loader image
Select Page

ශ්‍රි නාමල් විහාරය

මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ප්‍රබෝදගම ග්‍රාමසේවා වසමට අයත් නාවක්කුලම ග්‍රාමයේ ශ්‍රී නාමල් විහාරය පිහිටා තිබේ. අති දුෂ්කර ග්‍රාමයක පිහිටා ඇති අපගේ විහාරස්ථානය ඈත ඉතිහාසයකට උරුමකම් කියන විහාරස්ථානයකි. අපගේ ගම්පියසේ ඉතා දුප්පත් දායක පිරිසක් ජීවත්වන අතර දායක පවුල් සියයක් පමණ දායකත්වය දරයි. තවද මෙම විහාරස්ථානයේ එක හිමිනමක් පමනක් වැඩ සිටින අතර මෙම විහාරස්ථානයේ ඉදිරි දියුනුව සිදු කරමින් සිටිති.

ඈත ඉතිහාසයකට හිමිකම් දායාදයක් කියාපාන විහාරස්ථානයක් ලෙස අපගේ විහාරස්ථනය හැදින්විය හැකිය. දැනට අපගේ විහාරස්ථානයේ ගලෙන් නෙලන ලද සිරි පතුල් දෙකක් හමුවී ඇති අතර මෙම බෝධීන් වහන්සේද අවුරුදු 800 ක් පමන පුරාන ඇතැයි ආදි මුතුන් මිත්තෝ පවසති. එසේම මෙම විහාරස්ථානයේ කැනීම් කටයුතු සිදු කිරීමේදී පුරාන ගල් කන්ද මුනගැසී ඇත.

මෙම පුරාන ඉතිහාසයකට හිමිකම් ඇති මෙම විහාරස්ථානය මෑත ඉතිහාසයේ වල් බිහිවී තිබුනි. පසුව අනේ කට්ටියේ කවිධජ මහා නායක හිමිපානන් වහන්සේ මෙම විහාරස්ථානයට නැවත නව පනක් දෙමින් ආරම්බ කෙරුනි. පසුව මෙම විහාරස්ථානයට ස්වාමීන් වහන්සේලා මූලික කරගෙන ගමට, රටට, ශාසනික, ජාතික සේවාවන් රාශියක් සිදු කරමින් තිබුනි.

පුවත්  ~ News

මෙම විහාරස්ථානයේ  සිදුකරන ආගමික වැඩසටහන්, ආධාර අවශ්‍යතා සහ දහම් කරුණු පිළිබදව තොරතුරු පහතින් දක්වා ඇත. සම්පුර්ණ පුවත කියවන්න “වැඩිදුර කියවන්න” බොත්තම ඔබන්න.

සතර සතිපට්ඨානය තුළ ඉරියාපථ භාවනාව

සතර සතිපට්ඨානය තුළ ඉරියාපථ භාවනාව

දැන් ඔබ මේ වෙන කොට ආනාපානසති භාවනාව පිළිබඳවත්, හොඳ සිහි නුවණින් යුක්තව සෑම කටයුත්තක්ම කිරීම ගැනත් ඔබ ඉගෙන ගෙන තියෙනවා. ඊළඟට ඉගෙන ගන්නේ සක්මන් භාවනාව...

read more
භාවනාවේ මූලික කරුණු

භාවනාවේ මූලික කරුණු

භාවනාව තුළින් ඔබේ මිනිස් ජීවිතය වඩාත්ම සුවපත් කරන අතර වඩාත්ම අර්ථවත් කරයි. භාවනා කිරීම කියන්නේ ඔබේ සිත දියුණු කරගන්නා සුවිශේෂී ක්‍රමයකටයි. අපට මේ...

read more
පෘථග්ජන පුද්ගලයා කවරෙක් ද?

පෘථග්ජන පුද්ගලයා කවරෙක් ද?

බෞද්ධයෝ බොහෝ කලක සිට නිවැරදි අර්ථය නොසළකා ‘පෘථග්ජන’ යන වචන ව්‍යවහාර කරන්නට පුරුදුව සිටිති. තමන්ගේ ඇතැම් දුර්වලතා සාධාරණීකරණය කරගැනීමට ද ‘අපි ඉතින්...

read more
ආයාචිතභත්ත ජාතකය ~ දෙවියන්ට භාරහාර වූ මිනිසුන්ගේ කථාව

ආයාචිතභත්ත ජාතකය ~ දෙවියන්ට භාරහාර වූ මිනිසුන්ගේ කථාව

අදටත් සමහර උදවිය තමන්ගේ කටයුතු සාර්ථක වෙන්න කියල දෙවියන්ට භාරහාර වෙනවා. දේවදාන දෙනවා. ඇතැම් ආගම්වල අදටත් භාර ඔප්පු කිරීම පිණිස සතුන් මරා බිලි දෙනවා....

read more
කණ්හ ජාතකය ~ කළු වෘෂභයාගේ කථාව

කණ්හ ජාතකය ~ කළු වෘෂභයාගේ කථාව

වගකීම් හැමෝටම දරන්ට බෑ. ඕනෑම වගකීමක් දරන්ට පුළුවන් අය ඉන්නවා. අපගේ භාග්‍යවතුන් වහන්සේ අන්න එබඳු උත්තමයෙක්. දවසක් අපගේ භාග්‍යවතුන් වහන්සේ අසවල් දවසේ...

read more
තේලපත්ත ජාතකය ~ තෙල් පාත්‍රය මුල් කොට වදාළ කථාව

තේලපත්ත ජාතකය ~ තෙල් පාත්‍රය මුල් කොට වදාළ කථාව

පින්වතුනේ, පින්වත් දරුවනේ, ජීවිතයේ බොහෝ ආරවුල්, අර්බුද, ගැටළු හටගන්නේ ඉන්ද්‍රියයන් අසංවර වීමෙනුයි. ඉන්ද්‍රිය සංවර නොකර ගැනීමෙන් පැවිදි ජීවිතය පවා...

read more

“මෙම පුණ්‍ය භූමිය සඳහා අවශ්‍ය දෑ පහත පරිදි දැක්විය හැකිය.”

මෙම විහාරස්ථානයේ අවශ්‍යතා සොයාබලා ඔබට හැකි අයුරින් ආධාර කරන්න. විහාරස්ථානයේ වර්තමාන තත්වය දැනගැනීමට සැමවිටම විහාරාධිපති ස්වාමින් වහන්සේ දුරකථනය ඔස්සේ හෝ චැට් පණිවිඩයක් ඔස්සේ සම්බන්ධ කරගන්න. මෙම තොරතුරු යාවත්කාලින කරන ලද්දේ 2019 අගෝස්තු 18 වෙනි දිනදීය.

ආධාර අවශ්‍ය කාරණා

අපගේ විහාරස්ථානයේ දැනට ආවස කුටියක්, බෝධි මන්ඩපයක්, පුංචි දාන ශාලවක් පමනක් ඉදිකොට ඇත. පසුව විහාරස්ථානයේ දැනට විහාර මන්දිරයක්, චෛතය්‍යක් , හා විහාරස්ථානයට අවශය කරන දේ ඉදිකිරීමට   අදහස් කරමින් පවතී. ඉතා දුප්පත් ජනතාවක් ජීවත් වන ග්‍රාමයක් ලෙසද මෙම විහාරස්ථානය හැදින්විය හැකිය.

අපගේ විහාරස්ථානයේ දැනට ඉදිවෙමින් පවතින විහාර මන්දිරයේ ඉදිරි වැඩ කටයුතු කරගෙන යාමට ද්‍රව්‍යමය ආධාර ලබා ගැනීම.

ආධාර කරන්න 

පින්වත් ඔබගේ ආධාර පහත ගිණුමට බැරකළ හැකිය

ගිණුමේ නම – විහාරාධිපති හිමි ගිණුම
ගිණුම් අංකය – 105557299522
බැංකු ශාඛාව –  වව්නියාව

ඔබ බැංකුවට මුදල් බැර කරන්නේ නම්, බැංකුවෙන් ලැබෙන රිසිට් පතෙහි පිටපතක් අප වෙත යෙමුකරන්න.

~ විහාරාධිපති ස්වාමීන් වහන්සේ ~

අපව සම්බන්ධ කරගන්න

පහත දුරකතන අංක ඔස්සේ විහාරස්ථානය සම්බන්ධ කරගත හැකි අතර, බොහොමයක් විහාරස්ථාන පිහිටා ඇත්තේ ඉතා දුෂ්කර ප්‍රදේශවල බැවින් ඊමේල් ඔස්සේ සම්බන්ධ කරගැනීමට අපහසු විය හැකි බව කරුණාවෙන් සළකන්න. 

ඊමේල් ලිපිනය

info@srinamalviharaya.org.lk

දුරකතන අංකය

717489992

ලිපිනය

ශ්‍රි නාමල් විහාරය, නාවක්කුලම, පූනෑව.

විහාරස්ථානයේ පිහිටීම 

මෙම වෙබ් අඩවිය සමාජජාල මාධ්‍ය ඔස්සේ බෙදාහරින්න…