loader image
Select Page

ශ්‍රී බෝධිරාජාරාම විහාරය

සබරගමු පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ බෙලිගල්  කෝරලයේ වරකාපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දැදිගම ශාසනාරක්ෂක බල මණ්ඩලයේ වේරගල ගම් පියසේ ඉතා දුෂ්කර විහාරස්ථානයකි.

දහම් පාසල 

වරකාපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දැදිගම ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ශ්‍රී ධීරානන්ද දහම් පාසල ඉතා දුෂ්කරතා මැද දූ දරුවන් 150කට ආසන්න ප්‍රමාණයකුත් ආචාර්ය මණ්ඩලය 15 කිනුත් සමන්විතය.

පුවත්  ~ News

මෙම විහාරස්ථානයේ  සිදුකරන ආගමික වැඩසටහන්, ආධාර අවශ්‍යතා සහ දහම් කරුණු පිළිබදව තොරතුරු පහතින් දක්වා ඇත. සම්පුර්ණ පුවත කියවන්න “වැඩිදුර කියවන්න” බොත්තම ඔබන්න.

සතර සතිපට්ඨානය තුළ ඉරියාපථ භාවනාව

සතර සතිපට්ඨානය තුළ ඉරියාපථ භාවනාව

දැන් ඔබ මේ වෙන කොට ආනාපානසති භාවනාව පිළිබඳවත්, හොඳ සිහි නුවණින් යුක්තව සෑම කටයුත්තක්ම කිරීම ගැනත් ඔබ ඉගෙන ගෙන තියෙනවා. ඊළඟට ඉගෙන ගන්නේ සක්මන් භාවනාව...

read more
භාවනාවේ මූලික කරුණු

භාවනාවේ මූලික කරුණු

භාවනාව තුළින් ඔබේ මිනිස් ජීවිතය වඩාත්ම සුවපත් කරන අතර වඩාත්ම අර්ථවත් කරයි. භාවනා කිරීම කියන්නේ ඔබේ සිත දියුණු කරගන්නා සුවිශේෂී ක්‍රමයකටයි. අපට මේ...

read more
පෘථග්ජන පුද්ගලයා කවරෙක් ද?

පෘථග්ජන පුද්ගලයා කවරෙක් ද?

බෞද්ධයෝ බොහෝ කලක සිට නිවැරදි අර්ථය නොසළකා ‘පෘථග්ජන’ යන වචන ව්‍යවහාර කරන්නට පුරුදුව සිටිති. තමන්ගේ ඇතැම් දුර්වලතා සාධාරණීකරණය කරගැනීමට ද ‘අපි ඉතින්...

read more
ආයාචිතභත්ත ජාතකය ~ දෙවියන්ට භාරහාර වූ මිනිසුන්ගේ කථාව

ආයාචිතභත්ත ජාතකය ~ දෙවියන්ට භාරහාර වූ මිනිසුන්ගේ කථාව

අදටත් සමහර උදවිය තමන්ගේ කටයුතු සාර්ථක වෙන්න කියල දෙවියන්ට භාරහාර වෙනවා. දේවදාන දෙනවා. ඇතැම් ආගම්වල අදටත් භාර ඔප්පු කිරීම පිණිස සතුන් මරා බිලි දෙනවා....

read more
කණ්හ ජාතකය ~ කළු වෘෂභයාගේ කථාව

කණ්හ ජාතකය ~ කළු වෘෂභයාගේ කථාව

වගකීම් හැමෝටම දරන්ට බෑ. ඕනෑම වගකීමක් දරන්ට පුළුවන් අය ඉන්නවා. අපගේ භාග්‍යවතුන් වහන්සේ අන්න එබඳු උත්තමයෙක්. දවසක් අපගේ භාග්‍යවතුන් වහන්සේ අසවල් දවසේ...

read more
තේලපත්ත ජාතකය ~ තෙල් පාත්‍රය මුල් කොට වදාළ කථාව

තේලපත්ත ජාතකය ~ තෙල් පාත්‍රය මුල් කොට වදාළ කථාව

පින්වතුනේ, පින්වත් දරුවනේ, ජීවිතයේ බොහෝ ආරවුල්, අර්බුද, ගැටළු හටගන්නේ ඉන්ද්‍රියයන් අසංවර වීමෙනුයි. ඉන්ද්‍රිය සංවර නොකර ගැනීමෙන් පැවිදි ජීවිතය පවා...

read more

“මෙම පුණ්‍ය භූමිය සඳහා අවශ්‍ය දෑ පහත පරිදි දැක්විය හැකිය.”

මෙම විහාරස්ථානයේ අවශ්‍යතා සොයාබලා ඔබට හැකි අයුරින් ආධාර කරන්න. විහාරස්ථානයේ වර්තමාන තත්වය දැනගැනීමට සැමවිටම විහාරාධිපති ස්වාමින් වහන්සේ දුරකථනය ඔස්සේ හෝ චැට් පණිවිඩයක් ඔස්සේ සම්බන්ධ කරගන්න. මෙම තොරතුරු යාවත්කාලින කරන ලද්දේ 2019 ඔක්තොම්බර් 11 වෙනි දිනදීය.

ආධාර අවශ්‍ය කාරණා

  • ස්වාමීන් වහන්සේලාට වැඩ වාසය කිරීමට නිසි ආවාසයක් සහ දාන ශාලාවක් සාදා ගැනීමට.
  • දැනට අවුරුදු 50 කට වඩා පැරණි ආවාසයක් සහ දාන ශාලාවක් ඇත. දාන ශාලාව යම් තත්ත්වයකින් අබලන් වී ඇති අතර, එය සකස් කර ගැනීමට අවශ්‍ය වී ඇත.

ආධාර කරන්න 

පින්වත් ඔබගේ ආධාර පහත ගිණුමට බැරකළ හැකිය

ගිණුමේ නම – තඹුත්තේගම සුමංගල හිමි
ගිණුම් අංකය – 82328848
බැංකු ශාඛාව – හෙට්ටිපොල

ඔබ බැංකුවට මුදල් බැර කරන්නේ නම්, බැංකුවෙන් ලැබෙන රිසිට් පතෙහි පිටපතක් අප වෙත යෙමුකරන්න.

~ විහාරාධිපති ස්වාමීන් වහන්සේ ~

ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ  විහාරාධිපති  වශයෙන් වැඩ කටයුතු කරන යටියන මහින්ද ස්වාමීන්වහන්සේ උන්වහන්සේ වයෝවෘධ භාවයෙන් තරමක් අසනීප තත්ත්වයෙන්  සිටින අතර වයස අවුරුදු 93 ක් පමණ වේ. උන්වහන්සේට අසනීප තත්ත්වය නිසා විහාරස්ථානයේ  පොදු කටයුතු සහ ආගමික වතාවත් කර ගැනීමට  නොහැකි හෙයින්  උන්වහන්සේගේ ශිෂ්‍ය තඹුත්තේගම සුමංගල ස්වාමීන් වහන්සේ ආගමික වතාවත් කරමින් වත්මන් විහාරාධිකාරී වශයෙන් වැඩ කටයුතු කරයි.

~ විහාරවාසී ස්වාමීන් වහන්සේ ~

ශිෂ්‍ය තඹුත්තේගම සුමංගල ස්වාමීන් වහන්සේ ආගමික වතාවත් කරමින් වත්මන් විහාරාධිකාරී වශයෙන් වැඩ කටයුතු කරයි.

අපව සම්බන්ධ කරගන්න

පහත දුරකතන අංක ඔස්සේ විහාරස්ථානය සම්බන්ධ කරගත හැකි අතර, බොහොමයක් විහාරස්ථාන පිහිටා ඇත්තේ ඉතා දුෂ්කර ප්‍රදේශවල බැවින් ඊමේල් ඔස්සේ සම්බන්ධ කරගැනීමට අපහසු විය හැකි බව කරුණාවෙන් සළකන්න. 

ඊමේල් ලිපිනය

info@sribodhirajaramaviharaya.org.lk

දුරකතන අංකය

0763418306 / 0705062667

ලිපිනය

ශ්‍රී බෝධිරාජරාම විහාරය, ශ්‍රී ධීරානන්ද දහම් පාසල, වේරගල, වරකාපොල.

විහාරස්ථානයේ පිහිටීම 

මෙම වෙබ් අඩවිය සමාජජාල මාධ්‍ය ඔස්සේ බෙදාහරින්න…