය

හැඳින මෙහෙයවිය යුතු කර්මය

බුදු දහමේ මූලික සංකල්පයක් වන කර්මය පිළිබඳ ඉතා පැහැදිලි විවරණයක් මේ ලිපිය මගින් දැක්වේ..කර්මය නම් චර්යාව පිළිබඳ හේතු-ප්‍රත්‍ය නියාමය යි. එහි සමගාමි...

read more
සුළුවෙන් කලද නැති නොවන පින්

සුළුවෙන් කලද නැති නොවන පින්

දානයෙන් මෙන් මැ ශීල භාවනාවන් හි අනුසස් බොහෝ ය. ශීලයෙහි යෙදෙනවාට වඩා බොහෝ දෙනා දන් දී මෙහි යුහුසුළු වෙති. එකල වැඩි දෙනෙක් බුදුන් වහන්සේ ප්‍රමුඛ මහා...

read more
මරණානුස්සති භාවනාව

මරණානුස්සති භාවනාව

ඉපදුණා වූ සියලූම සත්වයෝ මරණයට පත්වන්නේය. දෙව්ලොවෙහි දෙවියන් ද, බඹලොවෙහි බ‍්‍රහ්මයන් ද, සතර අපා වැසි සත්වයන් ද, සියලූ මනුෂ්‍යයන් ද මරණයට පත් වන්නේ ය....

read more
සතර සතිපට්ඨානය තුළ සප්ත බොජ්ඣංග

සතර සතිපට්ඨානය තුළ සප්ත බොජ්ඣංග

බුදුරජාණන් වහන්සේ වදාළ සතිපට්ඨාන භාවනාවේ ධම්මානුපස්සනාවේ අවසාන කොටස් දැන් අපි ඉගෙන ගනිමින් සිටින්නේ. මේකෙ තියෙනවා සප්ත බොජ්ඣංග කියල කොටසක්. බොජ්ඣංග...

read more

“මෙම පුණ්‍ය භූමිය සඳහා අවශ්‍ය දෑ පහත පරිදි දැක්විය හැකිය.”

මෙම විහාරස්ථානයේ අවශ්‍යතා සොයාබලා ඔබට හැකි අයුරින් ආධාර කරන්න. විහාරස්ථානයේ වර්තමාන තත්වය දැනගැනීමට සැමවිටම විහාරාධිපති ස්වාමින් වහන්සේ දුරකථනය ඔස්සේ හෝ චැට් පණිවිඩයක් ඔස්සේ සම්බන්ධ කරගන්න. මෙම තොරතුරු යාවත්කාලින කරන ලද්දේ 2019 සැප්තැම්බර් 10 වෙනි දිනදීය.

ආධාර අවශ්‍ය කාරණා

  • දහම් පාසලේ ගොඩනැගිල්ල සහිත බහුකාර්ය ගොඩනැගිල්ල  (දැනට දහම් පාසල පවත්වාගෙන යනු ලබන්නේ ගස් යට හා මිදුලේය. එහෙත් වැසි සහිත දවස්වලට දහම්පාසල පවත්වා ගැනීමට අපහසුය.)ප්‍රදේශයේ දුවා දරුවන් 350 කට අධික පිරිසක් දහම් අධ්‍යාපනය හදාරති. ප්‍රධාන අරමුණ මෙම ගොඩනැගිල්ල සාදා නිම කර ගැනීමයි.(Plan  එක අමුණා ඇත.)
  • එසේම ඉදි කරගෙන යනු ලබන 2600  වැනි සම්බුද්ධත්ව ජයන්ති ‘ජය  වෙහෙර’ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ඉදිකිරීම මේ වන විට පාදම අවසන් කොට ඇත. කළුතර චෛත්‍යරාජයාණන් වහන්සේගේ අනුරුවක් ඉදි කරනු ලබයි.
  • දහම් පාසල් ගොඩනැගිල්ලේ දිග අඩි 101.7ක් හා පළල අඩි 31ක් වන අතර ඇස්තමේන්තුගත මුදල රු. 10063708.00 කි. එසේම පළමු මහල ඉදිකිරීම සඳහා දළ ඇස්තමේන්තු කර ඇති මුදල රුපියල් ලක්ෂ  65කි.

ආධාර කරන්න 

පින්වත් ඔබගේ ආධාර පහත ගිණුමට බැරකළ හැකිය

ගිණුමේ නම – විහාරස්ථ කාර්යසාධක
ගිණුම් අංකය – 3156871
බැංකු ශාඛාව – නිට්ටඹුව

ඔබ බැංකුවට මුදල් බැර කරන්නේ නම්, බැංකුවෙන් ලැබෙන රිසිට් පතෙහි පිටපතක් අප වෙත යෙමුකරන්න.

~ විහාරාධිපති ස්වාමීන් වහන්සේ ~

අලවල දේවින්පැන්නැල්ල ශ්‍රී ආර්ය සිංහාරාමාධිපති අමරපුර ආරියවංශ සද්ධම්ම යුක්තික මහා නිකායේ  කොළඹ පළාත්  සංඝ සභාවේ ප්‍රධාන ලේඛකාධිකාරී කන්දේගම පරාක්‍රම විද්‍යාලයේ විදුහල්පති, මුළු දිවයිනටම සාම විනිසුරු සද්ධර්ම කීර්ති ශ්‍රී විනයාචාර්ය පූජ්‍ය කන්දේගම ධම්මාන්නද හිමි

අපව සම්බන්ධ කරගන්න

පහත දුරකතන අංක ඔස්සේ විහාරස්ථානය සම්බන්ධ කරගත හැකි අතර, බොහොමයක් විහාරස්ථාන පිහිටා ඇත්තේ ඉතා දුෂ්කර ප්‍රදේශවල බැවින් ඊමේල් ඔස්සේ සම්බන්ධ කරගැනීමට අපහසු විය හැකි බව කරුණාවෙන් සළකන්න. 

ඊමේල් ලිපිනය

info@sriaryasinharamaya.org.lk

දුරකතන අංකය

0771949387 / 0332283680 /  0333339319

ලිපිනය

දේවින්පැන්නැල්ල, අලවල, වේයන්ගොඩ

විහාරස්ථානයේ පිහිටීම 

මෙම වෙබ් අඩවිය සමාජජාල මාධ්‍ය ඔස්සේ බෙදාහරින්න…