loader image
Select Page

තෝඩාමඩුව ශ්‍රී බෝධිමළු පුරාණ විහාරය

අනුරාධපුර දිස්ත්‍රික්කයේ හුරුළු පලාතේ ගලෙන්බිදුණුවැව ප්‍රදේශීය ලේඛම් කොට්ඨාශයේ අංක.183 ගල්වඩුවාගම ග්‍රාම සේවා තුලානේ තෝඩාමඩුව ශ්‍රී බෝධිමළු පුරාණ විහාරය පිහිටා ඇත. 1932 වර්ශයෙහි පඩිකෙටු වැව ශ්‍රී බිම්බාරාමාධිපතිව වැඩ විසූ ගල්වඩුවාගම දම්මදස්සි  ලොකු හාමුදුරුවන් විසින් ආරම්භ කරන ලදි. හේන් ගොවිතැන ජීවනෝපාය කර ගත් දෙගම්වාසී ගැමියන්ගේ ආධාර උපකාර මත ගොඩනැගෙන අප විහාරස්ථානය ඉතා දුකසේ දැඩි පරිශ්‍රමයක් දරා සිදු කර ගෙන යනු ලබන ස්ථානයකි. ධර්මශාලාවක්, චෛත්‍යයක්, ආවාසයක් ඉදිකර ගෙන ඇත. ඉතිරි සංවර්ධණ කටයුතු සිදු කර ගෙන යාමට ආධාර උපකාර අවශ්‍ය වී ඇත.

දහම් පාසල පිලිබදව

ශ්‍රී ධම්ම දින්න දහම් පාසල නමින් ආරම්භ කර ඇත. දරුවන් 300 ක් පමන අධ්‍යාපනය ලබන අතර ඩෙස් බංකු පහසුකම් නැත. වැසිකිලි පහසුකම් නැත. ප්‍රමානවත් පොත් පත් නැත.

පුවත්  ~ News

මෙම විහාරස්ථානයේ  සිදුකරන ආගමික වැඩසටහන්, ආධාර අවශ්‍යතා සහ දහම් කරුණු පිළිබදව තොරතුරු පහතින් දක්වා ඇත. සම්පුර්ණ පුවත කියවන්න “වැඩිදුර කියවන්න” බොත්තම ඔබන්න.

කුසල් දහම් පුරන ගිහි පැවිදි දෙපිරිසටම ඉතා වැදගත් ‘වස් කාලය’

කුසල් දහම් පුරන ගිහි පැවිදි දෙපිරිසටම ඉතා වැදගත් ‘වස් කාලය’

පැරණි භාරතයේ ප‍්‍රධාන සෘතු තුනක් පැවතිණ. හේමන්ත, ගිම්හාන, වස්සාන වශයෙනි. හේමන්ත සෘතුව, අධික ලෙස ශීතලය. ගිම්හාන සෘතුව, අධික ලෙස උණුසුම්ය. වස්සාන...

read more
ත්‍රිපිටකය රැකගත්තේ මෙහෙමයි

ත්‍රිපිටකය රැකගත්තේ මෙහෙමයි

බ‍්‍රාහ්මණ තිස්ස බය පැවති කාලයේ සිතුල්පව්වේද තිස්ස මහා විහාරයේ ද දොලොස් දහස බැගින් භික්ෂූහු විසූහ. අවුරුදු තුනකට ප‍්‍රමාණවත් ධාන්‍ය විහාර දෙකෙම් මහ...

read more
හැඳින මෙහෙයවිය යුතු කර්මය

හැඳින මෙහෙයවිය යුතු කර්මය

බුදු දහමේ මූලික සංකල්පයක් වන කර්මය පිළිබඳ ඉතා පැහැදිලි විවරණයක් මේ ලිපිය මගින් දැක්වේ..කර්මය නම් චර්යාව පිළිබඳ හේතු-ප්‍රත්‍ය නියාමය යි. එහි සමගාමි...

read more
සුළුවෙන් කලද නැති නොවන පින්

සුළුවෙන් කලද නැති නොවන පින්

දානයෙන් මෙන් මැ ශීල භාවනාවන් හි අනුසස් බොහෝ ය. ශීලයෙහි යෙදෙනවාට වඩා බොහෝ දෙනා දන් දී මෙහි යුහුසුළු වෙති. එකල වැඩි දෙනෙක් බුදුන් වහන්සේ ප්‍රමුඛ මහා...

read more
මරණානුස්සති භාවනාව

මරණානුස්සති භාවනාව

ඉපදුණා වූ සියලූම සත්වයෝ මරණයට පත්වන්නේය. දෙව්ලොවෙහි දෙවියන් ද, බඹලොවෙහි බ‍්‍රහ්මයන් ද, සතර අපා වැසි සත්වයන් ද, සියලූ මනුෂ්‍යයන් ද මරණයට පත් වන්නේ ය....

read more
සතර සතිපට්ඨානය තුළ සප්ත බොජ්ඣංග

සතර සතිපට්ඨානය තුළ සප්ත බොජ්ඣංග

බුදුරජාණන් වහන්සේ වදාළ සතිපට්ඨාන භාවනාවේ ධම්මානුපස්සනාවේ අවසාන කොටස් දැන් අපි ඉගෙන ගනිමින් සිටින්නේ. මේකෙ තියෙනවා සප්ත බොජ්ඣංග කියල කොටසක්. බොජ්ඣංග...

read more

“මෙම පුණ්‍ය භූමිය සඳහා අවශ්‍ය දෑ පහත පරිදි දැක්විය හැකිය.”

මෙම විහාරස්ථානයේ අවශ්‍යතා සොයාබලා ඔබට හැකි අයුරින් ආධාර කරන්න. විහාරස්ථානයේ වර්තමාන තත්වය දැනගැනීමට සැමවිටම විහාරාධිපති ස්වාමින් වහන්සේ දුරකථනය ඔස්සේ හෝ චැට් පණිවිඩයක් ඔස්සේ සම්බන්ධ කරගන්න. මෙම තොරතුරු යාවත්කාලින කරන ලද්දේ 2019 සැප්තැම්බර් 24 වෙනි දිනදීය.

ආධාර අවශ්‍ය කාරණා

  • බෝධි ප්‍රාකාරය දැනට ඉදිකරගෙන යමින් පවතී. වැඩ අවසන් කිරීමට රු.3,500,000/= ක් පමන වැයවේ.
  • සංඝාවාසය අඩක් නිම කර ඇත. ඉතිරි වැඩ සිදු කර ගෙන යාම සදහා රු.2,000,000/= ක් පමන වැයවේ.
  • දාන ශාලාවක් අවශය වී ඇත ඒ සදහා අඩි 20 X 37 ප්‍රමානයේ ශාලාවක් සදහා රු.3,700,000/= ක් පමණ වැයවේ
  • වැසිකිලි පද්ධතිය සදහා රු.2,000,000/= ක් පමණ වැයවේ

ආධාර කරන්න 

පින්වත් ඔබගේ ආධාර පහත ගිණුමට බැරකළ හැකිය

ගිණුමේ නම – ඕවිටිගල පියරතන හිමි
ගිණුම් අංකය – 001-1-0074845
බැංකු ශාඛාව – ගලෙන්බිදුනුවැව 

ඔබ බැංකුවට මුදල් බැර කරන්නේ නම්, බැංකුවෙන් ලැබෙන රිසිට් පතෙහි පිටපතක් අප වෙත යෙමුකරන්න.

~ විහාරාධිපති ස්වාමීන් වහන්සේ ~

හුරුළු පලාතේ අධිකරණ සංඝ නායක ස්වාමින් වහන්සේ වන රාජකීය පණ්ඩිත කරඳගොල්ලේ ශ්‍රී සරණංකර ඥානානන්ද නාහිමියන් වහන්සේය. උන්වහන්සේ වෙනුවෙන් ප්‍රිය ශිෂ්‍ය ඕවිටිගල පියරතන හිමියන් සියළු විහාරයේ අංග උපාංග, ඉදිකිරීම් කටයුතු කිරීමටද, අවවාද අනුශාසනා දෙමින් ඒ කටයුතු සිදුකර ගෙන යනු ලබයි. උන් වහන්සේ තරමක අසනීප තත්වයකින් පසුවෙති.

අපව සම්බන්ධ කරගන්න

පහත දුරකතන අංක ඔස්සේ විහාරස්ථානය සම්බන්ධ කරගත හැකි අතර, බොහොමයක් විහාරස්ථාන පිහිටා ඇත්තේ ඉතා දුෂ්කර ප්‍රදේශවල බැවින් ඊමේල් ඔස්සේ සම්බන්ධ කරගැනීමට අපහසු විය හැකි බව කරුණාවෙන් සළකන්න. 

ඊමේල් ලිපිනය

info@sribodhimalupuranaviharaya.org.lk

දුරකතන අංකය

077-3222032 /  071-0798189

ලිපිනය

තෝඩා මඩුව, සිවලාකුලම

විහාරස්ථානයේ පිහිටීම 

මෙම වෙබ් අඩවිය සමාජජාල මාධ්‍ය ඔස්සේ බෙදාහරින්න…