loader image
Select Page

ශ්‍රී  බිම්බාරාම රජ මහා විහාරය

අනුරාධපුර දිස්ත්‍රික්කයේ තිරප්පනේ ප්‍රා.ලේ. කොට්ඨාශයේ උලගල්ල කෝරලේ අංක  531 පුලියන්කුලම ග්‍රාමසේවා  තුලානේ පඩිකෙටුවැව ගමේ පිහිටා ඇත. 1625 මාර්තු 25 වැනි දින විරපරාක්‍රම නරේන්ද්‍රසිංහ ම රජතුමා කළ බව සඳහන් වේ.  ඓතිහාසික පුදබිමක් වුවත් වන සතුන් හා මිනිස්  ක්‍රියාකාරකම් හමුවේ අද වන විට විහාරයට  සීමා වී ඇත. ආදායම් මාර්ග වශයෙන් කිසිවක් නොමැත. ඓතිහාසික මල්වතු මහා විහාරයටත් වැලිවිට සංඝරාජ වනසිංහ සංඝ පරම්පරාවට අයත් භික්ෂුන් වහන්සේලා මේ දක්වා මෙම විහාරය හා දේපළත් ආරක්ෂා කරගෙන ජාතික, ආගමික, සමාජීය සේවාවන් සිදු කරමින් වැඩ වසති. නොයෙක් දුෂ්කරතා මැද පන්සල පවත්වාගෙන  යන අතර සම්මාදම් සල්ලිවලින් විහාරය නඩත්තු කරගෙන සංවර්ධනය කරන බවත් දැනට ස්වාමින් වහන්සේලා  80 නමක්  වැඩ වසන අතර ඔවුන්ට වැඩ සිටින නේවාසික පහසුකම් හා දන් වැළඳීමට දාන ශාලාවක් නොමැත. අධ්‍යාපනයට අවශ්‍ය පොත්පත් හා සනිපාරක්ෂක පහසුකම්ද නොමැත.  මෙම ඓතිහාසික පුරාණ විහාරය විහාර මන්දිරය අබලන් වි බිත්ති පුපුරා ඉරි තලා ඇත. එය රැක ගැනිමට උදව් වන මෙන් ඉල්ලා සිටිමි  (ප්‍රතිසංස්කරණය කිරිම) පුරාණ ඝණ්ඨාර කුළුණ විනාශ වී ඇත.  අභිනවයෙන් එය සකස් කළ යුතුය. වර්තමාන විහාරාධිපති ධූරය දරන්නේ හුරුව  පළාතේ අධිකරණ  සංනායක රාජකිය පණ්ඩිත කර්මාචාර්ය පුජ්‍යපාද කරඳගොල්ලේ ඥානානන්ද නායක ස්ථවිරයන් වහන්සේ සිංහල  ජාතියත් රටත් රැක ගැනීමට අනුපමේය  ශාසනික සේවාවක් උන්වහන්සේ විසින්  සිදු කරනු ලබයි.

දහම් පාසල

ශ්‍රී පේමානන්ද සදහම් විද්‍යාලය සිසු දරුවන් 250 ක් අධ්‍යාපනය ලබන අතර ආචාර්ය මණ්ඩලය 15 දෙනෙකුට සීමා වී පවතින අතර, ප්‍රාදේශීය දක්ෂතා හා දිස්ත්‍රික්ක හා සමස්ත ලංකා මට්ටමට ගිය දරුවන් සිටින දහම් පාසලකි.  අවශ්‍ය පහසුකම් කිසිවක් නොමැත. ගස් යට  පැදුරුවල, හිඳිමින්  අධ්‍යාපන කටයුතු කරන නිසි  පිලිවෙලට නිල ඇඳුම්වත් නොමැතිකම., දහම්පාසල් ගොඩනැගිල්ලක් හා ධර්මය අධ්‍යයනය කිරීමට දහම් පුස්තකාලයක් නොමැත. අවම පහසුකම්දඔවුන්ට වැසිකිලි පහසුකම්ද  නිසි ආකාරයට නොමැත.

පුවත්  ~ News

මෙම විහාරස්ථානයේ  සිදුකරන ආගමික වැඩසටහන්, ආධාර අවශ්‍යතා සහ දහම් කරුණු පිළිබදව තොරතුරු පහතින් දක්වා ඇත. සම්පුර්ණ පුවත කියවන්න “වැඩිදුර කියවන්න” බොත්තම ඔබන්න.

කුසල් දහම් පුරන ගිහි පැවිදි දෙපිරිසටම ඉතා වැදගත් ‘වස් කාලය’

කුසල් දහම් පුරන ගිහි පැවිදි දෙපිරිසටම ඉතා වැදගත් ‘වස් කාලය’

පැරණි භාරතයේ ප‍්‍රධාන සෘතු තුනක් පැවතිණ. හේමන්ත, ගිම්හාන, වස්සාන වශයෙනි. හේමන්ත සෘතුව, අධික ලෙස ශීතලය. ගිම්හාන සෘතුව, අධික ලෙස උණුසුම්ය. වස්සාන...

read more
ත්‍රිපිටකය රැකගත්තේ මෙහෙමයි

ත්‍රිපිටකය රැකගත්තේ මෙහෙමයි

බ‍්‍රාහ්මණ තිස්ස බය පැවති කාලයේ සිතුල්පව්වේද තිස්ස මහා විහාරයේ ද දොලොස් දහස බැගින් භික්ෂූහු විසූහ. අවුරුදු තුනකට ප‍්‍රමාණවත් ධාන්‍ය විහාර දෙකෙම් මහ...

read more
හැඳින මෙහෙයවිය යුතු කර්මය

හැඳින මෙහෙයවිය යුතු කර්මය

බුදු දහමේ මූලික සංකල්පයක් වන කර්මය පිළිබඳ ඉතා පැහැදිලි විවරණයක් මේ ලිපිය මගින් දැක්වේ..කර්මය නම් චර්යාව පිළිබඳ හේතු-ප්‍රත්‍ය නියාමය යි. එහි සමගාමි...

read more
සුළුවෙන් කලද නැති නොවන පින්

සුළුවෙන් කලද නැති නොවන පින්

දානයෙන් මෙන් මැ ශීල භාවනාවන් හි අනුසස් බොහෝ ය. ශීලයෙහි යෙදෙනවාට වඩා බොහෝ දෙනා දන් දී මෙහි යුහුසුළු වෙති. එකල වැඩි දෙනෙක් බුදුන් වහන්සේ ප්‍රමුඛ මහා...

read more
මරණානුස්සති භාවනාව

මරණානුස්සති භාවනාව

ඉපදුණා වූ සියලූම සත්වයෝ මරණයට පත්වන්නේය. දෙව්ලොවෙහි දෙවියන් ද, බඹලොවෙහි බ‍්‍රහ්මයන් ද, සතර අපා වැසි සත්වයන් ද, සියලූ මනුෂ්‍යයන් ද මරණයට පත් වන්නේ ය....

read more
සතර සතිපට්ඨානය තුළ සප්ත බොජ්ඣංග

සතර සතිපට්ඨානය තුළ සප්ත බොජ්ඣංග

බුදුරජාණන් වහන්සේ වදාළ සතිපට්ඨාන භාවනාවේ ධම්මානුපස්සනාවේ අවසාන කොටස් දැන් අපි ඉගෙන ගනිමින් සිටින්නේ. මේකෙ තියෙනවා සප්ත බොජ්ඣංග කියල කොටසක්. බොජ්ඣංග...

read more

“මෙම පුණ්‍ය භූමිය සඳහා අවශ්‍ය දෑ පහත පරිදි දැක්විය හැකිය.”

මෙම විහාරස්ථානයේ අවශ්‍යතා සොයාබලා ඔබට හැකි අයුරින් ආධාර කරන්න. විහාරස්ථානයේ වර්තමාන තත්වය දැනගැනීමට සැමවිටම විහාරාධිපති ස්වාමින් වහන්සේ දුරකථනය ඔස්සේ හෝ චැට් පණිවිඩයක් ඔස්සේ සම්බන්ධ කරගන්න. මෙම තොරතුරු යාවත්කාලින කරන ලද්දේ 2019 සැප්තැම්බර් 27 වෙනි දිනදීය.

ආධාර අවශ්‍ය කාරණා

  1. දාන ශාලාවක්, භික්ෂු නේවාසිකාගාරයක් ඉදි කර ගැනිමට ලක්ෂ හැත්තැවක් පමණ (70,00,000/-)
  2. විහාර මන්දිරය අළුත්වැඩියා කිරිම ( 60,00,000/-)
  3. වැසිකිලි පද්ධතියක් ඉදිරි කර ගැනීමට (500,000/-)
  4. දහම්පාසල් ගොඩනැගිල්ලක් (30,00,000/-)
  5. ප්‍රදේශවාසින්ට මහජන පුස්තකාලයක් ඉදි කිරිමට (25,00,000/-)
  6. දානශාලාව හා භික්ෂු නේවාසිකාගාරය

දැනට පරණ ධර්මශාලාවේ කොටසක දානය වළඳන්නේ නිසි ශාලාවක් සහ ආරක්ෂාවක් එයට නැති අතර අපේ පොඩි හාමුදුරුවන් වහන්සේලා පිරිවෙන්වල නේවාසික කර ඇත. උන්වහන්සේලාට වැඩ විසීම නේවාසිකාගාරයක් අවශ්‍යය.

  1.  පුරාණ විහාරය බිත්ති ඉරිතලා දිරාපත්ව ඇත. චිත්‍ර  විනාශ වී ඇත.  දැව දිරා වහලය අබලන් වි වැස්සට තෙමෙන නිසා විනාශයට පත් විමට පටන්ව ඇත.
  2.  පොහොය දින හා දහම් පාසල් විශේෂ උත්සව අවස්ථාවලට නිසි විදිහට සකස් කරගත් වැසිකිලි හා පාවිච්චියට  නුසුදුසු තත්ත්වයට තිබෙන ඒවා  බවට පත්ව ඇත.
  3. දහම් පාසල් දරුවන් ගස් යට අධ්‍යාපනය ලබන අතර වැස්සට දුවිලි කාලයට ඉතා දුක  සේ අධ්‍යාපන කටයුතු කරන නිසා
  4. මහජන පුස්තකාලයක් අවශ්‍ය වි ඇත්තේ වැඩිහිටි, තරුණ, ළමා යන අයගේ අධ්‍යාත්මික හා සාරධර්ම ප්‍රවර්ධනයට ඔවුන්ට සාක්ෂරතාවය, කියවීමේ රුචිය ඇති කර යහපත් සමාජයක් ගොඩ නැගීමටය.

ආධාර කරන්න 

පින්වත් ඔබගේ ආධාර පහත ගිණුමට බැරකළ හැකිය

ගිණුමේ නම – කරඳගොල්ලේ ඥානානන්ද හිමි
ගිණුම් අංකය – 7283912
බැංකු ශාඛාව – ගලෙන්බිඳුණුවැව

ගිණුමේ නම – දායක සභාව
ගිණුම් අංකය – 6012004
බැංකු ශාඛාව – ගලෙන්බිඳුණුවැව

ඔබ බැංකුවට මුදල් බැර කරන්නේ නම්, බැංකුවෙන් ලැබෙන රිසිට් පතෙහි පිටපතක් අප වෙත යෙමුකරන්න.

~ විහාරාධිපති ස්වාමීන් වහන්සේ ~

මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශවයේ විශේෂ කර්මාචාර්ය,  රාජකීය පණ්ඩිත, ග්‍රන්ථ  ශිරෝමනී දේශකිර්ති පත්ම භූෂණ  අධි උපාධි හා ගෞරව  නාම ලබාගත්  හුරුළු පළාතේ අධිකරණ සංඝනායක විමලකීර්ති ශ්‍රී කරඳගොල්ලේ ඥාණානන්දාභිධාන නායක ස්ථවිර, පදවි ශ්‍රීපුර ජනපදයේ වසර 15ක් පමණ එල්. ටි. ටී. ඊ.  ත්‍රස්ත  කලබල කාලයේදි එම  ප්‍රදේශය  ආරක්ෂා කිරිමට විශාල දායකත්වයක් දැරූ අතර ත්‍රස්ත කලබල වලින් පීඩාවට පත් ජනතාවට නගා සිටවිමට එම ප්‍රදේශයේ  සුවිශේෂ සේවාවක් සිදු කර ඇත. 2007 සිට  මෙම විහාරයේ අධිපති බවට පත්ව වැඩම කළ දවසේ පටන් අද වන විට වර්තමාන විහාරයේ අභිවෘද්ධිය සඳහා කටයුතු කරන ලදි.

අපව සම්බන්ධ කරගන්න

පහත දුරකතන අංක ඔස්සේ විහාරස්ථානය සම්බන්ධ කරගත හැකි අතර, බොහොමයක් විහාරස්ථාන පිහිටා ඇත්තේ ඉතා දුෂ්කර ප්‍රදේශවල බැවින් ඊමේල් ඔස්සේ සම්බන්ධ කරගැනීමට අපහසු විය හැකි බව කරුණාවෙන් සළකන්න. 

ඊමේල් ලිපිනය

info@sribimbaramaviharaya.org.lk

දුරකතන අංකය

0710798189 / 0767798189

ලිපිනය

පඩිකෙටුවැව, මයිලගස්වැව

විහාරස්ථානයේ පිහිටීම 

මෙම වෙබ් අඩවිය සමාජජාල මාධ්‍ය ඔස්සේ බෙදාහරින්න…