loader image
Select Page

මයිලගස්වැව ශ‍්‍රි බෝධිමලූ විහාරය

අප විහාරස්ථානය අනුරාධපුර දිස්ති‍්‍රකයේ මැදවච්චිය ප‍්‍රාදේශිය ලේකම් බල ප‍්‍රදේශයේ අගුනොච්චිය 71 තුලාන ග‍්‍රාම සේවා බල ප‍්‍රදේශයේ මයිලගස්වැව යන ගම්මානයේ පිහිටා ඇත. අප විහාරස්ථානය මනරම් ගම් පෙදෙසක එනම් ගම්මානයේ වැවිට පහලින් හා ගම්මානයේ වෙල් යායට මුහුණලා පිහිටා ඇත. මුලින් මෙම විහාරස්ථානයේ බෝධී රාජයාණන් වහන්සේ පමනක් තිඛි ඇති අතර කාලයාගේ ඇවැමෙන් මෙම ස්ථානය වල් බිහි වි ඇති අතර ගමිමානයේ වැඩිහිටි අය විසින් නැවත එලි පෙහෙලි කර මෙම ස්ථානයේ මඩුවක් තනා සිල් සාමදන් විමේ කටයුතු සිදු කර ඇත. කාලයාගේ ඇවැමෙන් මෙම ස්ථානය ස්වාමින් වහන්සේ කෙනෙක් පැමින විහාරස්ථානය ගොඩ නැගිමට කටයුතු කර ඇති අතර වර්තමානය වන විට අප විහාරස්ථානය මැදවච්චිය බල ප‍්‍රදේශයේ දීප්තිමත් විහාරස්තානයක් බවට පත්ව ඇත. දැනට ස්වාමින් වහන්සේලා 05 නමක් වැඩ වාසය කරන විහාරස්ථානයකි.

දහම් පාසල පිලිබදව
අප දහම් පාසල අනුරාධපුර දිස්ති‍්‍රකයේ මැදවච්චිය ප‍්‍රාදේශිය ලේකම් බල ප‍්‍රදේශයේ අගුනොච්චිය 71 තුලාන ග‍්‍රාම සේවා බල ප‍්‍රදේශයේ මයිලගස්වැව ගම්මානයේ පිහිටා ඇත. මුලින්ම වර්ෂ 1990 ක්‍ගඍග නන්දාවති මහත්මිය විසින් ලමුන් 10 දෙනෙකුගෙන් හා ගුරුභතුන් 05 දෙනෙකුගෙන් ආරම්භ කරන ලද දහම් පාසල කාලයාගේ ඇවැමෙන් වැසියාමට ලක්ව ඇත. නැවත වර්ෂ දින රෝමන් මොරිස්් ප‍්‍රනාන්දු මහතා විසින් ලමුන් 15 දෙනෙකුගෙන් හා ගුරුභවතුන් 05 දෙනෙකුගෙන් ආරම්භ කරන ලද දහමි පාසල ශ‍්‍රි රාහුල දහම් පාසල යන නාමය යටතේ බෞද්ධ කටයුතු දෙපාර්තුෙමින්තුෙවි ලියාපදිංචි අංක 71/09/දාපාලි/9157 යටතේ ලියාපදිංචි කර ඇත. වර්තමානය වන විට ලමුන් 120 හා පැවදි ගුරු භවතුන් 03නමක් ගිහි ගුරු භවතුන් 13 දෙනෙකගෙන් සමන්විතව ඇත.

පුවත්  ~ News

මෙම විහාරස්ථානයේ  සිදුකරන ආගමික වැඩසටහන්, ආධාර අවශ්‍යතා සහ දහම් කරුණු පිළිබදව තොරතුරු පහතින් දක්වා ඇත. සම්පුර්ණ පුවත කියවන්න “වැඩිදුර කියවන්න” බොත්තම ඔබන්න.

කුසල් දහම් පුරන ගිහි පැවිදි දෙපිරිසටම ඉතා වැදගත් ‘වස් කාලය’

කුසල් දහම් පුරන ගිහි පැවිදි දෙපිරිසටම ඉතා වැදගත් ‘වස් කාලය’

පැරණි භාරතයේ ප‍්‍රධාන සෘතු තුනක් පැවතිණ. හේමන්ත, ගිම්හාන, වස්සාන වශයෙනි. හේමන්ත සෘතුව, අධික ලෙස ශීතලය. ගිම්හාන සෘතුව, අධික ලෙස උණුසුම්ය. වස්සාන...

read more
ත්‍රිපිටකය රැකගත්තේ මෙහෙමයි

ත්‍රිපිටකය රැකගත්තේ මෙහෙමයි

බ‍්‍රාහ්මණ තිස්ස බය පැවති කාලයේ සිතුල්පව්වේද තිස්ස මහා විහාරයේ ද දොලොස් දහස බැගින් භික්ෂූහු විසූහ. අවුරුදු තුනකට ප‍්‍රමාණවත් ධාන්‍ය විහාර දෙකෙම් මහ...

read more
හැඳින මෙහෙයවිය යුතු කර්මය

හැඳින මෙහෙයවිය යුතු කර්මය

බුදු දහමේ මූලික සංකල්පයක් වන කර්මය පිළිබඳ ඉතා පැහැදිලි විවරණයක් මේ ලිපිය මගින් දැක්වේ..කර්මය නම් චර්යාව පිළිබඳ හේතු-ප්‍රත්‍ය නියාමය යි. එහි සමගාමි...

read more
සුළුවෙන් කලද නැති නොවන පින්

සුළුවෙන් කලද නැති නොවන පින්

දානයෙන් මෙන් මැ ශීල භාවනාවන් හි අනුසස් බොහෝ ය. ශීලයෙහි යෙදෙනවාට වඩා බොහෝ දෙනා දන් දී මෙහි යුහුසුළු වෙති. එකල වැඩි දෙනෙක් බුදුන් වහන්සේ ප්‍රමුඛ මහා...

read more
මරණානුස්සති භාවනාව

මරණානුස්සති භාවනාව

ඉපදුණා වූ සියලූම සත්වයෝ මරණයට පත්වන්නේය. දෙව්ලොවෙහි දෙවියන් ද, බඹලොවෙහි බ‍්‍රහ්මයන් ද, සතර අපා වැසි සත්වයන් ද, සියලූ මනුෂ්‍යයන් ද මරණයට පත් වන්නේ ය....

read more
සතර සතිපට්ඨානය තුළ සප්ත බොජ්ඣංග

සතර සතිපට්ඨානය තුළ සප්ත බොජ්ඣංග

බුදුරජාණන් වහන්සේ වදාළ සතිපට්ඨාන භාවනාවේ ධම්මානුපස්සනාවේ අවසාන කොටස් දැන් අපි ඉගෙන ගනිමින් සිටින්නේ. මේකෙ තියෙනවා සප්ත බොජ්ඣංග කියල කොටසක්. බොජ්ඣංග...

read more

“මෙම පුණ්‍ය භූමිය සඳහා අවශ්‍ය දෑ පහත පරිදි දැක්විය හැකිය.”

මෙම විහාරස්ථානයේ අවශ්‍යතා සොයාබලා ඔබට හැකි අයුරින් ආධාර කරන්න. විහාරස්ථානයේ වර්තමාන තත්වය දැනගැනීමට සැමවිටම විහාරාධිපති ස්වාමින් වහන්සේ දුරකථනය ඔස්සේ හෝ චැට් පණිවිඩයක් ඔස්සේ සම්බන්ධ කරගන්න. මෙම තොරතුරු යාවත්කාලින කරන ලද්දේ 2019 සැප්තැම්බර් 5 වෙනි දිනදීය.

වැසිකිලි පද්ධතිය

විහාරස්ථානයේ දැනට අති වැසිකිලිය හා නාන කාමරය විහාරාධීපති හිමියන්ගේය වැසිකිලිය හා නාන කාමරය ෙවි. විහාරාධීපති හිමියන් පරිහරනය කරන අවස්ථාවන් වලදි විහාරස්ථානයේ වැඩ වාසය කරන අනෙකුත් ස්වාමින් වහන්සෙලා මහත් අසීරුතාවයට පත් වන අවස්ථා ඇත. එම නිසා අප හට වැසිකිලියක් හා නාන කාමර පද්ධතියක් සකස් කර ගැනිමට අවශ්‍යව ඇත.

බෝධී ප‍්‍රාකාරය

දැනට ගම්මානයේ සිටින දායක දායිකාවන් විසින් හැකි අයුරින් අප විහාරස්ථානයේ බෝධී ප‍්‍රාාකාරයේ වැඩ කර ඇති නමුත් මෙම ප‍්‍රදේශයට වර්ෂාව නොමැති කමින් අප ගම්මානයේ වෙසෙන දායක දායිකාවන්ට එම වැඩ කටයුතු සිදු කිරීම අපහසු වි ඇත. එම නිසා මෙම බෝධී ප‍්‍රාකාරයේ වැඩ නිම කරවා ගැනීමට අවශ්‍යව ඇත. එබැවින් වැඩ නිම කර ගැනිමට ආධාරයක් බලාපොරොත්තු වේ.

ආධාර කරන්න 

පින්වත් ඔබගේ ආධාර පහත ගිණුමට බැරකළ හැකිය

ගිණුමේ නම – පුජ්‍ය තණමල්විල ධම්මවංශ හිමි
ගිණුම් අංකය – 096200150090263
බැංකු ශාඛාව – මැදවච්චිය

ඔබ බැංකුවට මුදල් බැර කරන්නේ නම්, බැංකුවෙන් ලැබෙන රිසිට් පතෙහි පිටපතක් අප වෙත යෙමුකරන්න.

~ විහාරාධිපති ස්වාමීන් වහන්සේ ~

2013-11-07 දින වැඩම කරන්නට යෙදුන විහාරාධීපති හිමියන් වහන්සේ හා නිර්මාතෘ වන ශි‍්‍ර ලංකා රාමනඤඤ් මහා නිකායේ හාරිස්පත්තුව සංඝ සභාෙවි සම්බන්ඹ්කරන ලේඛකාධීකාරි අති පුජ්‍ය ඇඹිලිපිටියේ සිරිවංශ හිමියන් විසින් මෙම විහාරස්ථානය ගොඩනගා මෙම විහාරස්ථානයේ විහාරාධීපති දුරය හොබවමින් වසර 03 පමණ වැඩ හිදිමින් 2016-08-08 වන දින ගමම හඩවමින් තම ශිෂ්‍ය වහන්සෙලාට ගුරුවරයෙකු වු තම විහාරාධීපති හිමියන් අපවත්වන්නට යෙදුනාය. ඉන් පසු නව විහාරාධීති වශයෙන් ශි‍්‍ර ලංකා රාමනඤඤ් මහා නිකායේ හාරිස්පත්තුව සංඝ සභාෙවි දිසා පාලක අති පුජ්‍ය කටුගස්තොට දේවරක්ඛිත හිමියන් විසින් මෙම විහාරස්ථානයේ විහාරාධීපති දුරය 2019-08-08 වන දින දක්වා විහාරාධීපති දුරය හොබවන ලදි. ඵදින නව විහාරාධීපති වශයෙන් අපවත්වි වදාල අති පුජ්‍ය ඇඹිලිපිටියේ සිචිවංශ හිමියන්ගේ ශිෂ්‍ය වන වන ශි‍්‍ර ලංකා රාමනඤඤ් මහා නිකායේ හාරිස්පත්තුව සංඝ සභාෙවි තරුණ භික්ෂු සංසදයේ නියෝඡු්‍ය සභාපති අති පුජ්‍ය තණමල්විල ධම්මවංශ හිමියන්ට පවරන ලදි. හිටපු විහාරාධීපති හිමියන් වන අති පුජ්‍ය කටුගස්තොට දේවරක්ඛිත හිමියන් දැනට අප විහාරස්ථානයේ අනුශාසක දුරය හොබවන ලදි.

~ විහාරවාසී ස්වාමීන් වහන්සේ ~

මැදවච්චිය මයිලගස්වැව ශ්‍රී බෝධිමළු විහාරාස්ථානයේ වත්මන් විහාරාධිකාරි ධුරය දරන ගාල්ලේ ධමිමරක්ඛිත හිමි යන්ය දැනට විහාරාස්ථානයේ පවත්වනු ලබන දහමි පාසලේ ශ්‍රී රාහුල දහමි පාසලේ සමිබන්ධිකරන ලේකමි තනතුර හා උපප්‍රධානාචාර්ය ධුරය හොබවමින් දහමි පාසල් දරැවන් ගේ නෙත් පහන් දල්වමින් ශාසනික හා සාමාජිය වශයෙන් ගමටත් රටටත් මහත් සේවයක් කරමින් වැඩවාසය කරන මුන් වහන්සේ විහාරාස්ථානයේ පවත්වනු ලබන ශ්‍රී රාහුල පුස්තකාලයේ පුස්ථකාලාධිපති ද වෙි

අපව සම්බන්ධ කරගන්න

පහත දුරකතන අංක ඔස්සේ විහාරස්ථානය සම්බන්ධ කරගත හැකි අතර, බොහොමයක් විහාරස්ථාන පිහිටා ඇත්තේ ඉතා දුෂ්කර ප්‍රදේශවල බැවින් ඊමේල් ඔස්සේ සම්බන්ධ කරගැනීමට අපහසු විය හැකි බව කරුණාවෙන් සළකන්න. 

ඊමේල් ලිපිනය

info@sribodhimaluviharaya.org.lk

දුරකතන අංකය

071 630 66 70

ලිපිනය

මයිලගස්වැව, කිරිගල්වැව, මැදවච්චිය

විහාරස්ථානයේ පිහිටීම 

මෙම වෙබ් අඩවිය සමාජජාල මාධ්‍ය ඔස්සේ බෙදාහරින්න…