loader image
Select Page

ශ්‍රී බෝධිරුක්ඛාරාමය

හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් බැමිණියන්විල ග්‍රාමයේ පිහිටි විහාරස්ථානය ශ්‍රී බෝධිිරුක්ඛාරාම විහාරස්ථානයයි. කෙත්වතුපිටිවලින් වට වූ ඉතා කුඩා භූමි භාගයක මෙම විහාරස්ථානය පිහිටා ඇත. 1900 සිට 1947 දක්වා වස් වාසය කරන ලද ස්ථානයක් පමණි. 1947 ගැටමාන්නේ මණිරතන ලොකුහාමුදුරුවන් වහන්සේ මෙම ස්ථානයට වැඩම කර විහාරස්ථානය ආරම්භ කරමින් වෙහෙර විහාර ගොඩ නගමින් විසූ අතර ඉන් පසු බැමිණියන්විල  ඤාණලෝක නාහිමි විහාරාධිපති වූ අතර වර්තමානය දක්වා මෙම විහාරස්ථානය පවතී. මූලගිරි සංඝ පරම්පරාවට අයත් සියම් නිකායේ මල්වතු පාර්ශ්වයට අයිති පන්සලකි. වර්තමානය වන විට චිත්‍ර මූර්ති කැටයම් ආදී අංගයන්ගෙන් සමන්විත විහාරස්ථානයක් බවට පත්ව ඇත.

ශ්‍රි සුමන දහම් පාසල

බැමිණියන්විල ශ්‍රී බෝධිරුක්ඛාරාම මහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පවත්වාගෙන එනු ලබන දහම් පාසල ශ්‍රි සුමන දහම් පාසලයි. එම දහම් පාසල 1978 ආරම්භ කරන ලද අතර අද වන විට ළමයින් 300 – 400 ක් අතර ප්‍රමාණයක් අධ්‍යාපනය ලබති.

පුවත්  ~ News

මෙම විහාරස්ථානයේ  සිදුකරන ආගමික වැඩසටහන්, ආධාර අවශ්‍යතා සහ දහම් කරුණු පිළිබදව තොරතුරු පහතින් දක්වා ඇත. සම්පුර්ණ පුවත කියවන්න “වැඩිදුර කියවන්න” බොත්තම ඔබන්න.

කුසල් දහම් පුරන ගිහි පැවිදි දෙපිරිසටම ඉතා වැදගත් ‘වස් කාලය’

කුසල් දහම් පුරන ගිහි පැවිදි දෙපිරිසටම ඉතා වැදගත් ‘වස් කාලය’

පැරණි භාරතයේ ප‍්‍රධාන සෘතු තුනක් පැවතිණ. හේමන්ත, ගිම්හාන, වස්සාන වශයෙනි. හේමන්ත සෘතුව, අධික ලෙස ශීතලය. ගිම්හාන සෘතුව, අධික ලෙස උණුසුම්ය. වස්සාන...

read more
ත්‍රිපිටකය රැකගත්තේ මෙහෙමයි

ත්‍රිපිටකය රැකගත්තේ මෙහෙමයි

බ‍්‍රාහ්මණ තිස්ස බය පැවති කාලයේ සිතුල්පව්වේද තිස්ස මහා විහාරයේ ද දොලොස් දහස බැගින් භික්ෂූහු විසූහ. අවුරුදු තුනකට ප‍්‍රමාණවත් ධාන්‍ය විහාර දෙකෙම් මහ...

read more
හැඳින මෙහෙයවිය යුතු කර්මය

හැඳින මෙහෙයවිය යුතු කර්මය

බුදු දහමේ මූලික සංකල්පයක් වන කර්මය පිළිබඳ ඉතා පැහැදිලි විවරණයක් මේ ලිපිය මගින් දැක්වේ..කර්මය නම් චර්යාව පිළිබඳ හේතු-ප්‍රත්‍ය නියාමය යි. එහි සමගාමි...

read more
සුළුවෙන් කලද නැති නොවන පින්

සුළුවෙන් කලද නැති නොවන පින්

දානයෙන් මෙන් මැ ශීල භාවනාවන් හි අනුසස් බොහෝ ය. ශීලයෙහි යෙදෙනවාට වඩා බොහෝ දෙනා දන් දී මෙහි යුහුසුළු වෙති. එකල වැඩි දෙනෙක් බුදුන් වහන්සේ ප්‍රමුඛ මහා...

read more
මරණානුස්සති භාවනාව

මරණානුස්සති භාවනාව

ඉපදුණා වූ සියලූම සත්වයෝ මරණයට පත්වන්නේය. දෙව්ලොවෙහි දෙවියන් ද, බඹලොවෙහි බ‍්‍රහ්මයන් ද, සතර අපා වැසි සත්වයන් ද, සියලූ මනුෂ්‍යයන් ද මරණයට පත් වන්නේ ය....

read more
සතර සතිපට්ඨානය තුළ සප්ත බොජ්ඣංග

සතර සතිපට්ඨානය තුළ සප්ත බොජ්ඣංග

බුදුරජාණන් වහන්සේ වදාළ සතිපට්ඨාන භාවනාවේ ධම්මානුපස්සනාවේ අවසාන කොටස් දැන් අපි ඉගෙන ගනිමින් සිටින්නේ. මේකෙ තියෙනවා සප්ත බොජ්ඣංග කියල කොටසක්. බොජ්ඣංග...

read more

“මෙම පුණ්‍ය භූමිය සඳහා අවශ්‍ය දෑ පහත පරිදි දැක්විය හැකිය.”

මෙම විහාරස්ථානයේ අවශ්‍යතා සොයාබලා ඔබට හැකි අයුරින් ආධාර කරන්න. විහාරස්ථානයේ වර්තමාන තත්වය දැනගැනීමට සැමවිටම විහාරාධිපති ස්වාමින් වහන්සේ දුරකථනය ඔස්සේ හෝ චැට් පණිවිඩයක් ඔස්සේ සම්බන්ධ කරගන්න. මෙම තොරතුරු යාවත්කාලින කරන ලද්දේ 2019 නොවැම්බර් 13 වෙනි දිනදීය.

ආධාර අවශ්‍ය කාරණා

විහාරස්ථානයේ දියුණුව, සංවර්ධනය, දහම් පාසලේ දියුණුව, සංවර්ධනය උදෙසා සහ නව ගොඩ නැගීම් සඳහාය. නඩත්තු කටයුතු

ආධාර කරන්න 

පින්වත් ඔබගේ ආධාර පහත ගිණුමට බැරකළ හැකිය

ගිණුමේ නම – දායක සභාව
ගිණුම් අංකය – 072200170000755
බැංකු ශාඛාව – අම්බලන්තොට

ඔබ බැංකුවට මුදල් බැර කරන්නේ නම්, බැංකුවෙන් ලැබෙන රිසිට් පතෙහි පිටපතක් අප වෙත යෙමුකරන්න.

~ විහාරාධිපති ස්වාමීන් වහන්සේ ~

විචිත්‍ර ධර්ම – කථික ශාස්ත්‍රපති ගැටමාන්නේ වනරතන හිමිපාණන් වහන්සේ ය. උන්වහන්සේ ශාසනික මෙන් ම ජාතික ආගමික සාමාජික කටයුතුවල යෙදෙමින් ප්‍රදේශයට මහත් සේවාවක් ඉටු කරනු ලබයි.

අපව සම්බන්ධ කරගන්න

පහත දුරකතන අංක ඔස්සේ විහාරස්ථානය සම්බන්ධ කරගත හැකි අතර, බොහොමයක් විහාරස්ථාන පිහිටා ඇත්තේ ඉතා දුෂ්කර ප්‍රදේශවල බැවින් ඊමේල් ඔස්සේ සම්බන්ධ කරගැනීමට අපහසු විය හැකි බව කරුණාවෙන් සළකන්න. 

ඊමේල් ලිපිනය

info@sribodhirukkharamaya-baminiyanwila.org.lk

දුරකතන අංකය

0473483720

ලිපිනය

බැමිණියන්විල ශ්‍රී බෝධිරුක්ඛාරාමය, බැමිණියන්විල, මාමඩල

විහාරස්ථානයේ පිහිටීම 

මෙම වෙබ් අඩවිය සමාජජාල මාධ්‍ය ඔස්සේ බෙදාහරින්න…