loader image
Select Page

ශ‍්‍රී බෝධිදෘමාරාම පොත්ගුල් විහාරය

ගම්පහ දිස්ත‍්‍රික්කයේ මිනුවන්ගොඩ ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ උඩුගම්පොල කෙහෙල්බද්දර අංක 140 නැගෙනහිර ග‍්‍රාමසේවා වසමේ පිහිටි ශ‍්‍රී බෝධිදෘමාරාම පොත්ගුල් විහාරය උඩුගම්පොල ප‍්‍රාදේශිය රාජ්‍ය සමයේ (ක‍්‍රි.ව. 1412) පමණ ආරම්භ වන්නට ඇතැයි ජනප‍්‍රවාද තොරතුරු මගින් පැහැදිලිවේ. උඩුගම්පොල රාජධානියේ විසූ සකලකලා වල්ලභ රාජ්‍ය සමයේ රජතුමාගේ විවිධ උත්සව අවස්ථාවලට ජයකෙහෙළි (කොඩි) බැන්ද ග‍්‍රාමය ලෙස ‘‘කෙහෙලිබැදි අද්දර’’ පසුව කෙහෙල්බද්දර ලෙස හදුන්වා ඇත. මෙම යුගයේ පටන් විහාරස්ථානය පැවතී ඇති බව සදහන් වේ. තවද පත්තිනි මෑණියන්ගේ සළඹ නවගමුව පත්තිනි දේවාලය දක්වා වැඩම කරවීමේ දී මීගමුව කලපුවෙන් ගොඩබැස දඩුගම් ඔය හරහා වර්තමානයේ දඩුගම පත්තිනි දේවාලයේ සිට කෙහෙල්බද්දර විහරයේ භූමියේ පිහිටි පුරාණ පත්තිනි දේවාලයේ එම සළඹ තැන්පත් කොට තබා දොඹවෙල පත්තිනි දේවාලයට ගෙනගොස් එතැන් සිට නවගමුව දක්වා වැඩම කරවූ බව සදහන්වේ.

පුවත්  ~ News

මෙම විහාරස්ථානයේ  සිදුකරන ආගමික වැඩසටහන්, ආධාර අවශ්‍යතා සහ දහම් කරුණු පිළිබදව තොරතුරු පහතින් දක්වා ඇත. සම්පුර්ණ පුවත කියවන්න “වැඩිදුර කියවන්න” බොත්තම ඔබන්න.

කුසල් දහම් පුරන ගිහි පැවිදි දෙපිරිසටම ඉතා වැදගත් ‘වස් කාලය’

කුසල් දහම් පුරන ගිහි පැවිදි දෙපිරිසටම ඉතා වැදගත් ‘වස් කාලය’

පැරණි භාරතයේ ප‍්‍රධාන සෘතු තුනක් පැවතිණ. හේමන්ත, ගිම්හාන, වස්සාන වශයෙනි. හේමන්ත සෘතුව, අධික ලෙස ශීතලය. ගිම්හාන සෘතුව, අධික ලෙස උණුසුම්ය. වස්සාන...

read more
ත්‍රිපිටකය රැකගත්තේ මෙහෙමයි

ත්‍රිපිටකය රැකගත්තේ මෙහෙමයි

බ‍්‍රාහ්මණ තිස්ස බය පැවති කාලයේ සිතුල්පව්වේද තිස්ස මහා විහාරයේ ද දොලොස් දහස බැගින් භික්ෂූහු විසූහ. අවුරුදු තුනකට ප‍්‍රමාණවත් ධාන්‍ය විහාර දෙකෙම් මහ...

read more
හැඳින මෙහෙයවිය යුතු කර්මය

හැඳින මෙහෙයවිය යුතු කර්මය

බුදු දහමේ මූලික සංකල්පයක් වන කර්මය පිළිබඳ ඉතා පැහැදිලි විවරණයක් මේ ලිපිය මගින් දැක්වේ..කර්මය නම් චර්යාව පිළිබඳ හේතු-ප්‍රත්‍ය නියාමය යි. එහි සමගාමි...

read more
සුළුවෙන් කලද නැති නොවන පින්

සුළුවෙන් කලද නැති නොවන පින්

දානයෙන් මෙන් මැ ශීල භාවනාවන් හි අනුසස් බොහෝ ය. ශීලයෙහි යෙදෙනවාට වඩා බොහෝ දෙනා දන් දී මෙහි යුහුසුළු වෙති. එකල වැඩි දෙනෙක් බුදුන් වහන්සේ ප්‍රමුඛ මහා...

read more
මරණානුස්සති භාවනාව

මරණානුස්සති භාවනාව

ඉපදුණා වූ සියලූම සත්වයෝ මරණයට පත්වන්නේය. දෙව්ලොවෙහි දෙවියන් ද, බඹලොවෙහි බ‍්‍රහ්මයන් ද, සතර අපා වැසි සත්වයන් ද, සියලූ මනුෂ්‍යයන් ද මරණයට පත් වන්නේ ය....

read more
සතර සතිපට්ඨානය තුළ සප්ත බොජ්ඣංග

සතර සතිපට්ඨානය තුළ සප්ත බොජ්ඣංග

බුදුරජාණන් වහන්සේ වදාළ සතිපට්ඨාන භාවනාවේ ධම්මානුපස්සනාවේ අවසාන කොටස් දැන් අපි ඉගෙන ගනිමින් සිටින්නේ. මේකෙ තියෙනවා සප්ත බොජ්ඣංග කියල කොටසක්. බොජ්ඣංග...

read more

“මෙම පුණ්‍ය භූමිය සඳහා අවශ්‍ය දෑ පහත පරිදි දැක්විය හැකිය.”

මෙම විහාරස්ථානයේ අවශ්‍යතා සොයාබලා ඔබට හැකි අයුරින් ආධාර කරන්න. විහාරස්ථානයේ වර්තමාන තත්වය දැනගැනීමට සැමවිටම විහාරාධිපති ස්වාමින් වහන්සේ දුරකථනය ඔස්සේ හෝ චැට් පණිවිඩයක් ඔස්සේ සම්බන්ධ කරගන්න. මෙම තොරතුරු යාවත්කාලින කරන ලද්දේ 2019 සැප්තැම්බර් 11 වෙනි දිනදීය.

සංඝාවාස ගොඩනැගිල්ල

විහාරස්ථානයේ විශාල අඩුපාඩුවක් වන සංඝාවස ගොඩනැගිල්ල භික්‍ෂුන් වහන්සේලාගේ පරිහරණයට ඉතා අත්‍යාවශ්‍ය අංගයක් බවට පත්ව ඇත. දැනට පවතින සංඝාවාසය වසර 90ක් පමණ ඉපැරණි වන අතර වේයන්ගෙන් හානිවී හුඹස් බැද ඇත. වර්ෂා කාලයේදී තෙමෙන අතර වහලයේ රීප්ප හා පරාල ද දිරාපත්වීමට ලක්ව ඇත. සංඝාවාසය ඉදිකිරීමට ගොඩනැගිලි සැලැස්මක් දැනට සකස් කර ඇති අතර ඉදිරි වර්ෂ දෙක ඇතුලත ඉදිකිරීම් ආරම්භ කළයුතුව ඇත. මෙ සදහා විශේෂ ආධාර උපකාර අවශ්‍ය වී ඇත.

ආධාර කරන්න 

පින්වත් ඔබගේ ආධාර පහත ගිණුමට බැරකළ හැකිය

ගිණුමේ නම – විහාරාධිපති හිමි ගිණුම
ගිණුම් අංකය – 026-2002-8-8114968
බැංකු ශාඛාව – ගම්පහ

ගිණුමේ නම – විහාරස්ථ දායක සභාව
ගිණුම් අංකය – 026-2001-9-0043823
බැංකු ශාඛාව – උඩුගම්පොල

ඔබ බැංකුවට මුදල් බැර කරන්නේ නම්, බැංකුවෙන් ලැබෙන රිසිට් පතෙහි පිටපතක් අප වෙත යෙමුකරන්න.

~ විහාරාධිපති ස්වාමීන් වහන්සේ ~

සියම් මහ නිකායේ මල්වතු විහාර පාර්ශවයේ ‘‘විශේෂ කර්මාචාර්ය’’ ධුරන්දර, මුඵ දිවයිනටම සාම විනිසුරු, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ බස්නාහිර පළාත් පුරාවිද්‍යා කාර්ලයේ උඩුගම්පොල කලාප අංක 01 කාර්යාලයේ සංවර්ධන නිලධාරී, ශාස්ත‍්‍රපති කාව්‍ය ශ‍්‍රී විත‍්‍ර ධර්ම කථික පූජ්‍ය මානිංගමුවේ ‘‘ධර්මකිර්තී ශ‍්‍රී ජනානන්ද’’ ධම්මජෝති ස්ථවිරයන් වහන්සේ

අපව සම්බන්ධ කරගන්න

පහත දුරකතන අංක ඔස්සේ විහාරස්ථානය සම්බන්ධ කරගත හැකි අතර, බොහොමයක් විහාරස්ථාන පිහිටා ඇත්තේ ඉතා දුෂ්කර ප්‍රදේශවල බැවින් ඊමේල් ඔස්සේ සම්බන්ධ කරගැනීමට අපහසු විය හැකි බව කරුණාවෙන් සළකන්න. 

ඊමේල් ලිපිනය

info@sribodhidrumaramaviharaya.org.lk

දුරකතන අංකය

033 2238008 / 071 8247348 / 077 2295474

ලිපිනය

70/බී, ශ‍්‍රී බෝධිදෘමාරාම පොත්ගුල් විහාරය, කෙහෙල්බද්දර – උඩුගම්පොල.

විහාරස්ථානයේ පිහිටීම 

මෙම වෙබ් අඩවිය සමාජජාල මාධ්‍ය ඔස්සේ බෙදාහරින්න…